තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයකු ඊයේ (25 වැනිදා) ඇපමත නිදහස්ව සිය පියා සහ නැගණිය සමග අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී දූෂණයට ලක්වූ තරුණියගේ පියා තිදෙනාටම පිහියකින් ඇන ඇති අතර සිද්ධියෙන් සැකකාර තරුණයාගේ පියා මරුමුවට පත්ව ඇත.
තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි සැකකාර තරුණයාගේ පියා මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
චූදිත තරුණයා ඇපමත නිදහස්ව සිය පියා සහ නැගණිය සමග යමින් සිටියදී ඔවුන් පසුපසින් හඹා ආ දූෂණයට ලක්වූ තරුණියගේ පියා කොළඹ අලුත්කඩේ රථවාහන අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී මෙසේ තිදෙනාටම පිහියකින් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ පදිංචි 61 හැවිරිදි ජී. ඒ. ජෙයසීලන් නමැත්තකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගේ පුතු වන 25 හැවිරිදි ඇඩොන් නිරෝෂන් නම් වන ඇපමත නිදහස් වූ සැකකාර තරුණයා මීට කලකට පෙර ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා කොටහේන ප්‍රදේශයේ දහහත් හැවිරිදි තරුණියක හා මිතුරුකමක් ඇතිකරගෙන පසුව ඔහු එම ෆේස් බුක් මිතුරිය (තරුණිය) පැහැරගෙන ගොස් දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ද ලබාගෙන තිබේ.
එසේ නිරුවත් ඡායාරූප ලබාගැනීමෙන් අනතුරුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් සැකකාර තරුණයා තරුණියට තර්ජනය කිරීමටද පටන්ගෙන ඇති අතර එහිදී බියට පත් තරුණිය සිය පියා සමග පැමිණ ඉකුත් 19 වැනිදා කොටහේන පොලිසියට සිද්ධිය පැමිණිලි කළ බව එහි උසස් නිධාරියෙක් "දිවයින"ට පැවසීය.
ඒ අනුව කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයා කොළඹ අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම නඩුව ඊයේ (25 දා) යළි කැඳවූ අවස්ථාවේ සැකකාර තරුණයාට ඇප ලබාදීමට අධිකරණය මගින් නියෝග කර ඇති අතර එසේ ඇප ලබා පිටව යමින් සිටියදී මෙසේ පිහි ප්‍රහාරයට ලක්ව ඇතැයි පරීක්ෂණ සිදු කරන කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ දූෂණයට ලක්වූ තරුණියගේ පියාවන සැකකරු පිහි ප්‍රහාරය එල්ල කර පලා යැමට උත්සාහ දැරිමේදී කෙසෙල්වත්ත පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.
පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා සහ ඔහුගේ නැගණිය කොළඹ ජාතික රෝහලේ නේවසික ප්‍රතිකාර ලබමින් සිටින අතර කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments:
Post a Comment