facebook like

මත්තලට මැයි මාසයේ කිසිම ගුවන් යානයක් ආවේ නෑ................. මාසික ආදායම රු. 16,185යි ---- සිවිල් ගුවන් සේවා ඇමැති

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට පසුගිය මැයි මාසයේදී මිහින් ලංකා හෝ ෆ්ලයි ඩුබායි ගුවන් යානා කිසිවක් පැමිණ නැතැයි සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී  23දා  ප්‍රකාශ කළේය.
ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් ගමන් වාර මැයි මාසයේදී නැති වූවත් මත්තල ගුවන් තොටුපළට රුපියල් 16185ක ආදායමක් ලැබි ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කිරීමත් සමග ඇමැතිවරයාගේ පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් සභාවේ ඝෝෂාකාරී තත්ත්වයක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට දුන් පිළිතුර අනුව මේ තත්ත්වය උද්ගත වූවේය. මත්තල ගුවන් තොටු‍පොළ වෙත මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගුවන් ගමන් වාර 590ක්, ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් වාර 226ක්, රොටානා ජෙට් ගුවන් ගමන් 68ක්, මිහින් ලංකා ගමන් වාර 08ක්, වෙනත් ගුවන් සේවා ගමන් වාර 12ක් සිදුකර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය.
එහෙත් මැයි ජුනි යන මාස දෙකේ මිහින් ලංකා ගුවන් ගමන් යානා මත්තලට ගුවන් ගමන් වාර සිදුකර නැහැ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - මැයි මාසයේදී ෆ්ලයි ඩුබායි ගුවන් සේවාව මත්තලට පැමිණි හා පිටවූ ගුවන් ගමන්වාර ගණන කොපමණද ඇමැතිතුමා?
ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා - මැයි මාසයේ ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් මත්තල ගුවන් තොටුපළට පැමිණ නැහැ.
මන්ත්‍රීවරයා - නමුත් ඒ මැයි මාසයේදී රුපියල් දහසය දහස් එකසිය අසූපහක ආදායමක් ෆ්ලයි ඩුබායි ගුවන් ගමන්වලින් ඉපැයූ බව ඔබතුමා ප්‍රකාශ කළා?
ඇමැතිවරයා - ඔව් රුපියල් දහසය දහස් එකසිය අසූපහක් උපයාගෙන තිබෙනවා.
මන්ත්‍රීවරයා - එහෙම වෙන්නේ කොහොමද? ගුවන් ගමන් වාර සිදු කරලත් නැතුව ආදායමක් උපයලා තියෙන්නේ කොහොමද? හැබැයි ඉතින් මත්තල ගුවන් තොටුපළ අසල කිරි ගොවියකුත් මාසයකට රුපියල් දාසහදහට වඩා හොයනවා.
කථානායක චමල් රාජපක්ෂ මහතා - ඇමැතිතුමා අමාත්‍යංශ ‍ලේකම් සමග මේ පිළිතුර ගැන කතා කරන්න.
ඇමැතිවරයා - මත්තල ලාබ උපයන ආයතනයක් බවට අපි පත් කරනවා.
කථානායක චමල් රාජපක්ෂ මහතා - හොඳයි මේ අදහස සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරමු.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive