ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලංකාන ණය බරින් මුදා ගත් බවත් එය බොරු යයි කිසිවකු ඔප්පු කළොත් තමන් ඇමතිකමින් ඉල්ලා අස්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙසේ සඳහන් කලේ උඩු නුවරදී පැවති ගම නැගුම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති වලට මුල් ගල තැබීමේ උත්සවයේදී ය.
දිසානායක මහතා එහිදී මෙසේ ද කීය.
‘චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධූරය දරද්දී මේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ පළමු වැනි වතාවට ඝෘණ අගයකට ගෙනාවා. ඒ පාලනය අවසන් කර අපි රනිල් වික‍්‍රමසිංහ බලයට ගෙනාවා. ඔහු කළේ ණය බර සියයට එකසිය හය දක්වා වැඩි කරන එකයි. විපක්ෂය මොනවා කීවත් මේ රට ණය බරින් මුදවා ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මෙය බොරුවක් යැයි ඔප්පු කළොත් මා ඇමතිකමෙන් ඉල්ලා අස් වෙනවා.
අද විපක්ෂය චෝදනා කරනවා අපේ රට ලෝක බැංකුව ඉදිරියේ දණ ගහල ණය ඉල්ලනවා. උපදින්න ඉන්න දරුවොත් ලෝකෙට ණය කරවනවා කියලා. අපි විතරක් නොවෙයි අද ලෝකයම ණය ගන්නවා. ඕනෑම රටක් ණය ගන්නවා. එත් අපේ රජය ණය අරගෙන රටේ සංවර්ධන වැඩ කරනවා.
වසර 2004 දී මේ රටේ ණය බර සියයට එකසිය හයයි (106%). රටේ ජාතික ආදායමටත් වැඩිය ණය බර වැඩි වූවා. 2012 දී එය 75% කටත් 2013 එය සියයට හැත්තෑවටත් මේ අගය පහළට ගෙන ඒමට රජයට හැකි වුණා’

0 comments:
Post a Comment