facebook like

ආචාර්ය අමුණුගම සහ පචෝරිස්ලා

සාමාන්‍ය ජනතාව සිතන අන්දමට වර්තමානයේ වෙසෙන දේශපාලනඥයන් අතරින් වැඩි දෙනෙකු “පචෝරිස්ලාය”. එම යෙදුම ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ට පමණක් සීමා නොවන අතර විපක්ෂයේ දේශපාලනඥයෝ ද අඩු වැඩි  වශයෙන් පචෝරිස්ලාගේ ගණයට වැටෙති.
අපේ දේශපාලනඥයන් පිළිබඳ පවතින ‍පොදු මතය එසේ වුවද ආණ්ඩුවේ එක්තරා ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු එම ‍පොදු මතය  ඉක්මවා යමින් ඉකුත්දා සත්‍ය ප්‍රකාශයක් කර තිබුණි. එනම් සාමාජිකයන් හතර දෙනෙකු ගෙන් සමන්විත නාගරික පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 59,000ක් පමණ වන බවයි.
සත්‍ය තත්ත්වය වසන් කර ආණ්ඩුවේ පං‍පෝරිය ගැන කියමින් සුරප්පට්ටු ගැසීමට නොගිය  ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පවුලක මාසික වියදම මෙන්ම වතුකරයේ පවුලක මාසික විය හියදම් පිළිබඳව ද වෙන වෙනම සඳහන් කර සිටියේය.
සරත් අමුණුගම ඇමැතිවරයා විසින් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී කරන ලද එම ප්‍රකාශයට අනුව ග්‍රාමීය ප්‍රදේශයක වෙසෙන පවුලක මාසික වියදම රුපියල් 37,561කි. වතුකරයේ වෙසෙන සිවු දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 29,779 ක් බව හෙතෙම සඳහන් කර තිබුණේ එවැනි පවුලක ආහාර සඳහා රුපියල් 14,779ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් 15,000ක්ද වැයවන බව  දක්වමිනි.
ඇත්ත ඇති සැටියෙන් දැක්වීම පිළිබඳව සරත් අමුණුගම ඇමැතිවරයාට අප  පළමු කොටම ස්තූතිවන්ත විය යුතුය. අප එසේ කියන්නේ මීට අවුරුද්දකට පෙර බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා  රුපියල් දෙදහස් පන්සීයකින් එක් අයෙකුට මාසයක් කා බි නොමැරී සිටිය හැකි බවට ලොකු අඬ හැරයක් නඟා තිබූ බැවිනි. ඔහුගේ එම සූත්‍රයට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වීම සඳහා වැය වන මුදල රුපියල් දස දහසකි. ආචාර්ය සරත් අමුණුගමගේ ඇස්තමේන්තුව එම මුදලට වඩා රුපියල් හතළිස් නව දහසක් වැඩිය.
බන්දුල ගුණවර්ධන මහතා කුමන හේතුවක් නිසා එවැනි ටොං පචයක් ඇද බෑවාදැයි අපට සිතා ගැනීමට පවා නොහැකි කරුණකි.  ඔහුගේ එම ප්‍රකාශය වඩාත් බැරෑරුම් වන්නේ හෙතෙම ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන බැවිනි.
කෙසේ වෙතත් වර්තමානයේ අහස උසට ගොස් ඇති  ජීවන වියදමට අනුව ආචාර්ය සරත් අමුණුගම ගේ ගණන් හිලව්  බොහෝ දුරට යථාර්ථවාදී වේ. උදාහරණයක් වශයෙන් අද විවෘත වෙළෙඳ‍පොළේ අමු මිරිස් කිලෝවක මිල රු. 900/⋆ කි. අමු මිරිස් මිල කොතරම් ඉහළ නැග තිබේ දැයි කිවහොත් අද ඇතැම් වෙළෙඳසල් හිමියන් ගැනුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් දෙක, තුන බැගින් වූ ඉතිරි මුදල් මිරිස් කරල්වලින් ලබාදෙන බව ඉකුත් දා ලක්බිම වාර්තාවකින් හෙළි කර තිබුණි.
අද මිල ඉහළ ගොස් තිබෙන්නේ මිරිස්වල පමණක් නොවේ. සහල්, එළවළු, මාළු සහ වියළි ආහාර ආදී හැම ද්‍රව්‍යයකම මිල පෙරට වඩා හත්අට ගුණයකින් ඉහළ නැග ඇත. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත්තේ අධික වර්ෂාපතනය, නියඟය සහ ගංවතුර වැනි ස්වභාවික විපත් නිසා බව කියන ආණ්ඩුවේ බොහොමයක් දේශපාලනඥයන් තමන්ගේ  ජාම බේරා ගන්නේ අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය , මත්තල ගුවන් තොටු‍පොළ හා කොළඹ නගරයේ ශ්‍රී විභූතිය ගැන මුව පුරා වර්ණනා කරමිනි.
ආණ්ඩුවේ දේශපාලනඥයන් කියන්නේ කවුරුන් මොනවා කීවද මේ රටේ කිසිවකු හෝ ආහාර නොමැතිකම නිසා මියගොස් නැති බවය. ඔවුන්ගේ පිළිගැනීමට අනුව ජනතාව මෙතරම් ණය බරින් මිරිකෙන්නේ ඔවුන්ගේ අධික විය හියදම් නිසාය.  එම දේශපාලනඥයන්ගේ මතයට අනුව නම් අද ගම්බද නිවසක පවා ජංගම දුරකථන තුන හතර බැගින් තිබේ. රූපවාහිනී යන්ත්‍රයක්  නොමැති නිවසක් සොයා ගැනීමට පවා නොහැකි තරම්ය.
ජනතාවගේ ජීවන බර මෙතරම් ඉහළ ගොස් ඇත්තේ ඔවුන්ගේම සෝබන වැඩ නිසා බව නොකියා කියන ආණ්ඩුවේ දේශපාලනඥයන් ජනතාව එවැනි සෝබන වැඩ වලට හුරුපුරුදු කරවන ලද්දේ කවුරුන් දැයි  යන්න හිතාමතාම අමතක කරන්නේ  කපටිකමට විය හැකිය. ඒ අතින් ඇත්ත ඇති හැටියට පිළි ගනිමින් වර්තමානයේ  සිවු දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 59,000 ක් බව ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්තිමත් කශේරුකාවක් තිබූ ආචාර්ය සරත් අමුණුගමට අප හැම දෙනෙකුගේම ගෞරවණීය ආචාරය හිමි විය යුතුය.

ක්නඉසප් -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive