facebook like

නැගිටියිද උෟව 1818 වගේ --- උපුල් ජෝශප් ප්‍රනාන්දු

උෟව පළාත් සභාව විසුරුවන්න කලින් ආණ්ඩුවේ රහස් ඔත්තු සේවා උෟව ගැන මහින්දට දුන්න රහස් වාර්තාව ගැන දන්නේ මහින්ද විතරය. හැබැයි උෟවට කලින් පැවැති බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දවලදී මහින්දට ජනතාවගෙන් හොඳ පණිවුඩයක් ලැබිණි. ඒ පණිවුඩය නම් රට පුරා පැතිර ගොස් ඇති ආණ්ඩුව කෙරෙහි කලකිරීමය. මෙය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා පිළිගෙන තිබිණි. මහින්ද උෟව විසුරුවා හැරියේ මේ පණිවුඩය හොඳින් හිතට අරගෙන විය යුතුය. මහින්ද උෟව විසුරුවන්න අන්තිමටම තියා ගත්තේ උෟව ආණ්ඩුවට වාසි යැයි හිතාගෙනය. උෟව දුෂ්කර ගම් පළාත් නිසා මැජික් පෙන්නල උෟව දිනන්න ලෙහෙසි වනු ඇතැයි හිතුවාද දන්නේ නැත.

හැබැයි මහින්දත් ආණ්ඩුවත් නොදන්න කතාවක් තිබේ. 1815 උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් පසු බි්‍රතාන්‍ය පාලකයන්ට, ගිවිසුමට සහ බි්‍රතාන්‍ය පාලනයට එරෙහි ජනතා කලකිරීම, අප්‍රසාදය දැන ගන්න ලැබුණේ උෟවෙනි. උඩරට සිංහල නායකයන් උඩරට ගිවිසුමට අස්සන් කළේ ජනතාවගෙන් අසා නොවේ. සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමඟ තිබූ පෞද්ගලික අමනාපකම්, මත, ගැටුම් නිසා උඩරට නායකයන් බි්‍රතාන්‍ය පාලකයන් සමඟ රජු පන්නන්න කුමන්ත්‍රණය කොට එයට ත්‍යාගයක් වශයෙන් බි්‍රතාන්‍යයට ලංකාව පාවා දුන්නේය. ඒ පාවාදීමේ ගිවිසුම උඩරට ගිවිසුමය.


ගිවිසුම අස්සන් කිරීමෙන් පසු උඩරට සිංහල නායකයන් බි්‍රතාන්‍ය පාලනයෙන් සිය තනතුරු ආරක්ෂා කරගෙන වරප්‍රසාද ලබාගෙන නිහඬව සිටියේ බි්‍රතාන්‍ය පාලනයට අභියෝග කරන්න කුරා කුහුඹියකුවත් ඉදිරිපත් නොවනු ඇතැයි සිතාගෙනය. බි්‍රතාන්‍ය පාලනය ගැන ඔවුන්ට හිත යට ප්‍රශ්න තිබුණත් තනතුරු, වරප්‍රසාද සහ බයට ඒ සියල්ල යටපත් කරගෙන සිටියේ බි්‍රතාන්‍ය පාලනයට අභියෝග කළ හැකි නායකයකු නැතැයි සිතාගෙනය.


ඒ වෙන කොට කන්ද උඩරට රාජධානියේ තිබුණේ අද වැනි තත්ත්වයක්ය. අදත් මහින්දගේ ආණ්ඩුවට අභියෝග කළ හැකි නායකයෙක් නැත. හැමෝම ඇමැතිකම් හෝ තනතුරු, වරප්‍රසාද ලබාගෙන ආණ්ඩුවේ වැරැදි දැක දැක නිහඬව සිටිති. විපක්ෂයද ආණ්ඩුව සමඟ අත යට ඩීල් දමාගෙන බොරුවට මාධ්‍ය හරහා ආණ්ඩුවට දෙස් දෙවොල් තියමින් සිටී. කටින් ආණ්ඩුව වැට්ටවීම ඇරෙන්න, ආණ්ඩුව පෙරළන්න කිසිදු සැලැස්මක් විපක්ෂයට නැත.


එදා උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් පසු කන්ද උඩරට රාජධානියේ තිබුණේද මෙවන් තත්ත්වයකි. බි්‍රතාන්‍ය පාලකයන් හිතාගෙන හිටියේද තව වසර දහස් ගණනක් රට පාලනය කරගෙන යන්නටය. ඒත් කන්ද උඩරට බි්‍රතාන්‍ය පාලනයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා 1816 දෙසැම්බර් වන විට බි්‍රතාන්‍ය පාලනයට දැනුම් දුන්නේ උඩරට ගිවිසුම සහ බි්‍රතාන්‍ය පාලනය ගැන ජනතාවගේ ලොකු අප්‍රසාදයක් සහ කලකිරීමක් පවතින බවය. මේ කලකිරීම සහ අප්‍රසාදය අළු යට ගිනි පුපුරු මෙන් රත්වෙන බවටත්, මෙය කොයි මොහොතේ හෝ කැරැල්ලකට පරිවර්තනය වීමට ඉඩ ඇති බවටත් ඔහු බි්‍රතාන්‍ය පාලනයට අනතුරු ඇඟවීය. මෙය කැරැල්ලකට උපත ලබා දෙයි නම් එහි තිඹිරි ගෙය උෟව, වෙල්ලස්ස බවත් ඔහු දැනුම් දී තිබිණි.


වෙල්ලස්ස පළාතේ එක්තරා පුද්ගලයකු තමා රාජසිංහ රජුගේ ඥාතියෙක් යැයි කියමින් භික්ෂුන් අට දෙනකු සමඟ සැරිසරන බව බදුල්ලේ සිටි බි්‍රතාන්‍ය පාලනයේ නියෝජිතයා විල්සන්ට ආරංචි වූයේ මේ කාලයේය. ඔහු මේ ඥාතියා කියන පුද්ගලයාව අල්ලාගෙන එන්න කියා හජ්ජි මුහන්දිරම් ඔත්තුකරුවාට භාර කළේය. හජ්ජි මුහන්දිරම් ඔත්තුකරුවා පිරිසක් සමඟ එහි ගිය විට වෙල්ලස්සේ වැසියෝ ඔත්තුකරුවා සහ පිරිස අල්ලා ගත්හ. හජ්ජි මුහන්දිරම්ව භටයන් සමඟ අල්ලාගෙන ඇති බව දැන බදුල්ලේ බි්‍රතාන්‍ය පාලන නියෝජිත විල්සන්, හේවා භට කණ්ඩායමක් සමඟ වෙල්ලස්සට ගියේය. එහිදී හජ්ජි මුහුන්දිරම්ව මරා දමා ඇතැයි ඔහුට ආරංචි විය. එම ආරංචියත් සමඟ වෙල්ලස්සෙන් පිටත්ව යන්න ගිය විල්සන් ‍ෙදාළකින් වතුර බොද්දී, වෙල්ලස්සේ වැසියකු එවූ ඊ පහරකින් මැරී වැටිණි. විල්සන්ගේ මළ සිරුරවත් සොයාගත නොහැකි විය. ඔහුගේ මරණයෙන් තැති ගත් බි්‍රතාන්‍ය පාලකයන් බදුල්ලට අලුත් නියෝජිතයකු පත්කොට වෙල්ලස්ස භාර දෙන්න උඩරට සිංහල නායකයකු හෙව්වේය. වෙල්ලස්සට ගොස් එහි තත්ත්වය ගැන වාර්තා කරන්න නියෝග ලැබූ ඇහැළේපොළ නිලමේ බි්‍රතාන්‍ය පාලකයන්ට දැනුම් දුන්නේ කැප්පෙටිපොළ දිසාවගේ නමය.


ඉතිහාසඥයන් කියන්නේ ඇහැළේපොළ කැප්පෙටිපොළගේ නම යෝජනා කළේ දෙදෙනා කලින් සාකච්ඡා කොට බි්‍රතාන්‍ය පාලනය බිඳ දැමීමට එකඟතාවයක් ඇතිකර ගැනීමෙන් පසුව යැයි කියාය. මේ වන විට ඇහැළේපොළ මෙන්ම කැප්පෙට්ටිපොළද හිටියේ බි්‍රතාන්‍ය පාලනය ගැන අප්‍රසාදයෙන්ය. ඒත් උඩරට මේ නායකයන් අතර එකමුතුවක් නැති වීමද, තනතුරු සහ වරප්‍රසාදවලට ගිජු වී සිටීමද, බි්‍රතාන්‍යයට අභියෝග කිරීමට නායකයකු නොමැති වීමද මොවුන් බි්‍රතාන්‍ය පාලනයට එරෙහි වීම අධෛර්යවත් කරනු ලැබීය. ඒත් වෙල්ලස්සේ ඇති වී තිබෙන තත්ත්වය බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව නැඟී සිටින්න මොවුන්ට උත්තේජකයක් විය.


ඇහැළෙපොළගේ ලණුව කාලා බි්‍රතාන්‍යයෙන් කැප්පෙටිපොළව වෙල්ලස්සේ දිසාපති ධුරයට පත් කරනු ලැබීය. කැරැල්ල මර්දනය කරමි යැයි සහතික වී බි්‍රතාන්‍යයන් දුන් අවි ආයුධ රැගෙන කැප්පෙටිපොළ වෙල්ලස්සට ගියේය. ඔහු එහි ගොස් කැරැලිකරුවන්ට එක් විය. පිළිමතලාවේ සහ මඬුගල්ලේ දිසාපතිද කැරැල්ලට එක්විය.


කැරැල්ල අසාර්ථක විය. කැරැල්ල අසාර්ථක වන්න ප්‍රධාන හේතුව වූයේ රාජසිංහ රජුගේ නෑයා යැයි කී පුද්ගලයා බොරුකාරයකු බව හෙළිවීම නිසාය. කැප්පෙටිපොළ කැරැල්ලට එක් වූයේ රාජසිංහ රජුගේ නෑයාට රජකම භාර දෙන්නටය. අනෙක් දිසාපතිවරුන්ද කැරැල්ලට බැස්සේ අපට රජ ලේ ඇති රජෙක් ඉන්නවා කියමින්ය. ඔහු බොරුකාරයකු බව ආරංචි වූ පසු ඔවුන් හතර ගාතෙන් වැටුණි. කැරැල්ල සාර්ථක ලෙස මර්දනය කළ බි්‍රතාන්‍ය පාලකයෝ කැප්පෙටිපොළ ඇතුළු කැරැලි නායකයන්ගේ හිස් ගසා දැමූහ. කැරැල්ලට සහාය දුන් තවත් දිසාපතිවරු රටින් පිටුවහල් කරනු ලැබීය.


හැබැයි හිරු නොබසින බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේත්, බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේත් රැස් බැස්සේ උෟව වෙල්ලස්සේ කැරැල්ලෙන්ය.
මහින්ද ජනාධිපතිවරණයට කලින් මුට්ටිය දමන්න තෝරාගෙන තියෙන්නේ එහෙම උෟව වෙල්ලස්සය. උෟව වෙල්ලස්ස රාජ්‍ය විරෝධයට උල්පන්දම් දෙන භූමියක් බව උෟව වෙල්ලස්ස කැරැල්ලෙන් පැහැදිලිය. රාජ්‍ය ඇතුළේ අවුල් හදන රාජ්‍යයට එරෙහිව රාජ්‍ය තුළින්ම කැරැලි නිර්මාණය කරන භූමියක් බව කැරැල්ලේ කතාව කියවන විට පැහැදිලිය.


ඇහැළේපොළලා, කැප්පෙටිපොළලා මහින්දගේ ආණ්ඩුව ඇතුළේ සිටිය හැකිය. කර කියා ගන්න දෙයක් නැතිව වේලාවක් එනතෙක් ඔවුන් සිටිනවා විය හැකිය. ඇහැළපොළලා, කැප්පෙටිපොළලා ඉංගී්‍රසීන්ට ලණු දුන්නා වගේ රාජපක්ෂලාටත් දිරච්ච ලණු අඹරනවා විය හැකිය. ඒ ඇහැළපොළලාට, කැප්පෙටිපොළලාට එළියට එන්න එදා උෟව වෙල්ලස්ස උත්තේජක සැපයුවා වගේ මෙදා උෟව පළාත් සභා ඡන්දය මහින්දගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇහැළපොළලාට කැප්පෙට්ටිපොළලාට එළියට එන්න උත්තේජක සපයනු ඇති දැයි කිව නොහැකිය.


හැබැයි එදා ඇහැළපොළලා, කැප්පෙටිපොළලා, මඩුගල්ලෙලා එළියට ආවේ රාජසිංහ රජුට ලේ නෑකම් ඇති නායකයකු උෟවෙන් මතු වූවා කියන ආරංචියටය. අද මහින්දගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇහැළපොළලා, කැප්පෙට්ටිපොළලා හොයන්නෙත් රාජපක්ෂලාට අභියෝග කරන්න පුළුවන් නායකයෙකි.
"1994 දකුණෙන් චන්ද්‍රිකා බිහි වූවා වගේ උෟවෙන් අලුත් නායකයෙක් බිහිකරන්න විපක්ෂය සමත් වෙයිද...?"
අසමත් වුවහොත් රාජසිංහ රජුගේ ලේ ඥාතියා කී බොරු නායකයන් පසුපස ගොස් විපක්ෂයට වෙන්නේ උෟව වෙල්ලස්ස ජනතාව සුද්දාගේ මිනිස් සංහාරයට ගොදුරු වූවා සේ ජනාධිපතිවරණයට කලින් මහා දේශපාලන සංහාරයකට බිලි වෙන්නටය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive