ඉස්සර නම් මිනිස්සු ගුටිකෑවෙ පොලිසියෙන්. ඒත් දැන් පොලිසියත් මිනිස්සුන්ගෙන් ගුටිකනවා. වෙඩිකාලා මැරෙනවා?
ඕකට හොඳම උදාහරණය තමයි ජුලියට් සීසර්, හැම්ලට්, මැක්බත් නාට්‍යය බලන එක. මේවා තනිකරම පාලනයේ වැරැදි.
එහෙම කොහොමද කියන්නේ?
අපි හිතමු මෙහෙම ඒ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ ව මරන්න භාවිත කරන්නෙ ඕ. මේ අතරම ඛ් කියලා කෙනෙකුත් ඉන්නවා ඕ ගැන බලාගන්න. ඔහොම වෙලා බැරිවෙලාවත් ඛ් ත් කට හෙල්ලුවොත් එහෙම කියලා ච් කියලා කෙනෙකුත් සූදානම් කරලා තියෙනවා. මෙහෙම වෙනකොට ආරවුල් ඇති වෙන්නෙ ඒ ඒ පාර්ශ්ව අතර මිසක් නායකත්වයත් එක්ක නෙවෙයි.
මෙතැන තියෙන සාධාරණ අසාධාරණකම ගැන මොකද කියන්නෙ?
ඔතැන කිසිම සාධාරණයක් නෑ. සම්පූර්ණයෙන්ම අසාධාරණ පාලකයා.
කොහොම වුණත් දැන් ඉන්න මන්ත්‍රිවරියක් පොලිසියෙ නිලධාරින්ව ‘සර්වන්ට්’ලා විදියටත් යොදාගෙන තියෙනවා?
එකෙක් දෙන්නෙක් තමුන්ගෙ වාසිය බලාගෙන කොන්ද පාත් කරගෙන දෙකට නැමිලා වැඩ කරනකොට අනෙක් මිනිසුන්ටත් එහෙම වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ සර්වන්ට් වැඩේ කරන මුල්ම කොට්ඨාසයත් නෙවෙයි.
ඒ කියන්නේ තවත් ඉඳලා තියෙනවාද?
ඉඳලත් තියෙනවා සහ දැනුත් ඉන්නවා. මං හො¼දාකාරවම දන්නවා සහ මේ වගේ තත්ත්වයට පත්වුණු අයව ආශ්‍රය කරලාත් තියෙනවා.
මේ දේවල්වල වරද තියෙන්නේ කොතැනද?
මේක නිල බල ක්‍රමයේ වැරැද්ද. මෑතකදී එක් නිලධාරියෙක් කිව්වා දේශපාලනය කරන්න නම් ඉගෙන ගන්න ඕන නෑ කියල. ඒක නම් සම්පූර්ණ ඇත්ත. මේ වගේ කරන්න ඉගෙන ගන්න ඕනයැ.
ඒත් සමහර මැති ඇමැතිවරුන්ට පගාව ගැනීම සම්බන්ධයෙන් නම් හොඳ දැනුමක් තියෙනවා නේද?
අපොයි ඔව්. ඒ අතින් නම් සුපිරියි. මෑතක ඕස්ට්‍රේලියාවට ගිය දවසක මම දැක්කා ඒ රටේ ජාතික නාළිකාවෙන් පෙන්වනවා ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙක්, වයින් බෝතලයක් ජරාව ගත්ත හේතුවෙන් ඉල්ලා අස්වෙනවා. අපේ රටට මේවගේ දේවල්වලින් තවත් දේ ඉගෙන ගන්න පුළුවන්.
ඒ මොනවගේ දේවල්ද?
මෑතක ලංකාවට ආපු යම් ඕස්ට්‍රේලියානු නායකයකුට ලංකාවෙන් තෑග්ගක් දුන්නා. නමුත් ඔහු ඒ තෑග්ග ප්‍රතික්‍ෂේප කළා. ඒකට හේතුව තමයි එරට පාර්ලිමේන්තුවෙන්ම නියම කරලා තියෙනවා ඔවුන්ට ගන්න පුළුවන් තෑග්ගක වුණත් වටිනාකම. ඒකටත් එක්ක අපේ රට.
පසුගිය දවස්වල සිගරැට් පෙට්ටියේ රූප දැමීම සම්බන්ධයෙන් කතාවක් මතුවුණා. දැන් ඒ රූප දැමීම අනිවාර්යයෙන් ඉදිරියේදී සිදුවෙයි. මොකද හිතෙන්නෙ?
සිගරැට් පෙට්ටියේ හක්කවල් ගැහුවා කියලා සිගරැට් බොන එකා බීම නවත්වයිද? නෑ. බොන එකා බොනවාමයි. මෙතැනදී විය යුත්තේ ආකල්පමය වෙනසක්.
හරි, එතකොට මේ විදියට රූප ඉදිරිපත් කිරීම හොඳද නරකද?
බලන්නකෝ පෝය දවසට බාර් වහන නිසා ඊට කලින් දවසේ මුන් පෝලිමේ පොරකන්නේ අන්තිම අරක්කු බෝතලේ ගන්න වගේනෙ. ඉතින්, එහෙව් රටේ මේ දේවල් සාර්ථක වෙයිද? මට නම් පේන්නේ මේක ප්‍රතිවිරුද්ධ ප්‍රචාරණයක් කියලා.
මීට දින කිහිපයකට ඉස්සෙල්ලා පෑලියගොඩදී නාගරික මන්ත්‍රිවරයෙක් ඝාතනය කළා. මේ ගැන මොකද කියන්නේ?
බල තරගය ඇතිවුණාම අම්මා අප්පා වුණත් මරන කාලයක්නෙ මේක. දැං ඔක්කොම දේවල් වෙන්නෙ අනිත් පැත්තට.
අනෙක් පැත්තට කිව්වේ?
බලන්න දැං වාහනයක්වත් හරියකට පාරේ එළවගෙන යන්න බෑනේ. කොහෙන් හරි වැරැදි පාරේ එකෙක් ඇවිල්ලා අනතුරක් කරලා උෟ එනවා හරියට ගිය මිනිහට ගහන්න. මේ කාලේ හැටියට වැරැදි කරන මිනිහා තමයි හොඳ මිනිහා. උන්ට තියෙන්නේ පන්සලට ගිහින් හාමුදුරුවන්ට වඳින එක විතරයි. එතකොට ඔක්කොම හරි. මේවාට වගකියන්න ඕන ජනතාවමයි.
එහෙම නම් අපේ රටේ නීතිය ගැන මොකද හිතෙන්නෙ?
නීතියක් ගැන නම් මම දන්නේ නෑ. දැං බලන්නකෝ බස් රථවල ස්ටිකර් එකක් අලවලා තියෙනවා අහවල් අවුරුද්දේ ජනවාරි පළවැනිදා ඉඳලා ටිකට් නැත්නම් දඩ ගහනවා කියලා. මම අහන්නේ මොකාටද දඩ ගැහුවේ, මොකාද බැලුවේ කියලා. ඒ තරමට නීතියත් අද වෙනකොට ජෝක් එකක් වෙලා තියෙන්නේ.
මේ අය ගැනත් විස්තර ටිකක් කියන්නකෝ?
බොදු බලසේනාව
හම්බන්තොට නගරාධිපති
මත්කුඩු ව්‍යාපාරිකයෝ
මුන් ඔක්කොම එකයි. සරල ලෙසම කියනවානම් මේ සියලු දෙනාම එකම කුලකයක ඉන්නේ. මේ අය තමයි වරින් වර පුවත් මවන්නේ.
පසුගිය දවසක ගුරුවරිය දණගැස්වූ මන්ත්‍රිට සිර දඬුවම් ලබාදෙන්න තීරණය කළා නේද?
ඕක නම් හරිම සිම්පල් දෙයක්නේ. මේ රටේ කොයි තරම් නම් දේවල් තියෙනවද දඬුවම් ලබාදිය යුතු කාරණා.
හැබැයි ඒකත් අත්හිටුවූ සිරදඬුවම්?
ඒක තමයි කියන්නේ, කවදද, කොහේදිද, මොකටද කියන්න බලන්න අත්නොහිටුවූ සිර දඬුවම් ලබා දුන්නේ?
කවුරු තමන්ව විවේචන කළත්, මොනවා කිව්වත්, වැරැදි පෙන්නුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නිශ්ශබ්දව ඉන්න බව නම් පේනවා. මොකද හිතෙන්නෙ?
මොනවා හිතන්නද මට නම් ප්‍රශ්නය වෙනිං කවුරුහරි මෙයාව නිශ්ශබ්ද කරවලා තියලාද කියලා. අනෙක් අතට එහෙම කරත් කමක් නෑ සල්ලි ටිකක් ඉතින් යහමින් හම්බවෙනවා ඇතිනෙ.
මේ වෙනකොට අපේ රටේ දේශපාලනය කොතැනද තියෙන්නේ?
දැන් නම් පේන්න තියෙන්නෙ අරාජික තත්ත්වයක්. එක පාරටම හිතන්න බැරි මිනිස්සු මතුවෙනවා. එහෙමත් නැත්නම් පොල්පොට් වගේ කෙනෙක් බිහිවෙයිද කියන බයකුත් තියෙනවා.
ඇයි මෙහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ?
ඒකට එකම හේතුව අපේ රටේ මිනිසුන්ට ලෝක දේශපාලනය ගැන දැනුමක් නැතිවීම.
කවරාකාර තත්ත්වයක් වුණත් පසුගිය මැතිවරණයේදී එ.ජා.ප.යට වඩා ජ.වි.පෙ. යම් පිබිදීමක් පෙන්නුම් කළා?
මේ වගේ වෙනස්කම් ඇතිවීම් සාමාන්‍යයි. දෙන්න කවුරුවත් නැත්නම් කාට හෝ ඡන්දය පාවිච්චි කරන්න ඕන. කොහොම වුණත් අනුර කුමාරගේ නායකත්වය පැහැදිලියි. ඒ සඳහා ඔහු හොඳ ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා.
මේ මොහොතේ ලංකාවෙ විකල්ප බලවේගයකට ඉඩක් තියෙනවා කියලා හිතෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒ සඳහා පැහැදිලි ඉඩක් තියෙනවා. ඒත් කවදා ගොඩනැඟෙයිද කියලා නම් කියන්න බෑ.
කොළඹ සරසවියේ කලා පීඨයට සිසුන් ගන්න එක මාස 4ක් ප්‍රමාද වුණා නේද?
ඕක ඉතින් මුල ඉඳන්ම තියෙන දෙයක්නෙ. හැමදේකම කොනක ඉන්නෙ ඇමෙරිකාව නොහොත් ජාත්‍යන්තර බූවල්ලා. අවි ආයුධ ඔෟෂධ ප්‍රතිපත්ති, අධ්‍යාපන කියන හැමදෙයක් පසුපසම ඉන්නේ උන්.
අපි හිතමු රට ස්වයංපෝෂිත කරන කවුරු හෝ නායකයෙක් ඉන්නවා කියලා. ලංකාවට පැනලා ඒ මිනිහව විනාශ කරන්න තමයි බලන් ඉන්නේ.
හරිම ආතල් එක කියන්නේ, ලංකාවේ කාලකණ්ණි දේශපාලකයෝ ඉන්නකම් ළඟදීම බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට විදේශීය විශ්වවිද්‍යාලත් බිහිවේවි.
රජිත බස්නායක

0 comments:
Post a Comment