කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් පැහැරගෙන ගොස් මත්ද්‍රව්‍ය බීමට දී, මත් වූ පසුව හෝටල් කාමරයේදී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ෆේස්බුක් මාර්ගයෙන් හඳුනා ගත් සැකකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (25දා) පෙරවරුවේ නියම කළේය.
කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි මොරටුව, සොයිසාපුර මහල් නිවාසයක පදිංචි ඇඩම්ගේ ඩිරෝෂන් නමැති සැකකරු රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
ෆේස්බුක් මාර්ගයෙන් අතවරයට පත් සිසුවිය දැනට සති 2ක පමණ ඉහතදී හඳුනාගත් මිතුරකු මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, සිසුවිය ඔහු සමඟ නිතර කතාබහ කර තිබෙන බවත්, ඔහු මාර්ගයෙන් තවත් අයකු හඳුනාගෙන තිබෙන බවත්, ඔහුගේ නම ඩිරෝෂන් බවත් පොලිසිය දන්වා සිටියේය.
එම ඩිරෝෂන් යන අය "ඔයාගේ පිරිමි ළමයා ඔයාගේ පොටෝ වගයක් ෆේස් බුක් එකේ දාලා තියෙනවා. ඒක අයින් කරන්න යමු" කියා අතවරයට පත් සිසුවියට පවසා සැකකරු යතුරුපැදියෙන් ගල්කිස්සේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇතැයි පොලිසිය දන්වා සිටියේය.
ඉකුත් 19 වැනි දින දහවල් 1.30ට පමණ එලෙස හෝටල් කාමරයට සිසුවිය රැගෙන ගොස් තිබෙන බවත් සැකකරු කාමරයේ ෙදාර ලොක් කර, මුලින්ම සෙලෝ ටේප් එකක් ගෙන ඇයගේ අත්දෙක ගැටගසා කට වැසෙන ලෙස සෙලෝටේප් අලවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පසුව සැකකරු ලොකු කොකාකෝලා බෝතලයකට ඕල්ඩ් අරක්කු දමා තමාට බීමට දුන් බවත් අතවරයට පත් සිසුවිය පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව ඇයට සැකකරු අතින් පයින් පහරදී ඇය බැඳ තබා තිබූ සෙලෝ ටේප් පටි කපා දමා, ඇය ඇඳ සිටි ටී ෂර්ට් එක සහ බේරසියර් එක ගලවා දමා තිබෙන බවත්, එහිදී තමාගේ ඇඳුම් ගලවන්න එපා කියා සිසුවිය කෑ ගසා තිබෙන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
අතවරයට පත් සිසුවිය මත් වී සිටියදී සැකකරු විසින් තරුණියගේ අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන තිබෙන බවත්, සවස 5.30 පමණ නැවත සැකකරුගේ යතුරුපැදියෙන් පැමිණ කොටිකාවත්ත බස් රථයට ගොඩ කර තිබෙන බවත්, රාත්‍රි 7.00ට පමණ සිසුවිය නිවෙසට පැමිණ තිබෙන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන සැප්තැම්බර් 22 වැනි දින යළි කැඳවීමට නියමිතය.

0 comments:
Post a Comment