facebook like

උඹ තමයි මහ ඇමති’ කියලා නාමල් මට කිවුවා – හරීන් [Audio]

ඌව පළාතේ මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු බව මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ යයි ඌව පළාත් එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ නාමල් ක්‍ෂ මන්ත‍්‍රීවරයා සමඟ මැතිවරණය අතරතුරදී රහස් සාකච්චාවක් කල බවට පල වූ වාර්තා ගැන අදහස් පල කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ගේ නිවසේදී තමන් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමග ප‍්‍රසිද්ධියේ කතා  කල බවත් එය රහස් සාකච්චාවක් නොවන බවත් ඔහු සඳහන් කලේය.


වාරියපොළ සිද්ධිය විද්වත් ඇසින්....


වීරවංශ සන්ධානයේ ඉන්නවාද? නැද්ද?.......මෙහෙදි ඩිවොස් .....එහෙදි වෙඩින්

දුලානිගේ පිරිපුන් හැඩතල තියෙන ඇග නිසා ලැබුණු දේ

ඉතිහාස කතා තේමා කර ගත්ත චිත‍්‍රපට අධ්‍යක්ෂණය කරන වැඩි දෙනෙක්ගෙ එකම තේරීම වෙලා තියෙන්නේ ජනපි‍්‍රය නිළි දුලානි අනුරාධා.  අනෙක් නිළියන් එක්ක බැලුවම ඇයට මේ වගේ ඉතිසාහ කතාවල රඟපෑම් වලට ලැබෙන ආරාධන ඉතාමත් ඉහළයි.

මේ ගැන දුලානි නම් කියන්නේ එදා හිටිය කාන්තාවට සමාන පිරිපුන් පෙනුමක් ඇයට තිබෙන නිසා ඇයට මේ චරිත ලැබෙනවා කියලා.

ඒ ගැන අදහස් විමසපු අවස්ථාවක දුලානි මෙන්න මේ විදියට තමයි ඒකට පිළිතුරු දීලා තිබුණේ...

‘‘මං හිතන්න ඇත්තටම පෙනුම වෙන්න ඇති.  මට චුට්ටක් ඉතියෙන්නේ ඉතිං පිරිපුන් ශරීරයක්. පිරිපුන් හැඩතලත් එක්ක තියෙන ශරීරයක්.  ඉතිං ගොඩක් අයගේ සිතුවිල්ලක් හා අපි කියවන පොත පතෙන් දැනගන්න ලැබෙනවා අපේ කාලයේ කාන්තාවගේ ස්වරූපය. ඉතිං දැන් ඉන්න අය ගොඩක් වෙලාවට කෙට්ටු වෙන්න ගොඩාක් මහන්සි වෙනවා, කොච්චර වුනත් කාන්තාව අපේ තියෙනවානේ කාන්තාව කියන කෙනාගේ පෙනුම. ඉතින් ඒක වැදගත් වෙලා තියෙනවා මට මේ චරිත ලැබෙන්න..

දොස්‌තර මහත්තයෝ.... ලැඡ්ජයි.... පහත් ලිංගික අපචාරකයා ගැන

පියුම්....ඔහුගේ සැබෑ නම නොවේ. එහෙත් මේ කතාව කිවයුතු නිසාම ඔහුට පියුම් ලෙස නම තබමි.

පියුම්ට වයස අවුරුදු දාහතරකි. එහෙත් ඔහු සාමාන්‍ය දරුවන්ට වඩා තරමක්‌ වෙනස්‌ය. පියුම් නිතර කිපෙනසුලුය. ඒ නිසාම සම වයසේ දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගනී. මෙය පියුම්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක්‌ වන්නට පටන් ගත්තේය

පියුම්ගේ මේ හැසිරීම් රටාව දෙස දැඩි ලෙස අවධානය යොමුකළ ඔහුගේ දෙමවුපියෝ.. තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කළහ. ඒ පසුගිය වසරේ ජනවාරි මස අග භාගයේදීය.

කෙසේ වෙතත් පියුම් දැඩි මානසික රෝගයකින් පෙළෙන දරුවකු නම් නොවේ. එකම ගැටලුව තමන්ට තමාව පාලනය කර ගැනීමේ ශක්‌තියක්‌.. මේ දරුවා තුළ නොතිබීමය.

දරුවා යොමු කිරීම සඳහා දෙමවුපියන් විසින් මානසික වෛද්‍යවරයකු තෝරා ගත්තේය. ඔහු මානසික විශේෂඥ වෛද්‍යවරයෙකි. පියුම්ව දෙමාපියන් විසින් ගෙන යන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයා සේවය කරන පෞද්ගලික රෝහල වෙතය.

වෛද්‍යවරයා විසින් පියුම් පරීක්‍ෂා කර බැලුවේය. දරුවා සමග තනිවම කතා කළ යුතුයි" යෑයි පැවසූ වෛද්‍යවරයා සිය කාමරයෙන් පිටව යන ලෙස දෙමවුපියන්ට අණ කළේය.

වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙක්‌ හෝ රෝගී දරුවකු පරීක්‍ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම කාන්තාවගේ සැමියා හෝ වෙනත් ඥතියකු ද, දරුවාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියකු ද එම ස්‌ථානයේ සිටිය යුතුමය. නැතිනම් හෙදියක්‌ හෝ සිටිය යුතුය. එය වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්මයකි.

එහෙත් මේ විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක්‌ම පියුම්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබෙන්නේ දෙමවුපියන් සිය කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. හෙදියක්‌ද තම සහායට තබා නොගෙනය. මෙය දෙමාපියන්ට ගැටලුවක්‌ විය. මෙහි කුමක්‌ හෝ දෙයක්‌ සිදුවන බව වැටහුණු දෙමාපියන් දරුවාගෙන් මේ පිළිබඳ විමසා ඇත.

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්, දින කීපයක්‌ම එසේ සිදුවූ බවත් පියුම් දෙමාපියන්ට පවසා ඇත.

දෙමාපියන් දරුවා වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිදුව ඇතිදේ අනාවරණය කරගත් එම වෛද්‍යවරයා මේ පිළිබඳ වහා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත්, දරුවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දී ඇත.

ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් පියුම්ව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකෙරේ. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනකය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පියුම් පරීක්‍ෂාවට ලක්‌කරයි. ඉන් පසු ඔහුව තවත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරයි. ළමා මනස පිළිබඳ පුළුල්ව හදාරා ඇති තවත් මහාචාර්යවරියක්‌ වෙතද දරුවා යොමු කරයි. ඔවුන් දෙදෙනාගේම වාර්තා සැලකිල්ලට ලක්‌ කරමින් දරුවා පිළිබඳ වාර්තාවක්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිළියෙළ කරයි. එම වාර්තාව 2013 ඔක්‌තෝබර් 01 දා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහෙස්‌ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කෙරේ.

මානසික වෛද්‍යවරුන් සිටින්නේ මානසික රෝගීන් සුවපත් කිරීමට මිස මානසික රෝගයෙන් පෙළෙන අයගේ මනස තව තවත් අවුල් කිරීමට නොවේ.

පියුම්... දරුවෙකි. ඔහු ඉතා බැරෑරුම් මානසික රෝගයකින් පෙළුණු දරුවකු නොවේ. දරුවාට ඇති ආදරය නිසාම දෙමාපියන් කළේ පියුම්ගේ මානසික ආතතිය හඳුනාගෙන ඉන් ඔහු ගලවා ගැනීමටය. දරුවාගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්‌තව කරගෙන යැම සඳහා මඟ හෙළිකර දීමය. එහෙත් පියුම්ට, ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන සිදුවීමකි. මානසික විශේෂඥ වෛද්‍යවරයා පියුම්ගේ මනස අවුලෙන් අවුලට පත් කළේය.

කාලය ගෙවී ගියේය. මීට සති කීපයකට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණේ. පියුම් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ ඉල්ලා සිටින බව එම පොලිස්‌ නිලධාරියා පවසා ඇත. එහෙත් ඒ වන විටත් එම වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි. එහෙත් ඉල්ලීම මත එම වාර්තාවේ ඡායා පිටපතක්‌ පොලිස්‌ නිලධාරියාට ලැබේ. මුල් පිටපත මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදී ඇත." යනුවෙන්ද එම ඡායා පිටපතේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සටහනක්‌ තබා ඇත. පොලිස්‌ නිලධාරියා එය රැගෙන ගියේය.

ඉන් දින දෙකකට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දෙදෙනෙක්‌ පැමිණේ. තමන් විශේෂඥ වෛද්‍යවරුන් යෑයි හඳුන්වා දෙන මොවුන් දෙදෙනා එහි සිටි අයගෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පිළිබඳ විමසා තිබේ. ඒ අවස්‌ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොසිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ ඇතැයි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මගේ වාර්තාව වෙනස්‌ කරලා දෙනවා නම් නඩුව අයින් කර ගන්න පුළුවන් කියලා.. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ද එම දුරකථනයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කීවේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට දුරකථනය ඔස්‌සේ ඉතා තදින් බැණ වැදී... පියුම්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා දරුවා පරීක්‍ෂා කළ මහාචාර්යවරයාගෙන්ද ඉල්ලීමක්‌ කර ඇති බව දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ දරුවා ලිංගික අපයෝජනයට ලක්‌කළ තැනැත්තා බවද පැවසේ. මොවුන් මේ සූදානම් වන්නේ මෙම ළමා අපචාර සිද්ධිය යටගසන්නටය. මේ මානසික විශේෂඥ වෛද්‍යවරයා විසින් අපයෝජනයට ලක්‌ කළ පළමු දරුවා පියුම් විය නොහැකිද. අවසාන දරුවාද පියුම් වියහැකිද.

දැන් මේ අප කතා කරන මොහොතේද ඔහු විසින් මෙම ක්‍රියාව සිදු නොකරන බව කිව හැක්‌කේ කාටද.

විලි ලැඡ්ජාවෙ බෑ... මේ සිද්ධිය දැනගත් වෛද්‍යවරයකු අපට පවසද්දී... මේ වගේ අයට සමාවක්‌ දෙන්න නරකයි..." තවත් වෛද්‍යවරයෙක්‌ කීවේය.

සත්‍යයකි. උක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ ක්‍රියාකලාපය හෙළාදැකීමට තරම් කොන්දක්‌ වෛද්‍යවරුන්ට තිබිය යුතුය. එහෙත් ඔහු නිදොස්‌ කිරීමට ඔහුට එරෙහි සාක්‍ෂි වෙනස්‌ කොට... නඩු යට ගැසීමට වෙර දරන වෛද්‍යවරුද සිටිති.

සුවය පතා පැමිණෙන අසරණ රෝගීන් වෙතින් තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට කෙනකු ක්‍රියා කරන්නේ නම් ඔහු වෛද්‍ය වෘත්තියට කිසිසේත් ගැළපෙන්නෙකු නොවේ. එවැන්නන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන කිසිවකු ඇත්නම්... ඔහුටද වෛද්‍යවරයා යන නම වෙනුවට පහත් ලිංගික අපචාරකයා, ලිංගික අපයෝජකයා යන ලේබලය ඇලවීම සුදුසු වන්නේය.

අජිත් අලහකෝන්

උප ඇමති මට කුණුහරුපයෙන් බනිනවා – පවිත‍්‍රා ජනපතිට පැමිණිලි කරයි

විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රෙමලාල් ජයසේකර මහතා විසින් තමනට ප‍්‍රසිද්ධ රැස්වීම්වලදී කුණුහරුපයෙන් බනින බවට ඇමතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

තමනට ආරාධනා නොකර විදුලි විවෘත කිරීම්, රැකියා බෙද දීමේ ගැටු සම්බන්ධයෙන් ඇය කරුණු දක්වා තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් උප ඇමතිවරයා කැඳවා දැඩි ලෙස අවවාද කර ඇතැයිද වාර්ත වෙයි.

විදුලි බල හා බලශක්ති ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි මෙන්ම උප ඇමති පේ‍්‍රමලාල් ජයසේකර මහතාද නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයයි.

එදා වාදපිටියේදී හරීන්, දයාසිරිට අම්බානක ගහලා ---- UNP වෙබ් අඩවිය කියයි

පසුගිය දෙරණ වාදපිටිය වැඩසටහනේදී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් මහ ඇමති දයාසිරි ජයසේකරට වැටෙන්නට පහර දුන් බව එක්සත් ජාතික පෂය පවසයි.

මේ බව සඳහන් වන්නේ එජාප නිල වෙබ් අඩවියේය.

එහි මෙසේද දැක්වේ.

දයාසිරිගේ පරවැඩ මාට්‍ටු වෙයි

වයඹ මහ ඇමැති දයසිරි ජයසේකරගේ මාධ්‍ය අංශයට අයත් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යොදා ගත් ව්‍යාජ ඊමේල් ලිපිනයක් මඟින් මාධ්‍ය ආයතනවලට මඩ පුවත් බෙදා හරිමින් සිටින බව අනාවරණය වේ.

හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මඩ ගැසීමේ කොන්ත්‍රත්තුවක් බාරගෙන සිටින දයාසිරි ජයසේකර මහතා ඔහුගේ මාධ්‍ය එකකය යොදාගෙන මාධ්‍ය ආයතනවලට ව්‍යාජ පුවත් හා ඕපාදුප විශාල වශයෙන් මේ දිනවල යොමුකරමින් තිබේ. මේ සඳහා හරීන් ප්‍රනාන්දු මහතාගේ නමට සමාන ඊමේල් ලිපිනයක් හා තවත් ඊමේල් ලිපින කිහිපයක් යොදා ගනිමින් සිටී.

දයාසිරි ජයසේකර වෙනුවෙන් මේ කාර්යය ඉ‍ටුකරනු ලබන පුද්ගලයන් කිහිපදෙනා සම්බන්ධයෙන් තොරතුරු ‍රැසක් මෙන්ම ඊට යොදා ගන්නා පරිගනකය සම්බන්ධ තොරතුරුද මේ වන විට හෙළිදරව් කරගැනීමට හැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු පැවැසූවේ මේ පරිගනක අපරාධකරුවන් සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිවී ඇති බැවින් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවය.

පසුගිය සතිය පුරාම බදුල්ලට වී උදේහවා හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මඩ අවලාද ගසමින් සිටියදී දයාසිරි ජයසේකර මහතා හෘද රෝගී තත්වයකටද පත්වූයේද හරීන් සමඟ දරාගත නොහැකි තරමේ තදබල වෛරයකින් ඔහු පෙළුනු නිසා බවද දයාසිරි, හරීන් සමඟ මෙතරම් උරණ වීමට හේතුව දෙරණ වාදපිටිය අතර තුර ඇතිවූ ගැ‍ටුමේදි හරීන් ප්‍රනාන්දු මහතා ඔහුට විසිවී වැටෙන්නට පහර දුන් නිසා බවද ඔහු කීවේය.

UNP අඩවිය බලන්න මෙතනින්

බදුල්ලේ නිවෙසක නාමල්-හරින් රහස් හමුවක්....මව්බිම කියයි

උෟව පළාත් සභාවේ මහ ඇමැති ධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින හරින් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අතර රහස් හමුවක් ඉකුත් 28 වැනිදා බදුල්ලේදී පැවැති බව විශ්වාසදායක ආරංචි මාර්ග හෙළිකරයි.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි චාමික බුද්ධදාස මහතාගේ බදුල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී එම රහස් හමුව පැවැති බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ ඇමැති අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අතර හදිසියේම පැවැති එම රහස් හමුවේදී සාකච්ඡාවට ලක්කළ කරුණු මෙතෙක් හෙළිදරව්වී නැතත් ගෙවුණු 28 වැනිදා දහවල් දෙකහමාරට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව විනාඩි 45කට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.


උෟව මහ ඇමැති ධුරයට තරග වැදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් හරින් ප්‍රනාන්දු මහතා ඉවත් වීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදිත ලොකුබණ්ඩාර මහතා "මව්බිම" හා සාකච්ඡාවකට එක් වෙමින් ඉදිරියේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අනිවාර්යයෙන්ම ආණ්ඩුව හා එක්වන බව හෙළි කෙළේය.
උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කළේ නැත.

ජනපති 5000 කොළ බැදලා කනවාද?

නිදහස් අධ්‍යාපනය ඉල්ලා තරුණියක් නිරුවතින් දුවන හැටි (video)

නෙදර්ලන්ත සිසුවියක් තමන්ට නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් දෙනොදාහක් බලාසිටියදී ඇම්ස්ටඩෑම් චතුරශ්‍රය හරමා දිවගියා.

නිරුවතින් දිවීමෙන් අනතුරුව ඇඳුම් ඇඟලාගත් ඇය අයිස් බකට් අභියෝගයටද මුහුණ දුන්නා. අනතුරුව ඇය මාධ්‍ය හමුවේ තම අදහස් පලකළා.








තිස්‌හය වතාවක්‌ නාග මාපිලුන්ගේ දෂ්ඨ කිරීමට ගොදුරු වූ දීපිකා ...............ඇයට පිහිටවීමට ඔබට හැකිනම්...

මෙසේ තිස්‌ හය වතාවක්‌ නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්‌ව තිස්‌ අට වතාවක්‌ සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස්‌ එක්‌වතාවක්‌ බේරාගෙන ඇත්තේ තිස්‌සමහරාම ලූකස්‌ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ වෛද්‍යවරයකු වූ පුණ්‍යවංශ වෙද මහතායි.

පුංචි පුතුද තුරුලු කරගෙන තද නින්දේ පසුවූ දීපිකාට තම අත මත සීතල යමක්‌ තැවරෙනවා වගේ දැනී ඇහැරිණි. එවිට ඇය දුටුවේ තම පුතුගේ මුහුණ උඩින් ඇදී යන විසකුරු සර්පයෙකි. වහාම ක්‍රියාත්මක වූ ඇය සර්පයා අතින් අල්ලා ජනේලයෙන් එළියට විසිකර දමා සර්පයෙක්‌, සර්පයෙක්‌ යෑයි කෑගැසුවාය.

ඇයගේ එම කෑගැසීම යන්තමට මෙන් ඇසී නින්දෙන් නැගිට ගත් පවුලේ අයට දැකගත හැකිවූයේ සිහිසුන්ව නිදි පැදුරේ ඇද වැටී සිටින දීපිකායි. ඒ එක්‌කම මිදුලේ ඇදී යන නාග මාපිලෙක්‌ද ඔවුන්ට දැකගත හැකිවිය.

සිදුව ඇති දේ තේරුම් ගන්නට වැඩි වේලාවක්‌ ගත නොවූ ඔවුහු හැකි ඉක්‌මනින් දීපිකා තිස්‌සමහරාම මූලික රෝහලට රැගෙන ගියහ. එහිදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු දීපිකාගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට මහ රෝහලට යෑව්වාය.

එහිදී ජීවිතයත් මරණයත් අතර සිටි දීපිකාගේ ජීවිතය දින කිsහිපයකට පසු බේරා දෙන්නට වෛද්‍යවරුන්ට හැකි විය.

එහිදී ඇය රෝහලෙන් පිටව යද්දී කීවේ මෙවැනි කථාවකි.

"ගෙදර ඇරල තිබුණු ජනේලයෙන් තමයි ඔය සර්පයා ගෙට ඇවිල්ල තියෙන්නේ. මගේ පුතාගේ ඇඟ උඩින් ඌ ඇවිල්ල මට දෂ්ඨ කරලා ආපසු පුතාගේ මූණ උඩින් ඇදිල යනවිට මට සීතලක්‌ දැනිල ඇහැරුණේ. ඒ වෙලාවේ මම ඉඳල තියෙන්නේ අඩසිහියෙන්. පුතාගේ මුහුණ උඩ ඉඳල සර්පයා විසි කරනවා මට යන්තමට වගේ මතකයි. ඊට පස්‌සේ සිහිය එනවිට මම හිටියේ රෝහලේ. වෙන කිසිවක්‌ මට මතක නැහැ."

මෙසේ දීපිකාට සර්පයකු දෂ්ට කළ පළමුවතාව මෙය නොවෙයි. ඇයට මේ වනවිට නාගමාපිල්ලු තිස්‌ හය දෙනකු තිස්‌හය වතාවකදී දෂ්ඨ කර තිබෙනවා. මීට අමතරව එක්‌ වතාවක්‌ පොළඟකු දෂ්ඨ කර තිබෙනවා. ඒ ඉකුත් ජුනි මස 24 වන දිනයි. තිස්‌සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන - 03 අංක 566 යන ස්‌ථානයෙහි පදිංචි දීපිකා එම පොළඟාට ගොදුරු වූයේ තිස්‌සමහාරාම ඇල්ලගල ප්‍රදේශයෙහි එළවළු කොටුවක කුලී වැඩට ගිය අවස්‌ථාවෙහිදීය.

තිස්‌ අට හැවිරිදි වියේ පසුවන එක්‌දරු මවක්‌ වන දීපිකාට වයස අවුරුදු දාහතරේදී 1996 වර්ෂයේදී පළමු වතාවට නාගමාපිලකු දෂ්ඨ කර ඇති අතර එදා සිට ඇය සර්පයන්ගේ දෂ්ඨ කිරීම්වලට ගොදුරු වේ. ගොවිතැනක්‌, කුලී වැඩක්‌ කර තම ජීවිතය ගැට ගසා ගන්නා දීපිකාට මේ වනවිට කුලී වැඩකට වත් යා නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ. ඇය කොයිබ කොතැනක ගියත් විසිකුරු සර්පයන් ඇය සොයා ගෙන ඇවිත් ඇයට දෂ්ඨ කරයි.

විශාල පිරිසක්‌ මැද ඇය සිටියත් ඇය සොයා එන සර්පයන් නිසා ඇය සමඟ එකට වැඩ කරන්නට කිසිවකු කැමැති නැත. හිතමිතුරෙකු වුවත් මගතොටේදී වගා බිමේදී වුවද හමුවුවහොත් ඇය සමඟ කථා බහ කරන්නේ සර්පයන් ඇය සොයා කොයි මොහොතේ ඒවිදැයි බියෙන් වටපිට බලමිනි.

නිවසෙන් පිටව දුර බැහැර පිට පළාතකට ගියත් ඇයට සිදුව ඇත්තේ විෂකුරු සර්පයන්ගෙන් බේරී සිටීමටය. වරක්‌ ඇය මිතුරියකගේ නිවසෙහි පැවැත්වෙන උත්සවයකට සහභාගිවීමට මහියංගන ප්‍රදේශයට ගිය අවස්‌ථාවෙහි හිත මිතුරියන් පිරිසක්‌ සමඟ මහවැලි ගඟෙන් නා ගොඩට එන අවස්‌ථාවේදී නාගමාපිලකු ඇයට දෂ්ට කළේය. මේ නිසා මහියංගන රෝහලෙහි දින ගණනාවක්‌ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවූවාය.

කාලයක්‌ කොළඹ ප්‍රදේශයෙහි ඇඟලුම් සේවිකාවක්‌ වශයෙන් සේවය කළ දීපිකාට කොළඹ ග්‍රාමීය ප්‍රදේශයකදී ද නාග මාපිලකු දෂ්ඨ කර ඇත. තවත් වරෙක අම්පාර 7කණුව ප්‍රදේශයේදී නාග මාපිලකුගේ දෂ්ඨ කිරීමකට ඇය ගොදුරු වූයේ මිතුරියකගේ නිවසේදීය.

මීට අමතරව දීපිකාගේ ජීවිතය තිස්‌සමහරාම හම්බන්තොට. මහියංගනය හා අම්පාර රෝහල්වල වෛද්‍යවරුන් විසින් බේරාගෙන තිබේ.

එහෙත්... දීපිකාට මේ වනවිට අතුරු ආබාධ රැසකට මුහුණ පෑමට සිදුව ඇත්තේ ශරීරගතව තිබෙන සර්ප විෂ සහමුලින්ම ඉවත් නොවීම නිසාමය.

මේ වනවිට ඇයගේ දත් එකින් එක වැටෙමින් පවතින අතර ඇස්‌ පෙනීමේ දුර්වලතාවකට මුහුණපා තිබේ. තද හිස කැක්‌කුම ක්‌ලාන්ත ගතිය, ඇය කසා පලුගැසීම, කකුල් ඉදිමීම වැනි රෝග රැසකින් පෙළෙන ඇය ඉල්ලා සිටින්නේ මෙම රෝග තත්ත්වයෙන් සහමුලින්ම සුවය ලැබීමට හැකි වෛද්‍යවරයකු ඉදිරිපත්වී ප්‍රතිකාර ලබාදෙන ලෙසය.

තමන් පසු පස පැමිණ දෂ්ට කරන විසිකුරු සර්පයන්ගෙන් බේරීමට යම් මගක්‌ හෝ ප්‍රතිකාර ක්‍රමයක්‌ තිබේනම් දන්වන ලෙස ඇය ඉල්ලා සිටියාය.

හරි හැටි කුලී වැඩක්‌වත් කර ගැනීමට නොහැකිව මුගුණුවැන්න මිටියක්‌, ගොටුකොළ මිටියක්‌, පොළට රැගෙන ගොස්‌ විකුණා ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීමට මිල මුදලක්‌ නොමැති බව දීපිකා පැවැසුවාය.

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

සැමියා රට.....නැන්දා ඥති පුතාව කම් සැපවලට පොළඹවාගෙන

මාස 2 1/2 ක්‌ මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්
තම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක්‌ ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක්‌ මත බිරිඳ සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා සමග පලාගොස්‌ මහනුවර ප්‍රදේශයේ සැඟවී මාස 2 1/2 කාලයක්‌ පවුල් ජීවිතයක්‌ ගතකරද්දී පොලිස්‌ අත්අඩංගුවට පත්ව පසුව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව සැප්තැම්බර් මස 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධියක්‌ 27 දා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී දැකගත හැකි විය.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් එම කතට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව ඇය මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කතකි. ඇය රූමත් තිදරු මවකි. බාල වයසේදී පති කුලයට පිවිසි ඇය මේ වන විට වසර 5 වසර 10 සහ වසර 15 වයස්‌වල දරුවන් තිදෙනකුගේ මවකි. මෙයින් වසර 5 සහ 15 වයස්‌වල දරුවන් දෙදෙනා පිරිමින් වන අතර 10 හැවිරිදි දරුවා ගැහැනු ළමයෙකි.

මෙම කතගේ සැමියා රැකියාවක්‌ සඳහා විදේශගත වීමට පෙර බිරිඳ සහ දරුවන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා සැමියාගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවා තිබේ. සැමියාගේ අක්‌කාගේ නිවස ද සැමියාගේ මහ ගෙදර අසල පිහිටා තිබෙන අතර සැමියාගේ අක්‌කාට අවුරුදු 16 වියෑති තරුණ පුතෙක්‌ සිටී. ටික කලක්‌ යත්ම නොදැමුණු ආශාවෙන් පෙළුනු තරුණ නැන්දා ඥති පුතාව කම් සැපවලට පොළඹවා එම තරුණ පුතු තම අනියම් පුරුෂයා කරගෙන ඇත. කල්යත්ම පුංචි නැන්දාට තම ඥති පුතාවත්, ඥති පුතාට තරුණ නැන්දාවත් නොදැක සිටිය නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇත.

ඒ අනුව තම දෙදෙනාට සුවපහසුව හුදකලාවේ කම්සැප විඳීමට තීරණය කර ඔවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයට පලාගොස්‌ නැන්දාගේ යෙහෙළියකගේ නිවසක ලැගුම්ගෙන ඔවුන් අඹු සැමියන් වශයෙන් මාස 2 1/2 ක්‌ කල්ගත කොට ඇත.

තම පියා විදේශගතවීමත්, තම මව වෙනත් ප්‍රදේශයකට පළායැම නිසා නිසි රැකවරණයක්‌ නොමැති බාලවයස්‌ දරු තිදෙනා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිට පතා පැමිණිලි කොට ඇත. පසුව පොලිස්‌ විමර්ශන වලින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටි අලුතින් පවුල් ජීවිතය ඇරඹූ එම යුවළ පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

බාලවයස්‌ කුඩා දරු තිදෙනාට නිසි රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත 32 හැවිරිදි මව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එම ළමුන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක්‌ කැඳවීමට මීගමුව පොලිසියට නියෝග කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය එම තිදරු මව සැප්තැම්බර් මස 9 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 9 වැනි දින පැවැත් වේ.

UNP එකේ ගැලවුම්කාරයා

"සජිත්ට යූ.ඇන්.පී. එකේ නියෝජ්‍ය නායකකම දෙනවට කවුද විරුද්ධ?"
සජිත්ට යූ.ඇන්.පී. එකේ නියෝජ්‍ය නායකකම දෙනවාට යූ.ඇන්.පී.කාරයකු නම් විරුද්ධ නොවන බව හොඳටම ෂුවර්ය. මොකද මහින්දට තරගයක් දෙන්න නම් සජිත් යූ.ඇන්.පී. එකේ ඉහළ තැනකට එන්න ඕන කියන එක සජිත්ගේ හතුරෝත් පිළිගනිති. ඉතින් සජිත්ට යූ.ඇන්.පී. එකේ නියෝජ්‍ය නායකකම දෙන්න එපා කියනවා නම් ඒ අනිවාර්යෙන්ම යූ.ඇන්.පී. එකේ හතුරකු වෙන්න ඕනෑය. මහින්දගේ මිතුරකු වෙන්න ඕනෑය.


සජිත්ට යූ.ඇන්.පී. එකේ නියෝජ්‍ය නායකකම නොලැබෙනවා නම් ඒකට වැඩියෙන්ම කැමැති වෙන්න ඕනෑ වෙන කවුරුවත් නොව මහින්දය. මොකද සජිත්ට නියෝජ්‍ය නායකකම ලැබුණොත් සජිත් හම්බන්තොට තවත් බලවත් වෙයි. තමන්ගේ බලකොටුව වෙච්ච හම්බන්තොට සජිත්ගේ බලය වැඩි වෙනවාට මහින්ද කොහෙත්ම කැමැති වෙන්නේ නැත. ඒ වාගේම අනාගත යූ.ඇන්.පී. නායකයා හම්බන්තොටින් බිහිවෙනවාටත් මහින්ද කැමැති වෙන්නේ නැත. මොකද යූ.ඇන්.පී. එකේ ජනප්‍රිය නායකයකු හම්බන්තොට ශක්තිමත් වීම නාමල්ලාගේ අනාගතයට එච්චර හොඳ නැත.


ඉතින් එහෙම බලනකොට සජිත්ට යූ.ඇන්.පී. එකේ නියෝජ්‍ය නායකකම ලැබෙන එක වළක්වන්න ලොකුම ගේම ගහන්න ඕනෑ මහින්දත් නාමලුත්ය. හැබැයි පුදුමය කියන්නේ මහින්දටත් නාමල්ටත් කලින් ඒ ගේම ගහන වැඩේ කරු භාරගෙන තිබීමය.


උෟව ඡන්දය තියන්න කලින් සජිත්ට නියෝජ්‍ය නායකකම දීලා පක්‍ෂය ශක්තිමත් කරන්න රනිල් තීරණයක් අරගෙන තිබුණේය. හැබැයි රනිල්ගේ ඒ තීරණය ක්‍රියාත්මක කරන්න කරු ඉඩ දුන්නේ නැත. සජිත්ට නියෝජ්‍ය නායකකම දුන්නොත් තමන්ගේ පොදු අපේක්‍ෂක සිහිනය බොඳවෙලා යයි කියලා කරු බය වුණේය. ඒ නිසා කරු, රවිත්, රුවනුත් එක්ක එකතු වෙලා සජිත්ට නියෝජ්‍ය නායකකම දෙන එක වළක්වන්න ලොකු කුමන්ත්‍රණයක් දියත් කළේය. කරු මේ කුමන්ත්‍රණයට හවුල් කරගත් අනෙක් දෙදෙනා වන රවිටත්, රුවන්ටත් ඕනෑ වෙලා තිබෙන්නේ සජිත්ට නියෝජ්‍ය නායකකම ලැබෙන එක වළක්වන්නය. මොකද සජිත්ට නියෝජ්‍ය නායකකම ලැබුණොත් තමන්ගේ දේශපාලනය ඉවරයි කියලා රවි හිතයි. තමන්ට ඊළඟට යූ.ඇන්.පී. එකේ නායකයා වෙන්න බැහැ කියලා රුවන් හිතයි. ඉතින් කරුගේත්, රවිගේත්, රුවන්ගේත් මේ තුන් බිය නිසා මේ තුන්බෑ ජටිලයන් එකට එකතු වෙලා රනිල් - සජිත් එකතුවට වළ කැපූහ. සජිත්ට නියෝජ්‍ය නායකකම දෙන්න රනිල් අරන් තිබූ තීරණයට කටුව ගැසූහ.


අවංකභාවය, විනිවිදභාවය, සහජීවනය, එක්සත්කම ගැන පැය විසිහතරේම කතා කරන ජාතික ඇඳුමක් ඇඳ සිංහ කොඩියක් කමිසයේ ගසාගෙන නිතරම එහෙ මෙහෙ යන ජීවිතයේ සැ¼දෑ සමය ගත කරන කරුණාරත්න ජයසූරිය බල තණ්හාව නිසා එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය විනාශ කරන්නේ ඔන්න ඔය විදියටය.
රාජපක්‍ෂ ආණ්ඩුව ගැන ජනතාව අතර යම් මට්ටමක අප්‍රසාදයක් ගොඩනැඟිලා තියෙන මේ මොහොතේ කරුලා, රවිලා, රුවන්ලා හරි විදියට කරන්න ඕනෑ රනිල් - සජිත් සමඟිය ගොඩනඟා පක්‍ෂය ශක්තිමත් කරන එකය. හැබැයි එක්සත් ජාතික පක්‍ෂයේ හා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ අවාසනාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා මහින්දගේ වාසනාවට නොවෙන්නෙත් ඒකමය.


පාවාදීම් ගණනාවකට සම්බන්ධ, ද්‍රෝහීවීම් ගණනාවකට සම්බන්ධ, බෙලි කැපීම් ගණනාවකට සම්බන්ධ, පිහියෙන් ඇනීම් ගණනාවකට සම්බන්ධ කරුණාරත්න ජයසූරිය තමන්ට රටේ නමක් හදලා දුන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතාට කරන ද්‍රෝහිකම ගැන එක අතකින් පුදුම වෙන්න දෙයක් නැත. මොකද කරුගේ ඉතිහාසය පිරිලා තියෙන්නේ කුමන්ත්‍රණ, පාවාදීම්, පිහියෙන් ඇනීම් හා බෙලි කැපීම්වලිනි.


සභාපතිකමක් හා තානාපතිකමක් දීලා තමන්ව රටට හඳුන්වා දුන් රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ද්‍රෝහී වෙන්න පුළුවන් නම්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් 17 දෙනකු එක්ක ආණ්ඩුවට ගිහිල්ලා යූ.ඇන්.පී. එකට ද්‍රෝහී වෙන්න පුළුවන් නම්, ආපහු එක්සත් ජාතික පක්‍ෂයට අරන් නියෝජ්‍ය නායකකමක් දුන්න රනිල් එක්ක නායකත්වයට තරග කරලා රනිල්ට ද්‍රෝහී වෙන්න පුළුවන් නම්, ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වන අදහසින් රනිල්ව කපන්න කුමන්ත්‍රණය කරන්න පුළුවන් නම් එහෙව් කෙනකුට ජනතාවට ද්‍රෝහී වෙනවා කියන එක, රටට ද්‍රෝහී වෙනවා කියන එක මහ ලොකු දෙයක් නොවේ.
ඇත්තම කිව්වොත් එක්සත් ජාතික පක්‍ෂයට උදාවෙලා තියෙන ස්වර්ණමය අවස්ථාව විනාශ කරලා දාන්න කරු රවි හා රුවන් එක්ක එකතු වෙලා ගහන ගේමේ කොනක මහින්දත් ඉන්න බව නම් ෂුවර්ය. මොකද සජිත්ට විරුද්ධ සටනේ සම්පූර්ණ වාසිය මහින්දට යන නිසා මහින්ද කරුලාගේ, රවිලාගේ, රුවන්ලාගේ සජිත් විරෝධී සටනට සහාය නොදෙනවා කියලා කියන්න බැරිය.


එදා කොළඹ නගර සභා මැතිවරණය වෙලාවේ පොදු පෙරමුණ කොළඹ ගහපු පෝස්ටරය කොච්චර ඇත්තද කියලා හිතෙන්නේ මෙන්න මේ වාගේ වෙලාවටය. එදා කොළඹ නගරාධිපතිකමට ඉල්ලපු කරු කොළඹ පුරාම පෝස්ටර් ගැහුවේ "ආවොත් කරු පායයි හිරු" කියලාය. ඒකට උත්තර දෙමින් පොදු පෙරමුණ කොළඹ ගහපු පෝස්ටරයේ තිබුණේ "ආවොත් කරු පෙනේවි තරු" කියලාය. අද කරු එක්සත් ජාතික පක්‍ෂයටත්, යූ.ඇන්.පී. පාක්‍ෂිකයන්ටත් පෙන්නන්නේ එදා කිව්ව අන්න ඒ තරුය. කරු නිසා මහින්දට පායලා තියෙන්නේ අන්න ඒ හිරුය.


සඳුන් ජීවන්ත

ඔස්‌ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික තරුණිය ගෙල සිරකර මරලා

ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස්‌ ලෙස මිය ගොස්‌ සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

අමිෂා රාජපක්‍ෂ නමැති 31 හැවිරිදි මෙම තරුණිය රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා ඉකුත් 26 දා රාත්‍රී 7.30 ට පමණ ඇය පදිංචි තට්‌ටු නිවාස සංකීර්ණයෙන් පිටතට ගොස්‌ තිබේ. එහෙත් එදින රාත්‍රී ඇය ආපසු පැමිණ නැති අතර අමිෂාගේ සොහොයුරු සහන් රාජපක්‍ෂට පසුදා උදේ 7.30 ට පමණ නිවාස සංකීර්ණයට නුදුරු ස්‌ථානයකදී ඇගේ මළ සිරුර හමුවී තිබෙන බව සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සිට 2009 වසරේදී සිඩ්නි නුවරට පැමිණි අමිෂා එහිදී තොරතුරු තාක්‌ෂණය පිළිබඳ උපාධියක්‌ද ලබාගෙන ඇත.

"මගේ සහෝදරිය අඟහරුවාදා රාත්‍රී 7.30 ට පමණ නිවෙසින් ගියේ කිරි සහ බටර් ගෙන එන බව පවසමින් පැයකින් එන බවද ඇය කීවා. නමුත් ආවේ නැහැ. මා පසුව මගේ පියාට දුරකථන ඇමතුමක්‌දී විමසුවත් ඇය එහි නොපැමිණි බව පියා පැවසුවා. පසුදා උදේ ඒ අසළ ස්‌ථානයක වැටී සිටි සොහොයුරිය හමුවුණා. ඇයගේ ගෙල වටා තිබූ ස්‌කාෆ් එකෙන් ඇයගේ ගෙල සිරකර තිබූ බව දුටුවා" යෑයි ඇගේ සොහොයුරු සහන් රාජපක්‍ෂ පොලිසියට පවසා තිබුණා.

අමිෂාගේ මරණය පිළිබඳව පැවැති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයේදී එය සැක කටයුතු මරණයක්‌ ලෙසට තීරණය කළ බවද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත් වාර්තාවේ දැක්‌වේ.

වාරියපොල තරුණිය තිළිණි අමල්කා පොලීසියට එරෙහිව නීති මගට

පසුගියදා වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය විසින් පොලීසියට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම ගැන මේ පෙත්සම ගොනු කරන බව තිළිණි අමල්කා නම් ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ඩයස් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මම එළියට ආපු දවසට උඹලට කරන දේ බලාගනිල්ලා කියු වාස් ගුණවර්ධනට ඇප

"ශානි මම මිනීමරුවෙක්. මම එළියට ආපු දවසට උඹලට කරන දේ බලාගනිල්ලා" යනුවෙන් පවසා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.


රුපියල් 25000ක ශරීර ඇපයක් මත විත්තිකාර වාස් ගුණවර්ධන මහතා මුදාහරින ලෙස නියම කළ විනිසුරුවරිය විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණය හමුවට භාර දෙන ලෙස විත්තිකරුට නියම කළාය.
ඇප තැබීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක තර්ජනයක්, බලපෑමක් එල්ල නොකරන ලෙසට විනිසුරුවරිය විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට අවවාද කළාය.


විත්තිකාර වාස් ගුණවර්ධන මහතා මේ නඩුවේදී ඇප මත මුදාහරිනු ලැබුවද ඔහුට එරෙහිව පවරා තිබෙන මොහොමඩ් සියාම් ඝාතන නඩුවට සහ ගිනිඅවි සන්තකයේ තබා ගැනීමේ නඩුවට තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කර ඇති හෙයින් ඔහුට යළි බන්ධනාගාරයට යෑමට සිදු විය.
රහස් පොලිස් මූලස්ථානයේදී විත්තිකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී 2013 ජුනි 10 වැනි දින රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර, රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජිත් මුණසිංහ, පොලිස් පරීක්ෂක ලලිත් දිසානායක යන මහත්වරුන් තිදෙනාට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.

ඒ සයිමන්ස්‌... මේ තිසර...

ඔස්‌ටේ්‍රලියාවේ ඇන්ඩෘ සයිමන්ස්‌ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට අවශ්‍ය නිදහස ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනයෙන් නොලැබෙන බැවින් 'මාළු ඇල්ලීම මගේ ප්‍රියතම විනෝදාංශයයි. මම ක්‍රිකට්‌ නවත්වා මාළුවෙක්‌ බාගෙන විනෝදයෙන් ඉන්නවා. ක්‍රිකට්‌ ගහන්න ඕනනම් අයි.පී.එල් වගේ තරගාවලියකට සහභාගි වෙනවා.' යනුවෙන් පවසා තරුණ වියේදීම ඇන්ඩෘ සයිමන්ස්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදුන්නේය. එහෙත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට තිබියදී මමත්වය වෙනුවෙන් එය මග හැර ගිය ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස ඇන්ඩෘ සයිමන්ස්‌ව අපි හඳුන්වමු.

සයිමන්ස්‌ එසේ කළද අපේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඉතිහාසයකවත් එසේ කළ බවක්‌ වාර්තා වී නොමැත. එහෙත් පසුගිය කාලයේ වත්මන් ශ්‍රී ලංකාව සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා, සයිමන්ස්‌ මෙන් තරුණ වියේදීම ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදීමට සැරසෙන බවට නොයෙක්‌ ආරංචි පැතිරී ගියේය. ඒ සයිමන්ස්‌ මෙන් මාළු ඇල්ලීමට නොව ඔහුට එරෙහිව ආ 'කැපිල්ලක්‌' හේතුවෙන් එසේ කිරීමට සැරසී සිටි බව වැඩි දුරටත් වාර්තා විය.

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගවලියෙන් පසුව තිසර පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ අහිමි වූයේ ඔහු විස්‌සයි විස්‌ස විශේෂඥයකු නිසා යෑයි එක්‌ තැනක සඳහන් වේ. තවත් තැනක සඳහන් වන්නේ තිසරගේ හැසිරීම් සම්බන්ධයෙන් බලධාරීන් තෘප්තිමත්ව නොසිටි නිසා ඔහුට ස්‌ථානය අහිමි වූ බවයි. එහෙත් කුමන හේතුවක්‌ මත හෝ ලකුණු අතර සහ කඩුලු අතර සිටි තිසරට එක්‌දින තරගාවලි කිහිපයක කණ්‌ඩායමේ නිසි ස්‌ථානය හිමි නොවීය.

එහෙත් අවස්‌ථාව ලද සැණින් ක්‍රියාත්මක වු තිසර පසුගියදා පකිස්‌තානය සමග පැවැති දෙවැනි එක්‌දින තරගයේදී 'රිදෙන්නට' පහර දුන්නේය. ඒ පන්දු 36 කදී ලකුණු 65 කි. අනතුරුව කඩුලු තුනක්‌ද දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. ඒ සමගම තිසර පසුගිය කාලයේ 'බංකුවේ' තැබුවේ කුමන අහේතුවකටදැයි අපි නොදනිමු. එය විටෙක තේරීම් කමිටුවේ වරදකි. නැතහොත් කණ්‌ඩායමේ වරදකි. නැතහොත් ක්‍රිකට්‌ ආයතනයේ වරදකි. ඔවුන් සියල්ල නිවැරදි නම් තිසර විසින්ම තමාගේ ස්‌ථානය කපාගෙන ඇත. එහි සත්‍යතාවය සොයා බැලීමේදී තිසර යනු කණ්‌ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙකි. ඉකුත් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජයග්‍රහණයට ඔහු කළ මෙහෙවර සහ අවසන් එක්‌දින තරගයේදී තිසර පෑ හපන්කම ඒ සඳහා හොඳම නිදසුන්ය.

තමාට නිසි ස්‌ථානය හිමි නොවීමෙන් කලකිරීමකට පත්ව සිටි තිසර පෙරේරා ඔස්‌ටේ්‍රලියාවට හෝ නවසීලන්තයට ගොස්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන බවට ආරංචි පැතිර ගියේය. එහෙත් තිසර මාධ්‍ය ඉදිරියේ කට වසා සිටීමෙන් එහි සත්‍යතාවය ඔහුගේ මුවින් දැන ගැනිමට අපට හැකියාවක්‌ නොලැබුණි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ තිසර පෙරේරා එකම පාසලේ එකට ක්‍රිකට්‌ ගැසු 'අඹ යහළුවන්ය.' එහෙත් තිසරට මැතිව්ස්‌ගේ කණ්‌ඩායමේ ස්‌ථානය පසුගිය කාලයේ අහිමි විය. එවැනි අවස්‌ථා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේත් සටහන්ව තිබේ. සනත් ජයසුරිය සහ රොෂාන් මහානාම බ්ලූම්µSල්ඩ් ක්‍රීඩා සමාජයේ අඹ යහළුවන්ය. නමුත් සනත් නායකත්වයට පත් වුවාට පසුව රොෂාන් මහනාමට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි විය. පසුකාලයක මහානාම පවසා ඇත්තේ 'සනත් මගේ හොඳම යහළුවා. ඔහු නායකත්වයට පත්විමෙන් පසුව මට සාධාරණයක්‌ ඉටු වේවි කියා විශ්වාස කළා. නමුත් එසේ සිදුනොවීම කණගාටුවට කරුණක්‌' යනුවෙන් එදා මාධ්‍ය හමුවකදී මහානාම පවසා තිබේ.

කෙසේ වෙතත් තිසර පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානය නොලැබෙන විට ඔහුට ඔස්‌ටේ්‍රලියාවේ 'බිග් බෑෂ්' විස්‌සයි විස්‌ස තරගාවලියට ක්‍රීඩා කිරීමට ආරාධනාවක්‌ ලැබී ඇත. එහෙත් එයට යාමට තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් අවසර නොලැබුණි. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් හී පැවැති කැරිබියන් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලියෙන් තිසරට ආරාධනයක්‌ ලැබුණි. ඒ සඳහා ක්‍රිකට්‌ ආයතනයෙන් තිසරට අවසර නොලැබුණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තිසරට දන්වා ඇත්තේ මෙරට පුහුණුකරුවන් සමග සිය පුහුණුවීම් කරන ලෙසය.

කැරිබියන් සහ බිග් බෑෂ් තරගාවලි ක්‍රීඩා කළේ නම් තිසරට අති විශාල මුදල් ප්‍රමාණයක්‌ ලැබෙනු ඇත. නමුත් ඔහුට ඒ සඳහා අවස්‌ථාව නොලැබීම මත යම් හෙයකින් තිසර කලකිරීමට පත්ව සිටින්නට ඇතැයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් අනතුරුව එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමට තිසරව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කළේය. එවිට තිසර පෙරේරා තමාගේ මානසිකත්වය හදා ගැනීමට ටික දිනක්‌ විවේකය අවශ්‍යයි පවසා කණ්‌ඩායමෙන් ඉවත් විය. එබැවින් තිසර නොමැතිව ශ්‍රී ලංකා 'ඒ' පිල එංගලන්තයට ගියේය.

විවේකයෙන් පසුවූ තිසර යළිත් පුහුණුවීම් වලට පැමිණීමට අවස්‌ථාව ලබාදෙන ලෙස ක්‍රිකට්‌ ආයතනයෙන් ඉල්ලීමක්‌ කර තිබේ. ඒ අනූව පුහුණුව ඇරඹු තිසරට පකිස්‌තානය සමග එක්‌දින තරගාවලියේදී සුපුරුදු ස්‌ථානය හිමි විය. දැන් ප්‍රශ්නය සේදී ගොස්‌ ඇති හෙයිනි. තිසරගේ කැපිල්ලට ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් පිළිතුරු දුන්නේය. විය යුත්තේද එයයි. යම් හෙයකින් ඉහත සඳහන් කළ ඇන්ඩෘ සයිමන්ස්‌ මෙන් තිසරත් ක්‍රියා කළේ නම් ඔහුව මෙරට ප්‍රේක්‍ෂකයන් 'බ්ලැක්‌ ලිස්‌ට්‌' කරනු ඇත.

තිසර ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමෙන් ඉවත්වීම නිසාදොa, සනත් ජයසුරිය සෑම ක්‍රිකට්‌ ක්‍රීඩකයකුටම අනතුරු ඇඟවීමක්‌ කළේය. ඔහු 'දිවයින' සමග පවසා සිටියේ, 'ඕනෑම ක්‍රීඩකයකු ජාතික කණ්‌ඩායමේ හෝ 'ඒ' කණ්‌ඩායමේ ක්‍රීඩා කිරීමට සුදානමින් සිටිය යුතුයි. කවුරු හරි ක්‍රීඩකයකු කියනවනම් ජාතික කණ්‌ඩායමේ ඉඳල 'ඒ' කණ්‌ඩායමේ ක්‍රීඩා කිරීම මදිකමක්‌ කියල ඔහුට යන්න පුළුවන්' යනුවෙනි.

තිසර මේ වන විට එක්‌දින තරග 78 කදී කඩුලු 99 ක්‌ දවා ගැනීමට සමත්ව තිබේ. ඔහු එහිදී පිතිකරුවකු ලෙස මුළු ලකුණු 862 ක්‌ රැස්‌ කර ඇත්තේ පන්දු 800 ක්‌ පමණක්‌ වැය කරමිනි. විස්‌සයි විස්‌ස තරගවලදී තිසරගේ පිතිකරණ සාමාන්‍ය 33.28 කි. මෙම දක්‍ෂතාව තවදුරටත් වර්ධනය කරගනිමින් පන්දුව තෝරා බේරා පන්දුවට පහරදීමට තිසර ඥනාන්විත වී තිබේ. විය යුත්තේද එයමය. සයිමන්ස්‌ මග නොගොස්‌ තිසර දැන් හරි පාරේ ගමන අරඹා ඇත.

* අසේල විතාන

මන්නා කැත්තක් අරන් සභාවට ආ වටරැක විජිත හිමි කී කතාව

මේ දිනවල මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වන වටරැක විජිත හිමි ඊයේ මහියංගන ප්‍රාදේශිය සභාවේ මාසික සභා වාරයට පැමිණ සිටියේ මන්නා කැත්තක්ද අතැතිවයි.

නමුත් ආරක්ෂාව සදහා යොදා සිටි නිළධාරින් එය දුටු වහාම උදුරාගෙන පොලිස් නිළධාරින් භාරයට ගන්නා ලදි.


මේ පිලිබඳව හිමියන්ගෙන් අදහස් විමසීමේදී පැවසුවේ මෙවැනි ප්‍රකාශයකි.

"මම ඔබරේෂන් එකක් කරලා ඇවිදින්න අමාරුවෙන් ඉන්නේ ඇවිදින්න අමාරු හින්දා දොරමුල්ලේ තිබු ලිය තමයි මේ හැරමිට්ට විදියට අරගෙන ආවේ. මම දැක්කෙ නෑ ඒක මන්නා කැත්තක් කියලා. ඒක මම වාහනේ දාගෙන ආපු එකක්. ඒක මේ කව්රුත් ලොකුවට ගන්න එපා."

කෙසේ නමුත් මෙවැනි සභාවකට මන්නා කැත්තක් රැගෙන එන්නේ කොස් කොටන්නට නොවන බවයි එතන සිටි කාගේත් අදහස වූයේ. තවද අමුතුම ආකාරයේ ක්‍රියාවන් සිද්දකරමින් රටේ හිට් එකක් වෙන්නට වටරැක හිමියන් උත්සාහ දරන්නේයැයි ද බොහෝ දෙනා පැවසුවා..

එම වීඩියෝව පහතින්....

වාරියපොල සිද්ධිය වැනි සිද්ධි මටත් වෙලා තියෙනවා’.. – හිරුණිකා

පසුගියදා වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නොසතුට පල කරයි.

‘මේ වගේ දේවල් වලට මමත් මුහුණදීලා තියනවා. නමුත් මම විශ්වාස කරනවා කාන්තාවකට ඉවසීම තිබිය යුතු බව. ඔහුට එකපාරකට වඩා ගහන්න ගිය එක හොඳටම වැඩියි. නමුත් මං කියන්නෙ නෑ කාන්තාවක් මේ හැමදේම කරබාගෙන ඉන්න  ඕන බව. වීදි හිංසනය අපි පිටුදැකිය යුතුයි.

මේ තරුණයාගේ කන් ඇසීමේ ප‍්‍රශ්නය සති දෙකක් තරම් පමාවී ඇතිවීම සැක සහිතයි. ඒක කාගෙහරි උපදෙසක් නිසා කරන්න ඇති.එසේම පහරදීමක් වුණාම පොලිසිය මෙතරම් පමාවී කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් හාස්‍යජනකයි. ඒක කරන්න තිබුනෙ සිද්ධිය සිදුවුණ සුමානය ඇතුළතයි.සිද්ධිය ගැන රටේ ආන්දෝලනයක් වුණාට පස්සේ තමයි මෙහෙම කරන්න හිතිල තියෙන්නෙ’ යයිද ඇය සඳහන් කරයි.

සම ලිංගික විවාහ නීතියෙන්.....ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් යුග දිවියට

බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී යුග දිවියට එළෙඹ ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

මින් පෙර ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සම ලිංගිකයන් අතර විවාහ නීතියෙන් පිළිගන්න තුරු ඔවුන් විවාහ නොවන බවයි.

පසුගිය වසරේ ජූනි මාසයේ සම ලිංගික විවාහ නීතියෙන් පිළිගත් අතර වාර්තාකරුවන් පවසන්නේ ඔවුන් දෙපළ තමන් කල ප්‍රකාශයට ගරු කළ බවයි.

විවාහ වන විට ඇන්ජලිනා ජොලී තිස් නම වන වියේ පසු වූ අතර බ්‍රැඩ් පිට් පනස් වන වියේ පසු විය.

‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ පුවත් සේවය වාර්තා කරන්නේ විවාහ උත්සවය ඔවුන්ගේ දරුවන්ගේද සහභාගීත්වය ඇතිව ප්‍රංශයේ කුඩා නගරයක පල්ලියකදී පැවැත්වුණු බවයි.

2005 වසරේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපෑ ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් ආදරවන්තයන් ලෙස මාධ්‍ය ඉදිරියට පැමිණියහ.

සුනාමියෙන් මහින්ද.........එල්නිනෝවෙන් කවුද?

2004 ජූලි මාසයේ වගේ ජේ‍යාතිෂවේදිනියක් 'ඉරුදින' පුවත්පතට අපූරු අනාවැකියක් කීවාය. ඇය කීවේ 2004 අග ලංකාවට ජලයෙන් මහා විපතක් වන බවත්, ඉන් විශාල විනාශයක් සිදුවන බවත්ය. එම විනාශයට පසු රටට අලුත් නායකයකු පහළ වෙනවා යැයි ඇය කීවාය. ඒ නායකයා රනිල් වික්‍රමසිංහ යැයිද ඇය අඟවා තිබිණි. 2004 දෙසැම්බරයේ සුනාමිය ආ පසු ඇයගෙන් අනාවැකි අහන්න මිනිස්සු පෝලිමේ ආහ. සුනාමිය ගැන කීවා සේ අලුතින් එන නායකයා රනිල් යැයි යූ.ඇන්.පී.කාරයෝ සිතූහ.

ඒත් සුනාමියෙන් බිහි වූ අලුත් නායකයා රනිල් නොව මහින්දය. සුනාමිය එනවිට චන්ද්‍රිකා හිටියේ පිටරටය. මහා විපත කරට ගන්න සිදු වූයේ අගමැති ලෙස මහින්දටය. චන්ද්‍රිකා පිටරට යනවිට මහින්දව වැඩ බලන ජනාධිපති ලෙස පත්කර ගියේ නැත. ඒ සුනාමි විපත නිසා මහින්ද වැඩ බලන ජනාධිපති ධුරය සියතට ගත්තේය. චන්ද්‍රිකාටත් විපතේ මහත දුටු විට ඒ වේලාවේ එයට එරෙහි වී දේශපාලනය කරන්න හැකියාවක් තිබුණේ නැත. මහින්ද ඇමැති මණ්ඩලය කැඳවීය. අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවීය. සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවීය. මේ වෙනකොට මහින්දට විමල් වීරවංශලා ඇතුළු ජ.වි.පෙ. සමඟ හොඳ හිතක් තිබුණේ නැත. ඒත් විමල්ලාට, ජ.වි.පෙ.ට මහින්ද සමඟ වැඩ කිරීමට සිදුවිය. මහින්දට ජ.වි.පෙ. සෙට් වුණේ මෙහෙම එකට වැඩ කරද්දීය. වෙනකක් තබා මහින්ද සුනාමි විපත බලන්න යාපනයට යනවිට විමල්වද රැගෙන ගියේය.


ඇත්තටම චන්ද්‍රිකාගේ ආණ්ඩුව කැඩෙන්නේද සුනාමිය නිසාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව සුනාමියෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය සමඟ අස්සන් කරන සුනාමි සහන මණ්ඩල ගිවිසුමට එරෙහිව ආණ්ඩුවෙන් එළියට යන ජ.වි.පෙ., ආණ්ඩුවට බහුතරය අහිමි කරනු ලැබීය.
සුනාමිය නොවන්නට චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී ඊළඟ මහ ඡන්දයට තරග කරන්න ජ.වි.පෙ. සමඟ සාකච්ඡා කරමින් සිටියාය. එම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා කාලය ලබා දීමට හිටපු අගවිනිසුරු සරත් සිල්වා චන්ද්‍රිකා රහසේ දිවුරුම් දුන් බවත්, ඒ අනුව චන්ද්‍රිකාගේ නිල කාලය 2006 නොවැම්බර් තෙක් වලංගු බවත් රනිල්ගේ ආණ්ඩු කාලයේම පවසා තිබිණි. සරත් සිල්වා රහස් දිවුරුම එළියට දැම්මේ චන්ද්‍රිකාව 2006 තෙක් ජනාධිපති ධුරයේ තියන්නටය.


ඒත් සුනාමිය එය වෙනස් කරනු ලැබීය. සුනාමි සහන මණ්ඩලය නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාගෙන වැටී ජ.වි.පෙ. පාරට බැස්සවිට සරත් සිල්වා ද වෙනස් විය. චන්ද්‍රිකාගෙන් කැඩෙන සරත් සිල්වා සහ ජ.වි.පෙ. දිනාගන්න මහින්ද සමත් විය. අන්තිමේදී ජනාධිපතිවරණය 2005දී පැවැත්විය යුතු යැයි සරත් සිල්වා තීන්දුවක් දුන්නේය. මහින්දට ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබුණේ ඒ තීන්දුව නිසාය.
මේ පරණ කතාව මතක් වූයේ 2014දී ලංකාවට සුනාමියටත් වඩා භයානක මහා විනාශයක් සිදු කරන එල්නිනෝවක් එනවා යැයි ජේ‍යාතිෂවේදීන් නොව විද්‍යාඥයන් කියන අනාවැකිය අහද්දීය. මෙය සිදුවිය හැක්කේ 2014 දෙසැම්බරයේ යැයි ඔවුහු පවසති. මෙවැනි විනාශයක් සිදු වන්න යනවා නම් මහින්දට හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙයි.


මහින්ද තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට යන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්ය. ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ මහජන වරම නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් සැදුම් ලත් තුනෙන් දෙකක බලයකින් නොවේ. ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මහින්දට 2010දී ජනතාව ජන වරමක් දුන්නේ නැත. මහින්දට 2010දී තුනෙන් දෙකක බලයක් ජනතාව දුන්නේ නැත. මහින්ද තුනෙන් දෙකේ බලය ගත්තේ එ.ජා.ප. මන්ත්‍රිවරුන් බා ගෙනය. ඒ අනුව මේ ව්‍යවස්ථා සංශෝධනය මහජන වරමට පිටු පා සම්මත කර ගත් එකකි. ඒ වගේම ඒ ව්‍යවස්ථා සංශෝධනය යටතේම දෙවැනි ධුර කාලයේ නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයකට යෑමත් ව්‍යවස්ථා විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා ප්‍රකාශ කර ඇත.
ව්‍යවස්ථාව විකෘති කිරීම යනු මහජන මතය විකෘති කිරීමකි. එලෙස ව්‍යවස්ථාව විකෘති කොට බලය රැක ගන්න උත්සාහ කළ හැමෝටම ස්වභාධර්මයෙන්ම දඬුවම් ලැබී ඇත. ඉතිහාසය එයට සාක්ෂි දරයි.


1970 - 77 ආණ්ඩු කාලයේ 1975 පවත්වන්න නියමිත මහ මැතිවරණය වසර දෙකකින් දික්කර ගන්න එවකට අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය සමත් වූවාය. ඇය ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රයෝජනයට ගත්තාය. ඒ වෙලාවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව පිටුපස ලොකුම කාර්යභාරය ඉටු කළේ ල.ස.ස.ප. නායකයන් වූ ඇන්. ඇම්. සහ කොල්වින්ය. මේ වැඩේ මැතිනියගේ ඔළුවට දැම්මේත් මේ දෙදෙනාය. කෙසේ හෝ නිල කාලය දීර්ඝ කර ගත්තේය. වැඩි කලක් ගියේ නැත. මේ වැඩේ නිර්මාතෘවරුන් දෙදෙනා වූ ඇන්.ඇම්. සහ කොල්වින් සමඟ ගැටුම් ඇති කරගෙන මැතිනිය ඔවුන්ව ඇමැතිකම්වලින් ඉවත් කරනු ලැබීය. ආණ්ඩුව 1977 ඡන්දයට ගියේ වැටිලාය. මැතිනිය 1975 මහ ඡන්දයට ගියා නම් දිනන්නත් ඉඩ තිබිණි. පැරදුණත් විපක්ෂ නායිකාව වීමට තරම් මන්ත්‍රි බහුතරයක් ලබන්න ඉඩ තිබිණි. එහෙම වූවා නම් ජේ. ආර්.ට ව්‍යවස්ථාව වෙනස් කරන්න තුනෙන් දෙකක බලයක් හිමි වන්නේ නැත. ව්‍යවස්ථාව විකෘති කොට බලය රැක ගන්න ගිහින් මැතිනියට විපක්ෂ නායකකමත් නැති විය.


ජේ.ආර්. ගේ 1982 ජනමත විචාරණයත්, ව්‍යවස්ථාව විකෘති කිරීමකි. 1983 කළු ජූලිය ඔහු එයට ගෙවපු වන්දියය. එතැන් සිට ගෙදර යන තෙක් ජේ.ආර්. හිටියේ උතුරේ යුද්ධයෙන් කර වටක් එරිලාය. 1987 දී දකුණේත් යුද්ධයක් ඇවිළිණි. ජේ.ආර්. 1982 මහ මැතිවරණයක් පවත්වා ජ.වි.පෙ.ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නා නම් 1987 දකුණේ යුද්ධයක් ඇවිළෙන්නේ නැත. මේ යුද්ධ දෙකෙන්ම සිදු වූයේ යූ.ඇන්.පී.ය සහ එහි නායකයන් විනාශ වීමය.


චන්ද්‍රිකා හොරෙන් දිවුරුම් දීම නීත්‍යනුකූල කොට 2006 තෙක් ජනාධිපති ධුරයේ සිට ව්‍යවස්ථාව වෙනස් කොට මහ මැතිවරණයකට තරග කරන්න හිටියා නම් ඒ සැලසුම කඩාකප්පල් කළේ සුනාමියය. මන්ද හොරෙන් දිවුරුම් දීම සහ 2006 තෙක් ජනාධිපති ධුරයේ සිටීමද ව්‍යවස්ථාව විකෘති කිරීමකි.
දැන් මහින්ද ජනාධිපතිවරයකුට ධුර කාලය දැරිය හැක්කේ දෙවතාවක් පමණක් යැයි ජේ.ආර්. හදපු ව්‍යවස්ථාව මහජන වරමකින් පත් වූ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකින් නොව එ.ජා.ප. මන්ත්‍රිවරුන් බා ගෙන විකෘති කොට හදා ගත් තුනෙන් දෙකක බලයකින් වෙනස් කොට තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කරන්න සූදානම් වීමද ව්‍යවස්ථාව විකෘති කිරීමකි.


මහින්ද ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙන දෙසැම්බරයේ එල්නිනෝවක් එනවා යැයි කියන කතාව තුළ තියෙන්නේ රටක දෛවය එරට පුරවැසියකුට රාජ්‍ය නායකකම් කරන්න දෙන කාලය වෙනස් කරන්න ඒ පුරවැසියාට හෝ ඔහුගේ දෛවයට නොහැකි බවය.
එල්නිනෝවක් ඇවිත් මහා විපතක් සිදු වුණොත් හදිසි ජනාධිපතිවරණයකට යන්න මහින්දට බැරිය. මහින්දට සිදු වන්නේ විපතින් ගොඩ එන්න ජාත්‍යන්තර ආධාර පැතීමය. සුනාමිය ආ වෙලාවේ චන්ද්‍රිකාත් මෙය කළාය.
'ආධාර වැඩි කරන්න නම් එල්.ටී.ටී.ඊ.ය එක්ක ගිවිසුමකට යන්න...'


ජාත්‍යන්තරය චන්ද්‍රිකාට කීහ. ඒ වෙනකොටත් සුනාමි විපතින් රට ගොඩ ගන්න ජාත්‍යන්තරය විශාල වශයෙන් ආධාර ලබා දී තිබිණි. ආධාර වැඩි කරන්න යැයි චන්ද්‍රිකා කළ ඉල්ලීමට ජාත්‍යන්තරය ප්‍රතිචාර දැක්වූයේ එලෙසය. චන්ද්‍රිකා එල්. ටී. ටී. ඊ.ය සමඟ සුනාමි සහන මණ්ඩලයට අස්සන් කළේ ජාත්‍යන්තර බලපෑමටය. සුනාමි විපතින් රට මුදා ගන්න ඇයට වෙනත් විකල්පයක් නොවීය. විද්‍යාඥයන් කියන පරිදි එල්නිනෝවක් ආවොත් මහින්දට විපතින් රට මුදා ගන්න ආධාර අවශ්‍ය වේ. ආධාර ලබා ගන්න ජාත්‍යන්තර බලපෑම්වලට යටත් වීමට සිදුවේ.
ඒ වේලාවට මහින්දගේ අවසානයත් චන්ද්‍රිකාගේ අවසානය වගේම ලියවෙයිද කියන්න දන්නේ නැත. හැබැයි ප්‍රශ්නය මහින්ද සුනාමියෙන් මතු වූවා වගේ එල්නිනෝවෙන් මතු වන නායකයා කවුද කියන එකය.

දමිළයින් යටහත් පහත්ව යාමට, ඇයි ඔවුන් තෙමුණු කිකිළියන්ද?....එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ

“සිංහලයන්ට කිසි විටෙකත් දෙමළ ජනතාව යටත් කරගත නොහැකිය. ඔවුන් යටත් වෙන්නෙත් නැත. සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැත. විශේෂයෙන් සිංහලයින්ට යාපනයේ දෙමළ ජනතාවගේ සිත දිනාගැනීමටවත් නොහැකිය. ඒ හේතුවෙන් සිංහලයන් විසින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කරගැනීමට උත්සාහ කරයි” යනුවෙන් ප්‍රකාශ කර ඇති සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew), දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ස්වාධීන රටක් බව ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂව දැඩි ලෙස විවේචනය කර ඇත.
ලොස් ඇන්ජලීස් හි පදිංචි මහාචාර්ය Thomas Gordon Plate විසින් “Conversations With Lee Kuan Yew” යන තේමාවෙන් ග්‍රන්ථයක් රචනා කර ඇත. මෙම ග්‍රන්ථයෙහි සිංගපුරුවේ හිටපු අගමැති මෙන්ම වත්මන් අගමැතිගේ පියාද වන ලී ක්වාන් යූ ගේ ඉහත ප්‍රකාශය ඇතුලත් කර ඇත.
“ශ්‍රී ලංකාවේ සිංහලයින් ජීවත් වූ  කාලයේ සිටම දෙමළ ජනතාවත් ජිවත්විය. නමුත් දෙමළ ජනතාවට සහ සිංහල ජනතාවට සමගියන් ජීවත්විය හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ නොමැත. ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස තිබෙන තුරු එයට ප්‍රීතිමත් රටක් විය නොහැකිය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කල දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කර ඇත. මේ තුලින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැක ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එය සියළු දෙනා පිළිගත යුතු බවත්, විශ්වාස කල යුතු බවත් ඔහු බලාපොරොත්තුවෙයි.
ඊළාම් දෙමල ජනතාව යටත් වෙන්නේ නැත. සිංහලයින්ට බියවී දුවන්නෙත් නැත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විනාශ කලද, සුළු ජාතික ජනතාවක් වන දෙමළ ජනතාවගේ සිත් දිනාගැනිමේ හැකියාව සහ නිර්භීතකම නියත වශයෙන්ම සිංහලයින්ට නැත. මේ සියල්ලකට වඩා යාපනයේ දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීම සිංහලයින්ට අනිවාර්යයෙන්ම කිසි කාලයක කළ නොහැකිය. ඒ හේතුවෙන්, සිංහලයින් සියළු මාර්ග තුලින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.
සිංහලයන් මීට පෙරත් මේ ආකාරයෙන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් විශාල සන්නද්ධ සටනක් ආරම්භ විය. වර්තමානයේදීත් එය සිදුකිරීමට උත්සාහ කරනු ඇත. සියළු දෙමළ ජනතාව විනාශ කළ හැකිය යන සිංහලයන්ගේ අදහස අනිවාර්යයෙන් සපල නොවනු ඇත.
සිදුවුවේ සහ සිදුවන්නේ ජාති ඝාතනයකි!
ශ්‍රී ලංකාවේ අද සිදුවෙමින් තිබෙන්නේ කුරිරු ජාති ඝාතනයකි. ඒ හේතුවෙන් දෙමළ ජනතාව නැවත සන්නදධ සටනක් ආරම්භකරයිද? යන්න පිළිබඳව මා හට ප්‍රකාශ කල නොහැකිය. නමුත්,අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව දීර්ඝ කාලයක් ඉවසීමකින් නොසිටිනු ඇත. සිංහලයන්ට වඩා දෙමළ ජනතාවට වැඩි ගෞරවයක් ලබාදිය යුතුය” යනුවෙන් ලී ක්වාන් යූ ප්‍රකාශකර ඇත.

සන්කදි 24 වෙබ් අඩවිය

පිරිමි ගැහැනුන්ව අන්දන තරමටම ගැහැනු පිරිමින්වත් අන්දනවා -- උපුල් ශාන්ත සන්නස්ගල

01. උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ කවුද?
මම උපුල් ශාන්ත සන්නස්ගල. ඒක ඇතුළේ තියෙන නිර්වචනයන් හදන්න ඕනෑ මම නෙවෙයි. බොහෝ අය මට නිර්වචනයන් හදලා තියෙනවා. ඇතැමුන් මට ගුරුවරයෙක් කියනවා. ඇතැම් අය මට නවකතාකාරයෙක් කියනවා. ඇතැම් අය මට කියනවා මම බිස්නස්කාරයෙක් ට්චථඥ නතචර කරන කෙනෙක් කියලා, තවත් සමහරු කියනවා මම එහෙම් පිටින්ම ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කියලත්. මම ගීත රචකයා කියන අය වගේම, ගමෙන් නගරෙට ආපු දෙක අතර දෝලනය වන ගන්ධබ්බයෙක් කියන අයත් ඉන්නවා. සිනමාකරුවෙක් කියනවා. නමුත් මම එක චිත්‍රපටයක්වත් අධ්‍යක්‍ෂණය කරලා නැහැ, නිෂ්පාදනය කළා මිසක්. මේ හැම නිර්වචනයක්ම මම හදපුවා නෙවෙයි. සමාජය විසින් නිර්මාණය කරනු ලැබූ ඒවා. මම කවුද ඇහුවොත් උපුල් ශාන්ත සන්නස්ගල කියලා මාව හඳුන්වන්න මම කැමැතියි.


02. මේ මොහොතේ අපේ රට සහ රටේ මිනිස්සු ගැන මොකද හිතෙන්නේ?
දුකක් දැනෙනවා. ලංකාව තමයි මම ගිහින් තියෙන රටවලින් ලෝකේ තියෙන ලස්සනම රට. ලෝකයේ ලස්සනම රට ලෝකයේ කැතම මිනිස්සු ඉන්න රට තමයි ලංකාව. මම සතුටු වෙනවා ලංකාව ලෝකයේ ලස්සනම රට වීම ගැන. ඒ වගේම මම අනෙක් අතට දුක් වෙනවා ලංකාවේ කැත මිනිස්සු ජීවත් වන රටක් වීම ගැන. මම කැත කියන්නේ රූපය ගැන නෙවෙයි.


03. "වස්සානේ සිහිනය" නවකතාව සෙනේෂ් අතින් චිත්‍රපටයක් බවට පත් වුණා. වස්සානේ සිහිනයට සෙනේෂ් අතින් සාධාරණයක් වුණාද?
සෙනේෂ්ට ඒ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්න බැරි වුණා. මම හිතන්නේ සෙනේෂ් කියන්නේ ප්‍රේමයේ තියෙන බොහොම සංවේදී තැන් අහුවෙන කෙනෙක් නෙවෙයි. ඔහු කැමරාවත් සමඟ සෙල්ලම් කරපු කෙනෙක් සහ මගේ ජීවිතය සහ මම චිත්‍රපටයට දාපු මුදල් සමඟත් සෙල්ලම් කරපු කෙනෙක්. මම හිතනවා එයා චිත්‍රපටයත් සමඟත් ට්චථඥ එකක් ර්ථීතචර කළා. චිත්‍රපටයට මම දුන්න ගීත ටික සහ මගේ පොත සම්බන්ධව මට කිසිම ගෙවීමක් කරලා නැහැ අද වෙනකන්. ඔවුන් විශාල ආදායමක් ලැබුවා මට රුපියලක්වත් ලැබුණේ නැහැ. ඔවුන් විශාල මුදලක් කොල්ලකනවා. හැබැයි ඒ අස්සේ හෝ ඔහු හොඳ චිත්‍රපටයක් කළා නම් මම සතුටු වෙනවා, ඒ දාපු ප්‍රාග්ධනය පැත්තකින් තියලා.


04. ඔබ "ආදරණීය වස්සානයෙහි" අධ්‍යක්‍ෂවරයා වුණා නම් කසුන් හා චාපා වෙනුවට කාවද තෝරා ගන්නේ?
මගේ ඔළුවේ හිටපු කසුන්ලා ඔක්කොටම දැන් වයසයි. සමහරුන්ට දැන් 50ත් පැනලා. මම හිතන්නේ දැන් ඔවුන්ට කසුන්ගේ තාත්තාගේ චරිතය තමයි කරන්න වෙන්නේ. මම හිතපු චාපලා දැන් මට මුණගැහෙන්නේ දත් හැලිලා, කොණ්ඩේ ඉදිලා, බඩ ඇවිල්ලා. දැන් ඒ චාපලාට ළමයින්ගේ ළමයිනුත් ඉන්නවා. ඒ නිසා දැන් මට චාපාව මුණගැහෙන්නේ ආච්චි කෙනෙක් විදියට.


05. "වැහි පබළු සැලී" ගීතයට පදනම් වෙන්නේ ඔබේ පෞද්ගලික අත්දැකීමක් නේද?
මම එතකොටත් විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මගේ බිරිය තවමත් දන්නවා මම ලස්සන දෙයක් දැක්කම තවම බලනවා කියලා. සමහර විට මම ඒක විඳිද්දි එයා අහක බලා ගන්නත් ඉඩ තියෙනවා. දිනක් මමත්, ගුණපාල රත්නසේකරත්, තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙන්නෙකුයි, කුරුණෑගල පන්ති ඉවර කරලා ආවා. මගේ වාචාල කතා අහන්න ඕනෑ නිසා ඔවුනුත් රියැදුරන්ට වාහන භාර දීලා මගේ වාහනේට ගොඩ වුණා. මම තමයි මගේ වාහනය එළෙව්වේ. තරමක වැස්සක් තිබුණා. කුරුණෑගල ඉස්පිරිතාලේ පහුවෙනවත් එක්කම මම දැක්කා පාරේ අයිනේ හිටපු කාන්තාවක් විදුලි කොටනවා මගේ දිහාට. මම දන්නෑ මටද එතැන හිටපු වෙන කාටහරිද කියලා. මම එක තත්පරයකින් කොටසක් ඇය දිහා බලන් ඉඳලා ආපහු ආවා. නමුත් පොල්ගහවෙල හරියට එනකම්ම මම කතා කළේ ඇය ගැන. මම ඇයව දන්නෙත් නෑ හඳුනන්නෙත් නැහැ. වැහි බීරමත් සමඟ ඇතුගල පාමුල වුණු සිදුවීමක් නිසාත් මම වාහනේ හිටියත් ඇය එළියේ හිටියත්, අර අපි කියන්නේ ඇස් දිහා බලලා ඇහැට ඇහැ ඩිග්, ඩිග්, ඩිග් ගාලා විදුලි කොටනවා කියලා. ඒ වගේ වුණාම ඒ සිදුවීමේ පොඩි තිගැස්මක් තිබුණා. මම ඒ දිනවල නිදි වරාගෙන ලියනවා. ඒ නිසා මේ සිදුවීම එක පාරටම මගේ අතින් ලියැවුණා. ඒක අහඹු සිදුවීමක්.


06. ඇයව ඉන්පසුව කවදාවත් හමු වුණේ නැද්ද?


ඒ ගැහැනු ළමයා දන්නෙත් නැතිව ඇති මේ සින්දුව එයාට ලිව්වේ කියලා.


07. සුරේන්ද්‍ර පෙරේරා ගී පද රචනයට සාධාරණයක් ඉටු කළාද?
ඇත්තටම හිතනවා, නමුත් මම හිතනවා සුරේන්ද්‍රට වඩා එහි ගෞරවය හිමිවෙන්න ඕනෑ කසුන් කල්හාරට කියලා. කසුන් කල්හාරගේ තනුව තමයි සුරේන්ද්‍රට මතුවීම සඳහාත් බලපෑවේ.


08. මෙතෙක් ලියපු බොහෝ නවකතාවලට සත්‍ය සිදුවීම් පාදක වුණේ ඇයි?
සත්‍ය සිදුවීමක් ගත්තාම එය ප්‍රතිනිර්මාණය කිරීමට පහසුයි. සිදුවීම ගත්තම එය සත්‍ය නම් අපි හරියට එය හිත ඇතුළෙන් වි‍ෙ¼දා්නවා. වි‍ෙ¼දා් වි‍ෙ¼දා් ඒ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන නිසා තමා බොහෝවිට මම සත්‍ය සිදුවීම් පාදක කරගන්නේ. ගොඩාක් අයගේ නිර්මාණවලටත් ඔය සත්‍ය සිදුවීම කොහේ හෝ තියෙනවා. නමුත් ඔවුන් එය කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.


09. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල මිනිස්සු. 90%ක්ම කතා කරන්නේ සිංහල. නමුත් මේ මිනිසුන්ට කියන සිංහල තේරෙනවාද?
කියන සිංහල තේරෙන්නේ නැහැ. දැන් නිදසුනක් විදියට "මෙහෙට එන්න කිව්වම එන්නේ නෑ, "මෙහෙ වරෙන් යකෝ" කිව්වම එනවා. "ඔයාට" ඇහුණද කිව්වම ඇහෙන්නේ නෑ, "තොට ඇහුණද" කිව්වම උත්තර දෙනවා. අපි හිතමු මේ සාකච්ඡාව අතරතුර මට වැරැදීමකින් අරුණිගේ කකුල පෑගුණා කියලා. එතකොට මම කියවා "අනේ පුතේ මට සමාවෙන්න" කියලා. සමාවෙන්න කිව්වම ඒක ඇතුළේ තියෙනවා වරදක් වුණා කියලා. නමුත් අද දරුවෙක් ගුරුවරයෙක්ගෙන් සමාව ඉල්ලුවාම උෟට කනටත් කහලා දතකුත් ගලවනවා, වැරැදි කරලා උඹ සමාවත් ගන්න ආවද කියලා. ඒ කියන්නේ අපේ මිනිසුන්ට සිංහල භාෂාව තේරෙන්නේ නෑ.


ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ භාෂාව එක්ක නෙවෙයි තමන්ට දැනෙන දේවල් ටිකත් එක්ක. දැන් බලන්න දේශපාලනඥයෝ රූපවාහිනි වැඩසටහන්වලට ආවම අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. යන්නේ කොහේද අහපුවාම මල්ලේ පොල් කියනවා. කුරුණෑගල පොල් ත්‍රිකෝණේ තියෙනවා. පොල් කටු ස්ත්‍රික්ක තියෙනවා, පොල් කුඩුවලින් සිමෙන්ති මදිනවා, දැන් පොල් හරි ගණන්. ඉස්සෙල්ලා මිටි කිරි දාලා පස්සේ දිය කිරි දාන්න කියලා කියනවා. කියලා තියෙන්නේ පොල් ගැන. ඒත් අහන්නේ යන්නේ කොහේද කියලා.


10. සිංහල සාහිත්‍යයේ, සන්දේශවල පවා ගැහැනිය සුන්දර වස්තුවක් විදියට වර්ණනා කරනවා. වත්මනේ ඉන්න කාන්තාව ගැන සිංහල ගුරුවරයෙක් විදියට ඔබට නිර්වචනයක් කළ හැකියිද?

අප ජීවත් වන මේ සංස්කෘතිය තුළ තමයි කාන්තාව නිර්වචනය කරලා තියෙන්නේ. ගැහැනිය කියන්නේ ගැහැනු සංස්කෘතිය කියන්නේ පිරිමියාගේ නිෂ්පාදනයක් මිස ගැහැනියගේ නිෂ්පාදනයක් නෙවෙයි. ඒ නිසා තමයි ගැහැනු ගැහැනුන් නිසා විඳින්නා වූ පීඩනය සාකච්ඡා කිරීමට ස්ත්‍රීවාදය කියලා දෙයක් බිහිවන්නේ. පිරිමියා සහ ගැහැනිය දෙදෙනාම බස් එකේ හිටගෙන යනවා නම් එතැන ස්ත්‍රීවාදී ප්‍රශ්නයක් නැහැ. නමුත් පිරිමියා හිටගෙන ඉන්න ගැහැනියට ජැක් එක ගහනවා නම් අන්න එතැන ස්ත්‍රීවාදී පීඩනයක් තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගණනාවකට ගැහැනුන් මුහුණ දෙනවා. ඒ නිසා තමයි ගැහැනු නුවණ හැඳි මිටේ, ඇඬුවොත් මීගමුවේ ගෑනියෙක් වගේ කියමන් පවා බිහි වුණේ. මෙවැනි ස්ත්‍රිය සම්බන්ධ දීර්ඝ පීඩනයන් ඉතිහාසය පුරාම තිබ්බා. නමුත් දැන් මම විශ්වාස කරනවා. කාන්තාව දැන් සෑහෙන දේවල් ඉගෙන ගෙන තියෙනවා. ස්ත්‍රී පීඩනය තුළම කාන්තාව ඉගෙනගෙන. දැන් කියන්න බැහැ ස්ත්‍රීවාදී පීඩනයක් තියෙනවා කියලා.


දැන් පිරිමි ගැහැනු අන්දන තරමටම ගැහැනු පිරිමින්වත් අන්දනවා. ඒ නිසා මේ ධනේශ්වරයේ දෙගොල්ලෝ දෙගොල්ලෝවම අන්දගන්නවා. පිරිමි නිසා ගැහැනු පීඩාවට පත්වන තරමටම ගැහැනු නිසා පිරිමිත් පීඩාවට පත් වෙනවා. මොකද ගෑනු දැන් මේ ට්චථඥ එක ඉගෙනගෙන ඉවරයි. කවුරුහරි කියනවා නම් අර මිනිහා අර ගෑනිව පාවිච්චි කරනවා කියලා, අපි දන්නවා පිරිමියාව පාවිච්චි කරන ගැහැනුන් ඕනෑ තරම් මේ කොළඹ ඉන්නවා.
ධනේශ්වර සමාජය තුළ දෙදෙනාගේ ලිංග භේදය දැන් බලපාන්නේ නැහැ. බොහෝ ගෙවල් ඇතුළේ කාන්තාවගේ වාචික දූෂණයට පිරිමි ලක්වෙනවා... කටට... ඒ නිසා "තිගෙ කට හතරට පළනට හිතේ මට" කියලා ජිප්සීස් සුනිල් කියන්නේ අන්න ඒ නිසයි. ගැහැනුන්ගෙන් ගොඩක් පිරිමි හිංසාවට පීඩාවට පත්වන්නේ ශාරීරිකව නෙවෙයි වාචිකව.


මම කියන්නේ දැන් මේ සේරම වෙනස් වෙලා. මේ ධනේශ්වර ක්‍රමය විසින් ට්ඥදඤඥප එක නැතිව මේ දෙගොල්ලෝ විසින් දෙගොල්ලන්ව අන්ද ගනිමින් ඉන්න බවක් තමයි පේන්නේ.


11. "අවසර කල් රහස් තැන - ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන" කියන අතීත කතාව ගැන මොකද හිතන්නේ?
වරදේ බැඳෙන්න බැහැනේ තනිවම. මනමේ කුමාරි වැද්දට කැමැති වෙලා වැද්දා එක්ක ගියා නම් ඒක මනමේ කුමාරිගේ අයිතිය, ඇයට සිරියහනට වඩා තණකොළ බිස්ස සැපයි නම් ඒ ඇගේ අයිතිය. මට කසනවාද? ඉස්සර කිව්වා තව "සුරක්‍ෂිත ස්ථානයක් සහ පිරිමියකු සිටියි නම් ගැහැනිය වරදේ බැඳීමට ඕනෑම වේලාවක සූදානම්ය" කියලා. ගැහැනිය වරදේ බැඳෙන්නේ නැත්නම් ලෝකේ ගංගා කෙළින් ගලන්න ඕනෑ කියලත් කිව්වා සිංහල සාහිත්‍ය කෘතිවල. "ස්ත්‍රිය වනාහි කුසීලාගෙන ඇවිද්දත් රැක්ක නොරැක්කාහුය" කියලා ජාතක පොතෙත් තියෙනවා, එහෙම තමයි උගන්වලා තියෙන්නේ. මම කියන්නේ එහෙම නෑ. ලෝකේ තනියම වරදේ බැඳෙන්නට බැහැ. වරදේ බැඳීමට නම් දෙදෙනෙක් අවශ්‍යයි. මෙහි ප්‍රශ්නය තියෙන්නේ ගැහැනියගේවත්, පිරිමියාගේවත් නෙවෙයි. තනියම වරදේ බැඳෙනවාට කියන්නේ ස්වයං වින්දනය කියලා. ඒක වෙනම කතාවක්. තනි අතින් අත්පුඩි ගහන්න බෑ.


12. "ප්‍රේමය" ගැහැනියට ඇගේ ජීවිතයම විය හැකියි. නමුත් පිරිමියෙක්ට එය ගෙවුණු සිදුවීමක් පමණක් වන්නේ ඇයි?
ඒකට හේතුව පිරිමියාට වඩා ගැහැනිය භාවාතිශය වීම. ඕක මෙහෙමත් කියන්න පුළුවන්. ගැහැනියකට ප්‍රේමය සහ ජීවිතය, ලිංගිකත්වය දීර්ඝ දුම්රිය ගමනක් වගෙයි. හැබැයි ඒකේ තිරිංග තද කිරීමක් ඇගේ මුළු ජීවිත කාලයටම බලපානවාලු. ප්‍රේමය වෙනුවෙන් මැරෙනකන්ම විඳවන පිරිමින්ට වඩා ප්‍රේමය වෙනුවෙන් මැරෙන්නත් විඳවන ගැහැනුත් ලෝකයේ වැඩියි. පිරිමියාට ජීවිතේ දීර්ඝ දුම්රිය ගමනක් වෙද්දි එහි එක තිරිංග තද කිරීමක් ගැහැනියකට මුළු ජීවිත කාලයටම බලපානවා කියලත් මම අහලා තියෙනවා. ඒක ඇත්ත.
මේක ජීව විද්‍යාත්මකයි හා සංස්කෘතිකයි. ඒකට නිදසුන් තමයි ගැහැනිය කියන්නේ ලිංගේන්ද්‍රියේ ගැඹුර පිරිමියා කියන්නේ මුදා හැරීම. ඒක වෙනම ජීව විද්‍යාත්මක කාරණාවක්. ඒ කාරණාව තුළ තමයි විඳීම කියන දේ තීරණය වෙන්නේ.


13. ඔබේ කුලුඳුල් පෙම්වතිය කවුද?
පහේදී තමයි මට විරුද්ධ ලිංගිකයෙක් ගැන ආකර්ෂණය ඇති වුණේ. අදත් මම ප්‍රශ්න කරනවා ඒක ප්‍රේමයමද කියලා. ශිෂ්‍යත්ව පන්තියේ හිටපු ගැහැනු ළමයෙක් දිහා මම බලනවා. හීනෙන් දකිනවා. මම එයාව බලන්න යනවා. ඒක ඒකපාර්ශ්වීයයි. ඕකට ප්‍රොයිඩ් නම් කියන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය කියලා.


14. ප්‍රේමයේ අත්දැකීම් කොහොමද?
මගේ විවාහක බිරිය හම්බවෙනකන් මගේ ප්‍රේම සබඳතා 13ක් විතර තිබිලා තියෙනවා. ඒවත් ප්‍රේම සබඳතාද කියලා මම තවමත් ප්‍රශ්න කරනවා. ඒ එකක්වත් අර හම්බුණේ නැතිනම් මරාගෙන මැරෙන ප්‍රේම සබඳතා නෙවෙයි. විවාහ වුණාට පස්සේ තියෙන ඒවා කියන්න පුළුවන්කමක් නැහැ. ප්‍රේමය ඒජජඪඤඥදබ එකක් නිසා අපි හිතන මේ බරපතළ දේවල් ප්‍රේමයේදී වෙනස් වෙන්න පුළුවන්. ප්‍රේමය හෝ ජීවිතය සම්බන්ධව පිරිමියකුට හෝ ගැහැනියකට අනාවැකි කියන්න බැහැ. පසු කරපු ජීවිතය ගැන කියන්න පුළුවන් වුණාට හෙට ප්‍රේමය ඒජජඪඤඥදබ එකක්.


15. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවාද?
අපොයි ඔව් තියෙනවා. කාලයක් මම රාණි මුඛර්ජිට ප්‍රේම කළා. ඊඍ එකේ ඇයව දකිද්දි මට පිස්සු හැදුණා. ඉතින් ගැහැනු දැක්කම මට එහෙම හිතෙන්නේ නැත්නම් මම විවාහයෙන් පස්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ගඵල ලබපු තාපසයෙක් බවට පත්වෙන්න ඕනෑනේ. මැරෙනකන් මට එහෙම හිතෙයි.
16. ඒ වුණාට බොහෝ විවාහක පිරිමි කියන්නේම මට මගේ බිරිය හැර වෙන පෙම්වතියෝ නැහැ කියලානේ?
බොරුවක්.


17. මෑතකදී හිත සසල කරවන්න සමත් වුණු ගැහැනු චරිත හමුවෙලා තියෙනවාද?
අනේ ඉතින් දැන් මට අවුරුදු 51ක්. එහෙම සසල කරවන්න පුළුවන් නම් කාටහරි ලොකු පිනක්.
18. පිරිමියෙක් විදියට ඔබ ප්‍රාර්ථනා කළේ මොන වගේ ගැහැනියක්ද?
ගැහැනිය යහනේදී අපමණ පෙම්වතියක් විය යුතුයි. පිරිමියා රෝගී වුණාම ඇය හෙදියක් විය යුතුයි. පිරිමියාට දුක හිතුණාම ඇය මවක් විය යුතුයි. ඒ වගේම වේලාවකට ඇය ගුරුවරියක්, සහෝදරියක්, මිතුරියක් විය යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඇය හොඳ බිරියක්. මම ප්‍රාර්ථනා කළෙත් එහෙම කෙනෙක්, මට ලැබුණෙත් එහෙම කෙනෙක්. ඒ නිසා ඇය මට රැජනක්. නමුත් අන්ත--පුරය ගැන ප්‍රශ්න කිරීම එයාට තහනම්.


19. ඔබ කියපු විදියට ඔබේ බිරිය මවක්, සහෝදරියක්, ගුරුවරියක් ආදී භූමිකා කිහිපයම නිරූපණය කරනවානේ. ගුරුවරිය කියන භූමිකාව නොතිබුණා නම් ඔබේ ජීවිතයේ කොයි තරම් දේවල් වැරැදිලාද?
ඔව් සමහරවිට අඩු ආයුෂින් මැරෙන්න තිබුණා. තව බයිපාස් දෙකක් විතර කරන්න තිබුණා. වෙඩි කන්නත් තිබුණා. හොම්බෙන් යන්න තිබුණා. වෙන ප්‍රේම සබඳතා පටන් ගන්න තිබුණා. මහ ඇමැති කෙනෙක් වෙලා කන්නත් තිබුණා. ඒ සේරම වළකින්නේ ඇය මට ගුරුවරියක් වුණු නිසයි.
ඕක මහාචාර්ය සරත්චන්ද්‍රයන් මෙහෙම ලස්සනට කියනවා. ප්‍රශ්න සම්බන්ධයෙන් මුලින්ම ඉව වැටෙන්නේ ගැහැනියට.

හැබැයි තීරණ ගන්න ඕන පිරිමියා. ගැහැනිය තීරණය ගත්තොත් ඒ පවුල ඉවරයි. වරද්ද ගන්න එපා. ගුරුවරියක් හිටියාට ඇය තීරණ ගන්නේ නැහැ. මොකද ඇයට ඉහළින් විදුහල්පතිවරයෙක් ඉන්නවනේ. ඒ මම.
ගැහැනියට දැනෙන ඉව හරියටම හරි. ඔය වැඩේ කරන්න එපා විනාශ වෙන්න යන්නේ. බොන්න එපා අසනීප වෙයි. රෑ වෙලා ගෙදර එන්න එපා. කරදර වෙයි. ඔය වගේ ඉව ගැහැනියට දැනෙනවා. ඒවා හරියටම හරි. නමුත් තීරණ ගත යුත්තේ පිරිමියා. ඇගේ ඉව ගැන තේරුම් අරගන්න ඕනෑ.
තීරණ ගැනීමයි, ඉව වැටීමයි දෙකම ගැහැනිය කළොත් එතැන ඉවරයි. හොද්දට දෙන්නම ලුණු ඇඹුල් දැම්මොත් ඒ හොද්ද කාලා ඉවරයි. ගැහැනියට වැටෙන ඉව නම් ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් ගෙදර ඉන්න පිරිමියාට කීයටවත් වැටෙන්නේ නැහැ.
20. විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් හැමදාමත් චෝදනාවට ලක්වෙන බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාව ඔබ දකින්නේ කොහොමද?
බන්ධුල ගුණවර්ධන කියන්නේ ඉතා විශිෂ්ට ගණයේ ගුරුවරයෙක්. මෝඩ දේශපාලකයෙක්.


21. බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමා වෙනුවට ඒ තැන අනුර කුමාර දිසානායක හිටියා නම්?
මම දෙපාරක් අත උස්සලා අනුර කුමාර දිසානායකට ආචාර කරනවා නියමයි අනුර ඔන්න දැන් අධ්‍යාපනේ හදපන් කියලා.


22. ලංකාවේ ඔච්චර පුවත්පත් තියෙද්දි ඇයි "අම්මා" නවකතාව පළ කරන්න "ලංකා" පුවත්පතම තෝරා ගන්නේ?
ජ. වි. පෙ. කියන්නේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ හිටපු පක්‍ෂයක්. ඔවුන්ට දේශපාලනික ප්‍රඥාව තිබුණා. ඹ්ඊඊඡ් එකෙත් කැපවීම් කරපු කොල්ලෝ කෙල්ලෝ හිටියා, ඒත් ප්‍රඥාව තිබුණේ නැහැ. එයයි වෙනස. ලංකා පුවත්පතේ මේ කතාව ලියන්න කියලා තෝරාගත්තේ ඔවුන් නෙවෙයි මමමයි.
මමයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ. මම ජාතික පුවත්පත් තුනකින් විතර මේකට ඉඩ ඉල්ලුවත් ඔවුන් දෙන්න ලෑස්ති වුණේ පිටු කාලක විතර ඉඩක්. මගේ මේ පදරංගේ කරන්න ඒක මදි. අද වෙනකන් මම ලියපු එකදු වචනයක්වත් නොකපපු පත්තරයක් තමයි "ලංකා" කියන්නේ. අම්මා කතාවේ ඇතැම් තැන්වල ජ. වි. පෙ. විවේචනය කරන තැන් තිබුණත් ඔවුන් එය වාරණය කළේ නැහැ. ඒ නිසා මම අද ඔවුන් සියලුම දෙනාට ආචාර කරනවා බෙහොම ස්තුතියි කියලා.
23.වත්මනේ ඉන්න දේශපාලනඥයන් අතරින් කැමැතිම දේශපාලනඥයා කවුද?
අනුර කුමාර දිසානායක.


24. අකැමැතිම දේශපාලනඥයා කවුද?
වි. ජ. මු. ලොකු බණ්ඩාර



රෝහලේ ගතකළ දයාසිරි ජයසේකර..සිය කැමැත්තෙන්ම ටිකට් කපාගෙන යයි

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ලේ ප‍්‍රචාරක කටයුතුවල නිරතව සිටි වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේ රෝහල් ගත කර තිබේ.
ඒ මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස ඊයේ රාත‍්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.
 දැඩි සත්කාර ඒකකයේ පරීක්ෂණ වලින් පැය හයකට පමණ පසු සිය කැමැත්තෙන්ම ටිකට් කපාගෙන පිටත් වි ගිය බවත්  රෝහල් ආරංචි කියයි

Obama Ice Bucket Challenge එක නාපු විදිය බලන්න (ඇත්ත ඔබාමාද)

හතුරෙකුටවත් මටවන් දුක වෙන්න එපා... -- දයාසිරි ජයසේකර කියයි


පාසල් දැරිය මවක් කළ කාලකන්නියා සොයයි

බොරලැස්ගමුව ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියකට බලහත්කාරයෙන් අතවර කර ඇය මවක් බවට පත් කළ බව කියන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා බොරලැස්ගමුව පොලිසියට නියෝග කළේය.
අදාළ දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පවසා ඇත්තේ පැමිණිලිකාරියගේ ඉඩමේ කොටසක් කොන්ක්‍රීට් වැඩපොළක අයිතිකරුවකුට මාස තුනක කාලයක් සඳහා කුලියට දුන් බවත් එහි කම්කරුවන් තිදෙනකු සේවය කළ බවත්ය.
එම කම්කරුවන් තිදෙනා මාස 03ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ගිය බවත්, එහි සිටි එක් අයෙක් ඉඳහිට තම නිවෙසට පැමිණ අම්මා සමඟ කතා කළ බවත් ඇය පවසා ඇත.


තමා පාසල් ගොස් නිවෙසට පැමිණි අවස්ථාවක වැසිකිළියට ගිය බවත්, එසේ ගොස් එද්දී ඉහත කී වසන්ත නමැති කම්කරුවා තමාව කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කළ බවත් ඊට මාස කීපයකට පසුව තමාගේ ශරීරයේ ඇතිවූ වෙනස්කම් නිසා සිය මව තමාව වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් පරීක්‍ෂා කර බැලීමේදී තමන්ට දරුවකු ලැබීමට සිටින බව දැනගත් බවත් ඇය පවසා ඇත.
මෙම දැරිය දරුවකු ප්‍රසූත කර ඇති අතර එම දරුවා භාර ගැනීමට ඉහත කී දැරියගේ මව හා ඇය ප්‍රතික්‍ෂේප කිරීම නිසා එම දරුවා පානදුර ප්‍රජාපතී ළමා නිවාසයට භාර කිරීමටද අධිකරණයෙන් නියම විය.

අපේ පිටුපස ඩිෆෙන්ඩර් ජීප් රථ හතරක් පැන්නුවා.........ජ.වි.පෙ.ට පහර දීම (video)

බඩල්කුඹුර නගරයේ ප්‍රාදේශීය සභා භූමියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26දා) පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද ප්‍රචාරක රැලියේ පෙර සූදානම් කටයුතු අතරතුර අලුයම් කාලයේදී අවි ආයුධ රැගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එහි සංවිධායක පිරිසට පහරදී අහසට වෙඩි තබා ඔවුන් පලවා හැර සැරැසිලි කටයුතු සියල්ල කඩා බිඳ දමා, රැලිය පැවැත්වීමට සූදානම් කර තිබූ වේදිකාවටද ගිනි තබා විනාශ කර තිබේ.


ඊයේ (26දා) අලුයම් කාලයේදී ඇති වූ මේ ගැටුමේදී බඩල්කුඹුර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුද තුවාල ලබා බඩල්කුඹුර දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ජන රැලියේ පෙර සූදානම් කටයුතු ආරම්භ කරනු ලැබූ පෙරේදා (25දා) දිනයේ සවස් භාගයේ සිට බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තවත් කිහිප දෙනකු විසින් ජන රැලිය සඳහා කොඩිවැල් එල්ලීම, පතාක දැමීම, ශබ්ද විකාශන යන්ත්‍ර සවි කිරීම ආදී කටයුතු සඳහා සීමා පනවා ප්‍රචණ්ඩත්වයක් ප්‍රදර්ශනය කරමින් සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්. එම්. ජයවර්ධන මහතා "මව්බිම"ට පැවැසීය.
ඊට අමතරව පෙරේදා (25දා) රාත්‍රියේ වීදි පහන් කණුවල විදුලිය පවා විසන්ධි කරමින් බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩි මහතා මේ රැස්වීම කඩාකප්පල් කිරීම වෙනුවෙන් කෙමෙන් කෙමෙන් ප්‍රචණ්ඩකාරී ලෙස සංඥා නිකුත් කළ බව ජයවර්ධන මහතා කීය.

එදින රාත්‍රි 10ට පමණ උප සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් රැගත් මහේන්ද්‍රා වර්ගයේ ජීප් රථයක් රැලියේ පෙර සූදානම් සැරැසිලි කටයුතු කරන සංවිධායකයන් දෙස නිරීක්‍ෂණය කරමින් නගරය පුරා සැරිසැරූ බවත්, ඉන් අනතුරුව රාත්‍රි 11.30ට පමණ වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් එකවරම පොලු මුගුරුවලින් රැලියේ සංවිධායක කටයුතුවල නිරතව සිටි පිරිසට පහර දුන් බවද ඔහු කීය.
මේ පහරදීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජයවර්ධන මහතා පැවැසුවේ මෙවැන්නකි.
රාත්‍රි 11.30ට පමණ එකවර වෑන් රථ දෙකකින් පැමිණි පිරිස අපිට දිගට හරහට ගහන්න ගත්තා. ඒ මොහොතේ අපේ පිරිස හා ඔවුන් අතර ගැටුමක් ඇති වුණා. ඒ අවස්ථාවේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකුත් හිටියා. එහෙත් ඔවුන්ට එය පාලනය කරගන්න බැරි වුණා.


මේ පහරදීමට සම්බන්ධ සන්ධානයේ මැර පිරිස අපි දැක්කා. ටවුන් එකේ ස්ථාපිත කරලා තිබෙන සන්ධානයට අයත් මැතිවරණ කාර්යාලයේ ඉඳලා තවත් විශාල පිරිසක් අපේ රැලියේ සංවිධාන කටයුතු තිබෙන පැත්තට දුවගෙන ආවා. ඒ වෙලාවේ 45ක් 50ක පමණ පිරිසක් හිටියා.
විනාඩි 40ක් පමණ ඔවුන් අපිට ගැහුවා. අපේ අය දුවන්න ගත්තා. ඔවුන් අපිට එළවා එළවා ගැහුවා.
ඉන්පසුව රාත්‍රි 12.30ට විතර අපේ දුවන අයගේ පිටුපස "ඩිෆෙන්ඩර්" වර්ගයේ ජීප් රථ හතරක් පැන්නුවා. අපි දුවද්දි අපිට වෙඩි තියන සද්දෙත් ඇහුණා. පාරේ දුවපු අපේ අය කැලෑ පැන්නා. එතැන හිටපු අපේ අයව හොය හොයා ගැහුවා. ඒ ඩිෆෙන්ඩර්වලින් ආවේ මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ කට්ටිය කියලා අපිට ආරංචි වුණා.


අපි පෙරේදා (25දා) රෑ එළිවෙනකම් කැලෑවේ හැංගිලා ඉඳලා ඊයේ (26දා) එළිවන විට ආපසු එළියට ආවා. රැස්වීම තියන තැනට ගිහිල්ලා බලද්දී අපේ සැරැසිලි ඔක්කොම කඩා බිඳලා දමලා. පතාක ඉරලා විසි කරලා. වේදිකාවට ගිනි තියලා. ශබ්ද විකාශන යන්ත්‍ර තළලා පොඩි කරලා දමලා තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගෙන් කළ විමසීමකදී ඔවුන් පැවැසුවේ බඩල්කුඹුරේ සිදු වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මේ වන විට පොලිසියට පැමිණිලි තුනක් ලැබී ඇති බවයි.


බඩල්කුඹුරේදී ජනතා විමුක්ති පෙරමුණේ හා සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පැවැසීය.
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බවත්, ඔවුන් ගල් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ආයතනයේ නිලධාරියෙක් කීය.


බඩල්ගමුව නගරයේ ඊයේ (26දා) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන රැලිය සඳහා මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ආරක්‍ෂක කටයුතුවල යොදා ඇති බවද ඉහළ නිලධාරියෙක් පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානයේ ආධාරකරුවන් පිරිස අතර ඇති වූ මේ ගැටුම පිළිබඳව මූලික විමර්ශන කටයුතු බඩල්ගමුව පොලිසිය විසින් පවත්වනු ලබන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

වාරියපොල තරුණිය තිලිණි අමල්කා කිහිප විටක් දුෂණය කරලා

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය.


'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න'
"මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය.

"මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."

'පැපරාසි වාර්තාකරණය'
ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයක්.

එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ.

"අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්‍රහ කළේ 'පැපරාසි ක්‍රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසින්.

කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.

අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.

රජමහා විහාරයේ ඉඩම් මනිනවට මුස්ලිම් ජනතාවගේ විරෝධය

පුල්මුඩේ අරිසිමලේ පුරාණ රජමහා විහාරයට අයත් බව කියන ඉඩම් මැනීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධාරීන්ට එම කටයුතු නතර කරන ලෙස බල කරමින් පන්සියයක පමණ පිරිසක් පෙරේදා (26දා) ඊට බාධා කිරීම හේතුවෙන් පුල්මුඩේ ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබිණි. ඊට සමගාමීව පුල්මුඩේ ප්‍රදේශයේ හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර තිබූ අතර, 26 වැනි දින ප්‍රදේශයේ සියලු කඩ, සාප්පු වසා දමා තිබෙන අයුරු එහි සංචාරය කළ අපට දැක ගත හැකිවිය.


අරිසිමලේ පුද බිමට අයත් බව කියන අක්කර 500ක පමණ භූමි භාගයක් මැන වෙන් කර දීමට රජය කටයුතු යොදමින් සිටින අතර පුල්මුඩේ ප්‍රදේශවාසීහු ඊට විරෝධය දක්වමින් කියා සිටින්නේ එසේ කිරීමෙන් මෙතෙක් කලක් එම ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජනයාට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.
අදාළ මැනුම් කටයුතු සඳහා පැමිණි නිලධාරීන්ට ප්‍රදේශවාසීන් බාධා කිරීම හේතුවෙන් එම ස්ථානයට කැරැලි මර්දන පොලිසිය පවා ගෙන්වීමට පොලිසිය කටයුතු
කෙළේය. උද්ගත වූ තත්ත්වය සමනය කිරීම සඳහා එම ස්ථානයට ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඇන්තනි මාර්ක් මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. එස්. තව්ෆික් හා නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි ඒ. එන්. අන්වර් යන මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කොට තත්ත්වය සමනය කිරීමට කටයුතු කෙළේය.


උද්ගතවූ මේ ගැටලුවේදී පුල්මුඩේ ප්‍රදේශය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම මෙහිදී කැපී පෙනුණි.
මෙහිදී අදහස් දැක්වූ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආදම්බාවා තව්ෆික් මහතා කියා සිටියේ, ප්‍රදේශයේ මුස්ලිම් ජනයා මේ ඉඩම්වල වසර තිහක පමණ කාලයක් පදිංචිව සිට ඇති බැවින් මේ ඉඩම් මැනීම නිසා ඔවුනට ඉඩම් අහිමිවන තත්ත්වයක් පවතින බවයි. එසේම මේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා පසුගිය කලබල සමයේ ප්‍රදේශය අතහැර ගොස් ඇති බැවින්, ඔවුන් නැවැත පදිංචි කරන තෙක් මේ ඉඩම් මැනීම සිදු නොකරන ලෙස පුල්මුඩේ ජනයා ඉල්ලා සිටින බව කියා සිටියේය.
නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි ඒ. එන්. අන්වර් මහතා,


'මේ ඉඩම් අපේ ජනයා දිගු කාලයක් ජීවත් වුණ ප්‍රදේශ. මේ වනවිට පුල්මුඩේ ප්‍රදේශයේ ඉඩම් ගැටලු 9,000ක් විතර තියෙනවා. එහෙත් ඒවාට රජය මෙතෙක් විසඳුම් ලබා දෙන්න උත්සාහ කරලා නැහැ. හැබැයි පන්සලේ ඉඩම් කියලා මේ මිනිස්සුන්ගේ ඉඩම් මනිනවා. අපි මේ වැඩේට විරුද්ධයි. අපි කියන්නේ නැවැත පදිංචි කිරීම් අවසන් කරනතෙක් හා පුල්මුඩේ ජනයාගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා නොදී මේ වැඩේ කරන්න දෙන්න බැහැ කියලා.'
මේ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීම මත මේ හර්තාල් ව්‍යාපාරය අතහැර දැමීමට පුල්මුඩේ ජනයා එකඟතාව පළ කළහ. අදාළ කාරණා සම්බන්ධයෙන් සමතයකට පැමිණෙනතෙක්, මැනුම් කටයුතු තාවකාලිකව නතර කර දැමීමට මෙහිදී කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා එකඟතාවකට පැමිණියේය.

අදාළ මැනුම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ ඉඩමකට ඇතුළුවීමට ගිය අයකුට පොලිසිය විසින් පහර දී ඇති බව මෙහිදී උද්ඝෝෂකයන් කියා සිටී. පහර කෑමට ලක්වූ අදාළ පුද්ගලයා පුල්මුඩේ දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.
මම මේ ඉඩමේ වසර දහ අටකට වඩා ජීවත් වෙනවා. පුල්මුඩේ ඥාති නිවෙසක කලින් දින ඉඳලා අද උදේ මමයි නෝනයි ගෙදර එන්න ආවා. පොලිසිය මට කිව්වා ඉඩමට යන්න එපා කියලා. මේක මගේ ඉඩම කියලා ඇතුළු වෙන්න හදද්දී පොලිසිය මට හොඳටම ගැහැව්වා' යැයි කියා සිටියේය.

වසර ගණනක් දැරියන් 1400 ක් ලිංගික අපයෝජනයේ

සංවිධානාත්මක කල්ලියක් විසින් බාල වියේ දැරියන් 1400 පමණ දෙනා වසර ගණනාවක් මුළුල්ලේ ලිංගික අපයෝජනයට ලක් කොට තිබෙන බව උතුරු එංගලන්තයේ සිදු කෙරුණු පරීක්ෂණයකින් අනාවරණය වෙයි.

1997 සිට 2013 අතර කාලය තුල සිදු කෙරුණු මේ අපරාධ පිළිබඳව චෝදනා ලබන්නේ බ්‍රිතාන්‍යවාසී පාකිස්තාන ජාතිකයන්.

අපරාධකරුවන් විසින් 11 වියැති දැරියන් පවා දුෂණය කොට ඔවුන් පැහැර ගෙන ගොස් එංගලන්තයේ වෙනත් පළාත්වලට රැගෙන ගොස් පහරදී තර්ජනය කොට බිය ගන්වා රඳවා ගෙන සිටි බවට පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මෙම ළමා අපචාර සිද්ධීන් පිළිබඳව නිල පරීක්ෂණයේ තොරතුරු අනාවරණය කරනු ලැබුවේ මහාචාර්ය ඇලෙක්ෂීස් ජේ.

වගකීම්
රොදරම් නගර සභාවේ නායකත්වය මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් එකාබද්ධව වගකීම් පැහැර හැර ඇති බව පරීක්ෂණයෙන් හෙළිවන බවයි ඇය පැවසුවේ.

ඔවුන් ප්‍රශ්නයේ බරපතලකම අවතක්සේරු කොට ඇති බව පවසන මහාචාර්ය ඇලෙක්ෂී ජේ, දකුණු යෝක්ෂයර් පොලීසිය මේ ප්‍රශ්නයට මුල් තැන දී කටයුතු කිරීමට අසමත් වී ඇති බවත් ප්‍රකාශ කළාය.

රොදරම් පළාත් සභාවේ කාර්ය මණ්ඩලයේ සමහරකු අපරාධකරුවන්ගේ වාර්ගිකත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට බිය පල කොට ඇති බවත් ජාතිවාදීන් වශයෙන් හංවඩු ගැසෙන නිසා එසේ කළ බවත් ඔවුහු පවසති.

පොලීසිය අක්‍රීයයි
අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වූ දැරියන් පවසන්නේ තමන් දුෂණයට ලක් කල සියලු දෙනා බ්‍රිතාන්‍යයේ වෙසෙන පාකිස්තාන් ජාතිකයන් බවයි.

වසර 2002, 2003 සහ 2006 යන වසරවලදීත් මෙම සිද්ධීන් පිළිබඳ විමර්ශන සිදුකොට ඇති අතර එම වාර්තා පොලීසියටත්, රොදරම් නගර සභාව වෙතත් ලබා දී තිබේ.

එහෙත් පොලීසියත්, රොදරම් නගර සභාවත් ඒ අනුව ක්‍රීයාත්මක වී නැති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අනේ මන්දා... සීයක්‌ ගහන්න වෙන්නෙම නැහැ... --- ඇන්ජලෝ මැතිව්ස්‌

ශතකය අහිමි වුවත් කණ්‌ඩායම ලද ජයග්‍රහණයෙන් තමා බෙහෙවින් සතුටට පත්ව වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (26 දා) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්‌දින තරගයෙන් පකිස්‌තානය ලකුණු 77 කින් පරාජය කිරීමෙන් අනතුරුවය. ඒ අනූව තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලිය 1.1 ක්‌ ලෙස සමතැන් ගෙන සිටින දෙපිළ අනිද්දා (30 දා) තීරණාත්මක තෙවැනි එක්‌දින තරගයට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සහභාගිවේ.

ඔබ මේ දිනවල හොඳින් ලකුණු අතර සිටිනවා. නමුත් එක්‌දින ශතකයක්‌ තවමත් ඔබට නැහැ. ඒ අඩුව පුරවන්නේ කවදාද යනුවෙන් 'දිවයින' කළ විමසීමේදී පිළිතුරු දුන් මැතිව්ස්‌, "අනේ මන්දා. මට හිතාගන්න බැහැ සියයක්‌ ගහන්න බැරි වුණේ ඇයි කියලා. මම ගොඩක්‌ වෙලාවට අසූ ගණන් සහ අනූ ගණන්වල දැවී යනවා. ශතකයට කිට්‌ටු වෙනකොට මට කිසිම පීඩනයක්‌ ඇත්තෙත් නැහැ. නමුත් අවාසනාවකට හෝ මොකක්‌ හරි දෙයකට මට තවම එක්‌දින ශතකයක්‌ ලබා ගන්න බැරි වුණා. ශතකයක්‌ ලබාගත්තා නම් පෞද්ගලිකව සතුටට පත් වෙනවා. නමුත් පෞද්ගලික දක්‍ෂතාවලට වඩා කණ්‌ඩායම ලබා ගන්නා ජයග්‍රහණය වෙනුවෙන් තමයි මම හැම විටම ක්‍රීඩා කරන්නෙ." යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාව ලකුණු 310 දක්‌වා රැගෙන යාමේ පුරෝගාමි වූ මැතිව්ස්‌ මෙම තරගයේදී ලබා ගත්තේ ඔහුගේ 22 වැනි අර්ධ ශතකයයි. ශතකට තවත් ලකුණු 7 ක්‌ තිබියදී මැතිව්ස්‌ දැවී යන විට ඔහු ලකුණු 70 සීමාව පසුකර දැවී ගිය අට වැනි අවස්‌ථාව සටහන් විය. නමුත් ලකුණු 70 පසු කළ ඉනිම පහකදී මැතිව්ස්‌ නොදැවී සිටීමටද සමත්ව තිබේ. වත්මන් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්‌ථානයටද පැමිණ සිටින මැතිව්ස්‌ගේ සාර්ථකත්වයේ රහස කුමක්‌දැයි කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, "මගේ පිතිකරණයේ තාක්‌ෂණික හෝ කිසිම පැත්තක වෙනසක්‌ සිදු කළේ නැහැ. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නිතරම ලබා දෙන දැනුම මගේ සාර්ථකත්වයට ගොඩක්‌ බලපෑවා. මම සාර්ථක වීමට හේතුව ලෙස මම දකින්නෙ මගේ මාසිකත්වය හොඳ ස්‌ථාවර මට්‌ටමක තියා ගැනීමයි. හැමෝටම ලකුණු අතරට එන්න මානසිකත්වය ගොඩක්‌ බලපානවා." යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු ප්‍රධාන වේග පන්දු තුරුම්පුවක්‌ වන නුවන් කුලසේකර අවසන් එක්‌දින තරග හතේදී එක්‌ කඩුල්ලක්‌ හෝ දවා ගැනීමට නොහැකිව සිටින අතර ඔහු පෙරේදා තරගයේදී යවන ලද්දේ පන්දුවාර හතරක්‌ පමණි. ඔහුගේ අසාර්ථකත්වය පිළිබඳව මැතිව්ස්‌ පවසන්නේ මෙවැනි අදහසකි. "කුලසේකර අපිට පහුගිය කාලයේ තරග දිනවන්න ගොඩක්‌ මහන්සි වෙලා දක්‍ෂතා දක්‌වපු ක්‍රීඩකයෙක්‌. නමුත් ඔහු මේ දිනවල ටිකක්‌ පසු බැහැල ඉන්නවා. ඒත් ඔහු අවසන් එක්‌දින තරග දෙකේදී විතරයි ගොඩක්‌ම අසාර්ථක වුණේ. නමුත් ඒ වගේ දේවල් වෙන්න පුලුවන්. අපි බලනවා ඉදිරියේදී කුමක්‌ද කළ යුතු කියලා."

අසේල විතාන

වාරියපොල චණ්ඩි කෙල්ල තිලිණි ඉමල්කා අත්අඩංගුවට

වාරියපොල දී තරුණයෙකුට පහරදුන් බව කියන තරුණිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. 21 වන වියේ පසුවන ඇය තිලිණි ඉමල්කා නමැත්තියක්.

අදාල පහරදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද වාරියපොල පොලිසියට පැමිණෙන්නැයි ඇයට දැනුම් දීමක් ලැබී තිබුණා. ඒ අනුව එම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේයි ඇය අත්අඩංගුවට ගැනුණේ.

මේ අතර පහරදීමට ලක්වු තරුණයා ඊයේ වාරියපොල රෝහලට ඇතුලත් වුණා. ඒ, පහරදීමට ලක්වු කනෙහි ඇතිවු ශ‍්‍රවණාබාධයක් හේතුවෙන්

පූනම් පාන්ඩේ අයිස් බකට් අභියොගයට දාපු ෂෝ පාර

මනුෂ්‍යත්වය ගිලිහුණු ලොව 'ෆේස්බුක් පූජාසනයක් ( video)

මාතෘ ප්‍රේමය, යෞවන ප්‍රේමය සහ මනුෂ්‍යත්වය ශ්‍රී ලංකා සමාජයෙන් ගිලිහී ගියේ කෙලෙස දැයි ප්‍රවීන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රශ්න කරයි.

ලාංකේය ජන සමාජය වෙත ඔහු ඒ ප්‍රශ්නය යොමු කළේ සිය නවතම කෘතිය වන 'අම්මා' එලි දැක්වීම පිණිස කොළඹ පැවති උත්සවය අමතමින්.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට තරුණ පරපුර ඇබ්බැහිවීමද උපුල් ශාන්ත සන්නස්ගලගේ විවේචනයට ලක් විය.

මනුෂ්‍යත්වය අමතක කරමින් සිටින වර්තමාන මිනිසාට අන්තර්ජාලය පූජාසනයක් බවට පත් වී ඇති නමුත්, එම වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස විශ්වීයත්වය සොයා ගිය මිනිසා යලි ගෝත්‍රවාදයට පිවිස ඇති බවයි, සමාජ මාධ්‍ය ජාල තුල තරුණ පරපුරේ හැසිරීම පිළිබඳව උදාහරණ දක්වමින් ඔහු කියා සිටියේ.

ඒ පූජාසනය තුල පවා ජාති, කුල, ආගම් භේද මත සිය සහෝදර වර්ගයා බෙදා වෙන් කිරීම සහ නොසලකා හැරීම නිමා වී නැති බවත් අම්මා කෘතියේ කර්තෘවරයා සිය කෘතිය එලි දක්වමින් කියා සිටියේය.

ප්‍රවීන ගායක ගායිකාවන්, කලාකරුවන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද උත්සවයට එක් වී සිටියහ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive