ජ්‍යොතීර් විද්‍යාව හෙවත් ජ්‍යොතිෂය ලෝකයේ පැරණිම දර්ශනයක් ලෙස සැලකේ. ක්‍රමානුකූලව පරිණාමයට පත්වන මිනිසා විවිධ යුග පසු කරමින් කෘෂිකර්මය සිය ජීවනෝපාය ලෙස ස්ථාවරත්වයකට පත්වන අවස්ථාව වන විට ජීවිතයේ කිසියම් සංහිඳියාවක් ඇති වන අතර සිය ජීවනෝපායයන් සකස් කර ගැනීම සඳහා ස්වභාවධර්මයට අනුකූල වන ආකාරයේ කාල සටහනක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දරා ඇත.
අපට විවිධ ආකාරයෙන් බලපාන සහ උදව් උපකාර ලබා දෙන හිරු හා සඳු ආශ්‍රය කරගෙන කෘෂිකාර්මික කටයුතුවලට ගැළපෙන ලෙස කාල වකවානු සකස් කර ගැනීම ජ්‍යොතීර්වේදයේ මූලාරම්භයයි.
සියලු උත්තරීතර ආධ්‍යාත්මික දර්ශනයන්හි මූලස්ථානය වන දඹදිව හෙවත් ඉන්දියාව ජ්යොතීර්වේදයේද මූලස්ථානයයි.
භාවනානුයෝගීව ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් ගොඩ නගා ගත් මුනිවරු හෙවත් සෘෂිවරු මෙම දර්ශනයේ නිර්මාතෘවරු වෙති.
හිරු හා සඳුගේ ශක්තිය හා චාරයන් ආශ්‍රය කරගෙන ගොඩ නැඟුණු ජ්‍යොතීර් විද්‍යාව ක්‍රමයෙන් හිරු වටා පරිභ්‍රමණය වන කුජ, බුද, ගුරු, සිකුරු, ශනි යන අනෙකුත් ග්‍රහයින් පස් දෙනාද සම්බන්ධ කරගෙන උසස් ආධ්‍යාත්මික ශාස්ත්‍රයක් ලෙස ගොඩ නැඟූනි. භෞතික වස්තූන් නොවූවද රාහු සහ කේතු වශයෙන් සංකල්පීය භාව ඇති ප්‍රබල බලපෑම් ඇති කරන ග්‍රහයන් දෙදෙනාද ඇතුළුව ග්‍රහයන් 9 දෙනෙකු සම්බන්ධ කරගෙන ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත ගොඩ නැගී තිබේ.
සිදුහත් කුමරුගේ උපත සිදුවූ වකවානුව වන විට ජ්‍යොතිෂය දඹදිව ජනතාවගේ ආධ්‍යාත්මය මෙහෙයවන ප්‍රබල සාධකයක් ලෙස පැවති බව උන්වහන්සේ පිළිබඳව පවසා ඇති අනාවැකි ආශ්රයෙන් අවබෝධ කරගත හැකිවේ.
එකල ජීවත්වූ විවිධ මුනිවරු ආධ්‍යාත්මයේ ඉහළ ශක්තීන් ලබා (පංච අභිශ්ර) උසස් මානසික තලයක ජීවත් වූවෝ වෙති. ඔවුන් විසින් පුද්ගලයෙකුගේ උපතේදී පිහිටි ග්‍රහ තත්ත්වයන්, දශානු දශා හා ග්‍රහ චාරයන් අනුව සිදුවිය හැකි විස්මිත ප්‍රකාශන සටහන් කර තිබේ.
මේ විවිධ අදහස් හා මතවාද නූතනයේ ජ්‍යොතීර්වේදීන් විසින් මැදිහත්ව සලකා බැලිය යුත්තේ එම අදහස් අතරද විවිධ පරස්පරතාවයන් පවතින නිසාය.
ජ්‍යොතිෂයේ දැක්වෙන ආචාර ධර්ම පිළිබඳව වර්තමාන ජ්‍යොතීර්වේදීන් වඩාත් සැලකිලිමත් විය යුත්තේ අද වන විට ජ්‍යොතිෂය බහුල ලෙස වාණිජකරණයට ලක්වීමත් එය විශාල ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත්වී ඇති නිසාත්ය.
ජ්‍යොතීර් විද්‍යාව අනුව කෙනෙකු පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කර ඔහුගේ දුර්වලකම් මග හරවා නිසි මග පෙන්වා දෙන ජ්යොතීර්වේදීයෙකු තුළ අනිවාර්යයෙන් පැවතිය යුතු සාරධර්ම පැරණි ඝෘෂිවරුන් දක්වා ඇත.
ඔහු ජ්‍යොතීර් විද්‍යාව පිළිබඳ හසළ දැනුම, අවබෝධය මෙන්ම ප්රත්යක්ෂ ඥානයෙන්ද යුක්ත විය යුතුය. ඔහු සිල්වතෙකු මෙන්ම නිතර භාවනානුයෝගීව අන්තර් ඥානය ඉස්මතු කරගත යුතු අයෙක්ද වීම අවශ්‍යය. එසේම තමාගේ පිළිසරණ පතා එන අයෙකුගේ කේන්ද්‍රය සුපරීක්ෂාකාරීව, ආත්මාර්ථයෙන් තොරව සලකා බලා නිසි අවබෝධය ලබා ගෙන ඔහුට කිසියම් අපලයක්, අගුණයක් ඇත්නම් සෘජුව සංවේදී නොකර ඔහු අදහන ආගම දහමට අනුකූල වන ආකාරයේ පිළියම් නියම කළ යුතුවේ.
වසර පනහකට වැඩිකලක් ජ්‍යොතීර් විද්‍යාව බහුතරයකගේ හිත සුව පිණිස යොදා ගන්නට උත්සාහ කරන අයෙකු ලෙස මා මේ කරුණු සඳහන් කළේ අද වන විට ජ්‍යොතීර් විද්‍යාව නම්වූ මේ උතුම් දර්ශනය බහුල ලෙස මිනිසාගේ අගතිය පිණිස ක්‍රියාත්මක වන්නාවූ අධිවේගය පිළිබඳව මහත් සංවේගයකින් යුක්තවයි.
වර්තමානයේ පුවත්පත්වලට අමතරව, රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථනය වැනි විවිධ
තාක්ෂණ ක්‍රම මගින් ජීවිත පලාඵල ප්‍රකාශන සෑම තත්පරයකදීම සිදුවන ආකාරය අසන්නට දකින්නට ලැබේ.
බොහෝ දෙනෙකුට මෙය විශාල ආර්ථික ප්රතිලාභ ලබා දෙන්නාවූ ව්‍යාපාර බවට පත්වී ඇත.
කිසිදු ග්‍රහ මාරුවක් අනුව කිසිම සමාන වූ ප්‍රතිඵලයක් අත් නොවන බව මා දීර්ඝ කාලීන අත්දැකීම් තුළදී ලබා ඇති ප්රත්යක්ෂ දැනුමකි. දළ වශයෙන් ශ්‍රී ලාංකීය ජනගහනය අනුව සලකා බලන විට එක් එක් ලග්න හිමියන් මිලියන 2 බැගින් සිටී. මේ අනුව සෑම ග්‍රහ මාරුවීම්වල ප්‍රතිඵලය ජනගහනයෙන් දොළහෙන් එකකට සමාන වන සම්භාවිතාවක් පැවතිය යුතුය.
එක් එක් පුද්ගලයා සතු වන්නේ ඔහුටම පුද්ගලික වූ පෞරුෂයක් හා වාසනා ගුණයකි. කෝටි දෙකකට අධික වූ ශ්‍රී ලාංකීය ජනගහනයටද ඒ ආකාරයේ අතිශය පෞද්ගලික වන්නාවූ සුවිශේෂ පෞරුෂ ලක්ෂණයක් හා වාසනා ගුණයක් පවතී. එය අවබෝධ කරගත හැක්කේ සුවිශේෂී දැනුම, අත්දැකීම හා භාවනානුයෝගීව අන්තර් ඥානය දියුණු කළ අයෙකුට පමණෙකි.
දළ වශයෙන් කෙරෙන පලාඵල අනුව නම් ශ්‍රී ලංකාවේ ජනපතිවරු හා අනෙකුත් සුවිශේෂී වූ පුද්ගලයින් මිලියන 2 බැගින් සිටිය යුතුය.
පුද්ගල පෞරුෂය පිළිබඳ මූලික සටහන ඔහුගේ කේන්ද්‍රය ලෙස සලකා ජ්‍යොතීර් විද්‍යාවේ සිද්ධාන්ත අනුව ඔහුගේ ජීවිත මාර්ගයේ බාධක මග හරවා නිසි මග හෙළි පෙහෙළි කර දීම ජ්‍යොතීර්වේදියෙකු සතු මහඟු වගකීම මෙන්ම ප්‍රබල පුණ්‍යකර්මයක්ද වන්නේය.
අහවල් දෙය අනිවාර්යයෙන් සිදුවේය යන සිද්ධාන්තය ජ්‍යොතීර් විද්‍යාව සමග කිසිසේත්ම සම්බන්ධ නොවන කාරණයකි. කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම බුදු දහමට සම්බන්ධ වන්නේ පෙර සසර සිදුවූ කුසල අකුසල කර්මවල සටහනක් ලෙස පමණි. එය නිසි ලෙස අවබෝධ කර ගන්නේ නම් කුසළය වැඩි දියුණු කර ගැනීමටත් අකුසල විපාකය දුරු කිරීමට අවශ්‍ය කුසල ධර්ම භාවිතා කිරීමටත් ශක්තිය ලබා දෙන උපදෙස් ලබාදීමට ජ්යොතීර්වේදියෙකුට හැකියාව පැවතිය යුතුය.
පිළියම් නියම කිරීම ඔහුගේ ආගම දහමට අනුකූල ආකාරයට සිදු විය යුතුමය. අප රටේ බහුතරයක් වන බෞද්ධයන්ගේ අගුණ වළක්වා ගැනීම සඳහා උපදෙස් ලබා දිය යුත්තේ බුදු දහමට අනුකූල වන ඒවා පමණෙකි.
මැණික් ගල් පැළඳීම, සෙත්කවි, දේව පූජා වැනි බහුබූත බෞද්ධයන්ට ගැළපෙන ප්‍රතිකර්ම නොවේ. කිං කරිස්සති තාරකා (තාරකාවන්ට කළ හැක්කේ කුමක්ද?) මනෝ පුබ්බංගමා ධම්මා (සිත සියලු දෙය සඳහා මූලික වෙයි) යන ශ්‍රේෂ්ඨ බුදු වදන් සිහිපත් කරවමින් පුද්ගලයාගේ සිත, කුසලයට, යහපත් දෙයට යොමු කරවීම මහත් ආනිශංස ලබා දිය හැකි පිළියම් බව ප්රත්යක්ෂ කර ගත යුතුය.
අගුණ සඳහා යන්ත්‍ර පැළඳීම අද බහුලව සිදුවන පිළියමක් වන අතරම එය කපටි ෙකෙරාටිකයන්ගේ ප්‍රබල ධනෝපායික මාර්ගයක් බවටද පත්වී ඇත.
යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව අති ප්‍රබල ශාස්ත්රයකි. දිගු කලක් සිය ආධ්‍යාත්මය දහමට හා කුසලයට හුරු පුරුදු කරමින් ශක්තිය ගොඩ නගා ගෙන අනිවාර්යයෙන් සිය ගුරු දේවයන්ගෙන් සෘද්ධිය හා වරම් ලබා ගෙන ප්‍රබල ප්රාතිහාර්යයක් කළ හැකි ශක්තියක් යන්ත්‍ර තුළ තිබේ. මන්ත්‍ර සිද්ධි වීම යනු ආධ්‍යාත්මය ශක්තිය ස්ථීර වීමයි. ඔහුගේ ශක්තිය දුර්වලයාට ආරෝපණය කිරීම තුළින් ලැබෙන ශාන්තිය ඔහුගේ සුවය පිණිස හේතුවේ.
මේ උතුම් සියල්ල අද වන විට කණපිට හැරී ඇත. සත්‍යය අසත්‍යය හඳුනා ගැනීමට නොහැකිවන ලෙස තාක්ෂණය හා වාණිජකරණය විසින් මිනිසා මුලාවට හෙළා ඇත. එමගින් සිදුවන සමාජ හා සංස්කෘතික හානිය බරපතළය.
නිරතුරුව දෘශ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය මගින් මිනිස් සිතට ඇතුල්වන ඝෘණ හැඟීම් හා අදහස් ඔහුගේ සහ පවුලේ හෙට දවස ප්‍රපාතයට ඇද දමන යක්ෂයෙකු බවට පත්වී ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්නට වෙර දරන ජනපතිට හා රජයට, ජනතාව මේ දකින ඝෘණ මානසිකත්වයෙන් මුදවා නොගත්තොත් එය සිහිනයක් වනු නියතය.
පෙර රජ දවස පැවතියේ අනාවැකියක් වැරදුනොත් ඔහුගේ හිස ගසා දමන්නට නීති පැවතුනාක් මෙන්ම වර්තමානයේද වැරදි පලාඵල ප්‍රකාශන හා අනාවැකි වැරදුනොත් දඬුවම් ලබා දීමේ නීති පැනවීම රටේ මෙන්ම ජනතාවගේ ශුභ සිද්ධියටද අදාළ වන කාරණයක් වන්නේය.
සිය ආගම දහම හා ඊට අදාළ පිළිවෙත් හා පුදපූජා පැවැත්වීම සියලු දෝෂ භංග කිරීමට සාධක වන ප්‍රධානම කාරණය බව විශේෂයෙන් මෙරට බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කළ යුතුව ඇත.
- ලක්බිම

0 comments:
Post a Comment