වැල්ලවායේ හේනකින් හමු වූ මළ සිරුරු පිළිබඳ අබිරහස
මහා මූකලානක මිනිස් පුළුටක් දකින්නට නැති ඉසව්වක ඇති හේනක අටවා ගත් පැළක ජීවත් වූ අඹුසැමි යුවළක් ඒ නිවස පිටින්ම ගිනි ගෙන අඟුරු බවට පත්වූයේ කෙසේදැයි යන්න තවමත් ඇත්තේ අබිරහසක් ලෙසිනි. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙහෙරයාය, දඹේආර වැව ඉස්මත්තේ පිහිටි හේන්යායක වූ මේ අබිරහස් මරණ සිදුවන්නේ ඉකුත් 14 වෙනිදාය.
එය ඝාතනයක් ද අනතුරක් ද යන්න පිළිබඳ කිසිවක් මතෛක් අනාවරණය නොවූවත් විශ්වාස කළ හැක්කේ බොහෝ විට එය ඝාතනයක් විය හැකි බවය. එම අඹු සැමි යුවළට හිමි වූයේ යැයි සඳහන් රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයකින් ලැබුණු මුදල් කොල්ලකන්නට ඔවුන් ඝාතනය කළාද යන සැකයද මේ වනවිට මතු වී ඇති බව පොලීසිය පවසයි.
මෙසේ අබිරහස් ලෙස පිළිස්සී අඟුරු බවට පත්වන්නේ සුමිත් කුමාර නම් වූ සැමියා සහ කේ.කේ. ලීලාවතී නම් වූ බිරිඳය. සැමියා විසි හතර හැවිරිදිය. බිරිඳ හතළිස් හැවිරිදිය. විවාහයන් දෙකකින් වෙන්වී සිටින ඇයගේ මේ තුන්වැනි සැමියා යැයි පැවසේ.
පළමු සැමියාට දාව ඇයට එක් පිරිමි දරුවෙකුද, දෙවැනි සැමියාට දාව එක් දියණියක ද සිටියි. තුන්වැන්නාට දාව ඇයට තවමත් දරුවන් නැත. ඇය තුන්වැනි සැමියා සමග වාසය කිරීමට පටන්ගෙන ඇත්තේ මෙයට වසර දෙක තුනකට ඉහතදීය. විශේෂත්වයක් වන්නේ මේ සැමියා ඇගේ වැඩිමහල් පුතුට වඩා වැඩිමල් වන්නේ අවුරුදු තුනකට පමණක් වන බැවිනි. පළමු සැමියා හැරුණු විට සෙසු කිසිදු සැමියෙකු සමග ඇය නීත්‍යනුකූලව විවාහ වී ඇති බවක් අනාවරණය වන්නේ නැත.
ඇගේ පළමු සැමියාට දාව උපන් වැඩිමහල් පුතු සිටින්නේ ද ඇය පදිංචිව සිටි හේනේ සිට කිලෝ මීටර දෙක තුනක් ඈත මූකලානේමය. ඒත් හේනකමය. හේන් ගොවිතැනින් ජීවිකාව සරිකරගන්නා ඔහුද විවාහකයෙකි. සුමිත් කුමාරද ජීවත්වූයේ හේන් ගොවිතැනෙනි. ඔහුට ගවයන් විසිතිස් දෙනෙකුගේ ගවපට්ටියක් ඇති බවද පැවසේ.
සුමිත් කුමාරට සහෝදර සහෝදරියන් හය දෙනෙකි. ඒ අය අතර ආබාධිත සහෝදරයෙකු සහ සහෝදරියක ද සිටියි. ඒ අයව රැකබලා ගන්නට අවශ්‍ය වියහියදම් කළේ ද ඔහුය.
“අනේ මගේ පුතාට කන්න මොනවද දීලායි ඔය ගෑනි රවට්ටගත්තේ. මම කිව්වා ඔය ගෑනි එක්ක හිටියොත් උඹේ ජීවිතෙත් විනාශ වෙනව කියලා. එයා උඹට ගැළපෙන ගෑනියෙක් නෙවෙයි කියලත් මම කිව්වා. ඒත් ඇහුවේ නෑ. කිරි හරක් ටිකත් හදාගෙන දරු පවුල ජීවත් කරේ උඹනේ. මගේ පුතේ දැන් කවුද මේ අහිංසකයන්ට කන්න වේලක් දෙන්නේ.” එසේ විලාප නගන්නේ සුමිත්ගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටින ඔහුගේ මව ටී.එම්. කරුණාවතීය.
සුමිත්ගේ මරණය දැන් වැඩියෙන්ම දැනෙන්නේ ඇයටය. ඒ මුළු පවුලක්ම රැකබලා ගත් ඔහුගේ වියෝවෙන් එම පවුලම මහමගට වැටෙන බැවිනි.
පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට සුමිත් කුමාරට ඇය සමග දීග කන්නට සිදුවන්නේ දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවති අනියම් සම්බන්ධයක් ඇගේ දෙවැනි පුරුෂයාගේ කන වැකීමත් සමගිනි. වෙහෙරයායේ තිබුණු සියලු ඉඩකඩම් විකුණා දමා ඔහු ගමත් අතහැර දියණියද කැටුව යන්නේ බිරිඳගේ ඒ අනියම් ඇසුර හේතුවෙන් ගමට මුහුණ දීගත නොහැකිවය. ඒ වන විට ඇගේ දියණිය ප්‍රදේශයේ පාසලක දහය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත. දෙවැනි සැමියා ඇයව රැගෙන යන්නේ මාතරටය. ඒ අය දැන් සිටින්නේ යැයි සඳහන් වන්නේ මාතර පැත්තේය.
දෙවැනි සැමියාද අතහැර ගිය පසු තම අනියම් සැමියා වූ සුමිත් කුමාර සමග ලීලාවතී පවුල් කන්නට වූයේ ප්රසිද්ධියේය. එයට ඇගේ වැඩිමහල් දරුවාගෙන් පවා විරෝධයක් නොවූ බව පැවසේ. එදා 13 වෙනිදා සවස මේ යුවළ සිටින්නේද වැඩිමහල් දරුවාගේ නිවසේය. රාත්‍රී ආහාරයද ගෙන ඒ දෙදෙනා එම නිවසින් පිටත්ව ඇත්තේ රාත්‍රී 7.30ට පමණය. ඒ එන්නේ වැඩිමහල් පුතාගේ පාපැදියද රැගෙනය.
රාත්‍රී 7.30ට එසේ නිරුපද්‍රිතව තම නිවසින් ගිය මවත් ඇගේ සැමියාත් නිවස සමගම ගිනි ගෙන දැවී අළු බවට පත්ව ඇති බව මුලින්ම දකින්නේද ඇගේ වැඩිමහල් පුතාමය. ඔහු පවසන ආකාරයට ඒ බව ඔහු දැක ඇත්තේ රැගෙන ගිය පාපැදිය ගැනීමට 14 වෙනිදා පාන්දර 6.30ට පමණ එහි ගිය විටදීය. 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා ඒ බව පොලීසියට කියන්නේද ඔහුය.
සිය මවට රුපියල් ලක්ෂ විස්සක ලොතරැයියක් ඇදී තිබුණු බව ඒ අතර ඇගේ පුතා පොලීසියට පවසා තිබේ. ඒ ලොතරැයි කතාව කියන්නේත් ඒ ගැන දන්නේත් ඔහු පමණි. ඔහු පවසා ඇති ආකාරයට ඇයට ජය හිමි වී ඇත්තේ ජූනි මාසයේ ලොතරැයියකටය. එම අංකය ටවුමට ගිය විටකදී බලාගෙන ඇවිත් මවට පැවැසුවේ තමන් බව ද ඔහු කියයි. එහෙත් ඒ කාලය තුළ එම ලොතරැයි වර්ගයෙන් ඒ තරම් දිනුමක් හෝ ඒ ආසන්නයට යන දිනුමක් හෝ වැල්ලවාය පැත්තට හිමිවී නැති බවද පැවසේ. ඒ අනුව මේ ලොතරැයි කතාව පිළිබඳවද ඇත්තේ ගැටලුවකි. ඇයට හිමි වූයේ යැයි සඳහන් ලොතරැයි මුදල කොල්ලකන්නට මේ ගිනි තැබිම කළේද නැතිනම් ලොතරැයි කතාව මෙම මරණයේ සැබෑ කතාව වසා ගැනීමට කළ හුදු ප්‍රබන්ධයක් දැයි ඇත්තේ ද ගැටලුවකි.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය විමර්ශනයට අනුව මෙම අඹු සැමි යුවළට පහරදීමක් සිදුවී ඇති බවක් හෝ කපා කොටා තුවාල කිරීමක් හෝ හෙළිවී නැත. එබැවින් ඒ අය කොල්ල කල්ලියක් අතින් මියගිය පසු ගිනි ගැනීමට ලක්වූ බව සිතන්නට අපහසුය. නමුත් ඔවුන්ට යමක් කන්නට දී මත්කර හෝ මිය යන්නට සලස්වා ලොතරැයිය කොල්ලකන්නට පුළුවන්කම ඇත. ඒ බව නිශ්චිත ලෙස පවසන්නට හැකිවන්නේ අඟුරු බවට පත්වූවත් මළ සිරුරේ පිළිස්සීමකින් තොරව තිබුණු ඇතැම් ආමාශ කොටස් රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යවා ලැබෙන වාර්තාවට අනුවය.
එසේම මෙම මරණ බිරිඳගේ දෙවැනි සැමියා විසින් මෑතදී කරන ලද බව පැවසෙන මරණ තර්ජනයක් හා සම්බන්ධදැයි සොයා බලන්නටද පොලීසිය අමතක කර නැත. එම සැමියා සම්බන්ධයෙන්ද මේ වන විට වෙනම විමර්ශනයක් සිදුවෙමින් තිබේ.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම ද්විත්ව මරණ අබිරහස විසඳන්නට පරීක්ෂණ පවත්වන වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක ඇතුළු නිලධාරීන් විශ්වාස කරනුයේ වැඩිකල් යන්නට මත්තෙන් මේ අබිරහස විසඳාගන්නට හැකිවනු ඇති බවය.
ගයාන් කුමාර වීරසිංහ - ඉන්දික රොෂාන් ගරුසිංහ

0 comments:
Post a Comment