facebook like

තම දරුවන් හතරදෙනකු ලවා මත් කුඩු විකිණූූ මවක්.............. 14 වියැති දුව හෙරොයින් ගෙන ගියේ තනපටය අස්සේ

තමාට හොරකම් කිරීමට අනුබල දුන් මව තමා බැලීමට හිර ගෙදරට පැමිණි අවස්ථාවේ දී ඇගේ කන කඩාගත් පුතෙකුගේ පුවතක් අපේ ජනවහරේ පැවැත එන්නේය. ඒ කතාවේ හැටියට පුතා හොරකම හුරු වන්නේ  ඔහු පාසල් යන කාලයේ දීය. පන්තියේ මිතුරන්ගේ පෑන් පැන්සල් හොරකම් කරගෙන ගෙදර පැමිණි ඔහු ඒවා දුන්නේ සිය මවටය. පුතාගේ මේ සොරකම් පිළිබඳ ඔහුට දඬුවම්  කරනවා වෙනුවට මව කළේ එසේ හොරාගත්  පෑන් පැන්සල් භාර ගැනීමය.  පැටි වයස පසුකර තරුණ
 වියට පත් වූ  පුතා ඊළඟට කරන්නේ  මුදල් හොරකම් කිරීමය. අවසානයේ දී මංකොල්ලකරුවෙකු වූ පුතාට උරුම වන්නේ මහ උළු ගෙදරය.  ඔහු තමා බැලීමට පැමිණි සිය මවගේ කන කඩා ගන්නේ මහ උළුගෙදරට ඒමට කුඩා කල තමාට පාර කැපුවේ මව යැයි කියමිනි.
කෙසේ නමුදු  ගිය සතියේ  අපට ගාල්ලෙන්  අසන්නට ලැබුණේ මවගේ වරදින් මහ උළුගෙදර උරුම වූ  එක පුතෙකු ගැන නොව දරුවන් හතර දෙනෙකු ගැන කතාවකි.  ඒ කතාවේ විශේෂත්වය වන්නේ මේ දරුවන්  අතරේ ගැහැනු දරුවන්ද  සිටීමය. මේ මව සිය දරුවන්ට මහ උළුගෙදර යාමට පාර කැපුවේ ඔවුන්  හොරකමට හුරු කිරීමෙන් නොව  කුඩු විකිණීමට පුරුදු කරමිනි.
මේ කතාවේ  කතා නායිකාව අපි ශ්‍යාමලී යනුවෙන් හඳුන්වමු.
හතළිස් අට හැවිරිදි වියේ පසු වූ ඇයට දරුවෝ හත් දෙනකු සිටිති. ඒ හත් දෙනාගෙන්  තිදෙනෙක්  පුත්තුය. සිවු දෙනෙක්  දියණිවරුය. ශ්‍යාමලී ජීවත් වූයේ දකුණු ලක සංචාරක කලාපයේ දෙස් විදෙස්  සංචාරකයින්ගේ පාරාදීසයක්  වූ හික්කඩුව ට නුදුරු ගමකය. තම සැමියා මියගොස් තිබූ හෙයින් ශ්‍යාමලීට පවු‍ලේ බර තනියම ගෙනියන්නට විය. ශ්‍යාමලීගේ සැමියා මරණයට පත් වූයේද මහ උළුගෙදරය.
මිනීමැරුම් සිද්ධියකට හිරගෙදර උරුම වූ ඔහු මරණයට පත් වූයේ ඉකුත් කාලයේ හිර ගෙදර ඇති  වූ ගැටුමට මැදිවීය. සැමියාගේ වියෝවෙන් පසු ශ්‍යාමලීට දරුවන් ජීවත් කරවීමට හරිහමං මගක් නොවීය.

ඉතා අසරණ තත්ත්වයෙන් ජීවත් වූ ශ්‍යාමලී තම දරුවන්ගේ බඩ වියත රැක ගැනීමට දැඩි වෙහෙසක් ගත්තාය.  හොඳින් මුදල් සොයා ගැනීමට නොහැකි වූ කල ඇය තෝරා ගත්තේ වැරදි පාරය. ඒ අනුව ඇය මත්කුඩු ජාවාරමට සම්බන්ධ විය. සංචාරකයින්ගේ පාරාදීසයක කුඩු ජාවාරම කරගෙන යාමට ඇය වැඩි මහන්සියක් වැය නොවීය. වැඩි කලක් යන්නට මත්තෙන් ශ්‍යාමලීගේ අත මොණර කොළ ගැවසෙන්නට පටන් ගත්තේය. මේ අතර ලද මුදලින් නොසෑහුණු ශ්‍යාමලී මත්කුඩු විකිණීම තව තවත් වැඩිකර ගැනීමට කල්පනා කළාය. ඇය ඒ සඳහා තෝරා ගත්තේ තම දරුවන්ය.
මුලින්ම ඇය තම විසිහය හැවිරිදි වැඩිමහල් පුතු හා දියණියන් දෙදෙනෙකුට මත්කුඩු විකිණීමට ‍පොළඹවා ගත්තාය.
ශ්‍යාමලී ඒ දරුවන් ‍පොලීසියට හසු වී හිරේ විලංගුවේ වැටෙන විට ශ්‍යාමලී ඊළඟට  තෝරා ගත්තේ  තම බාල දියණියය. බාල වයස්කාර දැරියක් මත්කුඩු ජාවාරමට සම්බන්ධ කරගෙන තිබුණේ ඉතා සූක්ෂම ලෙසය. කිසිදු අයෙකු තම දරුවන් යොදා මෙවැනි ජාවාරම් කරන්නේ යැයි කෙනෙකු  සිතන්නේ නැත. ඒ අනුව ‍පොලීසියද මේ දරුවන් ගැන සැක හිතුවේ නැත.
‍පොලිස් ඇසට වැලි ගසමින් ජාවාරම කරගෙන ගිය ඇයට මේ කටයුත්ත දිගටම කරගෙන යාමට හැකි වූයේ නැත. ඒ අනුව අවස්ථා කිහිපයකදීම ඇය ‍පොලීසියට කොටු වූවාය. නමුත් බන්ධනාගාරගත වීමෙන් පසුද ඇය යළි නිදහස්ව පැමිණ කරගෙන ගියේ කුඩු ජාවාරමය. ඒ බන්ධනාගාරයේ දී හඳුනා ගත් තවත් පිරිසකගේද සහය ලබා ගෙනය.
කෙසේ නමුදු ශ්‍යාමලී මහ උළු ගෙදරින් එළියට පැමිණීමට හැකි වුණිද ඇගේ දූවරුන් දෙදෙනෙකු මත්කුඩු ජාවාරම් කිරීම හේතුවෙන් තවමත් සිටින්නේ මහ උළු ගෙදරය. දූවරුන් දෙන්නා  හිරේ සිටියදී ශ්‍යාමලීගේ ජාවාරමට  තවත් දරුවෝ දෙදෙනෙක් සම්බන්ධ වී සිටියහ. ඒ අතරින් එක  දියණියකගේ වයස අවුරුදු දාහතරකි.
වයසින් බාල වූව ද තැනට උචිත ලෙස හැසිරීමට මේ දැරියට හැකියාව තිබුණි. ඇය ‍පොලිස් ඇසට වැලි ගසමින් මත්කුඩු රැගෙන ගියේ  සිය තනපට අස්සේ සඟවාගෙනය. කෙසේ නමුදු  ඇයට වැඩි කලක් ‍පොලීසිය සමග හැංගිමුත්තං කිරීමට   හැකි වූයේ නැත. ‍පොලීසිය ඇය  පසු පස පන්නන්නට පටන් ගත්තේය.
පසුගිය දිනක ඇය තම සහෝදරයා සමග මත්කුඩු රැගෙන යමින් සිටියදී ‍පොලීසියට හසු විය. ඒ ගාල්ල ‍පොලීසියේ පරිසර ‍පොලිස් ඒකකයේ නිලධාරීන්ටය. එහිදී කාන්තා ‍පොලිස් නිලධාරිනියක් ලවා දැරිය පරීක්ෂා කළේ ඇය තම ඇඳුම් තුළ කුඩු සඟවාගෙන යන බවට තිබූ සැකයටය. ඒ සැකය නිවැරදි බවට ඔප්පු වූයේ ඇගේ තන පටය අස්සේ තිබි කුඩු අසුවීමත් සමගය. මත්කුඩු ග්‍රෑම් 09 ක් හා මිලිග්‍රෑම් 280 ක් එහි තිබි ඇත. එහෙත් ‍පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් ‍පොලීසියට අවශ්‍ය වූයේ  මේ නොදරුවන්  කොටුකර ගැනීමට වඩා මේ දරුවන්ද මහා සමාජ විනාශයකට තල්ලු කරමින් සිටින දරුවන්ගේ මව වන මහා පරිමාණ කුඩු ජාවාරම්කාරිය ශ්‍යාමලී  කොටුකර ගැනීමටය.
දරුවන් එසේ අත්අඩංගුවට පත් වෙද්දී මව නිවසේ සිටින බව ‍පොලීසියට දැන ගන්නට ලැබුණි. ඒ  අනුව ක්‍රියාත්මක වූ ‍පොලීසිය  ශ්‍යාමලී අත්අඩංගුවට  ගැනීමට ඇයගේ නිවස වැටලුවේය. ‍පොලීසිය තමන් පසු පස ලුහු බඳින  බව ඉව වැටුණූ ශ්‍යාමලී  නිවසන් පලා ගොස් තිබුණේ ‍පොලීසිය නිවස වැටලීමට පෙරය. ශ්‍යාමලීට එරෙහිව මේ වන  විටත් මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් නඩු තුනක්  අධිකරණයේ  විභාග වෙමින් පවතී.  ඇයගේ බැංකු  ‍පොතේ ද යහමින් මුදල්  ඇති බව වාර්තා වේ. සති කිහිපයක් ඇතුළත මත්කුඩු ජාවාරම් කිරීමෙන් රුපියල් ලක්ෂ තුනක් අටක් ඇය උපයාගෙන ඇති බව ද වාර්තාවේ.
නිවසින්  පලා ආ ශ්‍යාමලි ගනුදෙනුකරුවෙකුට මත්කඩු  බෙදා හැරීමටද අමතක නොකළාය.  ඒ අනුව නියමිත  ගනුදෙනුකරු  එනතෙක් ඇය ගාල්ල කා‍ලේගාන හන්දියේ   රැඳී සිටියදී ‍පොලීසියට කොටු වූවාය. මේ වන විට ශ්‍යාමලී මුදල් යහමින්  හම්බ කළේ වැරදි මාර්ගයෙනි. ඇයට අධිකරණය මගින් නිසි දඬුවම් ලබා දෙනු ඇත.
ඇය මේ වන විට ‍පොලිස් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා ‍පොලිස් අත්අඩංගුවේ පසුවේ.
ශ්‍යාමලීගේ වැඩිමහල් පුතු ‍පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ‍පොලිස් ජීප් රථය තුළ දීම  මේ ගෑනි කියා  පරුෂ වචනයෙන් බැණ වදිමින් තම මවට සාප කර තිබේ.  26 හැවිරිදි එම පුතුද ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ  අයෙකු බව ‍පොලීසිය පවසයි. මවගේ අඩිපාරේ යමින් මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි ලොකු පුතා කලක්  විදේශගතව  සිට පැමිණි ඇති අයෙකි. මේ අතර ශ්‍යාමලීගේ  නිවසේ වැසිකිළි වළක සඟවා තිබූ පිස්තෝලයක්ද ‍පොලීසිය විසින් සොයාගෙන තිබේ. ගාල්ල ‍පොලීසියේ පාරිසරික ‍පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ඒ. ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්   මෙම වැටලීම සිදුකර තිබුණි.



ජිනේෂ් නානායක්කාර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive