යුද්ධය අවසන් කර ජාතික සමගිය ගොඩ නගා ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කලද ආගමීක සංහිඳියාව බරපතල අර්බුදයකට යොමු වෙමින් ඇති බව අලුත්ගම වෙළඳ සැලකට ගිනි තැබීමත් සමග විවිධ ආගම් තම අදහස් ප්‍රකාශ කරයි.
මුස්ලිම් සහ ක්‍රිස්තියානි ලබ්ධිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල සිදුවූ ප්‍රහාර සහ අලුත්ගම සේවා ස්ථානයක සේවකයෙක් ළමා අපචාරයන්ට සම්බන්ධ කර අසත්‍ය
චෝදනා ඉදිරිපත් කොට ව්‍යාපාර ස්ථානයක් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් අලුත්ගමින් වාර්තා වීමත් සමග මෙම උණුසුම්කාරී වාතාවරණය ඇති වූ බව BBC කොළඹ වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් සිද්ධිය වාර්තා කරමින් ප්‍රකාශ කළේය.
අහමඩ් ඛාන්
වෙළඳ සැල හිමිකරු අහමඩ් ඛාන් ප්‍රකාශ කළේ අලුයම 4.30 ට පමණ වෙළඳ සල පසුකරමින් ගිය මගියෙක් තම වෙළඳ සල ට ගිනි ගෙන ඇති බව තමන්ට දැන්වූ නමුත් තමන් එම ස්ථානයට ලඟා වන විට වෙළඳ සල සම්පුර්ණයෙන්ම ගිනිබත් වී තිබූ බවයි.
මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු වන බවත් මෙය හුදෙක් සිංහල ජාතිකයින් විසින් ජාති වාදී ව සිදුකල බව තමන්ට නම්කළ නොහැකි නමුත් තම ව්‍යාපාරය වසා දැමීමට කළ කුමන්ත්‍රණයක් අනුව ගිනි තැබීම සිදු වූ බව තමන් ගේ විශ්වාසය බව අහමඩ් පැවසීය.
අමත දම්ම හිමි
මුස්ලිම් වරුන්ට හෝ අන්‍යාගමිකයන්ට සංවිධානාත්මක පහර දීමක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළ අනුරාධපුර දේවි මහා මායා ආරාමයේ අමත දම්ම හිමියන් තව දුරටත් පැහැදිලි කළේ අනෙකුත් ආගම් ඇදහීම මෙරට තුළ තහනම් නොමැති අතර තමන්ගේ විරෝධයක් ඒ සම්බන්ධයෙන් නොමැති වුවත් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති ප්‍රධාන ආගමට සහ ජාතියට මුල් තැන ලැබිය යුතු බව තම අදහස බවයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව මුස්ලිම් ආගමේ අන්තවාදී ස්වරුපය හේතුවන් අන්තර්ජාතික මට්ටමෙන් මුස්ලිම් විරෝධතාවයක් ගොඩ නැගෙමින් පවතින බව අමත දම්ම හිමියන් තව දුරටත් පැවසීය.
චින්තක ප්‍රශාන්ත දේවගැති තුමන්
ආගමික සන්හිඳියාව තව දුරටත් කඩතොළු වීමේ ප්‍රවනතාව දිගින් දිගටම වර්ධනය වන බව තම අදහස් දක්වමින් හික්කඩුවේ ලංකා දේව සභාවට අයත් කිතුනු දේවස්ථානයේ ප්‍රධාන පුජක තුමන් වන චින්තක ප්‍රශාන්ත දේව ගති තුමන් ප්‍රකාශ කළේය.
තම මතකය අවධි කරමින් දේවගැති තුමන් පැවසුවේ ජනවාරියේ තම දේවස්ථානයට දේව මෙහෙය අතරතුර ත්‍රස්තවාදී හිතවාදීන් ලෙස චෝදනා කරමින් ප්‍රහාරයක් එල්ල වූ බැවින් ගේට්ටු වසා දමා දේව මෙහය සිදු කිරීමට සිදු වූ බවයි. යුද්ධය අවසන් වීමෙන් පසුව ආගමික සංහිඳියාව නැති කිරීමට විවිධ කණ්ඩායම් ක්‍රියා කරන බව චින්තක දේව ගති තුමන් තව දුරටත් පැවසීය.

0 comments:
Post a Comment