අධිකරණ පද්ධතියේ පවතින ඌනතා පොලිසිය ස්වකීය වාසියට හරවා ගනිමින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් වධ හිංසාවන්ට ලක් කරන බවට ජන සංසදය චෝදනා කරයි.
පොලිසිය බොහෝ විට සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ දවසේ කටයුතු අවසන්වීමෙන් පසුව බවයි ‘ජන සංසදය’ සඳහන් කරන්නේ.
එම තත්වය සම්බන්ධයෙන් සංදේශයට ප්‍රකාශයක් කළ ජන
සංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා කියා සිටියේ,පොලිසියේ වධ හිංසාවන්ට ගොදුරු වූ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුලින් තම අදහස් සනාථ කෙරෙන බවයි.
“මීගහකිවුල,කන්දකැටියේ සිද්ධිය මේකට හොඳම උදාහරණයක්.පොලිසියෙන් පහර දීලා සැකකරු සහ ඔහුගේ සගයන් පසුදා සවස් වනතෙක් පොලිස් කූඩුවේ තබා ගෙන ඉඳල පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගියා. එතැනින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කළා. රිමාන්ඩ් භාරයේ දී ඔහු මරණයට පත් වුනා” චිත්‍රාල් පෙරේරා පවසයි.
පොලිස් උපාය
ඉහත කී සිද්ධිය මේ සම්බන්ධයෙන් ඇති එකම උදාහරණය එය නොවන බව පවසන චිත්‍රාල් පෙරේරා, පොලිසිය උපායක් වශයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ උසාවියේ දෛනික කටයුතු අවසන් වීමෙන් පසුව බවත් පෙන්වා දෙයි.
එහෙත් පොලිසිය ජන සංසදයේ ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ, උපායක් නිසා නොව රාත්‍රී කාලයේ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පසුවදා නින්දට ගොස් විවේක ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා කාලයක් ගතවෙන බවයි.
පොලිසියට එරෙහි පරීක්ෂණ පොලිසිය විසින්ම සිදු කරනු ලැබීම සාධාරණ ද යන ප්‍රශ්නයත් මතු වෙන බවයි මේ අතර ජන සංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා පවසන්නේ.
එහෙත් පොලිස් නිලධාරීන් චෝදනාවන්ට ලක් වූ සිද්ධි කීපයකදීම පොලිසිය අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.
වාස් ගුණවර්ධන සිද්ධිය ඇතුළු අවස්ථා කීපයක්ම ඒ සඳහා උදාහරණ ලෙස ගෙනහැර දැක්වූ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒවා යටපත් නොකෙරුන බවයි කියා සිටියේ.
එහෙත් මහජනතාවට මේ ප්‍රශ්නය යොමු කරනු ලැබුනොත් ඊට වෙනත් පිළිතුරක් ලැබෙනු ඇතැයි ජන සංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා පවසයි.

0 comments:
Post a Comment