නියෝජ්‍ය ඇමැතිවරයකු සංවිධානය කළ ත්‍යාග ප්‍රදානෝත්සවයක් හේතුවෙන් අනුරාධපුර නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක වාර පරීක්‍ෂණ කටයුතු අත්හිටු වූ සිද්ධිය එතරම් බරපතළ දෙයක් නොවන්නේ යැයි උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ඊ. එන්. එන්. ඩබ්ලිව්. ඒකනායක මහත්මිය පැවසුවාය.
නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලේ ඉකුත් 21 වැනිදා පැවැති එම ත්‍යාග ප්‍රදානෝත්සවය හේතුවෙන් පාසල් 25ක වාර පරීක්‍ෂණ කටයුතු අත්හිටු වූ බවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විමසීමේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය එසේ කීවාය.
ඉහත කී දිනයේ වාර පරීක්‍ෂණය නවතා නොච්චියාගම කොට්ඨාසයේ සියලුම පාසල් අ. පො. ස. උසස් පෙළ "ඒ" සාමාර්ථ 8ක් ලබාගත් සහ විශේෂ කුසලතා ඇති සිසු සිසුවියන් වෙනුවෙන් නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලේ සංවිධානය කර තිබූ එම ත්‍යාග ප්‍රදානෝත්සවයට සිසුන් සියයටත් අඩු පිරිසක් එක්ව සිටි බව පවසන ඒ මහතා ඒ හේතුවෙන් නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක වාර විභාගය නවත්වා ඇතැයි කීය.
සමරසිංහ මහතා තවදුරටත් පැවැසුවේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකටවත් වාර පරීක්‍ෂණයක් නතර නොකරන අතර, එක සිසුවකුට පොත් 8ක් දීමට මුළු කොට්ඨාසයේම පාසල්වල වාර පරීක්‍ෂණය නවතා දැමීම දේශපාලන හෙංචයියන්ගේ වුවමනාවක් බවත් දිනෙන් දින පාසල් අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටෙන්නේ මෙවැනි දේවල් නිසා බවත්ය.
මේ පිළිබඳව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඊ. එන්. එන්. ඩබ්ලිව්. ඒකනායක මහත්මියගෙන් විමසීමේදී ඇය වැඩිදුරටත් මෙසේ් පැවැසුවාය.
"මේක එතරම් බරපතළ දෙයක් හැටියට මම දකින්නේ නෑ. මට තේරුම් ගන්න අමාරුයි මේ ගැන මෙතරම් පන්නන්නෙ ඇයි කියලා. වාර විභාග පවත්වන්නෙ පාසල් මට්ටමින්. මේක සිදු වුණේ කලාප පාසල් මට්ටමින්. අවශ්‍ය විශේෂ කටයුත්තක් සඳහා දිනයක් වෙන්කර ගැනීම ප්‍රශ්නයක් නොවෙයි. මීට පෙර අවස්ථාවකත් ශිෂ්‍ය දින උත්සවයක් වාර විභාග නවත්වලා පවත්වා තිබෙනවා."
මෙම සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.
"නොච්චියාගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විසින් ඔය උත්සවය සංවිධානය කළේ. විභාගය ඉහළින් සමත් සිසුන් සඳහා ත්‍යාග සහ සම්මාන පිරිනැමීමට දිනයක් ලබාදෙන ලෙස මගෙන් කළ ඉල්ලීමකට අනුව මම අදාළ දිනය දැනුම් දුන්නා පමණයි. එදින පාසල් වාර විභාග පැවැත්වෙන බව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මා දැනුම්වත් කළේ නැහැ. මේ ප්‍රශ්නය දැනගන්නට ලැබුණේ ඊට සහභාගි වූවාට පසුවයි".

0 comments:
Post a Comment