ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා සොයා ගන්නට මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ ලොකු කලබැගෑනියකි. ඉන්දියාවේ මෝඩි ජයග්‍රහණය කළ නිසා මෙහේ අයත් ජයගත හැකියි සිතා ගඟ හත්ගව්වක් තියා අමුඩ ගහගෙන මේ දිනවල යකා නටති.
පොදු අපේක්‍ෂකයා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියා තවම කියන්නට බැරිය.
ජේ.වී.පී. අදහස නම් ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමටයි. ඒ අනුව ජේ.වී.පී.
නායක අනුර කුමාර දිසානායක, මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවී සාකච්ඡා කර ඇත. සෝභිත හිමියෝ ළඟදී සිට දේශපාලනයට දැඩි උනන්දුවක් දක්වති. මේ වන විට උන්වහන්සේ හමුවී දේශපාලන බලවතුන් කිහිපදෙනෙක් සාකච්ඡා කර තිබේ.
ආණ්ඩු පක්‍ෂයේ අයත් ඒ අතර සිටිති. ඔය තියෙන දෙයක් කාගෙන යන්නේ නැතිව ආණ්ඩුවෙන් වෙනස් වී ඔවුන් බම්බු ගහන්නද! සෝභිත හාමුදුරුවනේ දායකයා දෙන දානය වළඳා ආගමික වැඩ කරන්නේ නැතිව දේශපාලන නරාවළේ නොවැටී සිටින්නට ඔබ වහන්සේට නොහැකිද?
අපි ශ්‍රී .ල.නි.ප. මහලේකම් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා පිළිබඳ තවම කට ඇර නැත. ඔහුද පොදු අපේක්‍ෂකකමට නරක නැත.
මිනිසුන්ගේ ඔළු හදන්නට මෛත්‍රිපාල වැඩපිළිවෙළක් ආරම්භ කරන්නට යයි. එය හොඳ වැඩකි. ඔළුව නරක්වී ඇති පිස්සන් අංගොඩ නොයවා මොළේ සේදීම හොඳ වැඩකි.
ගාල්ලේ මනුෂ නානායක්කාරද මිනිසුන්ගේ ඔළු හෝදන්නට දක්‍ෂයෙකි. යූ.ඇන්.පී.යේ සිට ශ්‍රී .ල.නි.ප.යට ආ ඔහු ශ්‍රී ලංකාකාරයන්ගේ ඔළු සෝදන්නට ගොස් පසුගිය පළාත් සභා ඡන්දයේදී ගාල්ල ආසනයද පරාද කර දුන්නේය.
කවදත් ආණ්ඩුවට ආ යූ.ඇන්.පී.කාරයන් කරන්නේ ශ්‍රී ලංකාකාරයන්ගේ ඔළුව සෝදා ඔවුන් පිස්සන් බවට පත් කර තමන්ගේ ගරානාව තරකර ගැනීමය.
පොදු අපේක්‍ෂකයා වශයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නරකදැයි මගේ මිත්‍රයෙක් ඊයේ මගෙන් ප්‍රශ්න කළේය.
'මරේ මරු. මිනිහා ත්‍රීවීල් එකක මුළු පක්‍ෂයම නංවාගෙන ඒවි. කිසි කරදරයක් නැතුව පොදු අපේක්‍ෂක කම වික්‍රමබාහුට දුන්නොත් එයත් ගොඩ අපිත් ගොඩ'
'තව ... කෙනෙක් ඉන්නවා.'
'කවුද අප්පේ ඒ?'
'අපේ ආචාර්යතුමා මර්වින් සිල්වා ඇමැතිතුමා'
'එයාගෙත් ඔළුව නරක් වෙලාද'
'තවම නෑ. මේ යන විදියට ළඟදී ඒකත් සිදුවන්න පුළුවන්.'
පොදු අපේක්‍ෂක ප්‍රශ්නය එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළේය.
'කොහොමද සර් ලබන ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වුණොත්'
රනිල් මඳ වේලාවක් කල්පනා කළේය.
'වැඩේ හරි යාවිද?'
'නැතුව නැතුව, දිනනවා ෂුවර්'
'බලමු බලමු, සෝභිත හාමුදුරුවන්වත් හම්බුවෙලා උපදෙස් ගත්තොත් හොඳයි නේද?'
පොදු අපේක්‍ෂක ප්‍රශ්නය අපේ දේශපාලන බලවතුන්ගේ ඔළුව අවුල් කර තිබේ. කවුරුත් හිතන්නේ තනියෙන් බුදු වන්නටය. විමල් වීරවංශද මේ වැඩේට ගැළපෙන පුද්ගලයෙකි. විමල් ආණ්ඩුවෙන් එළිබසින්නට සූදානම් නිසා ඔහු මෙයට පූට්ටු කර ගත්තොත් නරක නැත.
විමල් වීරවංශට පොදු අපේක්‍ෂකයා වීම මහ ලොකු කජ්ජක් නොවේ. ආණ්ඩුවෙන් එළි බැසීමෙන් පසු ඔහු අලුත් වාසේ ගැන රටටම ප්‍රකාශයක් කරන්නට පුළුවන.
මේ ළඟදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවීමට ගියේය. ඒ හුඟ දවසකට පසුවය.
'හලෝ රනිල් හුඟ කාලෙකින් හම්බ වුණේ. කොහොමද පිටරට ගමන.'
'චූන් එකේ ගිහින් ආවා'
'දේශපාලන විද්‍යාව එහෙම ඉගෙන ගත්තයි කියලා ආරංචියි.'
'ඔව් ඔව් දේශපාලන ගැලවිජ්ජාව ගැන හොඳට හැදෑරුවා.'
'උපාධියක් එහෙම ගන්න පුළුවන්නේ'
'ඒ ගැනත් මං සලකා බලාගෙන යනවා. ඕනෑම විජ්ජාවකට වැඩිය ගැලවිජ්ජාව හොඳයිනේ.'
'ඒක නෙවි පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වුණොත් නරකද?'
'ඒ ගැනත් මගේ හිතේ තියෙනවා.'
දෙදෙනා අනතුරුව කළු කෝපි පානය කරන්නට වූහ.
පොදු අපේක්‍ෂකයා වශයෙන් වඩාත්ම සුදුසු හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැඩම් බව සමහරු පවසති. මරේ මරු එතුමිය නම් මේ වැඩේට මරු බඩුවක්.
හැබැයි පරහකට ඇත්තේ චන්ද්‍රිකා මැඩම් වෙලාවට වැඩ නොකිරීම බව සමහරු චෝදනා කරන්නට බැරි නැත. දේශපාලනයට මොන වෙලාවක්ද? සමහර විට පොදු අපේක්‍ෂිකාව හැටියට චන්ද්‍රිකා මැඩම් ඉදිරිපත් වුවහොත් අනෙකුත් අය පස්ස ගහන්නටද බැරි නැත.
එසේ වුවහොත් වන් ෂොට් එකෙන්ම ඇයට දිනන්නට පුළුවන.
රනිල් වික්‍රමසිංහ පොදු අපේක්‍ෂකයා බව දැනගත් පිරිසක් පෙළපාළි යන්නට වූහ. පෙරමුණ ගත්තේ පැරැණිම එ.ජා.ප. පාක්‍ෂිකයකු වූ සිරිල්ය. ඔහුට සහාය දෙමින් තවත් පිරිසක් පෙළපාළි ගියහ.
'කවුද රජා, අපේ රජා ගැලවිජ්ජාවෙන් විලි ලැජ්ජාව වහගන්න' ආදී සටන්පාඨ කියමින් යන පෙළපාළිය දෙස බලා සිටි රනිල් ගෙදර විත් නිදා ගත්තේය.
'කවුද රජා, රනිල් රජා' යන ශබ්දය ඇසී ඔහුගේ බිරිය රනිල්ගේ කාමරයට ගියාය.
'මේ අරහෙ ජනාධිපති තවම ඉන්නවා. ඔයාගේ ඔළුව නරක් වෙලාද? ළඟදීම ඉස කුඩිච්චියක් දමන්න වේවි.'

0 comments:
Post a Comment