facebook like

විවාහ වෙලා දික්කසාද වෙන්න මට වුවමනාවක් නැහැ

මේ දිනවල විකාශය වන 'පුංචි වලව්වේ' විහාරාගේ චරිතය හා ‘සඳපානාගල‘ හි නෙලුම් ගේ චරිතයට පණ පොවමින් කාගෙත් සිත්වල ලැගුම් ගෙන සිටින මේ තාරකාව ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශලනි තාරකා ය.
* ශලනි, මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස් වල නම් 'පුංචි වලව්ව' ටෙලි නාට්‍යයේ ෂූටින් කරගෙන යනවා.
* විවිධ චරිත ඔස්සේ ඔබ මේ දිනවල දකින්න ලැබෙනවා. ඉන් ඔබේ සිත් ගත් චරිතයක් තියෙනවාද?
'හඳපානාගල' ටෙලි නාට්‍යයේ නෙලුම් ගේ චරිතයට මම ටිකක් කැමැතියි. නමුත් මේ දවස් වල ගොඩක්
ප්‍රතිචාර ලැබෙන්නේ 'පුංචි වලව්වේ' විහාරාට.
* විහාරාව ඔබ දකින්නේ කොහොමද?
ඇය මම දකින විදිහට නම් මාන්නෙන් ඉදිමෙච්ච වලව් පැලැන්තියේ පවුලක ඉපදුණු නමුත් පවුලේ තිබෙන අඟහිඟකම් නිසා එය පිටට නොපෙන්වා ජිවිතය ගැටගහ ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන තරුණියක්.
* එක දිගට ඔබේ රංගනය දැකීමෙන් ප්‍රේක්ෂකයාට ඔබව එපා වෙයි කියලා හිතෙන්නේ නැද්ද?
ඒක මට විතරක් නෙමෙයි ඕනෑම නළු නිළියෙකුට පොදු දෙයක්. සිනමාවේ හෝ පුංචි තිරයේ එක දිගට බැබළෙන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ රැඳෙනවා නම් රැඳෙන්නේ ඔවුන්ගේ දක්ෂතාව මතයි. තමන්ගේ දක්ෂතා සහ හැකියාව පෙන්වන්න පුළුවන් නිර්මාණ අතරින් ආවොත් ඒ කෙනාව හැමදාම මතක තියෙයි. නමුත් තව කෙනෙක් එතැනට එද්දී කලින් කෙනාගේ ජනප්‍රියත්වය ටික ටික හෝ සම්පුර්ණයෙන් නැති වෙලා යන්න පුළුවන්. දක්ෂතාව තියෙනවනම් ඉදිරියේදී රැඳෙන්න පුළුවන්.
* මෙගා ටෙලිනාට්‍යවල නැවත රඟනොපාන බව කියපු ශලනි ආයෙත් මෙගාවලට සම්බන්ධ වෙලානේ?
මම කිව්වේ කොටස් සියයට වැඩි මෙගා ටෙලිනාට්‍ය වලට මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි.
* ක්ෂේත්‍රයේ ශලනිට හොඳ යාළුවො ඉන්නවා කියන්නේ ඇත්තද?
ක්ෂේත්‍රයේ හැමෝම යාළුයි. මම දැනුවත්ව නම් මට තරහකාරයෝ නැහැ. සමහර විට මගේ මුහුණට හොඳට හිනා වෙලා මාත් එක්ක තරහ අය නම් ඇති. නමුත් ක්ෂේත්‍රයේ හැමෝම සාමාන්‍ය විදිහට සුහදව ආශ්‍රය කරනවා.
* ඔබ රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වුණාට නිවේදිකාවක් විදිහට නම් අසාර්ථකයි නේද?
නිවේදිකාවක් නොවන නිසා නිවේදිකාවක් විදිහට මට සාර්ථක වෙන්න විදිහක් නැහැනේ.
නමුත් ඔබ නිවේදිකාවක් විදිහට එක්තරා වැඩසටහනක් මෙහෙයවනවා?
ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමේදි එය ඉදිරිපත් කිරීමක් මිස එය නිවේදන කටයුත්තක් විදිහට මම කිසිම වෙලාවක ගන්නේ නැහැ. මම වැඩසටහනක් ඉදිරිපත් කරන කෙනෙක් මිසක් කිසිම චැනල් එකක නිවේදිකාවක් නෙමෙයි. නමුත් යම්කිසි ප්‍රේක්ෂක පිරිසකගෙන් ඒ වැඩසටහන වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මට හොඳටම ඇති. මම වෘත්තීමය නිවේදිකාවක් නොවෙන නිසා නිවේදිකාවක් ලෙස සාර්ථක වීමේ වුවමනාවක් මට නැහැ.
* තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසට මොකද වුණේ?
මේ ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන්ම මට වුවමනාවක් තිබුණා මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්න. කොහොමටත් ඔෆිස් එකකට කොටු වෙලා පුටුවක් උඩ ඉඳගෙන කරන ජොබ් එකකට මගේ කැමැත්තක් තිබුණේම නැහැ. පොඩි කාලේ ඉඳන්ම වුවමනාව වුණේ ව්‍යාපාරික කතක් වෙන්න. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම එවැනි දේකට යොමු වෙයි. ක්ෂේත්‍රයට එද්දිම මගේ තීරණය වුණේ වෘත්තිමය නිළියක් වශයෙන් හැමදාම රැඳෙන්නේ නැහැ කියලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරයි. හැබැයි ඒ හෙටද අනිද්දද කියලා නම් කියන්න බැහැ.
* ජනප්‍රිය වෙන්න වෙන්න ඔබ ආඩම්බරයි කියන්නේ ඇත්තද?
මාව හොඳටම දන්න කට්ටිය මේ කාරණය හොඳට දන්න නිසා උත්තර දීලා වැඩක් නැහැ. ඒ විදිහට කවුරු හරි හිතනවා නම් ඒ අයගේ මානසිකත්වය මට වෙනස් කරන්න බැහැ.
* හිතේ ඉන්න කෙනා නොලැබුණොත් විවාහ වෙන්නේ නැහැයිලු නේද?
ඔව් අනිවාර්යයෙන්ම. විවාහ වෙලා දික්කසාද වෙන්න මට වුවමනාවක් නැහැ. මට ගැළපෙන මා එක්ක ජීවත්වෙන්න පුළුවන් සහ මට අවංකව ඉන්න කෙනෙක් හම්බෙන තාක්කල් මගේ විවාහය ප්‍රමාද වෙයි.
* ඒ කියන්නේ හිතේ ඉන්න කෙනා තාම මුණගැහිලා නැහැ?
තාම හම්බවුණේ නැහැ.

ඝාතකයාගේ පාපෝච්චාරණය................මරා දැමීමට ප්‍රථමයෙන් ඇය ඉදිරියේ දණින් වැඳ වැටුණා

“මාව දාලා යන්න එපා, මට ඔයාගේ ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ” කියා ඇල්පිටිය සරසවි සිසුවියගේ ඝාතකයා බවට සැකකෙරෙන ඇගේ පෙම්වතා ඇය මරා දැමීමට මොහොතකට ප්‍රථමයෙන් ඇය ඉදිරියේ දණින් වැඳ වැටුණු බවට සැකකරු පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.

එම අවස්ථාවේ මියගිය සරසවි සිසුවිය “තමුසේ වගේ මිනිහෙක් මට නැතිවුණාට කමක් නැහැ. තමුසේ ඕන දිහාවක යනවා” යැයි පවසමින් තමන්ට බැනවැදී ගිය බවටද සැකකරු
පොලිසියට පවසා ඇත.

ඇය එසේ ප්‍රකාශ කරනවාත් සමඟ තමන් සතුව තිබූ පිහියෙන් ප්‍රථමයෙන් ඇගේ ගෙලටත්, පපුව ප්‍රදේශයටත් සැකකරු පිහියෙන් දෙවරක් ඇන ඇති බවත්, එහිදී පිහි තලය නැමීගොස් ඇති අතර එය නැවත කෙළින් කර සිසුවියගේ පිට පැත්තෙන්ද පිහි පාරවල් දෙකක් ඇගේ සිරුර තුළට කිදා බස්සවා ඇති බව සැකකරු පොලිසියට කළ පාපෝච්චාරණයේදී පවසා තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය සරසවි සිසුවිය හා ඇය ඝාතනය කළ සැකකාර හමුදා සෙබළා වසර තුනකට ආසන්න කාලයක් පෙම්වතුන් ලෙස හිඳ ඇති අතර සැකකරු විසින් කරනු ලැබූ පාපෝච්චාරණයට අනුව ඔහු ඇය ඝාතනය කිරීමට දින තුනකට පෙර ඇය මුණගැසී කතාබස් කර ඇති බවද පැවැසේ.
එහිදී ඇය ඔහුට දක්වා ඇති ප්‍රතිචාරවල වෙනසක් ඇති බවට සැකකාර තරුණයාට තේරුම්ගොස් ඇති බවත්, ඇය සරසවියේ තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට මොහුට දින කිහිපයකට ප්‍රථමයෙන් තොරතුරක් ලැබී ඇති බවත් පොලිසිය පවසයි.

පසුගිය 22දා සැකකාර තරුණයා ඇයට දිගින් දිගටම දුරකතන ඇමතුම් ගත්තද ඇය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත්, ඉන් අනතුරුව ඔහු සැකයට මෙන් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට ආරංචිය පැමිණි තරුණයාගේ දුරකතන අංකය සොයාගෙන ඊට ඇමතුමක් ගත් අවස්ථාවේදී එම තරුණයා “කෙල්ල මං ගාව ඉන්නවා, මම තමයි එයාගේ කොල්ලා” යැයි පවසා ඇති බවටත් සැකකරු පොලිසියට සඳහන් කර ඇත.
තමන් කිසි විටෙක මෙවැන්නක් ඇයගෙන් බලාපොරොත්තු නොවූ බවත්, ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා තමන් ඇයට මුදලින් පවා වියපැහැදම් කර ඇති බවත් ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ තමාට දරාගැනීමට නොහැකි තරම් වූ බලවත් කම්පාව හා වෛරය ඇතිව පැමිණි ඔහු, ඇය ඝාතනය කිරීමට ආසන්නතම හේතුකාරණා මෙය බවට සැකකරු පොලිසිය වෙත පවසා ඇත.

ඇය ඝාතනය කිරීමෙන් පසුව සාක්‍ෂි ඉතිරි නොවන සේ සියල්ල සඟවා දමා යළි නිවෙසට යෑම සඳහා ඇල්පිටිය නගරයට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය දැකබලා ගැනීමට ඔහුට ඕනෑකමක් ඇතිවූ බවත්, එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවටත් සැකකරු වැඩිදුරටත් පාපෝච්චාරණයේ සඳහන් කර තිබේ.

ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි .................ආණ්ඩුව දුවන්නේ සිගරට්වලින්

අරුණ ජයවර්ධන
2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි.

ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 1,721ක හෙවත් රුපියල් මිලියන 17,208.38ක පමණ අලාභයක් ලබා තිබේ. එය දිනකට රුපියල් කෝටි 4.71කි. 2012 වසරේදී එම අලාභය සියයට 31කින් පමණ වැඩිවී ඇති බවද වාර්තාවෙන් අනාවරණය වෙයි.

ගුවන් සමාගම 2012දී රුපියල් කෝටි 12,141ක හෙවත් රුපියල් මිලියන 121,407.66ක පමණ ආදායමක් ලබා ගෙන ඇති අතර, එම වසරේ මෙහෙයුම් වියදම රුපියල් කෝටි 14,396ක් (රුපියල් මිලියන 143,961.21) පමණ වන බවද වාර්තාවේ දැක්වේ. තවදුරටත් එහි දැක්වෙන්නේ ගෝලීය ගුවන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දිගින් දිගටම සිදුවන අවපාතයන්, ඉන්ධන
මිල ගණන් ඉහළයෑම, යුරෝපයේ ආර්ථික පසුබෑම, ආයතනයේ ගුවන් යානා ඇණිය ව්‍යාප්ත කිරීමට හා නවීකරණය කිරීමට ආයෝජන ප‍්‍රමාද වීම් මේ අලාභයට බලපා ඇති බවය.

මේ අතර, ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරන්නේ එමිරේට්ස් ගුවන් සේවය 2012 වසරේදී සිය ආදායම ඩොලර් මිලියන 622ක් ලෙස සටහන් කළ මුත් 2013දී එය ඩොලර් මිලියන 887ක් බවට පත්කරගෙන ඇති බවයි. එය සියයට 43ක ආදායම් වර්ධනයකි. ඉන්ධන මිල සියයට 4කින් පහළ යද්දී ගුවන් මගීන් සංඛ්‍යාව සියයට 13කින් වැඩිවීම නිසා මේ ලාභය අත්වුණු බව එමිරේට්ස් කියයි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හුවා දක්වන අලාභයට හේතු (ඒවා ඇත්ත නම්)එසේම තිබෙන ගෝලීය තත්ත්වයන් මත එමිරේට්ස් ලාභ ලබන්නේ කෙසේද යන්න සැලකිය යුතු කාරණයකි.

එහෙත් එජාප මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ ශ‍්‍රී ලංකන් පාඩුවට හේතුව ඥාති සංග‍්‍රහය බවයි. නිසි පෙර දැක්මක් නොමැතිවීම හෝ පළපුරුදු නැති පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්වීම ගුවන් සේවය අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු ලැබීමට ප‍්‍රධාන හේතුව බව ඔහුගේ මතයයි. ඒ පාඩුවද වසරින් වසර වැඩිවෙයි.

ආණ්ඩුවට 94.68%ක් හා සේවකයන්ට 5.32%ක කොටස් හිමිකාරත්වය ඇති ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වන්නේ නිශාන්ත වික‍්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපති බිරිඳ ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂගේ සොහොයුරාය. අට දෙනකුගෙන් යුක්ත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයකු වන්නේ ශමීන්ද්‍ර රාජපක්‍ෂ මහතාය. ඔහු කතානායක චමල් රාජපක්‍ෂගේ පුත‍්‍රයකු වන අතර ඌව ප‍්‍රධාන ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂගේ සොහොයුරාය. ඒ අනුව ශ‍්‍රී ලංකන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඍජු රාජපක්‍ෂ සංයුතිය හතරෙන් එකකි.

ශී‍්‍ර ලංකන් ගුවන් යානා 22ක් හා සේවකයන් 6600කින් සමන්විත ගුවන් සේවයකි.

ජනමාධ්‍ය නිදහසේ වෙළඳ දැන්වීම

පසුගිය මැයි 3වැනිදාට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහසේ දිනයදා ඬේලි මිරර් පුවත්පත සිය මුල් පිටුව කණපිට හරවා මුද්‍රණය කොට තිබීම රටේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආන්දෝලනයක් ඇතිකළේය. ලංකාවේ මාධ්‍ය නිදහසක් නැතැ’යි යන්න සංකේතවත් කිරීමට ප‍්‍රධාන පෙළේ පුවත්පතක් ගත් නිර්භීත පියවරක් හැටියට සමහරුන් ඒ ගැන උද්දාමයෙන් කතාකළ අතර විරෝධය පෑ යුතු අවස්ථා සිය ගණනක් පසුගිය කාලයේදී ඇතිවූ විටත් කිසිවක් නොකර හදිසියේ මෙවැන්නක් කිරීම විහිළුවක් බව තවත් සමහරු කීහ.

කෙසේ වෙතත්, එය රටේ ප‍්‍රධාන පෙළේ වෙළෙඳ දැන්වීම් ආයතනයක් ඬේලිමිරර් පුවත්පතට කළ යෝජනාවක් අනුව කළ දෙයක් බව දැන් අනාවරණය වී තිබේ. එම වෙළෙඳ දැන්වීම් ආයතනය වන ‘සර්වා ඉන්ටගේ‍්‍රටඞ්’ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ‘මේ මුල්පිටුව නොපිට හැරවීමේ කාරිය පිටුපස සිටි වෙළෙඳ දැන්වීම් ආයතනය වීම ගැන සර්වා ඉන්ටගේ‍්‍රටඞ් ආඩම්බර වන බව’ය. එසේම, මේ අදහස මුළු හදවතින්ම භාරගැනීම ගැන ඬේලිමිරර් කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන බවය. ජාතික පුවත්පතකට සිය පුවත්පතේ නම, ප‍්‍රවෘත්ති හා වෙළෙඳ දැන්වීම් ඇතුළු මුල් පිටුව නොපිටට හරවා පළකරන්නට තිබූ ධෛර්යය ගැන තම ආයතනය ස්තූතිවන්ත වන බවද එහි තවදුරටත් දැක්වෙයි.

ජනමාධ්‍ය නිදහසේ දිනය වෙනුවෙන් මේ වික‍්‍රමය කරන්නට ඬේලිමිරර්ට උපදෙස් දුන් සර්වා ඉන්ටගේ‍්‍රටඞ් ආයතනය, ට‍්‍රයැඞ් නමින් ලංකාවේ ප‍්‍රකට වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යන දිලිත් ජයවීර හා වරුණි අමුණුගමටම අයත් තවත් දැන්වීම් ආයතනයක් බව ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග පෙන්වාදෙයි. දිලිත් ජයවීර මහතා පසුගිය කාලයේ අලූත් ව්‍යවසායකයකු ලෙස විශේෂයෙන් ලංකාවේ හෝටල් ක්‍ෂෙත‍්‍රයේත් වෙනත් ක්‍ෂෙත‍්‍රවලත් කොටස් අයිතිය හිමිකරගනිමින් හදිසියේ මෙන් ඉදිරියට ආවෙකි. පසුගිය විස්සයි 20 ලෝක ශූරතා තරගයේ අවසන් තරගය ජනාධිපතිවරයා නැරඹුවේද දිලිත් ජයවීර මහතා අලූතෙන් විවෘත කළ හෝටලයක පළමු කාමර අමුත්තා බවට පත්වෙමිනි. පසුගිය යුද්ධ සමයේ හමුදාවට තරුණයන් බඳවාගැනීම දිරිගන්වනු සඳහා ‘අපෙන් එකෙකි මේ මිනිසා’ යන ප‍්‍රකට වෙළෙඳ දැන්වීම නොමිලේ ආණ්ඩුවට නිර්මාණය කරදුන්නේද ජයවීර මහතාගේ ට‍්‍රයැඞ් ආයතනය විසිනි.

ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ සිය මුල් පිටුව කිසියම් නිශ්චිත කරුණකට විරෝධය පෑම සඳහා චේතනාන්විතවම වෙනස් විදියකට පළකොට ඇත්තේ රාවය පමණකි. සරත් එන් සිල්වා අගවිනිසුරුවරයා ලෙස පත්කළ 1999දී ඔහු දිවුරුම් දෙන ඡුායාරූපය උඩුයටිකුරු කර පළකළ රාවය ‘අධිකරණ නිදහසේ මළගම’ යන සිරස්තලය යොදා එදින මුල් පිටුව මුළුමනින්ම කළු කළේය. දෙවැනි වරට රාවය මුල්පිටුව මුළුමනින්ම කළු කොට පළකරනු ලැබුවේ 2009දී සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළ අවස්ථාවේදීය. එහි සිරස්තලය ‘ලසන්ත බිලිගනී’ යනුවෙන් විය. මේ දෙකම රටේ මාධ්‍ය නිදහසට හා සමාජයට එරෙහිව එල්ලවූ අභියෝගයන්ට සත්‍ය ලෙසම විරෝධය දැක්වීමට පුවත්පතක් හැටියට කළ වෑයම් ය.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලූ 80 නොදුන් අධිකරණය

සිගරට් පැකට්වල මතුපිට ඉඩ ප‍්‍රමාණයෙන් 80%ක ප‍්‍රමාණයක් දුම්බීම අධෛර්යමත් කරන පිළිකා ආදිය දැක්වෙන රූපමය අවවාද මුද්‍රණය කිරීමට නියම කරමින් පාර්ලිමේන්තුව විසින් 2012 මැයි මාසයේ ඒකමතිකව සම්මත කළ ගැසට් පත‍්‍රයක නියමයන් වෙනස්කරමින් පසුගිය සතියේ අභියාචනාධිකරණය දුන් තීන්දුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල බෙදීමේ ගැටලූව පිළිබඳ තවත් අලූත් උදාහරණයක් වෙයි.

43වැනි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායකට එරෙහිව පාර්ලිමේන්තුව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව බලරහිත බවට අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට, අධිකරණයට පාර්ලිමේන්තුවට නියමයක් කිරීමේ බලයක් නැතැ’යි කී ආණ්ඩුව නීති විරෝධී දෝෂාභියෝගය ඉදිරියට ගෙනගියේය. එහෙත්, පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ ගැසට් නියෝගයක නියමයන් වෙනස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ආණ්ඩුව හිස නමා පිළිගත්තේය. අභියාචනාධිකරණය කීවේ රූපමය අවවාද පළකිරීමට ඉඩදිය හැක්කේ 50%ත් 60%ත් අතර ප‍්‍රමාණයක් බවය. සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන එයින් සෑහීමට පත්නොවන නමුත් අධිකරණ තීන්දුව පිළිගන්නා බව කී අතර නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක අධිකරණ තීන්දුවෙන් සෑහීමට පත්වී එය පිළිගන්නා බව මාධ්‍යවලට කීවේය.

සිගරට් පැකට්වල 80%ක කොටසක රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012දී ගෙන එන ලද රෙගුලාසිවලට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැ’යි දුම්කොළ සමාගම විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් පනවන ලද රෙගුලාසිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ සැප්තැම්බර් 20 දා අතුරු තහනම් නියෝගයක් ලබාදුන් අතර එය 2014 ජනවාරී මස 22 දක්වා බලපැවැත්විණ.
ඒ අතර, රූපමය අවවාද අඩංගු කළ යුතු බවට නියෝග සහිත අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ජනවාරි 24 වැනිදා සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය මiසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ බව වාර්තා විය. ඒ අනුව යළිත් වරක් දුම්කොළ සමාගම අභියාචනාධිකරණයට ගිය අතර, 50%ත් 60%ත් අතර අවවාද මුද්‍රණය කළ හැකි බවට නියමය ලැබුණේ එහිදීය.

ආණ්ඩුව දුවන්නේ සිගරට්වලින්

මේ අතර මාස තුනකදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 15.9ක් බදු වශයෙන් ගෙවා ඇතැ’යි එම සමාගමේ 2014 මාර්තු කාර්තුවේ ගිණුම් ප‍්‍රකාශ හෙළිකරයි. මෙය 2013 මාර්තු කාර්තුවට වඩා රුපියල් මිලියන 800ක වැඩිවීමකි.

සමාගම විසින් 2014 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 2.03ක ලාභයක් වාර්තාකර තිබෙන අතර මෙම කාලයේදී සිගරට් අලෙවිය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 3.6කින් අඩුවී ඇත. 2013 මුල් කාර්තුවේදී සමාගම ලබා තිබුණේ රුපියල් බිලියන 1.4ක ලාභයකි. සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිගරැුට් අපනයනය කිරීමෙන් ලැබූ ආදායම මාර්තු කාර්තුවේදී වර්ධනය වූ බවත් මෙම ආදායම වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩවම කටයුතු කරන බවත්ය.

කතානායක බහින්න පෙර මල්ලිට කියන්න

පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමතිවරුන් සභාගැබේ නොසිටින්නේ නම් තමා මූලාසනයෙන් බැස යන බවට කතානායක චමල් රාජපක්‍ෂ පසුගිය සතියේදී තර්ජනය කළේය.

ඇමතිවරුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇති අවස්ථාව පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ඉතා වැදගත් ලක්‍ෂණයක් වන අතර, ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට හා උත්තරදීමට බැඳී සිටින්නේය යන මූලධර්මය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන එක් අවස්ථාවක් වන්නේද එයයි. එහෙත්, නිරන්තරයෙන්ම විරුද්ධ පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් නැගෙන චෝදනාව වන්නේ, ඇමතිවරුන් තමන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නොදෙන බවත්, නිසි පිළිතුරු නොදෙන බවත්, පිළිතුරු දීම සඳහා අසාධාරණ ලෙස කල් ගන්නා බවත්ය. මේ තත්ත්වය බලාසිටිනු බැරි නිසා කතානායකවරයා ඉහත පරිදි පවසන්නට ඇත.

එරහෙත්, ප‍්‍රශ්නයට පිළිතුර මුලසුනෙන් බැසයෑම තරම් අමාරු එකක් නොවේ. කතානායකවරයා කළයුත්තේ සිය බාල සහෝදරයාට ඒ ගැන කීමය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියයි. කැබිනට් මණ්ඩලය පත්කරන්නේද ඔහුය. එහි ඉන්නේ ඔහුට අවශ්‍ය අයය. ඉතින් කැබිනට් ඇමතිවරුන් ප‍්‍රශ්නවලට පිළිතුරුනොදෙන්නේ නම්, එහි වගකීම භාරගත යුත්තේ කැබිනෙට්ටුටේ නායක ජනාධිපතිවරයාය. මේ නරක තත්ත්වය ගැන කල්පනා කරන්නට ජනාධිපතිවරයාට ඉඩක් තිබේ නම් ඔහු කළ යුත්තේ, සෑම කැබිනට් ඇමතිවරයකුම අනිවාර්යයෙන්ම මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවටත්, එසේ නොකරන අයගෙන් නිදහසට කරුණු අසන බවටත් නියමයක් කිරීම පමණකි.

එහෙත් එවැන්නක් සිදුනොවේ. ප‍්‍රශ්නය ඇත්තේ එතැනය.

ravaya -

ඇඟ පත අතගා සරිගම හොයන සංගීත ගුරු ,

පුවත්පත්වල දැන්වීම් අතිරේකයේ ඕගන් වාදනය උගන්වන බවට දැන්වීම් පළකරමින් නිවසට පැමිණෙන මෙම පුද්ගලයා ලාබාල දැරියන්ට හිංසා කරන ආකාරය ... 

බයවෙන්න එපා කිය කියා දෙදරු මව දූෂණය කරලා

සැමියාගෙන් වෙන්වී ජීවත් වූ 24 හැවිරිදි දෙදරු මවක රැයක් එළිවනතුරු තිදෙනකු විසින් දූෂණය කරනු ලැබීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමට යන අතර වාරයේදී එම සැකකරුවන් විසින් ඇය මහ මඟදී ත්‍රිරෝද රථයක දමාගෙන යළිත් දූෂණය කිරීමේ සිද්ධියක් සියඹලාණ්ඩුව පොලිස් වසමෙන් වාර්තා වේ.

මෙම තරුණියගේ සැමියාගේ සහෝදරයා සමඟ ඇය අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ඇති බවට චෝදනා කරමින් දියණියන් දෙදෙනා රැගෙන සැමියා නිවෙසින් පිටව ගොස් වෙනම ජීවත්වන බව පොලිසිය
පවසයි.  නමුත් ඇය එසේ අනියම් සබඳකමක් සැමියාගේ සහෝදරයා සමඟ ඇතිකරගෙන නොමැති බවත්, සැමියාගේ අවිශ්වාසය මත ඇය මෙලෙස දූෂණයට ලක්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත. ඇය සැමියාගෙන් වෙන්වී තනිව ජීවත්වන බවට ගමපුරා පැතිර ගිය ආරංචියත් සමඟ ඇයට ගමේ කොලු ගැටයන්ගේ අනඟ බැලුම් විඳීමට සිදුවී ඇත. පසුගිය 16 වැනි දින ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයකු ඇයට මහ මඟදී හමුවී නිවෙස වෙත කැඳවා ගෙන යන බව පවසා තවත් තරුණයන් දෙදෙනකු සමඟ ඇයව බලෙන් පෙරපාසල් ගොඩනැඟිල්ලක කාමරයක් තුළට රැගෙන ගොස් වරින්වර රෑ පහන්වන තුරු දූෂණය කර ඇති බවට පොලිසියට අනාවරණය වී තිබේ.

පසුදින සැකකරුවන් ඇය නැවත නිවෙස අසලින් බස්සවා ගොස් ඇති බවත්, එදින ඇය පොලිසිය වෙත යමින් සිටියදී නැවත වරක් ත්‍රිරෝද රථයට නංවාගෙන ගොස් මහ මඟ ත්‍රිරෝද රථය නවතාගෙන ඇයව දූෂණය කළ බව ඇය සියඹලාණ්ඩුව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

“ඔයා ඕවා ගනන් ගන්න එපා. ඔයාට දැන් මිනිහත් නෑ. දරුවොත් නෑහැනේ” කියා සැකකාර තරුණයන් තිදෙනා ඇය සමඟ ගත කර ඇති බවද පැවැසේ.
මෙම තරුණියන් සියඹලාණ්ඩුව පොලිසියට කළ පැමිණිල්ලෙන් අනතුරුව සැකකාර තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කිරීමටද පියවර ගෙන තිබේ.

ජනපතිවරයා ගැන ඇමති බන්දුල කියන කතාව(VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් වහාම ඉවත්වීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (28 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව
පැවසීය.

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කර ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව බන්දුල ගුණවර්දන අමාත්‍යවරයා පැවසීය.

"මෙරට නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ගිවිසුමකට ජනපතිවරයා හෝ මුදල් අමත්‍යාංශය අත්සන් කර තිබෙනවාද කියා මා ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා. එවිට මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා එලෙස ගිවිසුමක් අත්සන් කර මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ අහිංසක දරුවන් පාවාදීමක් කර තිබෙනවා නම් වහාම තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බව."

මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව මෙතනින් නරඹන්න

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් ගැන විස්තර ගොඩාක් කාක බුජන්දර නාඩිවල තිබුණා

“මට අවුරුදු හැට නවයෙදි මාරකයක් යෙදෙන බව කීවා මතකද?” නිල්වක්කේ සෝමානන්ද හිමියෝ තම මේසය අසල පුටුවේ සුව පහසු ලෙස සකස් වෙමින් කීහ.
“එහෙයි හාමුදුරුවනේ. සෙංගමාලය වැලඳුණාට පස්සේ කුට්ටාලම් දිය ඇල්ලෙන් දින හතළිස් අටක් නාන්න කීවා වගේම ඔබවහන්සේට අවුරුදු හැට නවයේ නොවැළැක්විය හැකි මාරකයක් යෙදී තිබුණ බව නන්දිකේශ්වර නාඩි වාක්‍යවල දක්වා එකක් ඉන් ගැලවීමට යන්ත්‍රයක්
පැලඳිය යුතුය කියන එකත් කීවා. ඒ වගේම අර්ශස් රෝගය ඔබ වහන්සේට වැලඳිලා මදුරාසියෙ රෝහලක දින ගණනාවක් සිහි නැතිව ඉඳලා බේරුණ හැටිත් මට කීවා.”

“හොඳට මතකය කතාව.”
“එහෙයි හාමුදුරුවනේ ඔබවහන්සේ කීව හැටියට මම ඒව සටහන් කර ගන්නවා.”
“බොහොම හොඳයි. ඕව තව අවුරුදු තිහ හතළිහකින් ප්‍රයෝජනවත් වේවි.”
“එහෙයි හාමුදුරුවනේ.” ඒ කතාවේ අගක් මුලක් එදා තේරුම් ගැනීමට නොහැකි වුවත් මම කීවෙමි.
“මම යන්ත්‍රය පෙන්වන්න කීවේ එක පොරොන්දුවක් පිට හරිද?”
“එහෙයි.”

“පොරොන්දුව ඉෂ්ට කළාද?”
එහෙයි. ටිකක් විතරයි.” යන්ත්‍රය ගැනත් ජප කළ යුතු  මන්ත්‍රය ගැනත් නන්දිකේෂ්වර නාඩි වාක්‍යවල සඳහන්ව තිබූ හෙයින් ඒ පිළිබඳව විස්තර කීමට මැදගොඩල්ලේ විහාරාධිපති මෙනේරිගම චන්දානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් සහ හල්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මූලික දැනුම ලබාගෙන එන ලෙසට උන්වහන්සේ මට නියම කර තිබිණි.
මැදගොඩැල්ලේ නායක හාමුදුරුවන්ගෙන් කරුණු දැන ගැනීමට මට හැකි වුවද හල්විටියේ ලොකු හාමුදුරුවන් හමුවීමට නොහැකි විය.
ඒ නිසා ලොකු හාමුදුරුවන් පොරොන්දු ඉටු කළා දැයි විමසූ විට ටිකක් කීවේ එබැවිනි.

“ඇයි ඒ ටිකක් කීවේ?”
“මට හල්විටියෙ නායක හාමුදුරුවන් හම්බවෙන්න බැරිවුණා.”
චන්දානන්දගෙන් (මැදගොඩැල්ලේ ලොකු හාමුදුරුවන් වහන්සේ) අහගන්න තියෙනවද?” උන්වහන්සේ නඩුකාරයකු විමසන්නාක් මෙන් විමසති.
“එහෙයි, කටුසහනක මම විස්තර එක්ක ලියාගෙන යනවා.”
“හරි මට ඒ දෙන්න තියෙන කරුණු හොඳට විස්තර ඇතිව ලියල ගෙනත් පෙන්වන්න ඕනෑ.”
“එහෙයි හාමුදුරුවනේ.”

මැදගොඩැල්ලේ ලොකු හාමුදුරුවෝත් කිසිදු මුදලක් නොලබා මන්ත්‍ර බලයෙන් රෝගීන් සුවපත් කරති. මැදගොඩැල්ලේ හාමුදුරුවෝ ඇදුම රෝගීන්ට නූලක් පලඳවා ඇදුම රෝගය සුවපත් කරති. හල්විටියේ නායක හාමුදුරුවෝ පිස්සු බල්ලන් කෑ අයට (ජලභීතිකා රෝගීන්ට) නුලක් බැඳ රෝගය සුවපත් කරති. මේ දෙදෙනා වහන්සේම මේ රෝග මන්ත්‍ර බලයෙන් මිස ඔෟෂධ මඟින් ප්‍රතිකාර නොකර සුවකරන්නෝය. ඒ වන විට පොත්පත්වල රෝගීන්ගේ ලේඛනයේ හල්විටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ රෝගීන් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් එසේ සුවපත් කර තිබිණි.

හරි මෙන්න මට මාරකයෙන් බේරෙන්න නාඩි වාක්‍යවල සඳහන් කර තිබූ යන්ත්‍රය යැයි උන්වහන්සේ මට පවසා “බුජ” පත්‍රයක් දුන්හ.
මම එම “බුජ පත්‍රය” දෑතින්ම ගතිමි. බුජ පත්‍රය යනු යන්ත්‍රයක් ඇඳීමට ගන්නා ඉතා සියුම් කුඩා පත්‍රයකි. එය ඉන්දියාවේ වැවෙන කිසියම් ගස් වර්ගයක පොත්තෙන් ලබා සකස් කරගනු ලැබේ. මෙය “ටිෂූ” කොලයක් සේ තුනී එකකි. ලංකාවේ ශාන්තිකරුවන් තඹ පත්‍ර යොදාගත්තද ඉන්දියාවේ යන්ත්‍ර ආරක්‍ෂිතව තබා ගන්නේ මේ පත්‍රවල ලියා තැබීමෙන් යැයි උන්වහන්සේ විස්තර කළහ.
ඒ බුජ පත්‍ර ලබාගන්නා ගස් වර්ගයේ නම උන්වහන්සේ කීවත් මට එය දැන් අමතකය.
හරි දැන් අද විස්තරේ පටන්ගනිමු කී උන්වහන්සේ ඔය අසනීප හැදුනට පස්සේ මම ඉස්පිරිතාලෙන් මාරක ලෙඩෙන් සුවපත් වෙලා ආවත් මගේ ඇඟට කිසිම පණක් නෑ. මම හරියට දුබල වුණා යැයි කීහ.

“නන්දිකේශ්වර ඉසිවරතුමාගෙ නාඩි වාක්‍යවල දික්ෂා කාණ්ඩයේ ප්‍රතිකර්ම සඳහන් කර තිබුණා. එහි සඳහන්ව තිබුණේ කෂායක්. මම උන්වහ්නසේ දෙස බලා සිටියෙමි. උන්වහන්සේගේ දිනපොත පෙරළා විවර කර හාෆ්ෂීට් පිටු භාගයක තරම් කොළයක් ගෙන මට පෙන්වූහ.
මම මොහොතක් ඒ දෙස බලා සිටියෙමි.
“හරි දැන් මේ කෂාය ලියා ගන්ඩ.” උන්වහන්සේගේ අණින් මම එය සටහන් කර ගන්නට වූයෙමි.
“එළඟිතෙල් බෝතල් දෙකයි, සීනි පලම් තිහයි (30), අමු ඉඟුරු පලම් දහයයි (10), හීරැස්ස පලම් එකයි (1), කොරසානි අසමෝදගම්, සාරිස්පතිරි සහ කීකිරිඳිය පලම් එක බැගින්, සූදුරු, මාදුරු, තිප්පිලි, තිප්පිලි මුල්, එනසාල්, වලඟසාල් ගංසූරිය පොතු, මී පැණි යන දේත් පලම (පලමක් යනු ග්‍රෑම් 58.12කි) බැගින් අරගෙන ඔය ඔෟෂධ කොටා කුඩු කර ගෙන සීනි සමඟ ගිතෙල් ළිප තබා ඊට එක්කර පසුව ගුළිකරගෙන ඒවා මීපැණිත් එක්ක වැලඳීමටයි නියම කර තිබුණේ.”
“මම ඒ කියපු හැටියටම පාවිච්චි කළාට පස්සේ අර ඇඟේ බැරිකම කොහෙන් ගියාද දන්නේ නෑ.”

උන්වහන්සේ මා දෙස බලා සිටියහ. මම උන්වහන්සේ දෙස බලා උනිමි.
“ඉතින් අපේ හාමුදුරුවනේ ඒක බලගතු ඔෟෂධයක්නේ” උන්වහන්සේ හිස සැලූහ. ඉන් පසුව සිනාසුණහ. සමා වුව මැනවි. උන්වහන්සේ කිසි දිනක හඬනඟා සිනාසෙන්නේ නැත. එය මුව මත රැඳී යන සිනාවකි. ඒ සිනාව දෙනෙතින් මුහුණෙන් විදහා පෙනෙන්නක් විය. හඬනඟන සිනාවක් නොවේ.
මම ඒක බලන්ගොඩ ආනන්ද මෛතේ‍රය හාමුදුරුවන්ට දුන්නා යැයි උන්වහන්සේ අර සිනාවෙන් යුතුවම මට කීහ.
“ආනන්ද මෛතේ‍රය නායක හාමුදුරුවෝ ඒ වට්ටෝරුව අපේ හිතවතකුට දුන්නා.”

“එහෙයි.”
“ඒ මහත්තයා තමයි කේ.කේ. සත්‍යපාල කියන්නේ. ඒ මහත්තයා ඒකෙන් ඔෟෂධයක් හැදුවා. ඒකට මගේ නම දාන්න හැදුවත් මම එපා කීවා. මම ඒකට ආනන්ද මෛතේ‍රය හාමුදුරුවන්ගෙ (බළන්ගොඩ) නම දාන්න කියලා කීවා. ඒ නිසා ඒ බේතට ආනන්ද කියලා නම දාලා රෙජිස්ටර් කරල වෙළෙඳපොළට දැම්මා.”
අද “ආනන්ද ඍතය” කියල බොහෝම බලගතු ඔෟෂධයක් තියෙන්නේ අන්න ඒක තමයි.
“ඉතින් බළන්ගොඩ නායක හාමුදුරුවෝත් නාඩි වාක්‍ය ගැන ඔය නිසා හොයන්න බලන්න ඇතිනෙ.” මම කීවෙමි.
“උන්වහන්සේ නාඩි වාක්‍ය බලන්න ගියා තමයි.”
“බළන්ගොඩ නායක හාමුදුරුවො මම කීප විටක් දැකල තියෙනවා.ඒත් මම එතරම්ම කිට්ටුවෙන් දන්නෙ නෑ පොතපතින් විතරයි. උන්වහන්සේ හරියට භාවනා කරනවලු.” මම කීවෙමි.

සෝමානන්ද හාමුදුරුවෝ කිසිම වෙනසක් නොදක්වා අර බර වූ කල්පනාවෙන්ම ටික වේලාවක් සිටියහ.
“දකිණ්ඩ වාසනා කරන්ඩ ඕනෑ මහා පුණ්‍යවන්තයෙක්.”
මම ඒ මොහොතේ ගොළුවීමි. “නායක හාමුදුරුවන්ට පුදුම ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. උන්වහන්සේගේ හිසෙන් රශ්මි දහරා විහිදෙනවා සමහර අය දැකපු බව ගැන මටත් කියල තියෙනවා.” සෝමානන්ද හිමියෝ සුසුමක් හෙළා පැවැසූහ.
“උන්වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තියට අපේ පියවි ඇසට නොපෙනෙන දේවල් පවා පේනවා.”
“අපට නොපෙනෙන දේවල් කියන්නෙ නායක හාමුදුරුවොනේ?” මා ඇසුවා නොවේ. උන්වහන්සේ ඉදිරියේ කෙඳිරිගෑවා පමණි. උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නේ අර දුරස්ථ ස්වභාවයෙන් යුතු බැල්මෙන් බොහෝ වේලාවක් සිටීමෙන් පසුවය.

“ඔය වෙනත් ලෝකවල ඉන්නවා යැයි කියන ජීවින්”
අඟහරු වැනි ග්‍රහලෝකවල වෙසෙන අය ගැන එදා ඒ මොහොතේ මට සිහිපත් වූ බව අදත් එදා වගේම මතකය. එහෙත් මම ඒ ගැන කිසිවක් නොකීවෙමි. අසා සිටියා පමණි.
“වෙනත් ලෝකවල ඉන්න අය කියන එක මට තේරෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.”

“ඔය ප්‍රේත ලෝකවල ඉන්නවා යැයි කියන සත්ත්ව කොට්ඨාස.”
මගේ ඇඟ සීතල වී ගියේය.
“ඒ කියන්නේ බලන්ගොඩ නායක හාමුදුරුවන්ට ප්‍රේත ලෝකවල ඉන්න භූතයො පවා දකින්ඩ පුළුවන්කම තිබෙනවා කියන එකද නායක හාමුදුරුවනේ?”
උන්වහන්සේ ඊට කිසිවක් නොකීහ. ගැඹුරු දෙයක් අනුමත කරන්නාක් මෙන් හිස හලා පිළිගත්තාක් මෙන් හිස සැලූහ.

“උන්වහන්සේ මහා බලසම්පන්න කෙනෙක්. ඒ වුණත් බොහෝදෙනෙක් ඒ ගැන දන්නේ නෑ.”
“බලංගොඩ නාහිමියන් ගැන “කාක බුජන්දර” නාඩිවල දීර්ඝ විස්තරයක් තිබුණා. මට දැන් ඒ විස්තරේ කියන්න වෙලාව මදි. පොඩි වැඩක් තියෙනවා. ඒ නිසා ඒක වෙන දවසක කියන්නම්.”
“නාඩි වාක්‍ය කියන්නේ මහා සාගරයක්. ඒක කිසිදාක කියල ඉවර කරන්න බැරි දෙයක්. හැම ක්‍ෂේත්‍රයටම සම්බන්ධයි. දැන් මම පෙන්වපු යන්ත්‍රයත් පේනවා නේද? නාඩි වාක්‍ය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට සම්බන්ධ බව?”
“එහෙයි.”

“බලන්ගොඩ නායක හැමුදුරුවෝ ගැන මතක් කරපු නිසා මේ ටික කියන්න ඕනෑ. උන්වහන්සේගේ ඔය ආධ්‍යාත්මික ශක්තියට හේතුව භාවනා කරන එක.”
“එහෙයි.”
“මම කීවා එදා ඉන්දියාවෙ හිමාල වනයෙ අදත් මීට අවුරුදු හාරපන්දහසකට පෙර ජීවත් වූ ඉසිවරුන් ඉන්නවා කියලා.”
“එහෙයි.”
“ඉතින් ඔය එවරස්ට් කියන නැත්නම් හිමාලයේ ටිබෙට් ප්‍රදේශයට ආසන්නයේ මුහුද මට්ටමෙන් මීටර් පන්දහසකට ආසන්න ඉහළ ප්‍රමාණයක පිහිටලා තියෙනවා විලක්. ඒක තියෙන්නේ කෛලාෂ කියන කඳු ප්‍රාන්තයේ. කන්ද පාමුල දක්‍ෂිණ ප්‍රදේශයේ. ඒ විල සැතපුම් හැටකට ආසන්න ප්‍රමාණයක් විශාලයි.
“එහෙයි.”
“පුදුම ශාන්ත පරිසරයක තියෙන්නේ, හින්දුවරුන්ගේ විශ්වාසය ඒ විලේ ජලය පානය කළාම සියලු පව් සේදී යනවා, ආත්මය පවිත්‍ර වෙනවා කියලා.”
“එහෙයි.”
“ඒ එක්කම ශරීරයෙ තියෙන ලෙඩ රෝග හොඳ වෙනවා කියලත් කියනවා.”

“එහෙයි.”
“ඔය ජලය මොකක්ද දන්නවද?”
“නෑ අපේ හාමුදුරුවනේ.”
“මහාමායා බිසවුන් වහන්සේ කුසේ බෝසතාණන් පිළිසිඳගත්තදා ස්නානය කරපු බව කියන අනෝතත්ත විල කියලයි අනුමාන කරන්නේ.”
මම කතාව අසා සිටියෙමි.
“එතෙන්ට යනවා කියන එකත් පුදුම වාසනාවක් කියලයි කියන්නේ. ඒක ඇත්ත.”
“එහෙයි.”
මහාමායා දේවිය යහනත් එක්ක ඔසවාගෙන ගිහින් ස්නානය කරවනවා හීනෙන් දුටුවා කියන අනෝතත්ත විල තමයි ඒක. දැන් ඒකට “මාන සරෝවර්” කියලා හින්දු අය කියනවා.”

“එහෙයි.”
“ඔය ආසන්නයේම කෛලාෂකන්දේ මුහුදු මට්ටමෙන් අඩි විසිදාහකට ඉහළින් අම්මාන් කියන ගුහාව තියෙනවා. ඔය ප්‍රදේශයට ශ්‍රී  නගර්වල ඉඳල හැතැක්ම පන්සීයක් විතර තියෙනවා.”
“එහෙයි.”
“ඔන්න ඔය හරියෙ තමයි අර මම කියපු මීට අවුරුදු හාර පන්දසකට ඉහත ජීවත්වෙච්චි ඉසිවරු තවත් භාවනානුයෝගීව ජීවත් වෙනවා කියන්නේ.”
“එහෙයි අපේ හාමුදුරුවනේ.”
“ඔය “මානසරො” කියන විලට නැත්නම් අනෝතප්ත විලට සමහර අය “මානස” විල කියලත් කියනවා.”

“එහෙයි.”
“මානස විල කියන නම හැදිල තියෙන හැටි දන්නවද?”
මා “නෑ” යන අදහස ඇඟවෙන ලෙසට හිස වැණුවේ ඒ අවස්ථාවේ මට කතා කිරීමට පවා ශක්තියත් නොවූ හෙයිනි.
ඔසු කියල කියන්නේ ඔෟෂධවලට. “මන” කියල කියන්නේ “හිතට.” මේ ප්‍රදේශය මනසට ඔෟෂධයක් කියන තේරුමෙන් මන+ඔසු “මනොහු” වෙලා ඔසු කලෙක මානස කියල භාවිත කරනවා.

චන්ද්‍රසේන මාරසිංහ

පොලීසිය ගැන ඥානසාර හිමි කියන කතා.....




මාත‍ලේ සමූහ මිනීවළේ වැළලූ අයට මරණයට පෙර දරුණු ලෙස වද දීලා

මාත‍ලේ සමූහ මිනීවළේ තිබි සොයාගත් අස්ථි කොටස්වලට සම්බන්ධ පුද්ගලයන් මරණයට පත්වීමට පෙර දරුණු වද හිංසාවලට ලක්ව ඇති බව අදාළ අස්ථි කොටස් විශ්‍ලේෂණයට ලක්කළ අධිකරණ වෛද්‍යවරයා විසින් මාත‍ලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් අනාවරණයවී ඇතැයි අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.
මාත‍ලේ මූලික රෝහල් භූමියේ නව
ගොඩනැගිල්ලක් ඉදිකිරීමකට අදාළ කැනීමකදී සමූහ මිනීවළ පිළිබඳව ඉකුත් වසරේ නොවැම්බර් මස 22දා තොරතුරු අනාවරණය වූ අතර එහි සිටි පුද්ගලයන් 153 දෙනකුගේ ඇටසැකිලි හා හිස්කබල් සොයා ගනු ලැබිය.
සොයාගනු ලැබූ හිස් කබල් තුළ තිබි යකඩ ඇණ, කළුවී තිබෙන බවත්, ඇඟිලි තුඩු තියුණු ආයුධවලින් ඇණ තුවාල සිදුකර ඇති බවත් ශරීරයේ ඇතැම් කොටස්වලට තියුණු ආයුධ ඇතුළුකොට තිබෙන බවටද අධිකරණ වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇති බවද නීතිඥවරයා පෙන්වා දෙති.
මිනී වළෙන් සොයා ගත් අස්ථි කොටස් චීන රාජ්‍යයට යවා කාලනිර්ණය කිරීමට මීට පෙර තීරණය වුවත් එම රාජ්‍යයේ අවශ්‍ය පහසුකම් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු එම අස්ථි නැවත ඇමෙරිකා එක්සත් ජනපදයේ බිටා ඇනලටික් ආයතනයට යොමුකර ලබන නොවැම්බර් මස 04 දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කන්ත‍ලේ දිසා මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා 22දා නියෝග කළේය.

සන්ධාන මන්ත්‍රී පොලිස් නිලධාරීන්ට වැඳ සමාව ගනී

සෙවණගල ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාට සහ එම ‍පොලීසියේ සේවය කරන ‍පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර යන නිලධාරීන් දෙදෙනාට දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධව, තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජනිස) රණසිංහ ජයසුන්දරගේසෝමසිරි නමැති අයට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ  පවරා තිබූ නඩුවක් අවසානයේ ‍පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ‍පොලිස්  කොස්තාපල්වරයාට විවෘත
අධිකරණයේදී සිංහල ක්‍රමයට වැඳ සමාව ගන්නා ලෙස ඇඹිලිපිටිය  මහේස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා ඊයේ 29 නියෝග කළේය. 2012 වසරේ අප්‍රේල්  මස 29 දින සෙවණගල ‍පොලිස් ස්ථානාධිපතිවරයාට  සහ  ‍පොලිස් කොස්තාපල්වරයාට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇති අතර ඊයේ 29 දින නඩුව විභාගයට ගෙන අවසානයේදී තරයේ අවවාද කරමින් ඉහත තීන්දුව විත්තිකරුට එරෙහිව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙන ලදී.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඩිලාන් ගමගේ මහතා පෙනී සිටි අතර ‍පොලිස් සැරයන්  23738  එදිරිසිංහ සහ ‍පොලිස්  කොස්තාපල් 29133 සුගත් පැමිණිල්ල මෙහෙය වන ලදී.

විදේශිකයින් පිරිසක් වෙළෙඳසලකින් මුදල් වංචා කළ හැටි (CCTV දර්ශන)

නුවරඑළිය නගරයේ වෙළෙඳසලකට පැමිණි විදේශිකයින් දෙදෙනෙකු ඉන් මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව CCTV කැමරා දර්ශනවලින් හෙළි වී තිබේ.

ඇමති එස්. බී. අනුන්ගේ නිවෙසට හොර ඔප්පු හදලා!.

උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් කොළඹ 7 කුරුඳුවත්ත හේවා ඇවනිව් හි පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා සුවිසල් නිවසක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර එය තමන් සන්තක කර ගත් බව කියන රජයේ ප්‍රබලම ඇමැතිවරයකු වන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

අදාළ නිවස ඇමැතිවරයා සතු කර ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී
ඇත්තේ මීට දින කීපයකට උඩදීය.

මීට කලකට පෙර කුරුඳුවත්තේ පදිංචිව සිට මියගිය නඩරාජා නමැති ධනවත් පුද්ගලයෙකුට අයත්ව තිබී පසුව මෙම නිවස ජැමෙයිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික කථිකාචාර්යවරයකුට අයිතිය පැවරී ඇත.

අදාළ නිවස උසස්‌ අධ්‍යාපන ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර ගෙන ඇමැතිවරයා සතු කර ගෙන තිබේ.

නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක්ද මේ වනවිට ඇමැතිවරයා සහ ඔහුගේ ගෝල බාලයන් විසින් හොර රහසේම රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.

එස්. බී. දිසානායක ඇමතිවරයාට, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේදීද සමෘද්ධි මුදල් කොටි හතරක් වංචාකරමින් සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ාසඩ්සබ් -

උකුස්සෙක් පුංචි ළමයෙක් ඩැහැගෙන පියාඔනවා...


ෂේන් වෝන්ගේ අළුත්ම පෙම්වතිය සොෆියා වර්ගරා

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් මේවනවිට අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වනවා.

ෂේන් වෝන් මේ වන විට සිය පෙම්වතිය ලෙස තෝරාගෙන ඇත්තේ කොලොම්බියානු නිළියක වන සොෆියා වර්ගරායි.

ඇය "මොඩර්න් ෆැමිලි" නම් ටෙලි
නාට්‍යය මාලාවක් ඔස්සේ ජනප්‍රියත්වයට පත් නිළියක්.























පැහැරගත් බිලිඳා FACEBOOK උදව්වෙන් බෙරා ගැනේ (video)

ගොඩක් අය හිතන්නෙ ෆේස්බුක් එක කියන්නෙ නරක දෙයක් කියලා. 
හැබැයි ෆේස්බුක් එකේ හොඳ පැත්තකුත් තියෙනවා.
සමහර වෙලාවට අපරාධකාරයො අල්ලන්න පොලිසියට සහය වෙන්නෙත් ෆේස්බුක් එක කිව්වොත් ඔබ පිළිගන්නවද..?

පසුගියදා ඇමරිකාවේ ට්‍රොයිස් රිවියර්ස් නම් රෝහලේදී අලුත උපන් බිලිදෙකු පැහැරගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය (AMBER) ක්‍රමය යටතේ ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කළා.

ඒ සමගම සියලුම සමාජ ජාලවල මේ පිලිබදව පළවුණා.
මේ අතර බිලිදාගේ මව, බිලිදාගේ ඡායාරූප කිහිපයක් සමග පැහැර ගැනීම සිදු කළ කාන්තාවගේ, සහ ඇයගේ මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබුණා.
මෙම දැන්වීම ෆේස්බුක් ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වෙද්දි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් තරුණයින් පිරිසක් අදාළ කාන්තාව අල්ලා පොලිසියට භාරදී තිබෙන අතර දරුවා නිරුපද්‍රිතව මවට බාරදී තිබෙනවා.


අලුත උපන් බිලිදා පැහැර ගැනීම සිදු කළ කාන්තාව





























ජනාධිපති තත්තා පුතාගේ ගුරුතුමියට යෑවූ ලිපියේ තිබුණේ මොනවාද?

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයකට ලක්‌ව ඇති මාතෘකාව වන්නේ විවිධ තලවල සිටින දේශපාලකයන් හා ඔවුන්ගේ දූ පුතුන් හිතවතුන් විසින් තම බලය යොදාගෙන අධ්‍යාපන නිලධාරීන්ට හා පාසල් ගුරුවර ගුරුවරියන්ට අඩන්තේට්‌ටම් කිරීමයි. මෙය මේ වනවිට වසංගතයක්‌ මෙන් පැතිර යන තත්ත්වයක්‌ නිර්මාණය වීම ජාතියේ අවාසනාවකි.

තමන්ට දේශපාලන බලයක්‌ ලද
සැනින් තමාට වඩා ඉහළ පුද්ගලයන් නැතය යන අදහසේ පිහිටා නීතිය තම වහලකු ලෙස සළකන මෙරට දේශපාලකයන්ට මා මේ පැවසීමට යන කරුණ ඉතා වැදගත් වන්නේ එහෙයිනි.

ඇමරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වැනි ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන් මහතා ය. ඔහු ඇමරිකාව වැනි සුදු අධිරාජ්‍යයක මුදුන් මල්කඩ වැනි ජනාධිපති ධුරයට පත් වූවද, සෑම විටම ඇප කැප වූයේ එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරගල කොට ඔවුනට සමානතාව ලබා දීමටය. ඔහු විශිෂ්ට චරිතයක්‌ වන්නේද ඒ නිසාමය.

අදටත් ලොව සියලු රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහළින් වර්ණනා කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධාන නිර්මාණකරුවකු හා අර්ථ නිරූපකයකු වන්නේ ඒබ්‍රහම් ලින්කන් මහතාය. දිළිඳු ගොවි පවුලක උපන් ඔහු ධවල මන්දිරය දක්‌වා ගිය ගමන අතිශය දුෂ්කර විය. එය පරාජයන් ගණනාවක්‌ මධ්‍යයේ ඉදිරියට ගිය ගමනක්‌ වීම හේතුවෙනි. තමා සෙමින් ගමන් කරන නමුත් පරාජය හමුවේ කිසිදා ආපසු නොහැරෙන බව පැවසූ ලින්කන් මහතාගේ පෞද්ගලික ජීවිතය ඉතා අමිහිරි විය. එතුමාගේ බිරිඳ නාස්‌තිකාර ආර්යාවක්‌ වූවාය. ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙකු වූ අතර, ඉන් කුඩා විය ඉක්‌මවා ජීවත් වූයේ 1843 වසරේ දී උපන් පුත්‍රයා වන රෝටට්‌ වෝඩ් ලින්කන් පමණි. අනෙක්‌ දරුවන් තිදෙනාම අකාලයේදී මියගියේ ලින්කන් සමඟ එම ආර්යයාවද බොහෝ සේ මානසික රෝගී තත්ත්වවලට පත්කරමිනි.

රෝබට්‌ ලින්කන් පාසල් යන වයස වන විට ලින්කන් මහතා ඇමරිකානු ජනාධිපතිවරයා විය. මේ නිසා තම දරුවා පාසලට යෑවීමටත්, ඉතා ඉහළින් නිවැරදි දේ ඉගැන්වීමට ලින්කන්ට අවශ්‍ය වූ නමුත් වර්තමාන දේශපාලකයන් මෙන් එදා දේශපාලන බලයෙන් මත්වී අයුතු ප්‍රයෝජන සහ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු නොවීම ඔහුගේ ජීවන මාර්ගයට ගැළපෙන්නෙකි.

ලින්කන් ජනාධිපතිවරයා ඉතාම දුෂ්කර ජීවිතයක්‌ ගත කොට පැමිණි සේ තම වැඩිමහල් දරුවාටද ජීවිතයේ යථාර්ථය කියාදීමට ඉටා ගත්තේ ය. මේ නිසා තම දරුවා පාසල් යන පළමු දිනයේදී රොබට්‌ ලින්කන් පුතුගේ පාසල් ගුරුවරියට මෙවන් ලිපියක්‌ ලියා යෑව්වේය. මෙම ලිපිය ලියා දැනට සියවසකට අධික කාලයක්‌ ගත වුවවද අදටද එම ලිපියේ අඩංගු කරුණු කාලෝචිත බව ජගත් විචාරක මතයයි. දැන් අප එම ලිපිය කියවමු.

ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,

"අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක්‌ යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලා ගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සළකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, උපාය, කුමන්aත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි."

"ඉතිං දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගතයුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න."

"දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයන් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය සාදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත් වල සුන්දරත්වය හා විශ්වයෙහි සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්‌සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් පිපී ගී ගයන මල් පොහොට්‌ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න".

"රැවට්‌ටීම, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබීම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස්‌ ගැනම දැඩි ලෙස විශ්වාසය තැබීමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවැරදි නම් එම මතය විශ්වාසය තැබීමට උගන්වන්න".

"අනෙක්‌ මිනිසුන්ට දයාව කරුණාව දැක්‌වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැළකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක්‌ පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යැමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන් දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරා ගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහු දුකින් සිටින විට ඔහුට සිනාසීමට උගන්වන්න, නෙත කඳුළු වල ලැ-ජාව නොමැති බව උගන්වන්න".

"තමා උගත් දැනුම් සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කළ ද, තම හදවත හා ආත්මය උගස්‌ නොකිරීමට උගන්වන්න. තමාට මිලක්‌ නියම කර නොගැනීමට උගන්වන්න, මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නො ඇසෙන ලෙස සිටීමට උගන්වන්න, තම මතය නිවැරැදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කථා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරා ගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සළකන්න."

"ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණ ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න".

"ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබා දෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇතිවිය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක්‌ ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන් ද විශ්වාස කරනු ඇත."

"මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලා ගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න".

මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.

ඒ මගේ පුතාය.

මෙයට

ලින්කන්



මෙම ලිපිය ලියා දැනට ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ ගත වුවද මෙම ලිපිය එදිනට වඩා අද දිනට ඉතාම වැදගත් ලිපියකි. එහි වටිනාකම නොමිනිසුන් වැනි දේශපාලකයන් සහ ඔවුන්ගේ දූ පුතුන් සිටින ශ්‍රී ලංකාව වැනි රටක ඉතාම වැදගත් බව ඔබටද හැඟෙනු ඇත.

මේ ලිපිය වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ කියවා තේරුම් ගත්තද ඔබට එය අපතේ යැමක්‌ නොවනු ඇත. මෙය සියලු දේශපාලකයන්ට මෙන්ම සියලු දෙමාපියන්ද ආදර්ශයට ගත යුතු ලිපියකි. 1809 වසරේ පෙබරවාරි 12 වැනි දින උපන් ඒබ්‍රහම් ලින්කන් 1865 වසරේ අප්‍රේල් 15 වැනි දින වොෂින්ටන් නුවර ෙµdaර්ඩ් නාට්‍යාගාරයේ දී ජෝන් විල්කින් නම් නළුවාගේ වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ පුතු රොබට්‌ ලින්කන් පසුව නීතිඥවරයකු හා ජනාධිපති යුද ලේකම්වරයකු විය. ඔහුට ඇමරිකානු ජනාධිපතිධුරය සඳහා නාම යෝජනා ලැබුණද එය ඔහු ඉතා නිහතමානි ලෙස ප්‍රතික්‍ෂේප කරන ලදී.

මේ ලිපිය අවසන් කිරීමට පෙර තවත් සුවිශේෂි කරුණු සඳහන් කරනු කැමැත්තෙනි. එනම් රොබට්‌ ලින්කන් ඇමරිකාවේ ජනාධිපතිවරු තිදෙනකුගේ ඝාතන අවස්‌ථාවලදී ඒ අදාළ සිද්ධීය වූ ස්‌ථානයට එම මොහොතේ ගමන් කිරීමයි. පළමු වැන්න ඔහුගේ පියාගේ ඝාතනයයි. දෙවැන්න ජනාධිපති ජෙම්ස්‌ ගාµSල්ඩ් ජනාධිපති ඝාතනයයි. රොබට්‌ එහි ඇසින් දුටු සාක්‍ෂිකරුවකු විය. තෙවැන්න ජනාධිපති විලියම් මැක්‌කින්ලේ ඝාතනයයි. ඒ අවස්‌ථාවේ දීද ඔහු ඒ අසල විය. මේ නිසා පසුකාලීනව ඇමරිකානු ජනාධිපතිවරුන් ඔහුට ලබා දුන් තනතුරු සහ ආරාධනා ඔහු ප්‍රතික්‍ෂේප කළේ තමා සේවය කරන ජනාධිපතිවරු අකාලයේ ඝාතනය වන බව පවසමිනි. ඒ සුවිශේෂි ඇමරිකානු ජනාධිපති පුත්‍රයා 1926 ජූලි මස 26 වැනි දින මිය යන විට අසූ දෙහැවිරිදි විය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

වංචා හා දූෂණ සිද්ධියකට ඇමැති---සභාපති ගැටුමක්............ඇමති කවුද.....මම ජනාධිපතිගේ ඥාතිය‍ෙක් --- සභාපති

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිවරයා විසින් සිදුකර ඇතැයි පැවැසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පත්කළ විශේෂ විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටීම සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරියක වූ සෝමා කොටකදෙණිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ
විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස සභාපති සනත් වීරකෝන් මහතාට හා කජු සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත ඇමැතිවරයාගේ අස්සනින් යුතුව ලිපියක් යවා ඇති අතර තමන් ජනාධිපතිවරයාගේ ඥාතියකු හා තමන් පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා යැයි පවසමින් විමර්ශන කමිටුව ඉදිරියේ තමා පෙනී සිටින්නේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත් පමණක් යැයි සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව කජු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

මීට මාස කීපයකට පෙර සභාපතිවරයාට විරුද්ධව කජු සංස්ථා සේවකයන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ඇමැතිවරයාට පැමිණිලි කර තිබූ අතර එම පැමිණිලි විභාග කර ජනාධිපතිවරයා වෙත විශේෂ විමර්ශන වාර්තාවක් ලබාදීම සඳහා මේ විශේෂ විමර්ශන කමිටුව ඇමැතිවරයා විසින් පත් කරන ලදී.
අධ්‍යක්ෂ මණ්ඩලය නොසලකා තීරණ ගැනීම, අවිධිමත් මූල්‍ය පරිපාලනය, නීති විරෝධී ලෙස දීමනා ලබාගැනීම, නීති විරෝධී විදේශ සංචාර, සංස්ථාවේ, වාහන අයථා පාවිච්චිය මූල්‍ය චක්‍රලේඛ නොසලකා වාහන මිලදී ගැනීම, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම නොකැඳවීම, සංස්ථාවට අයත් කජු විශාල වශයෙන් පෞද්ගලික පරිහරණයට නිසි අවසරයකින් තොරව රැගෙන යෑම හා අන්තනෝමතික පාලනය වැනි චෝදනා සභාපතිවරයාට එල්ල වී තිබිණි.

මේ වන විට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම එක දිගට වාර 5කටත් වඩා නොපවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතයකින් තොරව සංස්ථාවේ නියෝජ්‍ය මුදල් කළමනාකරු විදෙස් සවාරියකට පිටත් කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
සංස්ථාවට අයත් බ්ක8304 නිසාන් වර්ගයේ කැබ්රථය හා මයිකෝ රෙක්ස්ටන් වර්ගයේ වෑන් රථයක්ද සභාපතිවරයා විසින් පිටස්තර පුද්ගලයන්ගේ පාවිච්චිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතයක් නොමැතිව මුදාහැර ඇතැයි පැවැසෙන අතර එම රථ දෙකම ජනාධිපති කාර්යාලයේ පාවිච්චිය සඳහා යොමුකර ඇති බවට ලේඛනවල සටහන් කර ඇති බව පැවැසේ.

මේ වාහන දෙක අතරින් කැබ්රථය සඳහා රියැදුරන් දෙදෙනකු වැටුප් ලබාගන්නා බවත් එක් අයකු නිවෙසේ සිට වැටුප් ලබා ගන්නා අයකු බවත් අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මාසයේදී පවා රුපියල් ලක්ෂ 2කට අධික වටිනා කජු තොගයක් සභාපතිවරයා විසින් රැගෙන ගොස් ඇතැයි කජු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් චෝදනා කර ඇත.

වැඩිමල් තරුණියක්‌ හා විවාහ වනවාට විරුද්ධවූ මව හා පියා මැරූ පුතා

මහලු මව පියා මැරූ ගොළු පුතාට වසර 12 කට බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලබාදීමටත්, රුපියල් දස දහසක දඩයක්‌ ගෙවීමටත් ගාල්ල දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා විසින් නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ ගාල්ල රත්ගම කටුදම්පේ කඩේවත්ත ප්‍රදේශයේ වත්තේ පදිංචිව සිටි පැස්‌කුවල් හන්දි රංජන් සිල්වා නමැති වයස අවුරුදු 35 ක අයෙකි. ඉකුත්
විසිතුන්වන දින ගාල්ල දකුණු පළාත් බද මහාධිකරණය වෙත කැඳවූ නඩුව විභාග කෙරිණි. මෙහිදී ගොළු භාෂාව පරිවර්තනය කිරීමට සංඥ භාෂා පරිවර්තකයෙකුද කැඳවා තිබිණි. විත්තිය වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ නැත. පැමිණිල්ල වෙනුවෙන් රත්ගම පොලිසිය හා රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය ඉදිරිපත් වූවාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රත්ගම පොලිසිය මගිනි. එහිදී සැකකරු වැරැද්ද පිළිගත්තාය.

තම වයසට වඩා වැඩි වයසින් යුත් මනාලියක්‌ විවාහ කරගන්නවාට විරෝධය පළ කළ දෙමාපියන් මෙසේ පුතා විසින් මරා දමනු ලැබීය. මෙසේ මරා දමනු ලැබුවේ කොට්‌ටාදුරගේ හිනිමල් හාමි මව හා පැස්‌කුවල් හන්දි වැරලිස්‌ සිල්වා යන පියාය.

ගාල්ල මහාධිකරණයේදී මෙම නඩුව විභාග වෙමින් තිබුණේය. 2000 වර්ෂයේ දෙසැම්බර් 01 වන දින ගාල්ල රත්ගම කටුදම්පේ කඩේවත්ත ප්‍රදේශයේ වත්තේදී සිය මව හා පියා මරා දමනු ලැබූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙමින් තිබිණි. රැකියාවෙන් කරනවෑමියෙක්‌ වූ මෙම සැකකාර ගොළු තරුණයා තම වයසට වඩා වයසින් වැඩිමහල් තැනැත්තියක්‌ විවාහ කර ගන්නවාට සැකකරුගේ දෙමපියෝ විරුද්ධ වූහ. මේ සිද්ධිය නිසා සිය මව හා පියා සිය පුතු විසින් මරා දමනු ලැබ තිබිණි.

හැත්තෑ දෙවැනි වියට පිවිසි අපේ සෝභිත හාමුදුරුවෝ

කෝට්‌ටේ නාග විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නායක ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. මෙම කෙටි සටහන ඒ වෙනුවෙනි.

සෝභිත හිමියන් මෙරට භික්‌ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුව උන්වහන්සේ සතු අද්විතීය වාග් චාතුර්යයයි. මෙරට භික්‌ෂු ඉතිහාසයෙහි හමුවන විශිෂ්ටතම කථිකයා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳ විදේශිකයකු වූ හෙන්රි ජීබල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. "උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂාව බඳුය. රළ නංවයි. ඈතට ඇසෙයි" මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පසු ශ්‍රී ලාංකික භික්‌aෂු වංශයෙහි අද්විතීය කථිකයෝ කීප
දෙනෙක්‌ පහළ වූහ. ඒ අතරින් මාදුළුවාවේ සෝභිත හිමියන්ට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. සෝභිත හිමියන්ටම අනන්‍ය ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය, උන්වහන්සේ අන් සියලු දේශකයන්ගෙන් කැපී පෙනේ.

උන්වහන්සේ ධර්මාසනයේදී සැදැහැවතුන්ගේ නොමඳ සාධුවාද පූර්වක සම්භාවනාවටත්, දේශපාලන වේදිකාවේදී සටන්කාමී දේශප්‍රේමීන්ගේ නොමඳ අත්පොළසන් නාදයටත් එකසේම බඳුන් වෙති.

සෝභිත හිමියන් සිය දේශනවලදී ඉදිරිපත් කරන මනගස්‌කාන්ත උපමා උපමේය අතිශය විචිත්‍රය. ක්‍ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම් අතිශයින් සියුම්ය. හාස්‍යය, උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌වලින්ද යුක්‌ත දේශන ශෛලිය නිසා සෝභිත හිමියෝ මෙරට ජන හද වැදගත් ජනකාන්ත භික්‌ෂු චරිතයක්‌ වී තිබේ. පුරා වසර 72 ක ජීවිත කාලය තුළ රට, දැය, සමය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේට, නිදුක්‌ නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේට නිදුක්‌ නිරෝගී සුවය මෙන්ම දිගාසිරිද ප්‍රාර්ථනා කරමු.

- සමුද්‍ර

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive