මේ දිනවල යු ටියුබ් හරහා, චාලක න්‍යුරෝන ආබාධ ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'Ice bucket challenge' නම් වූ වැඩසටහන මේ වනවිට ලොවපුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ
මෙම අභියෝගයෙහි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි. එම අභියෝගය භාර ගෙන එය ඉටුකොට තමන් විසින්ම එය යු ටියුබ් වීඩියෝවක් ලෙස ඵල කර පැය 24ක් තුළ මීළග අභියෝග කරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කල යුතුය.
ෆේස්බුක් හිමිකරු වන "Mark Zuckerberg", මයික්‍රොසොෆ්ට් හිමිකරු වන 'Bill Gates', ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී 'Tim Cook' ඇතුළු ලෝකප්‍රකට චරිත රැසක් මෙම අභියෝගය බාරගෙන ඉටුකළ අතර ලංකාවේ පළමු වතාවට එය බාරගනු ලැබුවේ ඉරාජ් වීරරත්න විසිනි.
ඉරාජ්ට එම අභියෝගය එල්ලකොට තිබුනේ ඇමෙරිකාවේ රැප් තරුවක වන 'Big Reeno' විසිනි. ඉරාජ් විසින් එම අභියෝගය බාරගන්නා අතරතුර ඔහු මීළඟ අභියෝගය එල්ලකොට ඇත්තේ 'Luca Dayz, ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, තනුජා ජයවර්ධන සහ රන්ධීර්' වෙත ය.
ඉරාජ්ගෙන් තමන්ට ලැබුණු 'Ice bucket challenge' එක බාරගත් මල්ෂා කුමාරතුංග මීළග අභියෝගය එල්ල කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, අමාත්‍ය මර්වින් සිල්වාට සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර වෙත ය.
පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ් ක‍්‍රීඩයෙක් විසිනි. අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් දැක්වෙයි.

0 comments:
Post a Comment