බැංකුවට සතියකට සැරයක් එන කඩවසම් තරුණයා ගැන බැංකු කවුන්ටරයේ තරුණ නිලධාරිනියට හොඳ මතකයක් තිබිණි. විනීතව හැසිරුණු එම තරුණයා සෑම සතියක රුපියල් පන්දහසක් තම බැංකු ගිණුමේ තැන්පත් කරයි. “ෂා... මරුනේ සෑම සතියකම රුපියල් පන්දාහක් පොතේ දානවා...” කවුන්ටරේ තරුණ නිලධාරිනිය සිතුවාය. ඇය දවසක් බැංකුවේ කළමනාකරුට මෙම තරුණයා ගැන කීවාය.
“මිස් එහෙනම් කොල්ලා ආවදවසක මටත් පොඩ්ඩක් මුණගස්වන්න”
කළමනාකරු පැවැසීය.
කඩිමුඩියේ බැංකුවට පැමිණි අර තරුණයා වෙනදා වගේම රුපියල් පන්දහසක් බැංකු ගිණුමේ තැන්පත් කර යෑමට සැරැසුණි.
“සර්.... අපේ මැනේජර් මහත්තයා පොඩ්ඩක් මුණගැහිලා යන්න...” කවුන්ටරයේ සිටි නිලධාරිනිය පැවැසුවාය.
“හොඳයි මිස්....” ලෙස පැවැසූ තරුණයා බැංකු කළමනාකරු හමුවීමට ගියේය.
දුරකතනය අතට ගත් බැංකු නිලධාරිනිය තරුණයා පැමිණි බව පවසා කළමනාකරුට ඇමතුමක් දුන්නාය.
“ආ.... හඳුනගන්න කැමැතියි. මහත්තයා මොකද්ද කරන රැකියාව...?” කළමනාකරු සුහදව තරුණයාට අසුන් ගැනීමට ආරාධනා කරමින් පැවැසීය.
“ස්තුතියි. සර් මම කරන්නේ ඔට්ටු අල්ලන එක. මම ඕනෑම කෙනෙක් එක්ක ඔට්ටු අල්ලනවා. මම සර් එක්ක හරි ඔට්ටු අල්ලනවා....”
“මොනවා මම එක්ක?” කළමනාකරු විස්මයෙන් ඇසුවේය.
“ඔව් සර් කැමැතිද?” තරුණයා විමසීය.
“මොකද්ද ඔට්ටුව...?” කළමනාකරු නැවතත් ඇසීය.
“මේකයි ඔට්ටුව තව හරියටම සතියකින් සර්ගේ පස්ස පැත්තේ “ගෙඩියක්” එනවා. “ගෙඩියක්” නොආවොත් මම සර්ට රුපියල් පන්දාහක් දෙනවා. ගෙඩියක් ආවොත් සර් “මට රුපියල් පන්දාහක් දෙන්න.... කැමැතිද?”
බැංකු කළමනාකරුට මෙවැනි ප්‍රශ්නයක් නම් කවුරුත් නඟා නැත. කල්පනාවක නිරත වුණ කළමනාකරු තීරණයක් ගත්තේය. හරි මම කැමැතියි. ඔයා හරියටම ලබන සතියේ ඇවිත් මාව හමුවෙන්න. හැබැයි ඔට්ටුව හරියටම හරි. මම පැරැදුණොත් ඔයාට රුපියල් පන්දාහක් දෙනවා. ඔයා පැරැදුණොත් මට රුපියල් පන්දාහක් ඕනෑ...”
ගිවිසුම ස්ථීර කරමින් තරුණයා අත දිගු කළේය.
“එකේ දෙකක් නැහැ. සර් රුපියල් පන්දාහක් සඳුදාට ළඟ තියාගෙන ඉන්න. මම හරියටම උදේ 10ට එනවා...”
“හරි ගිහිල්ලා එන්න...” බැංකු කළමනාකරු තරුණයාට සමු දෙමින් පැවැසීය.
කාලය ගෙවී ගියේය. කළමනාකරු ඔහුගේ පශ්චාත් භාගය පිළිබඳ නිතරම දැඩි විමසිල්ලකින් පසු විය.
හරියටම ඔට්ටුවේ දවස එළැඹිණි. හිමිදිරි පාන්දර ෙදාර වහගත්තු ඔහු මුලින්ම පස්ස පැත්ත පරීක්‍ෂා කර බැලීය. ඔහුට සතුටුය. අද කාලේ කොල්ලෝ කොහෙද අපිව තම්බන්නේ....? කියාත් ඔහුට සිතුණි. පිටිපස්සේ කිසිම තැනක ගෙඩියක සලකුණක් හෝ නොතිබිණි.
බැංකුවට ගිය කළමනාකරු සුපුරුදු වැඩ රාජකාරි කරගෙන ගියේය.
නියමිත වෙලාවට අර තරුණයා පැමිණියේය. තරුණයා සමඟ කළුකොට මොඩල් කොල්ලෙක්ද පැමිණ සිටියේය.
“ආ යාළුවා ආවද? බොහොම සන්තෝෂයි. හැබැයි ඔයාට නම් සන්තෝෂ වෙන්න බැරි වෙයි” කළමනාකරු පැවැසීය.
“ඇයි මොකද...” තරුණයා කලබලයෙන් විමසීය.
“ඔයා හිතන කිසිම දෙයක් නැහැ...” කළමනාකරු කොක් හඬනඟා සිනාසෙන්න විය.
“මොනවා.... එහෙම බැහැ අපි පිටි පස්සට ගිහින් බලමු...” තරුණයා යෝජනා කළේය.
“මොනවා බලන්නද හා... හා යමුකෝ.”
කළමනාකරු අසුනින් නැඟිට පිටුපස තිබූ කාමරයට ගියේය.
තරුණයන් දෙදෙනාද ඔහු පසුපස ගියේය.
කලිසම මඳක් ලිහිල් කළ කළමනාකරු පස්ස පැත්ත බලන්න ඉඩකඩ දුන්නේය. මුලින් තරුණයා පසුපස පරීක්‍ෂා කොට “ආ උඹත් බලපන්” කොට මොඩල් තරුණයාට කීය. ඔහුද ක්‍ෂණිකව ඇවිත් පසුපස බැලීය. “හරි දැන් උඹ බැලුවනේ. හ්ම් ගනින් මගේ රුපියල් දහ දාහ.” තරුණයා කොට මොඩල් තරුණයාට කීවේය.
ඔහු මුහුණ ඇඹුල් කරගෙන රුපියල් දහදාහක් ගැන තරුණයා අත තැබීය.
ගනුදෙනුව අවසන් කළ කොට මොඩල් තරුණයා ඉක්මනින් එතැනින් පිටව ගියේය.
“සර් එක්ක අල්ලපු ඔට්ටුව මම පරාදයි. මෙන්න මගේ රුපියල් පන්දාහ.” තරුණයා රුපියල් දහදාහෙන් පන්දාහක් ගැන කළමනාකරු අත තැබීය.
“හැබැයි අර කොටා එක්ක අල්ලපු ඔට්ටුව මම දිනුම්.”
“තමුසේ මොනවා කියලද කොටා එක්ක ඔට්ටු ඇල්ලුවේ....? කළමනාකරු කලබලයෙන් ඇසුවේය.
“මම කොටා එක්ක 10,000ක් ඔට්ටු ඇල්ලුවා බැංකු කළමනාකරු කලිසම ගලවලා පස්ස පෙන්නනවා කියලා. සර් උෟට පස්ස පැත්ත පෙන්නුවානේ....” තරුණයා කීය.
කාමරයේ ෙදාර ළඟට ගිය තරුණයා මෙසේ පැවැසීය.
“සර් හෙමිහිට කලිසම ඇඳගෙන එන්න. මම බැංකුවේ රුපියල් පන්දාහ තැන්පත් කරලා යන්නම්. බායි සර්!”
බිංගිරිය - බන්ධුල හේරත්

0 comments:
Post a Comment