ලංකාවට හෙරොයින් ගෙන ඒම දැන් ආහාරපාන ආනයනය කරන තරමේ සාමාන්‍ය කටයුත්තක් බවට පත්ව ඇති බවක් පෙනේ. එලෙස ගෙන එනු ලබන්නේ සුළු සුළු ප්‍රමාණයන්ගෙන් නොව කිලෝ ගණනින් යුතු තොග වශයෙන් වීම තවත් විශේෂත්වයකි. පාකිස්තානයේ සිට මෙරටට, අඩි හතළිහේ කන්ටේනරයකින් ගෙන එන ලද ප්ලාස්ටික් සහ රබර් ඇඹරුම් යන්ත්‍ර තුනක සඟවා තිබූ හෙරොයින් කිලෝ 93 යි ග්‍රෑම් 76 ක් අඩංගු පාර්සල් 92 ක් රේගුවේ අත්අඩංගුවට පත්වීම මෙම හෙරොයින් ජාවාරම හා ඈඳුණු අලුත්ම සිද්ධියයි. ගණන් බලා ඇති අන්දමට මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 65කට ආසන්නය.
පසුගිය වසරේ අගෝස්තු 30 වෙනිදා පොලීසියත් රේගුවත් එක්ව කළ දීර්ඝ විමර්ශනයකින් පසුව කළ වැටලීමකින් ඔරුගොඩවත්ත රේගු අංගණයේදීම ග්‍රීස් ටින් 1262කසඟවා තිබි හසු වූ හෙරොයින් කිලෝ 261 ක් සොයා ගැනීමෙන් පසුව සොයාගත් විශාලතම හෙරොයින් තොගය වන්නේ මෙයයි.
පාකිස්තානයේ කරච්චි නුවර සිට කොළඹ මැලිබන් වීදියේ ආයතනයක නමට මෙරටට එවන ලද එම කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගණයට ගෙන විත් ඇත්තේ ඉකුත් 06 වෙනිදාය. අදාළ ආයතනය රේගුවේ සැකයට නිරන්තරයෙන් ලක්වන ආයතන ගොන්නට අයත් එකක් නොවේ. ඊට මාස තුනකට පෙරත් එම ආයතනයේම නමින් එවැනි ඇඹරුම් යන්ත්‍ර දෙකක් අඩංගු කන්ටේනරයක් ද නියමිත රේගු ගාස්තු සහ බදු ගෙවා රේගුවෙන් නිදහසේ මුදාගෙන යන්නට හැකිව ඇත්තේ එබැවිනි. මෙවර ඔවුන් ඇඹරුම් යන්ත්‍ර තුනක්ම ගෙනවිත් තිබුණේය. එම ඇඹරුම් යන්ත්‍ර තුන රේගුවෙන් මුදාගන්නට ඉදිරිපත් වන්නේ පෙර යන්ත්‍ර දෙක අඩංගු කන්ටේනරය සම්බන්ධයෙන්ද නිෂ්කාශන කටයුතු කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනාමය. ඒ අය රේගු නිලධාරීන්ද හොඳින් දන්නා හඳුනන අයයි. ඒ නිසාම ඒ අයට පහසුවෙන් හා ඉක්මනින් රේගු පරීක්ෂාවන්වලින් පසු තදබදයකින් තොරව භාණ්ඩ මුදාගන්නටද හැකියාව තිබේ.
එම කන්ටේනරය රේගු භාරයෙන් මුදාගන්නට මේ අය ඔරුගොඩවත්ත රේගු අංගණයට පැමිණියේ ඉකුත් 21 වෙනිදා සවස් කාලයේදීය. ඔවුන් සියලු ලිපිලේඛනද රැගෙන ආවත් කන්ටේනරය විවෘත කර භාණ්ඩ පරීක්ෂාවකින් තොරව එය නිදහස් කරන්නට කිසිවිටෙකත් එදින සේවයේ නිරතව සිටි නිලධාරීන් සූදානම් වූයේ නැත. එබැවින් මුද්‍රා කඩා කන්ටේනරය පරීක්ෂා කරන්නට රේගු නිලධාරීන් පියවර ගත්තේය. එම පරීක්ෂාවේදී එහි සිටි රේගුවේ ඉහළ නිලධාරියෙකුට යම් සැකයක් ඇතිවන්නේ ඒ එක් ඇඹරුම් යන්ත්‍රයක විදුලි සම්බන්ධය ලබාදෙන වයරයක් සම්බන්ධ කොටසක් අතින් ඇල්ලූවිට ගැලවී යාම හේතු කොටගෙනය. එය ඇතැම්විට පැටවීමකදී හෝ අතපසුවීමකින් සිදු වූ ගැලවීයාමක් යැයි එම නිලධාරියා සිතුවත් සෙසු යන්ත්‍ර දෙකේත් එම වයර් සහිත කොටස ඒ ආකාරයෙන්ම ගැලවීයාමත් සමග ඇති වූ සැකය වඩාත් තීව්ර වූ බව පැවැසේ. එම යන්ත්‍ර කන්ටේනරයෙන් පිටතට ගෙන පුළුල් පරීක්ෂාවක් කරන්නට එම නිලධාරියා තීරණය කරන්නේ ඒ සමගිනි.
මෙයට පෙර පාකිස්තානයෙන් ගෙන ආ ඇඹරුම් යන්ත්‍ර දෙක රේගුවෙන් මුදාගෙන යන්නට වාප්පු ලිපිකරුවන් දෙදෙනාට එතරම් කාලයක් ගත නොවූ බැවින් රේගු අංගණයෙන් පිටත සිටි මෙම කන්ටේනරයේ භාරකරු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයා සිටියේ තරමක් කේන්තියෙනි. ඔහු රේගු අංගණයට එන්නේ ප්‍රමාදයට හේතු සොයන්නටය. එහිදී රේගු බලධාරීන් ඔහුවද තමන් භාරයට ගෙන ඇඹරුම් යන්ත්‍ර පිටතට ගෙන පරීක්ෂා කරන්නට ගත්තේය. එම යන්ත්‍ර තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් එකින් එක එළියට එන්නේ ඒත් සමගිනි. ඒ අනුව වාප්පු ලිපිකරුවන් දෙදෙනා මෙන්ම එම කන්ටේනරයේ හිමිකරු බව සඳහන් වූ පුද්ගලයාද අත්අඩංගුවට ගන්නට රේගුව වග බලා ගත්තේය.
මේ තිදෙනාම මුස්ලිම් ජාතිකයන්ය. රේගුව මේ ගැන කළා වූ මූලික විමර්ශනවලින් පැහැදිලි වන්නට වූයේ අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් කන්ටේනරයේ හිමිකරු බව සඳහන් පුද්ගලයා නාමික අයිතිකරුවෙකු මිස සැබෑ අයිතිකරුවෙකු නොවන බවය. එහෙත් ඔහු ව්‍යාපාරිකයෙකි. මලයාසියාවේ සිට නාන කාමර උපාංග ගෙන්වා කොළඹත්, මහනුවරත්, ගම්පොළත් තොග වශයෙන් බෙදාහැරීමේ නිරතව සිටින බව කියන ඔහු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් වැඩි වශයෙන් ගැවසෙන්නේ කොළඹය. දෙහිවල පැත්තේ ඔහුට කාර්යාලයක්ද ඇති බව පැවසේ.
පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද මේ කන්ටේනරය වාප්පු ලිපිකරුවන් විසින් රේගු පරීක්ෂාවෙන් පසු නිදහස් කරගෙන රේගු අංගණයෙන් පිටතට ගෙන ආ පසු ව්‍යාපාරිකයා සියලු වගකීම්වලින් නිදහස්ය. ඔහු නිදහස් වන්නේ නිකම්ම නොව අතට ලොකු මුදල් කුට්ටියක්ද ලැබෙමිනි. විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව කොළඹ මැලිබන් වීදියේ වෙළෙඳ ආයතනය එම කන්ටේනරය ගැන කිසිවක් දන්නේ නැත. එම ආයතනයේ නාමය භාවිත කර ඇත්තේ හුදෙක් මෙම ජාවාරම සඳහාය. ජාවාරම්කරුවන්ට එම ආයතනයේ තොරතුරු ලැබෙන්නේ වෙන කිසිවෙකුගෙන් නොව වාප්පු ලිපිකරුවන්ගෙන් බවද අනාවරණය වී තිබේ. ඒ සඳහා වාප්පු ලිපිකරුවෙකුගේ අතට වරකට ලැබෙන මුදල රුපියල් පනස්දහසකි. නැතිනම් ලක්ෂයකි. ජාවාරම්කරුවන් මත්කුඩු පමණක් නොව, හොර බඩු වැඩි වශයෙන් මෙරටට ගෙන්වන්නේ මේ ආකාරයටය. සිගරට් ,එතනෝල් ඊට උදාහරණයන්ය.
රේගු විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව මාස තුනකට පෙර මේ අයුරින් ගෙන්වන ලද ඇඹරුම් යන්ත්‍ර දෙක කොළඹ සිට රැගෙන ගියේ යැයි සඳහන් වන්නේ කදුරුවෙල ප්‍රදේශයටය. රේගුව විශ්වාස කරනුයේ එහිද සඟවා හෙරොයින් කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් ගෙනෙන්නට ඇති බවය. ඇඹරුම් යන්ත්‍ර දෙක කදුරුවෙලට රැගෙන යන්නට පෙර කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක රහස් ස්ථානයකදී එම හෙරොයින් තොගය යන්ත්‍ර තුළින්ඉවත්කර ගන්නට ඇති බව ඔවුන්ගේ සැකයයි.
එම ඇඹරුම් යන්ත්‍ර රේගුවේ සැකයකට ලක්නොවීම දෙවැනිවරට ඇඹරුම් යන්ත්‍ර තුනක්ම ගෙන එන්නට ජාවාරම්කරුවන් පොළඹවන්නට ඇති බව රේගුවේ විශ්වාසයයි. ඒ ගැන සෙවීමේ වගකීම දැන් පැවරී ඇත්තේ මත්ද්‍රව්‍ය විමර්ශනයන් සම්බන්ධයෙන් මෙරට සිටින විශේෂඥයන් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටය.
මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මෙම ජාවාරම ගැන බොහෝ තොරතුරු හෙළිකරගෙන හමාරය. ඊට දුරකථන ජාල පරීක්ෂාවක් පවා ඉවහල් වී ඇති බව සඳහන්ය. ඊට අනුව එම මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට සිටි මෙරට නියෝජිතයා පවා හඳුනාගෙන තිබේ. ඔහුව මෙහෙයවා ඇතැයි පැවසෙන්නේ පාකිස්තානයේ සිට දුරකථන මගිනි. ඊට අමතරව තවත් බොහෝ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සතුය. එම තොරතුරු කාලයක් යන තුරු මාධ්‍යයට අනාවරණය නොවනු ඇත. ඒ මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු තවදුරටත් හෙළිකර ගනිමින් හාල්මැස්සන් වෙනුවට තෝරුන් මෝරුන් අල්ලන්නට ඇති බැවිනි.
මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට මෙරටට එවන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කළ හැක්කේ වෙලේ සුදා හෝ සිද්ධික් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාය. ඒ එම ජාවාරම්කරුවන් දෙදෙනාම මේ වන විට සිටින්නේ පාකිස්තානයේ සැඟවී බැවිනි.
මෙයට දස වසරකට පෙර මෙරටට බහුල වශයෙන් මත්ද්‍රව්‍ය ආවේ ධීවර බෝට්ටුවල සඟවා ඉන්දියාවේ සිටය. ඇෆ්ගනිස්ථානයේ සිට හොර පාරවල්වලින් තමිල්නාඩුවට ගෙන එන හෙරොයින් තොග මෙරටට ගෙන ආවේ තූත්තුකුඩියෙන් බෝට්ටුවලට පටවාය. තෙල්බාලා, කුඩු නූර්, කිඹුලා ඇල ගුණා වැනි පාතාලයේ ප්‍රබලයන් රැසක්ම එදා එම ජාවාරම පිටුපස සිටි බව පැවසිනි. එකල පාකිස්තානයෙන් මෙරටට හෙරොයින් ගෙන ආවේ නම් ඒ සුළු වශයෙනි.
එදා ඉන්දියාවෙන් හෙරොයින් ගෙන ආවේ වරකට කිලෝ දහය පහළොව වශයෙනි. කිලෝ තිහක් හතළිහක් ගෙන ආවේ නම් ඒ එහෙමත් අවස්ථාවකය. ඒත් දැන් ඉන්දියාවෙන් මෙරටට හෙරොයින් ගෙන එන්නේ ඉතා සුළු වශයෙනි. දැන් මෙරටට මත්කුඩු වැඩි වශයෙන් ගෙන එන්නේ පාකිස්තානයෙනි. මෙරට මත්කුඩු ජාවාරම දැන් මෙහෙයවන්නේ පාකිස්තානුවන් බව සඳහන් කළහොත් එය වරදක් නැති තරම්ය. මේ අය මේ වන විට මහා පරිමාණයෙන් මත්කුඩු මෙරටට ගෙනවිත් ඇත්තේ කන්ටේනර්වල සඟවාය. වාහන අමතර කොටස් හා විවිධ ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුළ සඟවා ඒ අය හෙරොයින් මෙරටට ගෙන එන බව මේ වන විට හෙළිවී තිබේ.
මෙසේ කිලෝ සිය ගණනින් ගෙන එන හෙරොයින් පානය කරන්නට තරම් මත්කුඩුවලට ඇබ්බැහිවූ පිරිසක් මෙරට සිටීදැයි ඇත්තේ ගැටලුවකි. අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සමීක්ෂණ සහ තක්සේරුවට අනුව මේ වන විට මෙරට මත්කුඩුවලට ඇබ්බැහිවී සිටින්නන්ගේ සංඛ්‍යාව 45,000කට ආසන්නය. ඒ අය දිනකට මත්කුඩු කිලෝ දෙකක් පමණ භාවිතාකරන බව සඳහන්ය. ඒ අනුව ගණනය කළහොත් මසකට ඒ අයගේ හෙරොයින් අවශ්‍යතාව කිලෝ 60කි. වසරකට නම් ඒ ප්‍රමාණය කිලෝ 720කි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ බොන මත්කුඩු ප්‍රමාණය එය වුවත් වසරකට මත්කුඩු කිලෝ 200ත් 300ත් අතර ප්‍රමාණයක් පොලීසිය, රේගුව ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවටද පත්වන බවය. එසේම තවත් සැලකිය යුතු මත්කුඩු ප්‍රමාණයක් කල් ඉකුත්වීමෙන් ජාවාරම්කරුවන්ට විසිකරන්නට සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව බලන කල මෙරට මත්කුඩු අවශ්‍යතාව වසරකට කිලෝ 1000 ඉක්මවන බව අනුමාන කළ හැකිය. එය එසේ වුවත් ඒ ගෙන එන මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණයම මත්කුඩු භාවිත කරන්නන්ට ලැබෙන්නේ නැත. විවිධ පෙති වර්ග සහ ද්‍රව්‍ය එක්කොට එක් කිලෝවක් කිලෝ දෙකක් බවටවත් පත්කරති. ඒ අනුව බලන කල මෙරට අවශ්‍යතාව හෙරොයින් කිලෝ 500ක් පමණ වනු ඇත.
මෙතරම් මත්කුඩු මෙරටට ගෙන එන්නේ මෙම අවශ්‍යතාව පිරිමහන්න බව ඒ අනුව කිසිසේත් අනුමාන කළ නොහැකිය. මේ වන විට මෙරට තරුණ පරපුර මත්කුඩු භාවිතයෙන් ඈත්වෙමින් සිටින බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සමීක්ෂණවලින්දහෙළිවී ඇති කරුණකි.
එසේ නම් එකවර කිලෝ සිය ගණනින් මත්කුඩු ගෙන ඒම පිටුපස ඇති ඉලක්කය මෙරට මත්කුඩු ලෝලීන්මදැයි ඇත්තේ ගැටලුවකි. විශාල මත්කුඩු තොග රට තුළට ගෙන ඒම විශාල අවදානමක් සහිතව කළ යුතු වැඩකි. ශ්‍රී ලංකා රේගුවේ ගණනය කිරීමට අනුව ඉකුත් 21 දා අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 65කි. ඒ අනුව බැලුවත් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වීමෙන් ජාවාරම්කරුවන් ලද පාඩුව ඉතා විශාලය. මෙතරම් පාඩුවක් එසේ මෙසේ අයෙකුට දරන්නට බැරිය. ඔහු දැවැන්තයෙකු විය යුතුය. ඒ පුද්ගලයා මෙතරම් අවදානමක් දරාගනිමින් මෙතරම් හෙරොයින් තොග මෙරටට එවන්නේ මෙරට බෙදනවාට වඩා වෙනත් රටකට යැවීමට බව කොයි කාගේත් විශ්වාසයය. ඒ රටවල් අතර යුරෝපීය රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් ද තිබෙන බව විමර්ශනවලින් හෙළිවී ඇති කරුණකි. ඉකුත් වසරේදී මෙරටින් හෙරොයින් කිලෝ 30 ක් අප්‍රිකානු රටකට ගෙන යන්නට සූදානම් වන විට අප්‍රිකානුවෙකු ගුවන් තොටුපොළේදීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත් විය. ප්‍රධාන වශයෙන් එම රටවලට හෙරොයින් තොග වශයෙන් ලංකාව හරහා ජාවාරම්කරුවන් රැගෙන ගියද මාලදිවයින සහ මැද පෙරදිග කලාපයටද මත්කුඩු සුළු වශයෙන් බෙදෙන්නේ ද මෙරට කේන්ද්‍රකරගෙන බව පසුගිය කාලයේ කෙරුණු පොලිස් විමර්ශන රැසකින්ද අනාවරණය වී තිබිණි.
ගයාන් කුමාර වීරසිහ

0 comments:
Post a Comment