facebook like

සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා................... මට චණ්ඩිකම් කරන්න

අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්‍රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්‍රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා. ‘   ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.

අර සේනාවක කෙහෙල්මලකට ගියේ ඇයි.. – විමල් අහයි...... ගෝඨා දුන් උත්තරය මෙන්න

යුද ජයග‍්‍රහණයෙන් පසුව උතුරට දේශපාලන නායකත්වයක් දීමට සුදුසු කිසිවකු ආණ්ඩුව තම ජාතික ලැස්තුවට ඇතුළත්කර නැතැයිද ඉන් පෙනී යන්නේ යුද ජයග‍්‍රහණයෙන් පසුව ආණ්ඩුව රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ගමන සූක්‍ෂ්ම න්‍යාය පත‍්‍රයක් අනුව ස්ථානගත නොකිරීම යැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පසුගියදා රත්නපුර නගර ශාලාවේදී පැවැති ‘විය යුත්තේ කුමක්ද?’ යන සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද අවධාරණය කළේය.

‘‘මෑත ඉතිහාසය තුළ මේ රට අසීරු අභියෝග ජය ගත්තෙ එහි තිබෙන අවදානම හා අනතුර දකින, ඊට එරෙහිව සටන් වදින මහා ජන බලවේගයක් මේ මහ පොළොව මත නිර්මාණය වූ නිසයි. එහෙම නොවුණා නම් මේ රට අද දෙපළු වූ රටක්. එසේම මේ රට විදේශ බලවේගයන්ගේ පදයට නැටවෙන ඔවුන්ගේ තිප්පොළක් බවට පත් වී අවසානයි. ඒ තත්ත්වයෙන් මේ රට මිදුණේ දේශමාමක බලවේග සාම්ප‍්‍රදායික රජුන් තනන්නන් නොමැතිව එදා ඓතිහාසික ජනවරමක් නිර්මාණය කළ නිසයි. 2005 ජනවරම වැඩි ඡන්ද 180,000කින් ලැබූ ජන වරමක් වුවත් එම ජනවරමින් වැඩි ඡුන්ද ලක්‍ෂ 10 – 15 ලබා ගත් ජනවරමකින් කිරීමට නොහැකි වූ දේ කළා.

‘සාම රෙද්දෙන් රටේ බෙල්ල කැපීම’

2005 ජනාධිපතිවරණයට එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදය හෝ සහයෝගය ඇතිව නොවේ. අපේක්‍ෂත්වය දුන්නෙත් ‘එපා වාහෙට හොදි බෙදෙනවා’ වගේ. අපේක්‍ෂාව වූයේ ඉල්ලන්න දීලා පරදවන එක. තොන්ඩමන්ලා, හකීම්ලා වැනි සාම්ප‍්‍රදායික රජුන් තනන්නන් එදා ජාත්‍යන්තර උවමනාව අනුව රනිල් වික‍්‍රමසිංහ දිනවන්න කටයුතු කළා. මේ සියල්ල මැද්දේ මේ රටේ දේශමාමක බලවේග 2005 ඓතිහාසික ජයග‍්‍රහණය සනිටුහන් කළා. 2005 ජනවරමෙන් අපේක්‍ෂා කළේ කුමක්ද? පාවාදීමේ ඊනියා සාම ක‍්‍රියාදාමය නතර කොට රට තුළ සැබෑ සාමය ස්ථාපිත කිරීම, ‘සාම රෙද්දෙන් රටේ බෙල්ල කැපීම’ නතර කිරීම, නැවත මේ රටේ ඒකීයභාවයට පණ දීම, එක ජාතික කොඩියක් යටතේ ජීවත් වන රටක් හැදීම යන ඉලක්ක සපුරා ගැනීමයි. මෑත ඉතිහාසයේ ජනවරමකින් අපේක්‍ෂා කළ පරමාර්ථයක් මුදුන්පත් වූවා නම්, එසේ මුදුන්පත් වූ ප‍්‍රමුඛතම ජනවරම තමයි 2005 ජනාධිපතිවරණ ජනවරම. අවුරුදු 04කින් කොටි ත‍්‍රස්තවාදය අවසන් කළේ ඒ ජනවරමින්.

ඒ අනුව පැහැදිලියි, 2005 ජනවරම මෑත ඉතිහාසයේ වෙනස් ජනවරමක් බව. 2005 ජනවරම ලැබුණේ සියයට දශම ගණනකින්. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා ලෙස 49%කුත් දශම ගණනක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තා. නමුත් වැදගත් වන්නේ දශම ගණනක ප‍්‍රතිශතයකින්ද දිනුවේ. විශාල ප‍්‍රතිශතයකින්ද දිනුවේ, කියන එක නොවෙයි. ඒ ජනවරමින් අපේක්‍ෂා කළ පරමාර්ථය ඉටු වූවාද, නැද්ද, යන්නයි.

මහා සමාජ සංවාදයක් ඇතුළෙයි 2005 ජනාධිපතිවරණ වැඩපිළිවෙළ හැදුණේ. මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබුණේ ඒ සමාජ සංවාදයේ තමන්ට අදාළ ස්ථානයේ හිට ගැනීම පමණයි. එතුමා හරි තැන හිටගත්තා. එමතින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. 2005 ජනාධිපතිවරණයට කලින් සමය කියන්නේ මහා සමාජ කතිකාවතක් තුළින් මතු වූ නිවැරදි ස්ථාවරය මත ජනාධිපතිතුමන් හිට ගැනීමක්. 1956 බණ්ඩාරනායක අගමැතිතුමා කළෙත් ඒක. ඔහු බටහිර සිට ආවා. ටයි කෝට් ගැලෙව්වා. ජාතික ඇඳුමට බැස්සා. ඒ වන විට ජාතික බලවේග විසින් ගොඩනගා තිබූ නිවැරදි සමාජ මතවාදය හා හිටගත්තා. 1956 පෙරළියෙන් මේ සමාජයට විවිධ ජයග‍්‍රහණ ගෙනාවා. ඒ අනුව 1956දී හා 2005දී සමාජය තුළ ගොඩනැගුණු ගැඹුරු සමාජ කථිකාවන් මගින් බිහි වන ජාතිකවාදී බලවේගයන් සමග සිටගත් නායකයන් ජයග‍්‍රහණය කළා වගේම රටට ජයග‍්‍රහණත් ලබා දුන්නා. නමුත් 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනි මහා සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැහැ. යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයෙන් මුළුමහත් රටම ප‍්‍රමෝදයට පත්වී සිටි නිසා එවැනි කතිකාවතක් නිර්මාණය වීමට වටපිටාවක් ද තිබුණේ නැහැ. එම ප‍්‍රමෝදය විසින් 2010 ජනාධිපතිවරණයෙන් වැඩි ඡුන්ද 18 ලක්‍ෂයක ජයක් ලැබුණා.

නමුත් යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය විසින් අත්‍යවශ්‍ය සමාජ සාකච්ඡවකට තිබුණු ඉඩකඩ අහුරා තිබුණා. ඒ නිසා පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැ`ගන්න  ඕන ගමනක්, සීමිත සංවාදයක් තුළ ගොඩනැගුණා. ඒ අනුව 2010 ජනවරම පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගුණු තර්කානුකූල ප‍්‍රතිඵලයක් නොවෙයි. ‘දිනාගත් සාමය ඇතුළේ මව්බිම ගොඩනැ`ගිය යුත්තේ කෙසේද? ‘ප‍්‍රමුඛතා ලැයිස්තුව කුමක්ද? උපක‍්‍රම මොනවාද?’ යන මහා කතිකාව තුළ පෝෂණය වුණු ජනවරමක් නොවෙයි එදා 2010 ජනවරම. මම මේ කරුණු පෙන්වා දෙන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, තේරුම් ගත යුතු කරුණක් විදියට. කෙසේ නමුත් එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍යය යළි ගොඩනැංවීමේ න්‍යායපත‍්‍රය අසම්පූර්ණ න්‍යාය පත‍්‍රයක් බවට පත් වුණා.

‘උදේම ජෝඩු දාලා ආවේ කවුද?’

2005 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ලැබුණාට පසුව පසුදා උදෑසන 08:00ට පමණ මම, ජවිපෙ දැන් ඉන්න නායකයා සමග අරලියගහ මන්දිරයට ගියා. විශාල පිරිසක් එතැන හිටියා. අපි ජනාධිපතිතුමන් සමග කතාබහක යෙදී සිටින විට දෙන්නෙක් කඩාගෙන, පිඹගෙන ආවා. එක්කෙනෙක් පී. බී. ජයසුන්දර මහත්තයා. අනෙක් කෙනා පලිහක්කාර මහත්තයා. ඔහු පසු කලෙක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. මේ දෙන්නාම 2005 ජනාධිපතිවරණ කාලයේ දකින්න ලැබුණේ නැහැ. අරලියගහ මැදුරේ පඳුරක් අයිනකවත් හිටියේ නැහැ. නමුත් මෙන්න, ජනාධිපතිවරණය දිනුවාට පස්සේ උදේම ජෝඩු දාලා මේ අය අරලියගහ මන්දිරයට එනවා. මේ දෙන්නා හදා ගෙන ඇවිත් තිබුණා, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නිවේදනයක්. මේ නිවේදනය තමයි, ජනාධිපති ලෙස තේරී පත් වුණු මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජාත්‍යන්තර ප‍්‍රජාවට නිකුත් කරන නිවේදනය. අපටත් ඒ දවස්වල ඉඳලාම මේ අයගේ ක‍්‍රියා කලාපය ගැන ඉවක් තියෙනවානේ. ඉතිං අපි අරන් බැලූවා ඒ නිවේදනය. ඒකෙ තියෙනවා, ‘නෝර්වේ රජය සමග ඇතිකර ගන්නා ලද සාම ක‍්‍රියාදාමය, නොනවත්වා ඉදිරියට ගෙන යාමට මාගේ රජය කැප වනු ඇත, සාකච්ඡුා මාර්ගයෙන්, සාමකාමී ප‍්‍රවේගයකින් මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම මාගේ රජයේ එකම අභිප‍්‍රාය වනු ඇත’ රනිල් වික‍්‍රමසිංහ දිනපුවාම ගහන්න  ඕනෙ නිවේදනය තමයි මේ දෙන්නා ‘ඩ‍්‍රාෆ්ට්’ කරගෙන ඇවිල්ලා තිබුණේ.

දිනපු ගමන් බාල්දි පෙරළන්න බැහැනේ. අපිත් බලාගෙන හිටියා මොකද වෙන්නේ, කියලා. ජනාධිපතිතුමා මේක අතට අරගෙන බැලූවා. මම අර කලින් කියපු වාක්‍ය දෙක ඉවත් කරන්න කියලා එතුමා මේ දෙන්නාට කිව්වා. කියලා ඉවර වෙලා, අපි දෙන්නා දිහාට හැරිලා සිනා වෙවී කීවා, ‘මේ වාක්‍ය දෙක මම ඉවත් කළේ ජවිපෙ කීව නිසා නොවෙයි හොඳේ’ කියලා. ඒ දවස්වල කතාවක් තිබුණානේ, ජනාධිපතිතුමා මොක කළත් ජවිපෙන් අහලා කරන්නේ කියලා. ජනාධිපතිතුමා මේක නොදැක්කා නම්, අපි ඒක පෙන්වා දෙන්න ඉඩ තිබුණා. නමුත් කවර ලෙසකින් හෝ මේ නිවේදනය තිබුණු ආකාරයටම ගියා නම් මොකද වෙන්නේ? ජවිපෙ සහ ජනාධිපතිතුමා සමග පැවැති සම්බන්ධය ඊට පසුවදාම බිඳ වැටෙනවා. මම අහන්නේ, මේ දෙන්නා මේ ලියුම් කඩදාසිය අරගෙන ආවේ නොදැනද? මේ නිවේදනය ලියන්න කියලා මේ දෙන්නට කියුවේ කවුද? මම බැසිල් රාජපජෂ මහත්තයාගෙන් ඇහුවා, ඔහු කියලත් නැහැ. ජනාධිපතිවරණ මෙහෙයුමේ හිටපු කිසිවකු කියලා තිබුණේ නැහැ, මෙවැනි දෙයක් ලියන්න කියලා. දෙන්නා, ලියාගෙන, හදාගෙන අත්සන් කරන්න විතරක් ආවා. මට එදා තේරුණා ‘අයියලා දෙන්නා කාටද සේවය කරන්නෙ’ කියලා.

ලෝකයේ තියෙන ‘පතෝලම භාෂාව’

මේ වෙලාවේ පලිහක්කාර මහත්තයා ගැන කියන්න තවත් කාරණයක් තියෙනවා. එයා පී. බී. තරම්ම රාජ්‍ය සේවයේ අපකිර්තිමත් චරිතයක් නොවෙයි. යම් තරමකට ගරු කටයුතු සේවයක් කරපු කෙනෙක්. එතුමා දැන් මිය ගිහිල්ලා. එතුමා ගැන අපට අහිතක් නැහැ. නමුත් මේ සිදු වූ දේ කිව යුතුව තිබෙනවා. එතුමා එක් දිනක් ජනාධිපති මන්දිරයට ආවා. ඔහු ගෙනවිත් තිබුණා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සහ රජය අතර අත්සන් කිරීමට අදාළ නිවේදනයක්. බැසිල් රාජපක්‍ෂ මහත්තයා මාවත් සම්බන්ධකර ගෙන ඒක බැලූවා, දැන් ඔය විපක්‍ෂය කියන වාක්‍ය ටික ඒ නිවේදනයේ තිබුණා. විපක්‍ෂය හිතන්නෙ පලිහක්කාර මහත්තයා හදා ගෙන ආපු එක තමයි රජය අත්සන් කළේ කියලයි. නැහැ, ඒක වෙනස් කළා. ‘එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කිරීමට ශ‍්‍රී ලංකාව එක`ග වනු ඇත’ කියලා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පලිහක්කාර මහත්තයා ලියා ගෙන ආවා නම්, අපි ඒක වෙනස් කළා, ‘එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව රටේ පවත්නා නීතිය අනුව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා රජය කැපවේ’ කියලා. ඒ කියන්නේ කවුරු හරි පොලීසියට මේ ගැන පැමිණිල්ලක් දැම්මොත් ඒක විමසා බලලා උසාවිය තීන්දුවක් දෙනවා. ඒක කොහොමත් රටේ නීතිය අනුව ක‍්‍රියාත්මක වන දෙයනේ.

ඉහත නිවේදනය වෙනස් කළ බව නොදැන තමයි මේ විපක්‍ෂය, ආණ්ඩුව එක්සත් ජාතීන් සමග පරීක්‍ෂණයකට එක`ග වුණා, කියලා කියන්නේ. රාජ්‍යතාන්ත‍්‍රික භාෂාව කියලා කියන්නේ ලෝකයේ තියෙන ‘පතෝලම භාෂාව.’ කිසිම අදහසක් නිශ්චිත නොවන, ඒ පැත්තට හිත සතුටු වන විදියට එහෙට අර්ථ කථනය කරගත හැකි, මෙහෙට හිත සතුටු වන විදියට අපට අර්ථකථනය කරගත හැකි, භාෂාවක් තමයි රාජ්‍යතාන්ත‍්‍රික භාෂාව. ඒ භාෂාවෙන් නිශ්චිතව කියලා තිබුණු ඒවා, අපි ‘එලොවටත් නැති, මෙලොවටත් නැති ඒවා’ බවට පත් කළා. බැසිල් රාජපක්‍ෂ මහතා ඒක අමාරුවෙන් කළා. 2010 ජනවරම ලැබෙන කොට මෙහෙම අයත් ආණ්ඩුව ඇතුළට රිංගලානේ. ඉතිං 2010 ජනවරමෙන් පස්සේ රට ගොඩනැංවීමේ න්‍යායපත‍්‍රය ඇතුළේ පී. බී. ජයසුන්දරලාගේ අදහස්, අපේ අදහස් වගේම, වෙනත් අදහසුත් ඇතුළත් වෙලා තියෙනවානේ. ඒක වළක්වන්නත් බැහැ එදා යුද ජයග‍්‍රහණයෙන් පසුව කාගෙත් ඇස් නිලංකාර වෙලානේ තිබුණේ. ඒ නිසා 2010 ජනවරමට පසුව සැබෑ ලෙසම ක‍්‍රියාත්මක විය යුතුව තිබුණු රට ගොඩනැංවීමේ නිවැරදි න්‍යාය පත‍්‍රය සැකසුණේ නැහැ.

ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ ‘මරු බඞ්ඩක්’

යුද්ධයෙන් පසුව ගෙවුණු අවුරුදු 05 තුළ දෙමළ ජාතික සන්ධානයට උතුරේ ජන සමාජය කෙරෙහි එල්ල කිරීමට හැකි දේශපාලන බලපෑම අපි තවමත් දුර්වල කරලා නැහැ. ඒකට සුවිශේෂ වැඩ සැලැස්මක් ආණ්ඩුවෙන් ආවෙත් නැහැ. බලන්නකෝ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුව. යාපනයෙන්, මුලතිව්වලින් කිසිවකු හෝ කොටි විරෝධී දෙමළ ප‍්‍රභූ පවුලක තරුණ පුතකු හෝ අපි ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවාද? එහෙම අය දාලා ඒ අය ජාතික ලැයිස්තුවේ තියාගෙන ඔවුන්ගේ නායකත්වයෙන් හදන පාර, වැව, ජල යෝජනා ක‍්‍රමය ඇතුළු යටිතල පහසුකම් ගැන සංවාදය උතුරේ ජනතාව වෙත ගෙන ගියාද? නැහැ. තවමත් අර ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා විතරයි. ඇයි එතනින් එහාට නොගියේ? ජාතික ලැයිස්තුවේ දැන් ඉන්න අය හැම දෙනාම නරකයි කියා මට කියන්නේ නැහැ. නමුත් අර ජාතික ලැයිස්තුවේ ඉන්න රාජිව් විජේසිංහ කියනවා, ‘යුද අපරාධ පරීක්‍ෂණයට ඉඩ දෙන්න  ඕනෙ’ කියලා. මංගල සමරවීර ‘යුද අපරාධ පරීක්‍ෂණයට ඉඩ නොදීම’ පිළිබඳ විවාදයේදී කතා කරන්නේ පත් කළ මන්ත‍්‍රී රාජිව් විජේසිංහගේ ලිපියක් උපුටා දක්වමින්. ඒ ලිපියෙන් රාජිව් විජේසිංහ කියනවා ‘ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවේ මේ, මේ විදියට පොරොන්දු වී ඇත. ඒවා ඉටු කළ යුතුව ඇත. ඒවා ඉටු නොකර සිටීමෙන් රට අවුලෙන් අවුලට වැටේ’ කියලා. මංගලට  ඕනෙ එක රාජිව් කියපුවාම පසුව ‘මෙන්න රාජිව් මෙසේ කියා ඇත’ කියලා මංගලලා උපුටා දක්වනවා. ඔන්න ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ එක ‘බඞ්ඩක්’. අස්වර් මන්ත‍්‍රීතුමා නම් ඔහුට ලබාදුන් මන්ත‍්‍රී ධුරයට සාධාරණය ඉටු කරනවා. කමලා රණතුංග මැතිනිය, මාලිනී ෆොන්සේකා මැතිනිය වැනි අයත් ජාතික ලැයිස්තුවේ සිටිනවා. ඒ වගේම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය ජී. ඇල්. පීරිස් වැනි දේශපාලනඥයන්ද ඒ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ සිටිනවා.

කෙසේ වුවත් යුද්ධයෙන් දිනූ රටේ, උතුරේ පොළොවට දේශපාලන නායකත්වයක් දීමට සුදුසු කිසිවකු ආණ්ඩුව මේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර නැහැ. මේ කාරණයෙන් පෙනෙන්නේ නැද්ද, ‘රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ගමන, සූක්‍ෂ්ම න්‍යාය පත‍්‍රයක් ඇතිව යළි ස්ථානගත කළේ නැහැ’ කියා. මම මේ සරල උදාහරණයකින් ඒක පෙන්වා දුන්නේ. අවසානයේ ‘උතුරට කාපට් පාර ගියා, ඒ පාරෙ සම්බන්ධන්ලා ගියා. ඡුන්ද ටී. එන්. ඒ. එකට ගියා.’ ඇයි එහෙම වුණේ? ආණ්ඩුවට උතුරට නව දේශපාලන නායකත්වයක් හැදීමේ සැලැස්මක් නොමැති වූ නිසයි. එක පාරට උතුරට නව නායකයන් හදන්න බැහැනේ. ඒකට කාලයක් යනවානේ. ඒ නිසයි, උතුරට එවැනි නව නායකත්වයක් හදා ගැනීමේදී ජාතික ලැයිස්තුව යොදා ගත යුතුව තිබුණේ. පාර හැදෙන කොට උතුරේ ජනතාවට මතය යා යුතුයි, මේ නව නායකයන්ගේ ඉල්ලීම අනුවයි අපේ පාර හැදෙන්නේ කියලා. ඒ නව නායකත්වය නොමැතිව පාර හැදුවා. අවසානයේදී ටී. එන්. ඒ. එක කීවා, ‘සිංහල ආණ්ඩුව අපට කරපු විපතට අනුව මේවා හදලා දිය යුතුයි’ කියලා. එහෙම කියලා ඒකත් හරියට ඒ ගොල්ලන්ගේ බෙදුම්වාදී සටනින් ලැබුණු දෙයක් විදියට උතුරේ ජනතාවට පෙන්වා දුන්නා. ‘උතුරු වසන්තය’ ගියාම, යටිතල පහසුකම් හැදුනාම ‘දේශපාලන වසන්තයක්’ වුණේ නැහැ. ‘නැෙ`ගනහිර උදානය’ ගියාම, යටිතල පහසුකම් හැදුනාම ඒක ‘දේශපාලන උදානයක්’ වුණේ නැහැ. නැෙ`ගනහිර නම් නැත්තෙම නැහැ. හැබැයි එතැනත් හොඳටම ඒක සිදු වුණේ නැහැ. ඒ අනුව පැහැදිලි වෙන්නේ ආණ්ඩුව ආ ගමනේ මෙවැනි දුබලතා පිළිබඳව පුළුල් කතිකාවක් ඇති නොවුණු බවයි. ඒ නිසයි අපි කියන්නේ කඩිනමින් දැන්වත් ඒ දුබලතා නිවැරදි කර ගැනීමේ ගමනක් ඇරඹිය යුතුයි, කියලා.

‘චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ආර්ථිකය සෘණ කළා, පී. බී. ජයසුන්දර භාණ්ඩාගාරය හිස් කළා. ඒ හින්දා මේකෙ ඉන්නෙ බැහැ’ කියලා එස්. බී. දිසානායකලා පරිවාසය ගැහුවාට පසුව ආණ්ඩුවෙන් යන්න ගියා. අද එස්. බී. ඇමතිතුමා ‘පුංචි බණ්ඩා’ වෙනුවෙන් ‘කඬේ ගියාට’, ඒ දවස්වල ‘පුංචි බණ්ඩාගේ’ බෙල්ලෙන් අල්ලලා ගහන්න ගියා ‘ආර්ථිකය සෘණ කළා’ කියලා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ආර්ථිකය සෘණ කරපු නිසා, රනිල්ගෙන් පී. බී. ට ලැබුණා පර්ක් ආයතනයේ සභාපතිකම.

‘මිලින්ද මොරගොඩ’ කියන්නෙ කවුද?

පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්, මිලින්ද මොරගොඩගෙ අමාත්‍යාංශයේ උපදේශක වුණා. මිලින්ද මොරගොඩ කවුද? හොඳ සී. අයි. ඒ. නියෝජිතයෙක්. අපට ‘හොඳ’ නොවෙයි සී. අයි. ඒ. එකට හොඳ නියෝජිතයෙක්. මම පසුගිය දවසක ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ඇහුවා, ‘ඇයි ඔබතුමා අර සේනාවක කෙහෙල්මලකට වැලිගම ගියේ. ඒකනේ අර නරක නාමයක් ඔබතුමාගේ ඇෙග් ගෑවුණේ’ කියලා. ආරක්‍ෂක ලේකම්තුමා දුන්නු පිළිතුර තමයි ‘මට මිලින්දනෙ යන්න කියලා කියුවේ.’ මිලින්ද මොරගොඩ තමයි ආරක්‍ෂක ලේකම්තුමාව හමු වෙන්න ‘උලමා සභාව’ එක්කරගෙන එන්නේ. ඒ මිලින්ද මොරගොඩම තමයි, අර සේනාවේ අර උත්සවයට යන්න කියලා කියන්නෙත්. මම ඇහුවා, ඊට පස්සේ, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ‘මිලින්ද මොරගොඩ කියන්නේ කවුද කියලා ඔබතුමා දන්නේ නැද්ද?’ කියලා. ඒක අතුරු කතාවක්. හැබැයි මේ සියලූ කාරණා තුළින් මම පෙන්වා දුන්නේ විවිධ සතුරු කල්ලි ආණ්ඩුව තුළට රිංගලා සිටින බවයි. ඔවුන් තමයි ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය වෙනසකට යාමට ඉඩ දෙන්නෙ නැත්තේ’’

මෙම සම්මන්ත‍්‍රණය ජානිපෙ රත්නපුර දිස්ත‍්‍රික් නායක, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර මහතාගේ මුලසුනින් පැවැත්වුණු අතර එයට සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාත් උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය දම්පහළ සීලානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන නමින්ද අනුරප‍්‍රිය, අකිල එල්ලාවල, වරුණ ලියනගේ, අනුර අලගියවන්න යන මහත්වරුද රත්නපුර දිස්ත‍්‍රික් එජනිස පළාත් පාලන මන්ත‍්‍රීවරු රැසක්ද සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

මේ රටේ ක්‍රියාත්මක බව කියන මුස්ලිම් අන්තවාදී සංවිධාන මොනවාද?

බේරුවල හා අලුත්ගම සිදුවීම් ගැන සිදුකරන පරීක්ෂණ තවම අවසන් නැත. මේ සිදුවීම් සමගින් යළිත් කරළියට පැමිණියේ  අන්තවාදී සංවිධාන රට තුළ ක්‍රියාත්මක වන බවට ඇතිවෙමින් තිබූ මතවාදයයි. බොදු බල සේනාව ඇතුළු සංවිධාන අන්තවාදී සංවිධාන ලෙසින් හඳුන්වාදෙන්නේ මුස්ලිම් සංවිධානයි. ඒ අතරම ඇතැම් පිරිස් බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධානවලට ඇඟිල්ල දිගු කරන්නේ එම සංවිධානද අන්තවාදී සංවිධාන ලෙස හඳුන්වා දෙමිනි.
බොදු බල සේනාවේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කලක සිටම කරන චෝදනාවක් වන්නේ මේ රට තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන රැසක් රහසේ ක්‍රියාත්මක වන බවයි. උන්වහන්සේ මෙම චෝදනාව කරනුයේ කලකට ඉහත ජාත්‍යන්තර ‍පොලීසිය  ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ අදහසක්ද පදනම් කරගනිමිනි. ලංකාව තුළ අන්තවාදීන් ක්‍රියාත්මක වන බවට ජාත්‍යන්තර ‍පොලීසිය මෙසේ කරුණු අනාවරණය කර තිබුණි. ඥානසාර හිමියන් පවසන්නේ එය ලංකාවේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බව තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් බවයි.
“අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කලාපයේ සිදුවන දේ සමග එම තත්ත්වයන් විග්‍රහ කරන විටදීයි. ජාත්‍යන්තර ‍පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු අනුවත් ලංකාවේ අන්තවාදීන් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. ජිහාඩ් මතවාදයන් පතුරවන වහාබ්වාදී ආගමික සංවිධාන මේ වන  විට රට තුළ ක්‍රියාත්මක  වෙනවා”ඥානසාර හිමියෝ පවසති.
ඥානසාර හිමියන්ගේ ඇඟිල්ල දිගුවන්නේ තවුෆික් ජමාඩ්, ජමාතේ ස්ලාම්, ඉහ්වාන් මුස්ලිම් වැනි සංවිධාන වෙතය. මෙම සංවිධානවල සාමාජිකයන්  නොයෙක් අරාබි රටවල පුහුණුව ලබා ලංකාවට පැමිණෙන බවත්, මුස්ලිම් සමාජය ඔවුන්ගේ මතවාදයට ගොනු කරගැනීමට ඔවුන් සැලසුම් සහගතව කටයුතු කරන බවත් ඥානසාර හිමියෝ චෝදනා කරති. ඒ සඳහා විවිධ රටවලින් මුදල් ලබාගන්නා බවත්, ලංකාව මුස්ලිම් රටක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ඔවුන් කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කරති.
මේ අතර ජාතික හෙළ උරුමයද බොදු බල සේනාවට සමාන අදහසක් ඉදිරිපත් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කිරීමෙන් පසුව මුස්ලිම් සමාජය තුළින් අන්තවාදී සංවිධාන මතුවී ඇතැයි ඔවුන් ද පවසයි.  මීට වසර පහළොවකටවිස්සකට පෙර මුස්ලිම් සමාජයේ පැවැති ඇවතුම් පැවැතුම් මේ වන විට වෙනස්වී ඇති බවත්, අරාබියේ මෙන් ඇඳුම් පැළඳුම් පවා වෙනස්වී ඇති බවත් හෙළ උරුමය කියයි. එයට හේතු වන්නේ අන්තවාදීන්ගේ බලපෑම්ය යන්න  හෙළ උරුමයේ චෝදනාවයි. ලංකාවේ සමාජයෙන් වෙන්වූ පිරිසක් ලෙස මේ අන්තවාදීන් කටයුතු කරන බවද මේ නිසා සමාජය විශාල බෙදීමකට ලක්වීමේ අවදානමක් ඇතැයිද හෙළ උරුමය පෙන්වාදෙයි. එසේ සමාජයේ ඇතිවන බෙදීම කාලයත් සමග බෙදුම්වාදයකට තල්ලුවිය හැකිය යන්න හෙළ උරුමයේ විශ්වාසය බව පෙනේ.
“මුස්ලිම් සමාජයේ මීට පෙර සිටියේ දේශපාලන නායකයින්. මේ දේශපාලන නායකයින් තමයි මුස්ලිම් සමාජයට බලපෑම් කළේ. එදා අශ්රෆ්ලා සිටියා. අද හකීම්ලා, රිෂාඩ් බදියුදීන්ලා, අසාද් සාලිලා දේශපාලන නායකයින් ලෙස සිටිනවා. ඒත් මේ දේශපාලන නායකයින්ට මුස්ලිම් සමාජයට කළ හැකි බලපෑම දැන් බොහෝ දුරට අඩුවෙලා. ඒ වෙනුවට දැන් මුස්ලිම් සමාජයට බලපෑම් කරන්නේ අන්තවාදී ආගමික සංවිධානයි. මේ සංවිධානවල සිටින්නේ කවුද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒවායේ සිටින නායකයින් රහසිගත නායකයින්”ජාතික හෙළ උරුමයේ ප්‍රචාරක ‍ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ චෝදනා කරයි.
පසුගිය කාලයේදී බොදු බල සේනාව සමග ගැටුම් ඇතිකරගත්තේ මේ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබෙන අන්තවාදී සංවිධාන බවද ඔහු පෙන්වා දෙයි. එම සංවිධාන විශාල වශයෙන් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන බවද, ඊට අමතරව පුත්තලම, බේරුවල මධ්‍යස්ථාන කරගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද වර්ණසිංහ සඳහන් කරයි.
“මේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණයත් සමගයි. මේ අන්තවාදීන්ට විදේශ ආධාර ගලා එනවා. ඒ වගේම දැන් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණි පිරිස් සිටිනවා. පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිට පැමිණි සරණාගතයින්ගෙන් ඇතැමුන් විදේශ රටවල සිටින මූලධර්මවාදීන් සමග සම්බන්ධතා පවත්වනවා. මොවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටිනවා. ජාත්‍යන්තර ‍පොලීසිය සඳහන් කරන ආකාරයට අන්තවාදීන් ලංකාව ඔවුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන කටයුතු කරනවා. ලංකාව ඔවුන්ට ආරක්ෂාකාරී තැනක් බවට පත් කරගෙන සිටින ඔවුන් මෙය නිහඬ තිප්‍පොළක් කරගෙන සිටිනවා. තබ්ලික් ජමාඩ් නමැති සංවිධානය  නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළුවූ නවක මුස්ලිම් සිසුන් අටසියයකට පමණ අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා. මෙම සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය  ආගමට අනුවදැයි සොයා බැලීමට ඇති ජමියතුල් උලමා සංවිධානය පවා මේ ගැන නොසලකා සිටීම කනගාටුවට කරුණක්.”  වර්ණසිංහ තවදුරටත් චෝදනා කරයි.
මෙම අන්තවාදී සංවිධාන සමාජයේ පැවැත්මට හා සහජීවනයට තර්ජනයක් වන නිසා ඒවා තහනම් කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව සොයා බැලීම රජයේ මෙන්ම බුද්ධි අංශවලත් වගකීම විය යුතු යැයිද ඔහු පෙන්වා දෙයි.
“මේ සංවිධානවල ක්‍රියාකාරීත්වය රටට බරපතළ ලෙස බලපානවා. මේ නිසා තමයි මේවා තහනම් කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ.” ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. “මෙම අන්තවාදී සංවිධාන ඉතාමත් සූක්ෂමවයි කටයුතු කරන්නේ. අපි මේ ගැන අවිහිංසාවාදීව පෙන්වා දෙන විට ඇතැම් අය අපිට අන්තවාදී ‍ලේබල හා ත්‍රස්තවාදී ‍ලේබල අලවන්න හදනවා. ඒත් රහසිගතව ක්‍රියාත්මක වන මේ සංවිධාන ගැන ඔවුන් කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය තවත් දුරදිගයාමට පෙර අපි කියන දේ ගැන සොයා බලන්න ඕන. මේ හාමුදුරුවෝ කියන දේ ඇත්තද බොරුද කියලා සොයා බලන්න ඕන.”
බොදු බල සේනාව විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කිසියම් ප්‍රමාණයකට සැලකිල්ලක් දක්වා තිබෙන බවද ඥානසාර හිමියෝ කීහ.
බොදු බල සේනාව ඇතුළු සංවිධාන වෙනත් පාර්ශ්වයන්ට ඇඟිල්ල  දිගු කරන විට බොදු බල සේනාව දෙසටද ඇතැමුන් ඇඟිල්ල දිගුකරන්නේ එයද අන්තවාදී සංවිධානයක් බවට චෝදනා කරමිනි. ජනතාව කුපිත කරවමින් බොදු බල සේනාව අන්තවාදී ලෙස හැසිරෙන බවට චෝදනා කරන්නේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිය. අලුත්ගම හා බේරුවල සිදුවීම්වලදී ජනතාව කුපිත කරවමින් කටයුතු කළ බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් යැයි ඔහු චෝදනා කරයි.
බොදු බල සේනාවේ චෝදනාවට ලක් වන තවුෆික් ජමාඩ් සංවිධානයේ ‍ලේකම් අබ්දුල් රසීක් ගෙන්ද අපි මෙම චෝදනා පිළිබඳ අදහස් විමසා සිටියෙමු. ඔහු පවසන්නේ සිය සංවිධානය අවිහිංසාවාදී සංවිධානයක් බවය. ‍ලේ දන්දීමේ කඳවුරු පවත්වමින්, සමාජ සේවා කටයුතු කරන සිය සංවිධානය රටට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි. එහෙත් මුස්ලිම් පල්ලිය හරහා ජනතාවට කියාදෙන මුස්ලිම් ආගමට වඩා වෙනස් දෙයක් සිය පදනම කරගෙන සිටින බව ඔහු පිළිගනී. මේ වන විට තිබෙන ඉස්ලාම් ආගමික සංකල්පයන් වූ කලී පිරිසිදු සංකල්පයන් නොව විවිධ කාලවලදී එක්වූ අලුත් මතවාදීමය අදහස් සමග වෙනස් වූ සංකල්ප බව පවසන ඔවුන් කියා සිටින්නේ නබි නායකතුමන් දේශනා කළ පිරිසිදු ධර්මය වෙනුවෙන් තමන් පෙනී සිටින බවය. එහෙත් රටේ නීතියට විරුද්ධව කිසි විටෙකත් කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි.
රටේ ආරක්ෂාවට, සාමයට තර්ජනයක් වන මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කිසියම් පැමිණිල්ලක් අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇතිදැයි අපි බොදු බලසේනා සංවිධානයෙන් විමසා සිටියෙමු. බොදු බලසේනාව ‍පොලීසියට ගොස් වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් දැනුවත් කළ යුතු අදාළ අංශ දැනුවත් කර ඇතැයි එහි ‍ලේකම් ඥානසාර හිමියෝ කීහ. උන්වහන්සේ පවසන්නේ ‍පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා හමුවී කළ සාකච්ඡාවලදී මේ ගැන ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බවය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට මෙම අන්තවාදී සංවිධාන කටයුතුකරන විටදී පැමිණිලි ලැබෙන තෙක් බලා සිටිය යුතු නැතැයිද ඥානසාර හිමියෝ සඳහන් කරති.
බොදු බලසේනාව වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් ආගමික ගැටුම් පිළිබඳ සොයා බැලීම සඳහා මෑතදී පත් කරන ලද විශේෂ ‍පොලිස් ඒකකයට ආගමික ගැටුම් පිළිබඳ පැමිණිලි 64ක් ලැබි තිබුණි. අන්තවාදී ආගමික සංවිධාන පිළිබඳ පැමිණිලි 42ක්ද එයට ඇතුළත්ය. පහරදීම් පිළිබඳ පැමිණිල 22ක් ඊට අමතරව ලැබි තිබුණි. ආගමික ගැටුම් පිළිබඳ සොයා බලන මෙම විශේෂ ‍පොලිස් ඒකකය පවසන්නේ මෙයින් පැමිණිලි දහයක් විසඳා අවසන් කර ඇති බවය. බෞද්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් මෙන්ම වෙනත් ආගම්වලට සම්බන්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් ද මෙම පැමිණිලි ඉදිරිපත්වී තිබුණි.
පසුගිය දිනවල හටගත් ආගමික ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළකරන බොහෝ මැදිහත් පාර්ශ්ව පවසන්නේ බොදු බලසේනාව වැනි සංවිධාන පවසන ආකාරයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳ නිසි පියවර ගැනීම රජයේ වගකීම බවයි. එවිට වෙනත් සංවිධානවලට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සිදු නොවන බවද මේ පිරිස් මතු කරන තර්කයකි. අප මේ තර්කය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ අදහස් දැනගැනීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කරන්නේ බොදු බලසේනාව යනු තවත් එක් සංවිධානයක් පමණක් වන නිසා ඔවුන් කියන ආකාරටයම ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බවයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  බොදු බලසේනාවේ අදහස් පමණක් නොව අනෙකුත් ආගමික සංවිධාන ඉදිරිපත් කරන අදහස් පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇති බවය.
ඒ වගේම මේවා ගැන මහා නායක හිමිවරුන් වැනි පාර්ශ්ව මොනවද කියන්නේ කියලාත් අපි බලන්න ඕන. දැන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ එක එක සිදුවීම් පිළිබඳවයි. ඉතින් එවැනි සිදුවීම් ගැන පැමිණිලි ලැබුණ විට ඒ සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අංශවලට අපි උපදෙස් ලබාදෙනවා. ඒ ගැන පරීක්ෂණ  පවත්වනවා. ඉතින් රජය මේ සම්බන්ධයෙන් කිසිවක් නොකරනවාය යන්න පිලිගත හැකි කාරණාවක් නොවෙයි. අනික ආණ්ඩුවක් ලෙස කිසිදු අවස්ථාවකදී අන්තවාදයකට ඉඩ නොතබන බවත් මෙහිදී ස්ථිර වශයෙන්ම සඳහන් කළ යුතුයි”  කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කීවේය.

සංජය නල්ලපෙරුම

පෙම්වතා සමග විවාහ වු නිසා හිස කඳින් වෙන් කරයි

තමන් කැමති පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා පවුලේ ඥාතීන් අතින් ඝාතනයට ලක්වූ යුවලක් පිළිබඳ තවත් අනුවේදනීය පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වේ. සජ්ජාඩ් අහමඩ් හා මුආවියා බිබි නම් මේ යුවලගේ විවාහයට මනාලියගේ පවුලේ පාර්ශවය විරුද්ධ වී ඇත. පසුව විරුද්ධත්වය මැද විවාහ වූ පසු මනාලියගේ ගමට පැමිනෙන ලෙස ආරාධනා කර ඥාතීන් විසින් දෙදෙනාවම ගැට ගසා හිස කඳින වෙන් වන සේ කපා මරා දමා ඇත. ඝාතනයෙන් අනතුරුව ඝාතකයින් පොලීසියට භාර වී ඇත.

බොහෝ විට මෙසේ ඝාතනය සිදු කරන්නේ පියා සහ සහෝදරයන් හෝ පියාගේ සහෝදරයන් විසිනි.

පාකිස්ථානයේ මෙසේ වසරකට තම කැමැත්ත මත විවාහ වන කාන්තාවන් 5000කට අධික පිරිසක් මරා දමන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙවැනි සිද්ධීන් ඇසින් දුටුවද ඒවා ගැන කිසිවෙක් සැලකිල්ලක් නොදක්වන්නේ ඒවා පාකිස්ථානයේ සාමාන්‍ය සිදුවීම් නිසාය! පාකිස්ථානු මානව හිමිකම් කොමිසම පවසන්නේ තමන්ට ගිය වසරේ වාර්තා වී ඇත්තේ මෙවැනි ඝාතන 869ක් පමණක් බවයි!

තාක්ෂණයෙන් පරමාණු බලශක්තිය ලබා ගැනීමට තරම් දියුණු වුවද පාකිස්ථානයේ ජන සමාජය පවතින්නේ ඉතාමත් ම්ලේච්ඡ මට්ටමකය. කොළ අතු නොඇන්දත් තවමත් ගෝත්‍රික සමාජ පවතින එහි පිරිමින් සිතන්නේ කාන්තාවන් යනු තමන්ගේ වුවමනාකම් වෙනුවෙන් ජීවත් විය යුතු පිරිසක් බවය. ඒ නිසාම ඔවුහු කිසිදු අයිතිවාසිකමක් නොදී කාන්තාවන් ලිංගික හා ගෙදර දොර අවශ්‍යතා සඳහා පමණක් තබා ගැනීමට කටයුතු කරති. ඔවුන්ගේ ඒ අයිතිය ඔවුන් විසින්ම නිර්මාණය කළ සංස්කෘතියෙන්ම තහවුරු කරගෙන තිබේ. එයින් පාකිස්ථානයේ යුක්තිය පසිඳලන අධිකරණය ඇතුළු නීති අංශ වලට පමණක් නොව මානව හිමිකම් ගැන පිහිටුවා ඇති ආයතන වලට පවා ගැලවීමට නොහැකි වී තිබේ.

බුද්ධ පුත්‍රයන් සහ දේශපාලන පුත්‍රයන්

මිනිසා උපතින්ම දේශපාලන සත්ත්වයෙකැයි කීවේ ඇරිස්ටෝටල්ය. ඒ ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේදීය. මේ කතාව ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ උපන් සිදුහත් කුමාරයාටත් අදාළය. කුමාරයා ශාක්‍ය වංසයේ උපදින්නට පස්මහබැලුම් බැලුවේ ඒකය. බැරි වෙලාවත් සිදුහත් කුමාරයා චණ්ඩාල කුලයේ ඉපදුනානම්, ගෞතම බුදුන්ගේ ධර්මය මේ තරම් පිළිගැනෙන්නේ නැතිවන්නටත් ඉඩ තිබිණි.

කොසොල් රජතුමා ගෞතම බුදුන්ගේ උපදෙස් පිළි නොගන්නටත් ඉඩ තිබිණි.
සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වීමෙන් පසුවත් දිගටම දේශපාලනය කළේය. දස රාජ ධර්මය දේශනා කළේත්, ජාති-කුල භේද ප්‍රතික්ෂේප කළේත්, අහසින් ලක්දිවට වැඩමකොට මණිඅක්ඛිත නා රජ පවුලේ 'මැණික් පුටුවේ' ගැටුම විසඳන්නට උන්වහන්සේ කටයුතු කළේත් ඒකය.
මේ විසි එක්වැනි සියවසයි. මේ සියවසේ ලංකාවේ භික්ෂුන් වහන්සේද විවිධාකාරයෙන් දේශපාලනය කරති. රාජ-රාජ මහාමාත්‍යාදීන්ට අනුශාසනා කරති. ඒ අතරේ ජාතිවාදය අවුළුවති. 'දැන් ගහගන්නට හොඳම වේලාව' යැයි කියා ජනතාව කුලප්පු කරති. තම-තමන්ගේ ගුරු හාමුදුරුවරුන්ටත් පාරේ බැහැලා යන්නට නොහැකි ආකාරයට වචන හසුරුවති. තවත් භික්ෂුන් වහන්සේ අනුන්ගේ කොන්ත්‍රාත් හෝ පෞද්ගලික වාසි නිසා තමන් විසින්ම අත-පය කපා ගනිති. ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා ඇතැම් භික්ෂුන් වහන්සේ මේ අබුද්දස්ස කාලයේ හැසිරෙන්නේ එසේය.
"ඡන්දය දුන්නත් දේශපාලනය බෑ. අපේ නිකායේ භික්ෂුවකට දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුර ගලවා තියලා දේශපාලනයට යන්න පුළුවන්. එහෙම නැතිව දේශපාලනය කළොත් අවවාද දී නිකායෙන් නෙරපනවා."


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි හිමියන් කියන මේ කතාව කොයි-කවරදාටත් වඩා අද මේ රටට ගැළපෙන්නේය.
"සමහර හාමුදුරුවරුන් මහනායක හාමුදුරුවන්ටත් වලංගු නෑ. මහනායක හාමුදුරුවන්ගෙ තියෙන මහනායක තනතුරේ වටිනාකම කෝ...?"
එසේ විමසන්නේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනාහිමි කොස්ගොඩ සුභූති හිමියන්ය.
බුද්ධ දේශනාවට අනුව බුද්ධ පුත්‍රයන්ට ජාති, කුල භේද නැත. බුද්ධ පුත්‍රයන් සියලු දෙනාටම එකසේ සැලකිය යුතුය. ඇමැතිවරුන්ට එක් හැන්දකිනුත්, දුප්පත් ජනතාවට තවත් හැන්දකිනුත් බෙදීම බුද්ධ පුත්‍රයන්ට අකැපය. බුද්ධ දේශනාවේ කියැවෙන්නේ අවිහිංසාවාදී ගුණය පිළිබඳවය. අන්‍ය ආගම්වලට ගරු කිරීම, අන් මත ඉවසීම, සහෝදරත්වය යන මේවා ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ එන ඉගැන්වීම්ය.


එහෙත් අද ඇතැම් භික්ෂුන් වහන්සේ හැසිරෙන්නේ අවිගත් මාර සෙනෙවියන් පරිද්දෙනි. උන් වහන්සේ කාගේ හෝ අවශ්‍යතාවක් මත වැඩකරන දේශපාලන පුත්‍රයන් වුණාට, බුද්ධ පුත්‍රයන් නම් නොවන්නේම යැයි ඇතැමකුට තර්ක කළ හැකිය. අනෙක් අතට මහා නායක හාමුදුරුවන්ට තම තමන්ගේ නිකායවල ගෞරවය බේරා ගැනීමේ වගකීමක් ඇත. එහෙත් උන් වහන්සේද මේ ප්‍රශ්නවලදී ප්‍රමාණවත් අයුරින් මැදිහත් වන බවක් පෙනෙන්නේ නැත.
"දැන් ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෝ වම්හ. දැන් අපට රිසිසේ කටයුතු කළ හැකිය."


ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිටියදී සුභද්‍ර නම් භික්ෂුව පැවැසූ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනාවක්ද පැවැත්විණි. මේ ආකාරයට ධර්මය රැක ගැනීමට අවශ්‍ය නම් ඇතැම් ශ්‍රමණ වේශධාරින් පලවා හරින්නට නම් මේ සියවසේදී දිනපතා ධර්ම සංගායනා පැවැත්විය යුතුව තිබේ. මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශය සහ ඒ අමාත්‍යංශය භාර ඇමැතිවරයා වන අගමැතිවරයා තමන්ට මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා ගැනීමට අවශ්‍යවූ විට වහාම ධර්ම සංගායනාවක් කළ යුතු යැයි කියයි. භික්ෂුන් වහන්සේට විනය මාලාවක් පැනවිය යුතු යැයි කියයි. මෙතෙක් නම් ඒවා මේ මහ පොළොවේ සිද්ධ වුණේ නැත. සැප සම්පතින් පිරි ජීවිතයක් ගත කරන්නට, ලක්ෂ ගණනින් සල්ලි අත ගාන්නට සහ අනෙක් පන්සලට වඩා තමන්ගේ පන්සල වැඩි දියුණු කිරීම ගැන ඇරෙන්නට වෙනත් දෙයක් ගැන සිතන්නටවත් අකැමැති නායක හිමිවරු පිරිසක්ද දේශපාලකයන්ගේ වාසියටම මේ රටේ පහළ වී සිටිති.
අලුතින් විනය නීති, ධර්ම සංගායනා අවශ්‍ය නැත. කළ යුත්තේ සැබෑ බුද්ධ පුත්‍රයන් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ දහම අනුව කටයුතු කිරීමයි. එවිට දහමත් රැකෙන්නේය. දේශපාලනයත් රැකෙන්නේය. මේ කරුණු තේරුම් ගත් 'බුද්ධ පුත්‍රයන්' රටට අවශ්‍ය වී තිබේ.

වෛද්‍යවරයාගේ මරණයට බිරිද චමරි රසිකා දෙනුවන්ත ලියනගේ රිමාන්ඩ්

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන දිනේන්ද්‍ර අතුකෝරල (34)  මැරීයැයි සැකපිට ඔහුගේ බිරිය  චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ ජූලි 16 පර්ත් ස්ටර්ලිං ගාර්ඩන්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය යුතු බව නියෝග කරමින් රිමාන්ඩ් කරනු ලැබුවාය.
 වෛද්‍යවරියක වන ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ   ඇප අයැදුම්පතක් ඉදිරිපත් නොවීය.
 බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරාල්ඩ්ටන් රෝහලේ සේවය කළ මේ දෙදෙනා අතර ගැටළුවක් තිබූ බවක් තමන් දැන නොසිටියේ යැයි අසල්වාසීන් පොලිසියට කියා ඇත.
දොස්තරට තුවාල සිදුවූයේ කෙසේදැයි සොයාගෙන නැති නමුත් මරණය සිදුවූ ස්ථානයේ තිබූ මිටියක් ගැන ඕස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණ කරයි.
දොස්තර යුවළගේ අසල්වැසියන් පවසා ඇත්තේ ලාංකික යුවළ සිටි නිවසින් කිසිම ශබ්දයක් නොඇසුණු බවයි.
එම තට්ටු නිවාසයේ සිටි කිසිවකු ඔවුන් හරිහැටි හඳුනාගෙන නොසිටි බව පෙනේයැයි , මීට මාස 12කට පෙර ඔවුන් මෙහි පදිංචියට පැමිණ ඇති බව ද අසල්වැසියෝ කියති.සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය   චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත.
දොස්තර අතුකෝරල ජනවාරි 24 වැනි දා ඕස්ට්‍රේලියාවේ ජෙරල්තන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැගෙන ගිය නමුත් මරුමුවට පත් වූ බව ඕස්ට්‍රේලියා පොලිසිය කියයි.
ලබන සිකුරාදා ඇය ජෙරල්තන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය දී ඝාතනයට ලක්ව ඇති දිනේන්ද්‍ර අතුකෝරළ මහතා (34) අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආසි ශිෂ්‍යයෙකි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ඨ සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරම සමත්ව ඇත.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තේය.
දිනේන්ද්‍රගේ පියා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු දැගනැමීමත් සමඟ දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා ශ්‍රී අතුකෝරළ හා රංගන අතුකෝරල යන අය ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
දොස්තර දිනේන්ද්‍ර පර්ත් නුවර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකි.

අන්තිමට තමන්ගෙ ගෑනිවත් 1500කට විකුණපු අරුම පුදුම සැමියෙක්

කුමාරි තමන්ගෙ සැමියත් එකම දරුවත් එක්ක ජීවත් වුණේ පෝද්දල පැත්තෙ ගෙදරක. හරිම අහිංසක විදියට ජීවත් වුණු මේ කුරුලු කූඩුවට කාගෙන්වත් කිසිම බාධාවක් තිබුණෙ නැහැ. උදේ පාන්දර පහමාර වෙනකොට කුමාරි හදලා දෙන කෑම එකත් අරගෙන රස්සාවට යන කුමාරිගේ සැමියා රෑ නවය පහුවෙලා ගෙදර එනකල් ගෙදර ‍ෙදාරේ වැඩපළ කරගෙන, දරුවවත් බලාගෙන කුමාරි හරිම සතුටෙන් ජීවත් වුණා. කුමාරිගෙ සැමියා රැකියාව කළේ උඩුගම ප්‍රදේශයේ ආයතනයක.

මේ විදියට කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණු කුමාරිගේ ගෙදරට පසුගිය සතියේ දවසක කවමදාකවත් දැකලා නැති අමුත්තො දෙන්නෙක් ගොඩ වැදුණා... දැකපු ගමන් පොඩි අමුත්තක් දැනුණත් කතා බහ කරනකොට මේ අමුත්තො දෙන්න කුමාරිට අමුත්තො වුණේ නැහැ... එතකොටත් වෙලාව රෑ 7.00ට විතර වෙලා. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් කුමාරිගේ ගෙදරට ආපු මේ අමුත්තො දෙන්න බිරියයි, සැමියයි කියලා හඳුනගන්න නම් කුමාරිට අපහසු වුණේ නැහැ. හරිම ලස්සනට හැඳ පැලඳගෙන හිටපු කාන්තාව මුලින්ම කුමාරි එක්ක කතාවට වැටුණා.


"නංගී ඔයාගෙ මහත්තය මේසන් වැඩ කරනව නේද? අපි ආවෙ මේසන් බාස් කෙනෙක් හොයාගෙන. අපි හිතුවා ඔයාගේ මහත්තයටම අපේ වැඩෙත් භාර දෙන්න..."
අමුත්තියගේ මේ කතාවත් එක්ක කුමාරිට එක පාරටම අමුත්තක් දැනුණා. කවදාවත් දැකලවත් නැති කෙනෙක් කියන මේ කතාව මොකක්ද කියලා කුමාරි නැවත නැවතත් හිතුවා...


"අනේ අක්කෙ මගේ මහත්තයා මේසන් වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ.... කවුද ඔයාලට එහෙම කිව්වෙ? අනෙක මම නම් ඔයාලව අඳුරන්නෙත් නැහැ." කුමාරි නාඳුනන කාන්තාවට කිව්වා... ඒත් එයා දිගින් දිගටම කිව්වෙ ඒ දෙන්න ආවෙ කුමාරිගේ සැමියා මේසන් බාස් කෙනෙක් කියලා හිතාගෙන එයාව එක්ක යන්න, ඒත් එහෙම නෙවෙයි නම් කොහොම හරි ඒ හරියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක්ව හොයලා දෙන්න කියලා... මේ දෙන්නගෙ කතා බහ අන්තිමට හොඳම යාළුවෝ දෙන්නෙක් කාලෙකින් මුණ ගැහිලා කරන කතා බහක් තරම් සුහද වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අන්තිමේට තමන්ගෙ නම මානෙල් කියලා හඳුන්වල දීපු නාඳුනන කාන්තාව එක්ක තමන්ගෙ දුරකතන අංකය හුවමාරු කරගන්න තරම් කුමාරි ඉක්මන් වුණා.
මේසන් බාස් කෙනෙක් හොයන මුවාවෙන් ආවට කතා බහ කරන කොට මානෙල් කියලා හඳුන්වලා දුන්නු මේ කාන්තාවටවත්, එයාගේ සැමියටවත් යන්න කලබලයක්වත්, බාස් කෙනෙක් ගැන මතකයක්වත් තිබුණේ නැහැ. කොහොමහරි ටික වෙලාවක් ඉඳලා මේ දෙන්න යන්න පිටත් වුණේ හරිම ළෙන්ගතු විදියට ආයෙත් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් සමුදීලයි.


මේ විදියට කලින් දවසේ කතා කරලා ගිය මානෙල් ඊට පහුවදාත් කුමාරිට දුරකතන ඇමතුමක් ගත්තා.
"අනේ නංගි ඉතින් කොහොමද? ඔයා මොකද කරන්නෙ? හස්බන්ඩ් වැඩ වෙන්න ඇති නේද? ඔයාට ගෙදරට වෙලා තනියම ඉන්න කොට පාළු නැද්ද අනේ... මට නම් ජොබ් එකක්වත් නොකර එහෙම ඉන්න බෑ. අනෙක අතට කීයක් හරි එනවා නම් අපිට දෙන්නම හම්බ කරන නිසා දුකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්නෙ...." මානෙල් කුමාරිත් එක්ක කතා කළේ උතුරා ගිය සෙනෙහසක් කුමාරිට මවා පාන ගමන්.... තනියම ගෙදරට වෙලා ඉන්න කුමාරිට මේ කතාවට ආස හිතුණා. ඒත් එක පාරටම කුමාරි කිව්වෙ "ගෙදරට වෙලා වැඩපළ ටිකත් කරගෙන දරුවා බලාගෙන ඉන්න කොට වැඩක් කරන්න තව වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ අක්කෙ" කියලා.
තමන් වටින් ගොඩින් දාන්න ගිය උගුලට කුමාරි එක පාරටම අහු වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්තු මානෙල් කලින් කතා කරපු ස්වරය වෙනස් කරලා තවත් ළෙන්ගතු වෙන ගමන් කුමාරිව රැකියාවක් කරවන්න පෙලඹෙව්වා....


"ඔහොම ගෙදරට වෙලා ඉඳලා හරියන්නෙ නෑ නංගි... බලන්න මේ තරුණ වයසේ තාම ඔයා ඉන්නෙ. ජොබ් එකක් කරලා කීයක් හරි ඉතුරු කරගත්තම ඔයාගෙ පවුලටම ඒක ශක්තියක් නෙ. පාට් ටයිම් ජොබ් එකක් විදියට මම ඕනේ නම් ඔයාට ජොබ් එකක් හොයලා දෙන්නම්. මාත් ඒ වගේ පාට් ටයිම් වැඩ කරලා තමයි අපි එදා ආපු අර අලුත්ම ස්කුටි එක ගත්තෙත්".
මානෙල්ගෙ යාප්පු වදන් කුමාරිව මෙල්ල කළේ ඔන්න ඔය විදියට. අන්තිමට කුමාරි මානෙල්ගෙ ගැටේට අහු වුණා. එයාටත් සල්ලිවල වටිනාකම ගෙදර අගහිඟකම් වැඩි වැඩියෙන් ඒ වෙලාවෙ දැනෙන්න ගත්තා. සැමියගෙන්වත් අහන්න කලින් මානෙල් කියපු රස්සාව මොකක්ද කියලා දැන ගන්න ඒ වෙලාවෙ කුමාරිට තිබුණේ පුදුම උනන්දුවක්.


"ඉතින් අක්කෙ ඕක මට ගැළපෙන රස්සාවක්ද? මොකක්ද ඉතින් ඔයා ඔය කියන පාට් ටයිම් ජොබ් එක" කුමාරි ඇහුවෙ ටිකක් පුදුමෙන් වගේ. දෙන්නත් එක්ක එකතු වෙලා අටවපු උගුලෙ කට ළඟටම අහිංසක මුවැත්තියක් ළඟා වෙනවා දැකපු මානෙල්ට සතුට ඉහිලුම් නැතිව ගියා... එයාට ඕන වුණේ කොහොම හරි මේ ගොදුර ඩැහැ ගන්න.
"ඉන්නකො නංගි, මට වඩා හොඳට මේ ජොබ් එක ගැන දන්නෙ අයිය තමයි. ඔන්න එයාගෙන්ම විස්තරේ අහන්නකො" කියලා දුරකතනය තමන්ගෙ සැමියට දීපු මානෙල් ඉස්සරහට තව කරන්න තියෙන දේවල් ගැන සැලැසුම් කරන ගමන් මේ දෙන්නගෙ කතාවට ඇහුම්කන් දුන්නා.


මෙච්චර වෙලා බිරියව ඉදිරියට දාලා උගුල් අටවපු මානෙල්ගෙ සැමියා මෙහෙයුමට බැස්සෙ ඒ වෙලාවේ.
"නංගි මේක අමාරු දෙයක් නෙවෙයි. ඔයාට තියෙන්නෙ උදේට ගාල්ලට යන්න විතරයි. අපි ඔයාට කස්ටමර් කෙනෙක් හොයලා දෙනවා. ඒ එක් කෙනෙක්ගෙන් අපි ඔයාට රුපියල් දාහක් දෙනවා. ඕනෙ නම් දවසට හතර දෙනෙක් වුණත් ඔයාට හොයා දෙන්න පුළුවන්. ගාණ තීරණය වෙන්නෙ ඉතින් ඔයාගේ උනන්දුව මත තමයි. මේ රස්සාවෙන් නංගි ඔයාට ඔයාගේ මහත්තය එන්න කලින් රුපියල් තුන් හාරදාහක් වුණත් දවසකට හොයාගෙන ගෙදර යන්න පුළුවන්".
මානෙල්ගෙ සැමියා දුරකතනය ගත්තු ගමන් කියවගෙන කියවගෙන ගියේ කුමාරිට වචනයක්වත් කියන්න ඉඩ තියන්නෙ නැතිව.
එක පාරටම ඔළුවට කඩාගෙන වැටුණු මේ කතාවයි මානෙල්ගෙ සැමියා කියපු කතාවයි නිසා කුමාරි මොන තරම් බය වුණාද කියනවා නම් ඒ වෙලාවෙම දුරකතනය විසන්ධි කරලා දැම්මා. ඒත් මානෙල්වත් එයාගේ සැමියවත් අතට ආපු වාසිය අහක දාන්න පසුබට වුණේ නැහැ. ඒ දෙන්නා දිගින් දිගටම කුමාරිගේ දුරකතනයට කතා කළා. ඒත් ඒ එකකටවත් කුමාරි පිළිතුරු දෙන්න ගියේ නැහැ. ඔය වෙලාවේ තමයි එයාට තේරුණේ එයා වැටෙන්න ගිය උගුලේ තරම.
තමන්ගේ සැමියා එනකල් නොඉවසිල්ලෙන් හිටපු කුමාරි සැමියා ගෙදරට ආපු ගමන් කලින් දවසෙ ගෙදරට ආපු අමුත්තො දෙන්න ගැනයි, උදේ ආපු දුරකතන ඇමැතුම ගැනයි සේරම විස්තර සැමියත් එක්ක කිව්වා. මේ දෙන්නම ඒ වෙලාවේ තීරණය කළා තමන්ව නොමනා ක්‍රියාවකට පොලඹවන්න උත්සාහ කරපු මේ ජාවාරම්කාර යුවළව පොලිසියට අල්ලලා දෙන්න ඕන කියලා.


මේ සිද්ධිය ගැන පෝද්දල පොලිසියේ පැමිණිල්ලක් දැම්මට පස්සේ අර යුවළ පිටුපස පොලිසියේ ඉව කැරකෙන්න පටන් ගත්තා. මේ මොනම දෙයක්වත් ගැන ඒ තරම් හිතුවේ නැති මානෙල්ලා හිතුවේ ඒ දුරකතන ඇමතුම ගැන කුමාරි කාටවත් කියන එකක් නැහැ කියලා... පෝද්දල පොලිසියේ ස්ථානාධිපති කීර්තිසිංහ ලියනගේ මහතාගේ මෙහෙයවීම උඩ මේ සිද්ධිය ගැන පොලිස් පරීක්‍ෂණ කෙරීගෙන යන අතරෙම මානෙල්ලත් තවත් උගුලකට මාන බලමින්ම තමන්ගේ රාජකාරිය වුණු ගැහැනු ජාවාරම ජයටම කරගෙන ගියා. ඒත් මේ දෙන්නට හොරෙන් පොලිස් කොස්තාපල්වරයෙක් උපාය දූතයෙක් විදියට මේ දෙන්න පසුපස යවන්නත් ස්ථානාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා කියලා මානෙල්වත් එයාගේ සැමියවත් දැනගෙන හිටියේ නැහැ.


ඔය විදියට මානෙල්ලව අල්ලන්න සැලැසුම් කරපු පොලිසිය මේ උපාය දූතයා හරහා මානෙල්ගෙ සැමියට දුරකතන ඇමතුමක් ගත්තා. ඒ ඇමතුමෙන් කිව්වේ තමන්ට ගණිකාවකගේ සේවය අවශ්‍ය වෙලා තියෙනවා කියලා... ඇමතුම දීපු ගමන්ම ක්‍රියාත්මක වුණු මානෙල්ගෙ සැමියා කිසිම බයක් සැකක් නැතිව ගනුදෙනු කතා කරගත්ත හැටි පොලිස් කොස්තාපල්වරයාගේ දුරකතනයේ පටිගත වෙනවා කියලා මානෙල්ගෙ සැමියා දැනගෙන හිටියේ නැහැ.
"රුපියල් 2,500ක් තමයි ගාණ. ඊට වඩා නම් අඩුවෙන් දැන් මේවා කෙරෙන්නෙ නැහැ..." මෙහෙම කියපු ජාවාරම්කාරයව කොහොම හරි හෙට්ටු කරලා හෙට්ටු කරලා 1,500කට කැමැති කරවගත්තු කොස්තාපල්වරයා එන්න ඕන කොතැනටද කියලා එයාගෙන් ඇහුවා.


"හරි මල්ලි, ඔයා පෝද්දල හන්දියට හවස 2.00ට එන්න. මම මල්ලීව ගෙනයන්න එතැනට එන්නම්". මානෙල්ගෙ සැමියා සුරංග කොස්තාපල්වරයාට කිව්වා... කියපු විදියට හරියටම හවස දෙක වෙනකොට කොට කලිසමක් ඇඳගෙන කනේ කරාබුවක් දාගත්තු හැඩි දැඩි තරුණයෙක් පෝද්දල මංසන්ධියට ඇවිත් තිබුණා. එතැනට ඇවිත් මානෙල්ගෙ සැමියා සුරංගට දුරකතන ඇමතුමක් ගත්තු තරුණයා තමන් ඉන්න තැන කිව්වා.
"අයියා මම ඇවිත් ඉන්නෙ".
"හරි මල්ලි මම විනාඩි දෙකෙන් ඔතැනට එනවා" දෙන්නම මුණ ගැහෙන හැටි කතා කර ගත්තා. වැඩි වෙලාවක් ගියෙ නෑ වේගයෙන් ආපු යතුරුපැදියක් උපාය දූත හැඩි දැඩි තරුණයා ඉස්සරහ නතර කළා.


තමන්ගෙ ජාවාරමේ අන්තිම මිනිත්තු කිහිපය තමයි මේ ගෙවෙන්නෙ කියලා නොදැන හිටපු සුරංග උපාය දූතයව තමන්ගේ යතුරුපැදියේ නංවාගෙන කෙළින්ම ගියේ තමන්ගෙම ගෙදරට... ගෙදරටම ගිහින් තමන්ගෙ බිරියව රුපියල් 1,500කට විකුණපු මානෙල්ගෙ සැමියා ඒ මුදල ගන්නවත් එක්කම මේ අයට නොදැනෙන්න ඔවුන් පසුපස ආපු පොලිස් නිලධාරීන් මේ ගැහැනු ගනුදෙනුවේ ප්‍රධාන ජාවාරම්කාර මානෙල් - සුරංග යුවළව අත්අඩංගුවට ගත්තා.
ගාල්ලේ ජනප්‍රිය පාසලක ඉගෙන ගන්න ගමන් පෝද්දල ප්‍රදේශයේ පාසලක ඉගෙන ගත්තු මානෙල් එක්ක පෙම් සබඳතාවක් පටන් ගත්තු සුරංග මවුපියන්ගේ අකැමැත්ත උඩම අවුරුදු 4ක් ප්‍රේම කරලා කසාද බැඳගත්තු ආදරණීය බිරියවම සල්ලාලයෙක්ට විකුණන්න යද්දි අන්තිමේ පොලිස් අත්අඩංගුවට පත් වුණා... මේ සිද්ධිය වෙන්න අවුරුද්දකට කලින් තමන්ගේ ජංගම දුරකතනයට ආපු ඇමතුමක් නිසා වයස්ගත කෙනකුගේ ඕනෑ එපාකම් පිරිමහපු මානෙල් අන්තිමේ මේක තමන්ගේ රැකියාව කරගෙන සැමියත් එක්ක හවුල් වෙලා තවත් අසරණියක් තමන් වැටුණු වළේ දාන්න යද්දි සුරංගත් එක්කම පොලිසියට අහුවුණා...
කොහොම වුණත් මානෙල්ගෙ ශරීරය විකිණීමේ වෙළෙ¼දාමත්, සුරංගගේ ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයත් බොහොම දියුණුවට කරගෙන ඒ අය ඉක්මනින් පෝසත් වෙන්න හැදුවත් අන්තිමේ ඔවුන් දෙදෙනාටම සිද්ධ වුණේ නීතියේ රැහැනට හසුවෙන්න.


චාමිකා මුණසිංහ



ඇමතිකම ලොකු නෑ - රාජිත කියයි.........................මේ භික්ෂුවගේ ගෝත්‍රික කතා වලින් පේන්නේ එයාගේ සදාචාරයයි

ශ්‍රී ලංකාවට 2004දී බලපෑ සුනාමි ව්‍යවසනයෙන් ගොඩ ඒමට හෙල්පින් හම්බන්තොට සංවිධානයට ලැබුණු විදේශාධාර විශාල ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන දේශපාලන චරිතයක් බවට පත් වී සිටී.

අලුත්ගම හා බේරුවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සෘජුව තම මතය ප්‍රකාශ කළ ඔහු එහි තවත් පියවරක් ඉදිරියට තබමින් සති අන්ත පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී තම ස්ථාවරය පැහැදිලි කර ඇත.

''මගේ දේශපාලනය අවසන් කරන්න ඔය කාටවත් බෑ. මම කරපු දේශපාලන වැරද්දකින් මිස මගේ දේශපාලනය අවසන් වෙන්නේ නෑ.  ප්‍රතිපත්ති වෙනස් කළ දවසට අපි ඉවරයි.  වමේ නායකයන් සමඟ දේශපාලනය කරපු අපිට මේ ඇමතිකම් ලොකු නෑ. මේ පහර දීමට ආවේ බේරුවල ජනතාව නෙවෙයි. වෙනත් දිස්ත්‍රික්කවල මැරයෝ තමයි ආවේ. කවර හේතුවක් නිසා හරි වගකිව යුත්තන් නීතිය හරියට ක්‍රියාත්මක කරලා නෑ.  නීති විරෝධී රැස්වීම් පවත්වන්න අවසර දීලා මේ වෙච්ච සිදුවීම්වල සම්පූර්ණ වගකිම පොලීසිය බාරගන්න ඕන. යුද ජයග්‍රහණයේ අනිටු ප්‍රතිඵල ලෙස ජාතිවාදය ගොඩනැගෙමින් තියනවා. රටේ සන්නද්ධ අංශත් ජාතිවාදයට නතු වෙලා.''

තවදුරටත් එම සාකච්ඡාවේදී ඇමතිවරයා මෙසේ අදහස් පළ කර තිබුණි.

''මේ භික්ෂුවගේ ගෝත්‍රික කතා වලින් පේන්නේ එයාගේ සදාචාරයයි. බෞද්ධ භික්ෂුවගේ පැවැත්මට එය බරපතල හානියක්. මේ භික්ෂූන් වහන්සේ නෝර්වේ ගිහින් කරපු දේ හා පැමිණි පසු හැසිරුණ විදිය මම දන්නවා. ඔවුන් නෝර්වේ ගියේ ආනී පියටොෆ් නැමති මගේ මිතුරාත් සමඟයි. ඔහු මේ භික්ෂූන්වහන්සේ සාකච්ඡා කිරීම සඳහා මා හමුවන්න කැඳවාගෙන ආවා. තමා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කළේ යැයි මේ භික්ෂුන්වහන්සේ මට කිව්වා. ''

දෙදෙනෙකුට මරු කැඳවූ ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම (Video)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා

කිඹුලාගේ බඩේ හිටිය කෙනා හොයන්න DNA පරීක්ෂණයක් තියයි

ඕස්ට්‍රේලියාවේ කිඹුලකුගේ උදරයේ තිබී හමුවූ මනුෂ්‍ය ශරීර කොටස් අතුරුදන් වූ අයෙකුට  ගැළපේ දැයි එරට පොලිසිය DNA පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. 62 හැවිරිදි මේ තැනැත්තා කකාඩු ජාතික වනෝද්‍යානයේ තම බෝට්ටුව පදිමින් සිටියදී කිඹුලකුගේ ග්‍රහණයට හසුවී තිබේ. අඩි පහළොව හමාරක් දිග මේ සතා එම ප්‍රහාරයෙන් පසු වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කිඹුලන් දෙදෙනාට අයත් වේ.

බේරුවල අලුත්ගම කලබල මැද කෝටි 4 ක රන් මැණික්‌ කොල්ල කෑ 4 දෙනා පොලිස්‌ දැලේ

අලුත්ගම සහ බේරුවල පසුගියදා ඇතිවූ නොසන්සුන් වකවානුවේදී බෙන්තොට සංචාරක පුරයේ මැණික්‌ හා ස්‌වර්ණාභරණ අලෙවි සල් දෙකක්‌ බිඳ රුපියල් කෝටි හතරක්‌ පමණ වටිනා රන් හා මැණික්‌ කොල්ලකා පලාගොස්‌ සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකු පෙරේදා (28 වැනිදා) බෙන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් ජාතිවාදී පිරිසක්‌ ලෙසින් මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකුට අයත් රන් භාණ්‌ඩ අලෙවි සල් දෙක බිඳ භාණ්‌ඩ කොල්ලකා පලා ගොස්‌ තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තර පොලිසිය සහ ඇල්පිටිය බුද්ධි අංශ නිලධාරීන් විමර්ශන ආරම්භ කර එක්‌ සැකකරුවකු ත්‍රිරෝද රථයක්‌ සමග අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් තිදෙනා සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑ ලක්‍ෂ 15 ක පමණ රන් භාණ්‌ඩ සොයාගෙන තිබේ. මෙම සැකකරුවන් මීට පෙර කොල්ලකෑම්වලට සම්බන්ධවී නොමැති බවට හෙළිවී ඇති අතර කලකෝලාහල සිදුකරන මුවාවෙන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව හෙළිකර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර බෙන්තර ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක්‌ සහ දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ වෙති. ඇල්පිටිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ හා බෙන්තර පොලිස්‌ ස්‌ථානාධිපති අශෝක කරුණාරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (28 වැනිදා) බලපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

ජනපති මහින්ද යුද්ධයක් නැති රටක් පාලනය කරන්න දන්නෙ නෑ – මංගල

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද්ධයක් නොමැති රටක් පාලනය කිරීමට නොදන්නා බවත්, තෙවැනිවරටත් ජනාධිපති වීමේ සිහිනය සැබෑ කර ගැනීමට ජාතිවාදී කෝලහාලයක් ඇති කරමින් ඔහු උත්සාහ කරන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ තමන් බුද්ධි අංශ තොරතුරු හෙළි නොකළ බවත් බුද්ධි අංශ සිදු කරන්නේ ඔවුන්ට අදාළ නොවන රාජකාරිය බවත්යි.

‘රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයක් නැති රටක්, කෝලහාල නැති රටක් පාලනය කරන්න දන්නේ නැහැ. ඔහු යුද්ධයක් ඉවර කළා තමයි. නමුත් යුද්ධය නිමාකර ගතවූ අවුරුදු පහ දෙස බැලූවොත් මොනවද පෙනෙන්නට තියෙන්නේ. අද ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් වුණත් කාන්තාවන් වෙන යුද්ධයක් කරනවා ජීවන යුද්ධය වෙනුවෙන්. හොරකම, මැරකම, ජඩකම සියල්ල රජකරනවා.

තුන්වෙනි වතාවටත් ජනාධිපතිවීමේ සිහිනය දකින මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවීමට පුළුවන් වෙන්නේ නැවත වතාවක් මේ රටේ ජාතිවාදී කෝලහාල ඇති කරලා සිංහල බෞද්ධ ජනතාවගේ ගැලවුම්කාරයා හැටියට නැවතත් පෙනී සිටීමට උදවු කළොත් විතරයි කියලා ඔහු සිතනවා.ඒකට තමයි ඔවුන් ක‍්‍රියාත්මක වෙන්නේ.

බුද්ධි අංශය පාවා දුන්නා කියලා මට චෝදනා කරනවා. මම එකක් කියන්න  ඕනෑ. මේ මම කියපු එක නමක්වත් රහසක් නෙවෙයි. නිල රාජකාරි දුරකථන නාමාවලියෙත් මේ නම් තුනම තියෙනවා. ඒක කිසිම රහසක් නෙවෙයි’

තුන්වැනි අපේක්‍ෂකයට බය ඇයි -- උපුල් ජෝෂප් ප්‍රනාන්දු

විජේතුංග එජාපය හැර ගිය ගාමිණී, රොනී, රුක්මන් පමණක් නොව බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුරවත් ඔහු වටේට එකතුකර ගත්තේය. හැබැයි විජේතුංග දකුණින් පරාජය විය. ඔහු ජනාධිපතිවරණයකට යන්න බය විය. ජනාධිපතිවරණයක් වෙනුවට මහ මැතිවරණයක් පවත්වන්න ඔහු තීරණය කළේය.
"මහින්දට වටින්නෙ ජනාධිපතිකමද?
පාප් වහන්සේගේ ලංකා සංචාරයද...?"


මේ ප්‍රශ්නය අහන්න හිතුණේ ජනවාරියේ පාප් වහන්සේ ලංකාවේ සංචාරය කිරීමට නියමිත නිසා ජනවාරියේ පවත්වන්නට නියමිත හදිසි ජනාධිපතිවරණය හකුළා ගන්න ආණ්ඩුවට සිදුවී ඇතැයි කියන කතාව නිසාය. රටක ජනාධිපතිවරණයක් හෝ මොන යම් හෝ ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති වේලාවක පාප් වහන්සේ එරට සංචාරය නොකිරීම සම්ප්‍රදාය ය. ලංකාවට පාප් වහන්සේ දෙදෙනෙක් පැමිණ ඇත. පළමු පාප් වහන්සේ ආවේ 1970 මහ මැතිවරණය අවසන් වී සමඟි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ විගසය. දෙවැනි පාප් වහන්සේ ආවේ 1994 ජනාධිපතිවරණය අවසන් වී 1995 චන්ද්‍රිකා ජනාධිපති පදවියේ දිවුරුම් දුන් විගසය.
මෙහිදී ආණ්ඩුවට තීරණය කරන්න සිදු වී තිබුණේ පාප් වහන්සේගේ සංචාරයට ඉඩ දෙනවාද නැතිනම් ජනවාරියේ ජනාධිපතිවරණය පවත්වනවාද යන දෙකෙන් එකක්ය.
මේ දෙකින් ආණ්ඩුව තීරණය කර ඇත්තේ පාප් වහන්සේගේ සංචාරයට ඉඩ දීම වඩා සුදුසුය කියන එකය. ඒ කියන්නේ පාප් වහන්සේගේ සංචාරය අවසන් වූ විගස ජනාධිපතිවරණයක් කැඳවීමත් ලේසි නැත. හේතුව සිංහල අවුරුද්දය. සිංහල අවුරුදු සමයේ ඡන්දයකට ගොස් ජනතාවගෙන් කුණු බැනුම් අහන්න සිදුවෙන බව ආණ්ඩුව දනී.


මේ හැම දෙයින්ම පැහැදිලි වන්නේ ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයකට යෑමේ අදහස දැන් වෙනස් කරගෙන ඇති බවය.
"ඇයි ඒ...?"
ප්‍රධාන හේතුව සෝභිත හිමි වැනි පොදු අපේක්ෂකයෙක් එයි කියන බයය. එජාප අපේක්ෂක ලෙස රනිල් ඉදිරිපත් වීම ආණ්ඩුවට සැනසීමට කාරණයක් වුවත් සියලු පාර්ශ්ව එකඟ වන්නේ නම් තමා පොදු අපේක්ෂකයා වීමට එකඟ යැයි සෝභිත හිමි ප්‍රකාශ කළ විගස ආණ්ඩුවේ දේශපාලන ගණිතකාරයා වන ඩලස් අලහප්පෙරුම තුන්වැනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි කීවේය.
බළලා මල්ලෙන් එළියට පැන්නේ එවිටය. දැන් ආණ්ඩුව බය වෙලා ඉන්නේ එජාප අපේක්ෂකයාට නොව තුන්වැනි අපේක්ෂකයකුටය. සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තුන්වැනි අපේක්ෂකයෙක් එනවා කිව්වාම චූන් වෙන්නේ ආණ්ඩුවය. 1982 ජනාධිපතිවරණයේ කොල්වින් ආර්. ද සිල්වා එනවා කිව්වාම ජේ. ආර්. උඩ පැන්නේය. 1988 ඔසී අබේගුණසේකර ආවාම ප්‍රේමදාස උඩ පැන්නේය. පුදුමය මේ ආණ්ඩුව තුන්වැනි අපේක්ෂකයකුට බය වීමය.
මේ ආණ්ඩුව 2004 ඉඳලම රනිල්ට ගහන්නේ රනිල් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් කියලාය. රනිල් පිටුපස තානාපති කාර්යාල ඉන්නවා කියලාය. දැන් රනිල් ජනාධිපතිවරණයට එන විට ආණ්ඩුවට රනිල් දේශප්‍රේමී සිංහල බෞද්ධයෙකි. දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයා තුන්වැනි අපේක්ෂකයා නොහොත් සෝභිත හිමිය.
තුන්වැනි අපේක්ෂකයාට බයේ දඟලන මේ ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයකට නොයන බව පැහැදිලිය. පාප් වහන්සේගේ සංචාරයෙන් හදිසි ජනාධිපතිවරණය කල් දමාගෙන ජාම බේරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගයය.


පසුගිය කාලය පුරාම ආණ්ඩුව විපක්ෂය බය කළේ හදිසි ජනාධිපතිවරණයක් එනවා කියමින්ය. ඇත්තටම විපක්ෂය හිටියේ බය වෙලාය. හේතුව මහින්දව පරද්දන්න අපේක්ෂකයෙක් හොයා ගන්න බැරිවය. සෝභිත හිමියන්ගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතිකාව පටන් ගත්තේ මේ කාලයේය. සෝභිත හිමි ජනාධිපතිවරණයට එන බව දැනගත් විගස ආණ්ඩුව බය වෙලා ජනාධිපතිවරණය අකුළා ගන්න හේතු හොයයි.
මෙයින් පේන්නේ ජනාධිපතිවරණය කැඳවන්නත් කලින් සෝභිත හිමි ආණ්ඩුව පරාජය කර ඇති බවය. අද ආණ්ඩුව වැටිලා ඉන්න හැටි දකින කොට මතක් වන්නේ විජේතුංග ජනාධිපතිවරයා දකුණේ පළාත් සභා ඡන්දය ගල උඩ සටනක් කරගන්න ගිහින් වැටුණු වැටිල්ලය. දකුණු පළාත් සභා ඡන්දයට කලින් විජේතුංග හිටියේ වීරයා වගේය. හෙට ජනාධිපතිවරණයක් තිබ්බත් දිනනවා වගේය. විජේතුංග දකුණු පළාත් සභා ඡන්දය පවත්වන්න තීරණය කළේ දකුණ දිනල හදිසි ජනාධිපතිවරණයකට යන්නය. ඒකට විජේතුංග එජාපය හැර ගිය ගාමිණී, රොනී, රුක්මන් පමණක් නොව බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුරවත් ඔහු වටේට එකතුකර ගත්තේය. හැබැයි විජේතුංග දකුණින් පරාජය විය. ඔහු ජනාධිපතිවරණයකට යන්න බය විය. ජනාධිපතිවරණයක් වෙනුවට මහ මැතිවරණයක් පවත්වන්න ඔහු තීරණය කළේය.


"විජේතුංග ඡන්දෙට යන්න බයයි..."
රට වටේම ගියේ ඔය කතාවය. ඒ කතාවෙන්ම විජේතුංගයි ආණ්ඩුවයි දෙකම හාන්සි විය. හදිසි ජනාධිපතිවරණයක් එනවා කිය කියා රටටම ඇහෙන්න අණබෙර ගහපු ආණ්ඩුව ජනාධිපතිවරණය අකුළා ගතහොත් වැටෙන්නේ තඹ සතේටය.
"ඡන්දවලට බය නැති මහින්දත් ජනාධිපතිවරණයකට යන්න බයයි වගේනේ..."
මිනිස්සු කියන්න පටන් ගන්නේ ඔහොමය.




පෙනීම ලැබෙන අරුම පුදුම කණ්ණාඩියක්

ඇසේ පැලඳිය හැකි කුඩා පරිගණකයකින් සමන්විත උපැස් යුවල් ඇස් පෙනීම විශාල වශයෙන් අඩු අන්ධභාවයට ආසන්න වූ පුද්ගලයන්ට පැහැදිලි දර්ශනයක් ලබා දීමට හැකි වන සේ වැඩි දියුණු කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.



අන්ධ පුද්ගලයන් සදහා වූ රාජකීය ජාතික ආයතනය පවසන්නේ මෙම සොයා ගැනීම පුදුමය උපදවන එමෙන්ම වැදගත් සොයා ගැනීමක් බවයි.කුඩා පරිගණකයකින් 
සමන්විත ඇස් කණ්ණාඩි, අන්ධභාවයට ආසන්න, පෙනීම ඉතා දුර්වල පුද්ගලයන්ට පෙනීම ලබා දෙන අයුරින් වැඩි දියුණු කළ විශිෂ්ට සොයා ගැනීමෙහි ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමකටයි.මෙම විශේෂිත ඇස් කණ්ණාඩිය ඉතා කුඩා ප්‍රමාණයේ ත්‍රිමාන කැමරාවකින් යුක්ත වේ.
පැහැදිලි දසුන්
එම ත්‍රිමාන කැමරාව පරිගණකයට සම්බන්ධ වන අතර කැමරාවෙන් ලබා දෙන රූප පරිගණකයෙන් සකස් කර ක්ෂණයෙන් ඇස් කණ්ණාඩිය මත දර්ශනය වීමයි සිදු වන්නේ.අවට පරිසරය පිළිබඳ පැහැදිලි දැනීමක් ලබා දෙමින් අවට සිටින මිනිසුන්ගේ හා වස්තුන්ගේ රූප උසස් තත්වයකින් පෙනීමට සැලැස්වීමයි මේ අපූරු ඇස් කණ්ණාඩියේ විශේෂත්වය.ඇස් පෙනීම ඉතා අඩු අන්ධභාවයට අසන්න පුද්ගලයන් කිහිප දෙනෙකුට තමාට මග පෙන්වන සුනඛ මිතුරා සියැසින් දැක ගැනීමට සැලැස්වීමට තරම් පරීක්ෂණ කණ්ඩායම කාරුණික විය.

ජංගම ප්‍රේමය

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණියක් 63 හැවිරිදි නාකි පොරක් සමඟ පැන ගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන බව මවුපියන්ට දැනගන්නට ලැබී ඇත. අවුරුදු 14 වයසේදී මේ කෙල්ල සමඟ මිත්‍ර වූ වියපත් බඹරා පසුව ඇය හා පැනගොස් ඇත.

දැන් ඉන්න කෙල්ලන් පුදුම අයය. මිනිහා නාකි වුණාට කම් නැත. සල්ලි බාගේ තිබේ නම් එය හොඳටම ප්‍රමාණවත්ය. මේ කෙල්ල මේ නාකිරාල සමඟ පැන යන්නට ඇත්තේ සල්ලි බලාගෙන විය හැකිය.


අපේ රටේ සමහර නාකි පොරවල් හොඳ මනමාලයෝය. ඔවුන්ට අත්දැකීමෙන් ගැහැනුන් වසඟ කරගැනීමේ හැකියාවක් තිබේ. ගැහැනු මෙවැනි නාකින්ට කැමැති ඔවුන් ස්ත්‍රීන් වසඟ කරගැනීමේ කාම ශාස්ත්‍රය හොඳහැටි දන්නා නිසා විය හැකිය.


අප රටේ දේශපාලනඥයෝද හොඳ මනමාලයෝය. ඔවුන්ද විවාහ කරගන්නට කැමැති තමනට වඩා හරි අඩක් බාල ගැහැනුය.
නිදහස් අධ්‍යාපනයෙන් ගම්වලින් බිහිවූ උගතුන් ගම් හැර නගරයට යෑම නිසා අද ගමේ ඉතිරි වී ඇති රස්තියාදුකාරයන් සෙල්ලම් පිස්තෝල අතට අරන් දේශපාලනයට පැමිණ සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර පවසන බව 'මව්බිම' පුවත්පතේ වාර්තාවක් පළ විය.


බලාගෙන යන විට මෙය සහතික ඇත්තය. ළඟදී දිනෙක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ නැරැඹීමට කොළඹ සිට ගිය යූ.ඇන්.පී. නඩයකට හම්බන්තොට නගරාධිපතිවරයා සෙල්ලම් පිස්තෝලයක් පෙන්නා හොඳහැටි පිළිගෙන ඇත. මේ සෙල්ලක්කාරයාට විරුද්ධව පොලිසිය තවම පියවරක් ගෙන නැතැයි එසේ ගිය යූ.ඇන්.පී. නඩය චෝදනා කරයි.


සෙල්ලම් පිස්තෝලයක් පෙන්වීම හිරේ දාන්න තරම් වරදක් දැයි දැන් නගරාධිපතිවරයා ප්‍රශ්න කරයි.
අප හිතවත් ගාමිණී විජිත් විජිතමුණි සොයිසා ඇමැතිවරයාද තමා දේශපාලනයට පිවිසියේ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වමින් බව පසුගියදා ප්‍රකාශ කළේය. දැන් නම් ඔහු ළඟ සෙල්ලම් නොව ලෙල්ලම් පිස්තෝල ඇති බවට සැක නැත.
මොන පිස්තෝල තිබුණත් ඔහුට අලි පොත පරිස්සම් කරගැනීමට බැරි විය. ඒ අලි පොත අලි රජා වූ රනිල් වික්‍රමසිංහ ළඟ ඇති බව අපි ඔහුට කීවෙමු. එහෙත් එය රනිල්ගෙන් ඉල්ලා ගැනීමට සොයිසාට තවම බැරි විය.


රනිල් අලි වැඩ කරන්නේ ඒ අලි පොතේ ඇති හීලෑ නැති අලි මෙල්ල කරන්නටය.
රනිල්ගේ වැඩ කොල්ල සයිස් එකෙන්ය. ඔහු රැස්වීමකට ගිය විට අවුරුදු දහයේ-පහළොවේ කොල්ලන්ට කතා කරන්නේ මල්ලිලා කියාය. මේ හම්පඩ ගැහුණු නාකි පොරක් තමනට මල්ලී යැයි ආමන්ත්‍රණය කරන අයුරු කොල්ලෝ පුදුම වී බලා සිටියහ. ඒ රනිල්ගේ හැටිය.


සෙල්ලම් පිස්තෝලකාරයෝද ලෙල්ලම් පිස්තෝලකාරයෝද දේශපාලනයට පිවිස ජනතාව සූරා කන බව නම් නොකියා නොහැකිය.
ෆේස්බුක් එන්නට පෙර අප රටේ කොල්ලන් කෙල්ලන් ලව් කළේ ජංගම දුරකතනය හෙවත් මොබයිල් ෆෝනයෙනි. එය ආ අලුත බොහෝදෙනාට එය පාවිච්චි කිරීමට පවා ඉඩ සැලසුණේ නැත.


ඒ කාලේ ගාල්ලේ කොල්ලෙක් ළඟ මොබයිල් ෆෝනයක් තිබුණේය. එයට ගැහැනියක් කතා කළාය.
"කවුද කතා කරන්නේ" කොල්ලා විමසීය.
"මම මේ අම්බලන්ගොඩින් රම්‍යා කතා කරන්නේ."
"මගේ නම්බර් එක ඔයාට ලැබුණෙ කොහොමද?"
"ඔයාගේ යාළුවෙක් දුන්නා."
මේ අන්දමට දෙදෙනාගේ ප්‍රේමය ෆෝනය හරහා දියත් විය.
දිනක් 20 හැවිරිදි තරුණයා තම පෙම්වතියගේ වයස විමසීය.
"ඔයාට වයස කීයද?"
"දාසයයි, මාසයයි."


"බොරු නොකිය නියම වයස කියන්නකෝ."
"හරියටම අවුරුදු විසි දෙකයි.
කොල්ලා තීරණයක් ගත්තේය. මට විස්සයි. අවුරුදු දෙකක් වැඩිමහල් වුණාට කමක් නැහැ. ඔන්න ඔහේ බඳිමු. මෙසේ සිතූ ඔහු අම්බලන්ගොඩ ඇය කී ලිපිනයට ගියේය.
තරුණිය දුටු සැණින් ඔහු මවිත විය. ඇයට විසි දෙකක් නොව හතළිස් පහත් පැන ඇති බව පෙනේ. ඇයට දහ අටක දුවක්ද සිටියි.
"මං බොරු කීවෙ ඔයා මාව අතහරී කියල සැකයට. මගේ හස්බන්ගෙන් දික්කසාද වෙලා මම තනිවෙලා ඉන්නේ." ඇය නිදහසට කරුණු කීවාය.
මාසයක් පමණ නිතර ඇගේ නිවෙසට ගිය තරුණයා ඇගේ දියණිය සමඟ සබඳතාවක් ඇතිකර ගත්තේය.
දිනක් අම්මා නැති අතරතුර කොල්ලා ඇගේ දියණිය සමඟ පැන ගියේය.


අම්මාට පතිවතත් නැත. දියණියත් නැත. ඒ මොබයිල් ප්‍රේමයේ හැටිය.
මේ ෆේස්බුක් හුටපටයකි. ෆේස්බුක් මඟින් දැන හැඳිනගත් තරුණියක් බත්තරමුල්ලේ සිටියි. ඇය යහළු වී තිබෙන්නේ දේශපාලනඥයකුගේ පුතකු සමඟය.
"ඔයා මට වඩා ලොක්කෙක්. මං ඔයාට ප්‍රේම කරන්නේ කොහොමද?" තරුණිය ඔහුගෙන් විමසුවාය.
"ප්‍රේමෙට ලොකු පුංචිකම් නෑ. තාත්තා විරුද්ධ වුණත් මං ඔයා බඳිනවා."


ඇයට බැංකු ගිණුමක් තිබේ. එහි රුපියල් ලක්‍ෂ 10ක් ඉතිරි වී තිබිණි.
දිනක් හදිසියේ මන්ත්‍රි පුතා ආවේය.
"මොකද කලබලෙන්?"


"මට හදිසියක් වෙලා. හදිසියේ සතියකට මට ඉන්දියාවට යන්න වෙලා. මේකට තාත්තා කැමැති නෑ. අනේ මට ලක්‍ෂ 5ක් දෙන්න. මං ආපු ගමන් දෙනවා."
තරුණියට ඔහු ගැන සැකයක් නැත. ඇය ලක්‍ෂ 5ක් දුන්නාය.
ඔහු ගියා ගියාමය. යළි ආවේ නැත. ඔහු පිටරට ගියේ තවත් තරුණියක සමඟ බව පසුව අර තරුණියට ආරංචි විය. මන්ත්‍රි පුතුන්ගේ හැටි එහෙමය.

baldiya

බොදු බල සේනාව දෙස කෙළින් බලමු

මෑතක සිට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවත්නා ජාතික අර්බුදයක්‌ ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇත්තේ ආගමික අන්තවාදයන්ගේ අවභාවිතාවන් සම්බන්ධ ජන අර්බුදයි. මේ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්හි ද දෘෂ්ටීන්හි ද පදිංචි වූ පුද්ගලයන් විසින් කෙරෙන අර්ථ දැක්‌වීම හේතු කොට ගෙන අර්බුදය ඒ දිසාවන්ට පාවී යමින් තිබෙනු ද දැකිය හැකිය. අර්බුදය පිළිබඳ නිවැරැදිව වටහා ගැනීමක්‌ නොවීමද නිවැරදි නිර්වචනයක්‌ නොකිරීම ද අර්බුදයට වඩා භයානකය. එහෙයින් මේ පිළිබඳ ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවකි. පාර්ශ්වගත නොවීමද හැඟීම් බර නොවීමද මෙහිලා අත්‍යවශ්‍යය. ජනවර්ගීභාවය, ආගමිකභාවය, වෙනත් විශ්වාස හා ඇදහිලි සම්ප්‍රදායන් හා ආහාර රටාව සාමාන්‍ය ජනවිඥනයෙහි සංවේදීතම කාරණා හෙයින් සෑම පුද්ගලයකුම හා මාධ්‍යයක්‌ම විසින් වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව දෙස පූර්ව නිශ්චිත ද්වේශ සහගත සිතින් බලමින් ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමට මාන බලන එල්. ටී. ටී. ඊ. ඩයස්‌ පෝරාවද ධවල චර්මධාරී බටහිරයන් ද යන ගිජුලිහිණියන්ට මස්‌ කැබලි වන් මෙබඳු අර්බුද මාධ්‍ය විසින් ලොකු කර හුවා දැක්‌වීම ඔවුනට කරන මහත් උපකාරයකි.

සාමාන්‍ය සංවේදී සමාජ අර්බුදයක්‌ සඳහා පරිපාලනමය විසඳුමක්‌ නොලද හා පරිපාලනමය මැදිහත්වීමක්‌ නොලද විටෙක ජනතා මැදිහත් වීමක්‌ සිදු වීම ස්‌වභාවයක්‌ මිස වරදක්‌ නොවේ. පාලක පක්‍ෂය විසින් මේ සත්‍යය හැම තැනකදීම අවබෝධ කරගත යුතුව ඇත. මෑත ඉතිහාසයේ මුස්‌ලිම් අන්තවාදය හා ඊට ප්‍රතිචාර වශයෙන් එළිදැක්‌වුණු ක්‍රියාකාරකම් බැලිය යුත්තේ ඉහත න්‍යායෙනි. රතුපස්‌වල සිද්ධියේදී ජනතාව බලය අතට ගත්තේ දේශපාලන අධිකාරිය හා පොලිසිය සිය වගකීම ඉටු නොකළ විටය. පොලිසිය සිය වගකීම් ඉටු නොකළ හැම තැනකදීම ජනතාව සිය බලය පාවිච්චි කළ බවට නිදසුන් බොහෝය.

බොදුබල සේනාව ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස පූර්ව නිශ්චිත ඉලක්‌කයකට නිර්මාණය වූවක්‌ නොවේ. එල්. ටී. ටී. ඊ. වහාබ් සංවිධානය, ජිහාඩ් යුද්ධ, අල්කයිඩා, තලේබාන් වැනි ත්‍රස්‌තවාදී සංවිධාන නිර්මාණය වන්නේ භූමි ප්‍රදේශයක්‌ අල්ලා ගැනීම, බලය අල්ලා ගැනීම, සම්පත් අල්ලා ගැනීම වැනි ඉලක්‌කයන් සපුරාගැනීම සඳහාය. එබඳු සංවිධාන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම, ක්‍ෂණික හදිසි වැටලීම් සිදු කිරීම, බෝම්බ පිපිරවීම් ආදියෙන් දේපළ හා ජීවිත හානි කිරීම, නීත්‍යානුකූල රාජ්‍ය යාන්ත්‍රණයක්‌ අඩපණ කිරීමත් කරන්නේය. එහෙත් බොදුබල සේනා, සිංහල රාවය වැනි සංවිධාන ක්‍රියාත්මක වන්නේ අර්බුදයකට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වශයෙන් මිස අර්බුදයක්‌ ඇති කිරීම අරභයා නොවේ. මුස්‌ලිම් අන්තවාදය විසින් (සාම්ප්‍රදායික සහෝදර මුස්‌ලිම් ප්‍රජාව විසින් නොවේ.) ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමින් පවත්නා අර්බුදයට ප්‍රමාණාත්මක ප්‍රතිචාර දැක්‌වීමක්‌ නැත. නීතිය ක්‍රියාත්මක වීමක්‌ ද නැත. එබඳු තත්ත්වයක්‌ තුළ ප්‍රජා සංවිධානයන් විසින් සිය වපසරිය තුළ බලය පාවිච්චි කිරීම හා ප්‍රතිචාර දැක්‌වීම ස්‌වාභාවික පුපුරායැමක්‌ මිස අන් යමක්‌ නොවේ.

බොදුබල සේනාවට හා සිංහල රාවයට කළ හැකි කළ යුතු තවත් බොහෝ දේ තිබියදී සහ කරමින් තිබිය දී මෙබඳු සමාජ අර්බුදයන්ට හැඟීම්බරව මැදිහත් වීමටද එබඳු ප්‍රජාවකට නායකත්වය දීමට ද වුවමනාව හා හැකියාව ලැබී ඇත්තේ අදාළ අර්බුදය උදෙසා ප්‍රතිචාර දැක්‌විය යුත්තන් අවශ්‍ය ආකාරයට අවශ්‍ය වේලාවට ප්‍රමාණාත්මකව ප්‍රතිචාර නොදක්‌වන හෙයිනි. බොදුබල සේනාව හෝ සිංහල රාවය ප්‍රාර්ථනා කරන්නේ මෙබඳු අර්බුදයක්‌ පැමිණ අරගලයක්‌ නිර්මාණය කිරීමට නොව මෙබඳු අර්බුදයක්‌ නොපැමිණීමටය. වෘත්තීය අරගල සේමය. වෘත්තීය සමිතියක්‌ හෝ වෙනත් බහුජන අරගලයක්‌ ඇති වන්නේ ඉහත කී සේම අර්බුදයක්‌ විසඳීම සඳහා ප්‍රමාණාත්මක වගකීමක්‌ වගකිව යුක්‌තන්ගෙන් නොවු විට පමණි.

එබඳු තත්ත්වයක්‌ තුළ අර්බුදය හඳුනා නොගෙන ප්‍රතිචාරයට පහර ගැසීම, ප්‍රතිචාර හෙළාදැකීම ප්‍රතිචාරයට විරෝධතා ඉදිරිපත් කිරීම, ප්‍රතිචාර කුදලාගෙන යාමට යෝජනා කිරීම, ප්‍රතිචාරය තහනම් කිරීමට වෑයම් කිරීම කොපමණ යුක්‌තියුක්‌ත දැයි මැදහත් සිතින් සෙවිය යුතුයි.

නුදුරු අතීතයේ එල්. ටී. ටී. ඊ ය විසින් යුද්ධය ඇති කළ විට ශ්‍රී ලංකා රජය කළේ ප්‍රතිචාර දැක්‌වීමය. (එවිට ද සැබවින්ම ප්‍රතිචාර දැක්‌වූයේ ශ්‍රී ලාංකේය සිංහල හා දේශහිතෛෂී දේශපාලන සංවිධානයන්ය.) ශ්‍රී ලංකා රජය යුද්ධ කළේ නැත. බටහිර ධවල රාජ්‍යය හා ඔවුන්ගේ කුලී හේවායන් විසින් ඇති කරන ලද බලහත්කාර යුද්ධය උදෙසා ශ්‍රී ලංකා රජය දැක්‌වූ ප්‍රතිචාරාත්මක ප්‍රතික්‍රියාව වැරදි යෑයි කියන්නේ ක්‍රියාව කළ උන්මය. එය යුක්‌තියුක්‌ත ද? නවනීදන් පිල්ලෙලා, රොබට්‌ ඕ බ්ලේක්‌ලා, එරික්‌ සෝල් හයිම්ලා, බෑන් කී මූන්ලා ක්‍රියාව වැරදියෑයි නොකියා ප්‍රතික්‍රියාව වැරදියෑයි කීම කොතරම් යුක්‌තියුක්‌තද? මුස්‌ලිම් අන්තවාදය විසින් කරනු ලබන ආක්‍රමණික ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා දැක්‌වීම වැරදි යෑයි කීමද එබඳුමය. එහෙත් සිංහල ක්‍රියාවකට මුස්‌ලිම් ප්‍රතික්‍රියාව දැක්‌වීම හා මුස්‌ලිම් ක්‍රියාවකට සිංහල ප්‍රතික්‍රියා දැක්‌වීම යනු අප රටේ දෙකකි. එකක්‌ නොවේ. ක්‍රියාව සිංහලයන්ගේ නම් එය වැරදිය. ප්‍රතික්‍රියාව සිංහලයන්ගේ නම් එය වැරදි ය. මේ කවර න්‍යාය ධර්මයක්‌ දැයි මැදහත්ව සිතා බැලිය යුත්තකි.

පසුගිය දා අලුත්ගම, බේරුවල, දර්ගා නගරය ආශ්‍රිතව සිදු වූ සිද්ධිය බලමු. ස්‌වාමීන් වහන්සේ නමක්‌ ධර්මදේශනාවක්‌ සඳහා වැඩම වන අවස්‌ථාවක මග හරස්‌ කර සිටි පිරිසක්‌ උන්වහන්සේගේ ගමනට බාධා කළහ. එය ක්‍රියාවකි. ඉවත් වන්නැයි කී විට රියදුරුට පහර දුන්හ. එය ද ක්‍රියාවකි. සිද්ධියෙන් පසුව දෙවැනි වතාවට විහාරස්‌ථානයට වඩිද්දීද පහර දුන්හ. එය ද ක්‍රියාවකි. මේ ක්‍රියාවට පොලීසිය ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. දේශපාලන අධිකාරිය ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. ප්‍රාදේශීය ආගමික ක්‍රියාධරයන් ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. ශ්‍රී ලංකාවේ සිටිනවා යෑයි කියන මහානායක, අනුනායක, අධිකරණ නායක, ප්‍රාදේශීය නායක, පළාත් සංඝනායක ආදීන් මෙබඳු ක්‍රියා පිළිබඳවවත් ප්‍රතික්‍රියා දැක්‌විය යුතු යෑයි අප විසින් සිතා සිටි කිසිදු ස්‌වාමීන් වහන්සේ නමක්‌ ප්‍රතික්‍රියා දැක්‌වූයේ නැත. ඉන්a වැටහෙන්නේ මේ සංවේදී ක්‍රියාවෙහිලා ප්‍රතික්‍රියා දැක්‌විය යුත්තන් විසින් ප්‍රතික්‍රියා දක්‌වා නැති බවය. එබඳු තත්ත්වයක දී ජනතාව විසින් ස්‌වෙච්ඡාවෙන් ප්‍රතික්‍රියා දක්‌වනු ලැබීම අපේක්‍ෂා කළ යුත්තකි. ඉහත කී බලධාරීන් සියලු දෙනා එක්‌ව ඉන් අනතුරුව ප්‍රතික්‍රියා දක්‌වා ඇත්තේ ද ක්‍රියාවට නොව ප්‍රතික්‍රියාවට මය. මෙය කොපමණ යුක්‌තියුක්‌තද?

ශ්‍රී ලංකාවේ ජාතික නායකයෙක්‌ හෝ සම්බුද්ධ ශාසන නායකයෙක්‌ නැත. එසේම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික ආයතනගත සම්බුද්ධ ශාසනයක්‌ ද නැත. ඇත්තේ නිකායයන් හා නිකාය නායකයන් පමණි. සියම් නිකාය සියම් රටේ ශාසන සම්ප්‍රදායයි. ඇත්තේ ඒ රටේ ශාසන සම්ප්‍රදායේ ලංකා ශාඛාවේ පාර්ශ්වීය නායකයන් පමණි. අමරපුර යනු ද ලංකාවේ පුරයක්‌ නොවේ. ලංකාවේ ඇත්තේ එම පුරයේ ශාසන සම්ප්‍රදායේ ලංකා ශාඛාවන්හි නායකවරුන් පමණි. රාමඤaඤ යනු ද ලංකාවේ නගරයක්‌ නොවේ. එම නගරයේ ශාසන සම්ප්‍රදායෙහි ලංකා ශාඛාවෙහිද නායකකාරකාදීහු වෙති. මැනවින් බැලු විට ලංකා ශාසන සම්ප්‍රදායක්‌ නැත. කෙසේ හෝ එබන්දක්‌ ඇතැයි සිතා ගත්ත ද එබන්දකට නායකයෙක්‌ නැත. එහෙයින් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වගකිව යුත්තෙක්‌ නැත. එය විදුහල්පතිවරුන් ඇති අධ්‍යාපන ඇමැතිවරුන් නැති අවස්‌ථාවක්‌ මෙනි. රෝහල් අධ්‍යක්‍ෂවරුන් ඇති සෞඛ්‍ය ඇමැතිවරුන් නැති අවස්‌ථාවක්‌ මෙනි. මෙය ගැඹුරින් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

කිසියම් ස්‌වාමීන් වහන්සේ නමකට අදාළ ව කුමන ආකාරයේ හෝ ගැටලුවක්‌ නිර්මාණය වූ විට ඊට වගකිව යුත්තෙක්‌ හෝ බලධාරියෙක්‌ ඇත්තටම ඇත්තේ නැත. සිවිල් පුද්ගලයෙකු ලෙස මේ බිමේ හිමි යමක්‌ වෙයි නම් ඇතැම් කරුණුවලින් එය ද නැතුවා මිස යමක්‌ උන්වහන්සේට ඇත්තේ නැත. සම්ප්‍රදාය විසින් ඇති ගෞරවණීය සැලකීම් හැරුණු විට කිසිදු නෛතික ආශිර්වාදයක්‌ උන්වහන්සේට නැත. රට බෞද්ධ ය. බුදු දහම රැකීමට ද පෝෂණය කිරීමට ද රජය බැඳී ඇතැයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සටහනක්‌ පමණක්‌ ඇත. ඉහත කී පරිදි ස්‌වාමීන් වහන්සේ නමකට අගතියක්‌ සිදු වුවහොත් ඊට සිවිල් පුද්ගලයෙකුට හිමි වරප්‍රසාදයක්‌ මිස අන් කිසිවක්‌ නැත. තම ප්‍රදේශයේ හෝ නිකායේ හෝ පාර්ශ්වයේ හෝ නොවේ නම් තවත් ස්‌වාමීන් වහන්සේ නමක්‌ විසින්ද වගකීමක්‌ දරනු නොලැබේ. නිකායේ, පාර්ශ්වයේ පළාතේ වුවද බොහෝ විට හිතවත්කමක්‌ නොවේ නම් ඊට ද වගකීමක්‌ නැත. ඇතැම් විට ඉහත කී නිදර්ශක ස්‌වාමීන් වහන්සේ විසින් අගතියක්‌ කරනු ලැබුවහොත් නම් උන්වහන්සේට එරෙහි වීමට ඉහත කී නොකී සියලු පාර්ශ්වයන්ට හැකියාව ඇත. එරෙහි වනු ඇත. මින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකේය භික්‍ෂූන් වහන්සේ අතිශයින් අසරණ ප්‍රජා සාමාජිකයෙකු බවය. ශ්‍රී ලංකාවට ආවේණික සාම්ප්‍රදායික පිළිගැනීම් විසින් උන්වහන්සේට ලැබෙන රැකවරණයක්‌ මිස අන් කිසිවක්‌ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්‍ෂූන් වහන්සේට, බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නිසාම පමණක්‌ ලැබෙන්නේ නැත.

මෙබඳු තත්ත්වයක්‌ තුළ අසංවිධිත යාන්ත්‍රණයක, නොවිධිමත් ජනකුලකයක ස්‌වෙච්ඡා වගවීමක්‌ ලෙස බොදුබල සේනාවේ හා සිංහල රාවයේ ද ඇතැම් විට රාවණ බලය වැනි සංවිධානවලද උත්පාද වීම හැඳින් විය හැකිය. බොහෝ දෙනා කියන පරිදි ඉහත කී සංවිධානවල හැසිරීම හොඳ නැත. සද්දය හොඳ නැත. ගැලපෙන්නේ ද නැත. එසේ වන්නේ ඇයි? ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ දෙස ගිහියා බලන්නේ සාපේක්‍ෂව ය. ඔහුට ඕනෑම භික්‍ෂූන් වහන්සේ නමක්‌ සංසන්දනය කරන්නට ඕනෑ තරම් සංසන්දක ඇත. ඔවුහු බුදුන් දවස මෝනෙයH පටිපදාවෙහි යෙදුන නාලක හාමුදුරුවන් සමග ද සැරියුත් මුගලන් නන්ද රාහුල කාශ්‍යපාදී මහ රහතුන් සමගද නූතන ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ සසඳති. තවද වනවාසී ආරණ්‍යගත මුනි සම්ප්‍රදාය සමගද සසඳති. කමටහන් ගෙන අරණ්‌ වැද බවුන් වඩනා යතිවරුන් සමග ද සසඳතිs. බොහෝ විට මිගෙට්‌ටුවත්තේ හිමි, කුඩාපොල හිමි යන හිමිවරුන් හා නොසසඳති. නූතනයේ වැඩ වෙසෙනා දාන පාංශකූලාදියට නොවඩනා ගණාචාර්යයන් වහන්සේලා හෝ මහරහතුන් හා සසඳති. ජාතියට ජීවය දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ වචන හා නොසසඳති.

ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේ කොටස්‌ ගණනකට බෙදා වර්ගීකරණය කළ හැකිය. එය දීර්ඝ ශාස්‌ත්‍රීය අධ්‍යයනයකි. ආත්ම විමුක්‌තිය සාධනය කර ගන්නා භික්‍ෂූන් වහන්සේ ද අධ්‍යයන අධ්‍යාපන ක්‌ෂේත්‍රයෙහි නියුතු භික්‍ෂූන් වහන්සේද, විහාරකරණයෙහි යෙදී මහජන ආගමික අවශ්‍යතා සපුරණ භික්‍ෂූන් වහන්සේද ජාතික දේශපාලනික ක්‍රියාකාරකම්හි යෙදෙන භික්‍ෂූන් වහන්සේද සමාජ සේවාවන්හි නියුක්‌ත භික්‍ෂූන් වහන්සේද මේ කිසිවකට අදාළ නැති සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේද විනය විරෝධී, සම්ප්‍රදාය විරෝධී භික්‍ෂු වේශධාරීහු ද මේ අතර වෙති. එහෙයින් ඒ ඒ ක්‌ෂේත්‍රයන්ට අයත් භික්‍ෂූන් වහන්සේ තවත් ක්‌ෂේත්‍රයක වැඩ විසූ හෝ වැඩ වසනා භික්‍ෂූන් වහන්සේ නමක්‌ සමග සැසඳීම නොයුතුය.

බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන්ගේ සද්දය හොඳ නැතැයි ද වචන හොඳ නැතැයිද ඇතැම්හු කියති. ඇතැම්හු වැඩේ හැටියට සද්දය හොඳ වැඩියෑයිද කියති. සලකා බැලිය යුත්තේ සද්දය නොවේ. කතා විලාසයද නොවේ. කාරණාය. කියන වැදගත් කාරණා සද්දය හා විලාසය හේතුකොට ගෙන මකා දැමීම යුතු නැත. ඝණ්‌ඨාරයක වැදගත් වන්නේ සද්දය ද ඝණ්‌ඨාරය ගසන්නේ කුමක්‌ නිසාද යන ප්‍රශ්න දෙකෙන් කුමක්‌ද? අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් මහජනයා ඇමතුවේ සම්භාව්‍ය වාග් විලාසයකින් නොවේ. ඒ කතා විලාසයේ විධියයි. දේශපාලන වේදිකාවේ කතා විලාසය සන්නිවේදන මාධ්‍යයක කතා විලාසයට වඩා වෙනස්‌ය. ධර්ම දේශනයක කතා විලාසය ඊට වඩා වෙනස්‌ය. ප්‍රසිද්ධ සන්නිවේදන මාධ්‍යයන්ගෙන් අදටත් අප අසනා "මහා කාරුණිකයාණන් වහන්ස. ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි." යනාදී ආශිර්වාද සඡ්Cධායනාව ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේමය. එය සඡ්Cධායනා කරද්දී දොහොත් මුදුන් දී වන්දනා කරන්නෝ ඒ කාගේ හඬදැයි නොවිමසති.

බොදුබල සේනා හා වෙනත් සංවිධානයන්ට අයත් අපේ හාමුදුරුවන්ට මේ කියන මුස්‌ලිම් හා දෙමළ ජාතිකයන්ට විරුද්ධ වෙවී ඉන්ටම වෙලාවක්‌ නැත. වුවමනාවක්‌ ද නැත.

අපට මේ ශාසන සම්ප්‍රදායේ කරන්නට තව බොහෝ දේ ඉතිරිව ඇත. බොදුබල සේනාව මුස්‌ලිම් විරෝධී සංවිධානයක්‌ ලෙස හංවඩු ගැසීම යුක්‌තියුක්‌ත නොවේ. ශාසන විරෝධී බෞද්ධ මූලධර්මවාදී කල්ලි කණ්‌ඩායම් නිහඬ කිරීමට ද එම සංවිධාන මැදිහත් වූ වග අපි දනිමු. එවිට බොදුබල සේනා හොඳය. ඉතා හොඳය. තමිල්නාඩු හැපින්න ලංකාවට දෂ්ට කරන්නට කුරුමානම් අල්ලද්දී ඊට එරෙහි වන බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය සංවිධාන හොඳය. ඉතා හොඳය. එහෙත් මුස්‌ලිම් ආක්‍රමණයකට එරෙහිවද්දී ඒ සංවිධාන හොඳ නැත. තක්‌කඩින්ය. වචන හොඳ නැත. සද්දය හොඳ නැත. එවිට සියලුම හාමුදුරුවරු ද බෞද්ධයන් ද රජය ද අන්තවාදීන් හා පිල්ලේ කණ්‌ඩායම් එක්‌ක එකට හිට ගන්නේය. මේ කවර යුක්‌තියක්‌ද? ගලගොඩඅත්තේ හාමුදුරුවන් ඇතුළු සංවිධාන ඉල්ලන්නේ කොළඹින් පන්සල් නොවේ. නායකකමක්‌ ද නොවේ. ඥතිවරුන්ට රක්‍ෂා ද නොවේ. ඥතිවරුන්ගේ උසස්‌ වීම් සලකා බලන්නට ද නොවේ. සල්ලි ද නොවේ. විදේශ සංචාර ද නොවේ. කොටින්ම කිවහොත් මොකුත්ම නොවේ.

අනාදිමත් කාලයක ඒකීය ව පැවතියා වූද බුදු පියාණන් වහන්සේගේ සංවිධිත ශාසන සම්ප්‍රදාය ද මේ බිමේ සුරක්‍ෂා කරන ලෙසය. ඊට ආක්‍රමණික බලාරෝපණයන් මගින් තුවාල සිදු නොකරන ලෙසය. එසේ තුවාල කරන්නවුනට ඉඩ නොදෙන ලෙසය. එසේ නැතුව සාමාන්‍ය මුස්‌ලිම් වැසියෙක්‌ දුටු පමණට ඔහුට පහර දෙන්නැයි කියන්නට තරම් මුස්‌ලිම් විරෝධයක්‌ හෝ ඒ සමාන මොළේ අමාරුවක්‌ හෝ ඇම්මක්‌ බොදුබල සේනාවට නැත. කොටින්ම බොදුබල සේනාව හා බොහෝ ජාතික සංවිධාන කතා කරන්නේ අද ද ඔවුනට එරෙහි වන ජන ප්‍රජාවන්ගේම යහපතමය.

ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට මුස්‌ලිම්වරු වෙසෙති. ඔවුනට සානුකම්පිත අනුග්‍රහය ලබා දුන්නෝ සිංහලයෝමය. සිංහල රජවරුමය. මහා සංඝරත්නය වන අප සමග ද හිත මිතුරු මුස්‌ලිම් සහෝදරවරු කොපමණත් වෙති. ඔවුහු උගනිති. ව්‍යාපාර කටයුතු ද කරති. ඔවුනට කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකගෙන් හෝ සිංහල ජාතිකයකුගෙන් හෝ බාධාවක්‌ තිබුණේ නැත. ඔවුහු ව්‍යාපාර කළේ සිංහලයන්ටය. අද ඔවුන් සතු සෑම ශතයක්‌ම බොහෝ විට සිංහලයන්ගේය. අද ඔවුන් සතු සෑම බිම් අඟලක්‌ම බොහෝ විට සිංහලයන්ගේය. ඒ පිළිබඳ ඊර්ෂ්‍යාවක්‌ හෝ විරෝධයක්‌ කිසිවකුට නැත. බොදුබල සේනාවටද නැත. එහෙත් මහාවිහාර කොල්ලකද්දී පැරැණි සිද්ධස්‌ථාන වනසද්දී භික්‍ෂූන් වහන්සේට පහර දෙද්දී ජාතික වනාන්තර බලහත්කාරයෙන් අල්ලා ගනිද්දී රජයේ ඉඩම් කූට ලෙස ඔප්පු සාදා සතුකර ගනිද්දී බෝධි කපද්දී ඊට එරෙහි නොවුව හොත් ජාතික වගකීම ඉටු නොකළා වනු ඇත. ඉහත කී සාම්ප්‍රදායික මුස්‌ලිම් සහෝදරවරු එසේ නොකළහ. ශ්‍රී ලංකාවේ ඉහත කී සාමාන්‍ය සාම්ප්‍රදායික මුස්‌ලිම් සහෝදරවරු වෙසෙති. ඊට අමතරව අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායම් ද වෙසෙති. ජාත්‍යන්තර ආගමික අන්තවාදී කල්ලි ද මෙහි පැමිණ පදිංචිව ඔවුන්ගේ මතවාද පතුරවමින් සිටිති. මේ සියල්ල එක්‌ ගණයෙකලා සලකා බැලිය නොහැකිය.

දෙමළ ජාතිවාදය විසින් ඔත්පල කරනු ලැබූ ජාතික දේහයට තවත් ආසාදනයක්‌ දරා ගැනීමට තරම් ප්‍රතිශක්‌තිකරණයක්‌ නැත. එය ශ්‍රී ලාංකේය ජාතියේ හැම ජනකුලයක්‌ විසින්ම අවබෝධ කර ගත යුතුය. එහෙයින් ජාතිවාදී ආගම්වාදී ඇවිස්‌සවීම් සිදු නොකළ යුතුය. ඉහත කී වාක්‍යය බොහෝ විට අදාළ වන්නේ සිංහලයන්ටය යන්නත් අප සිත් තුළ ඇත. දෙමළ ජාතිවාදය ඇවිස්‌සුවේ සිංහලයන්ද? මුස්‌ලිම් ජාතිවාදය අවුස්‌සන්නේ සිංහලයන්ද? දර්ගා නගර සිද්ධියේදී ද ජාතිවාදය ඇවිස්‌සුවේ සිංහලයන් විසින් නොවේ. ධන හානිය හා ජීවිත හානිය සිදු වූයේ මුසල්මානුවන්ට පමණක්‌ නොවේ. මිලියන දහස්‌ ගණනක දේපළ හානියක්‌ සිංහලයන්ට ද සිදුවිය. උද්ඝෝෂණ පෙළපාලියට පහර දුන්නේ සිංහලයන්ද? කුපිතකරවනු ලැබූ විටෙක ඕනෑම ජන කණ්‌ඩායමක්‌ කුපිත ව ක්‍රියා කරනු ඇත. මෙහිදී සිදුව ඇත්තේ ඒ සාමාන්‍යමය. මේ ලිපියෙන් කිසිදු විටෙක දෙමළ මුස්‌ලිම් නොවන කිසිවෙක්‌ වැරදි නැතැයි කියවෙන්නේ නැත. සිංහලයන් අතරද එබන්දොa වෙසෙති. එහෙත් සිංහලයන් අතර පමණක්‌ එබන්දොa වෙසෙති යන්න සාවද්‍යය.

දෙමළ ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව දෙමළ ජාතිකයන් අතර ද සංවිධාන නිර්මාණය විය. සිංහල ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව සිංහල ජාතිකයන් අතර ද සංවිධාන නිර්මාණය විය. මුස්‌ලිම් ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව මුස්‌ලිම් සංවිධාන නිර්මාණය වන බවක්‌ පෙනෙන්නට නැත. එහෙයින් මැදහත් මුස්‌ලිම් සහෝදරවරුන්, උගත් මුස්‌ලිම් සහෝදරවරුන්, විශේෂයෙන් මුස්‌ලිම් මවුලවිවරුන් මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියා නොකළ හොත් ඔවුහු ජාතික වගකීම ඉටු නොකළාහු වෙති.

ශ්‍රී ලාංකිකයා සැබවින්ම ශ්‍රී ලාංකිකයෙක්‌ම විය යුතුය. සිතින් යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි ඉන්දියාවේ වෙසෙන බෞද්ධයන්ගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. බෞද්ධයා ශ්‍රී ලාංකේය විය යුතුය. සිතින් රෝමයෙහි හෝ බෙත්ලෙහෙමේ වෙසෙන කිතුනුවාගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. ශ්‍රී ලංකාවේ කිතුනුවා ශ්‍රී ලාංකේය විය යුතුය. සිතින් සෞදි අරාබියේ වෙසෙනා ශ්‍රී ලාංකේය මුසල්මානුවාගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. ශ්‍රී ලාංකේය මුසල්මානුවා ශ්‍රී ලාංකේය විය යුතුය. සිරිලක්‌ බිමේ එක්‌ එක්‌ ජන වර්ග ශ්‍රී ලංකාව හැර අනෙක්‌ බිම් වඳිමින් පුදමින් අගයමින් විසීම වෙනුවට ආගමික අනන්‍යතාව සුරක්‍ෂිත කර ගනිමින් ශ්‍රී ලාංකේය විය යුතුය. නූතන ශ්‍රී ලංකාවේ ජාතික හෝ ආගමික අර්බුද නිර්මාණය වන්නේ සැබවින්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකේය නොවන හෙයිනි.

නුදුරු අනාගතයේදී සිදුවීමට නියමිත මහා ව්‍යසන සංඛ්‍යාවක්‌ වේ. පිල්ලෙලාගේ අතපෙවීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් අන්තවාදය විසින් තව තවත් ජාත්‍යන්තර පරීක්‍ෂණවලට ශ්‍රී ලංකාව හිර කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ වහාබ් වාදය පතුරුවන්නා වූ දේශීය හා විදේශීය නිකායන් බල සම්පන්න වනු ඇත. තලේබාන් ශ්‍රී ලංකා සංවිධානයක්‌ විසින් තැන තැන මිනිස්‌ ඝාතන හා බෝම්බ පිපිරවීම් සිදුකරනු ඇත. බෞද්ධ ජනකායක්‌ රැස්‌ වන ස්‌ථානවල සුවිසල් මිනිස්‌ ඝාතන සිදුකරනු ඇත. නිහඬ බෞද්ධයා කුපිත කරවන ක්‍රියාකාරකම් සිදුකොට ඒවා අන්තර්ජාල ආදී මාධ්‍ය මගින් විකාශය කරනු ඇත. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තිමත් රාජ්‍යයක්‌ ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කරනු ඇත. මුස්‌ලිම් රටවල වෙසෙන සිංහල වෘත්තිකයන් අපහසුතාවට හා පීඩාවට පත් කරනු ඇත. මුස්‌ලිම් රටවල ශ්‍රී ලංකාව පිළිබඳ ඇති සුහද සහයෝගිතාව ජාත්‍යන්තර සමුළුවල දී නොලැබී යන ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලාංකේය අපනයන බෝග මිල දී ගැනීම මුස්‌ලිම් රටවල් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමට බල කරනු ඇත. මේ කරුණුවලට ප්‍රතිචාර ලෙස බෞද්ධ සහයෝගී ජාත්‍යන්තර ජාලයක්‌ ද ගොඩනැගීමට කටයුතු කරනු ඇත. මේ සියලු අර්බුදයන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධවල හබන් කුකුළන් විසින් කළමනාකරණය කරනු ඇත. ඇමරිකානු තලේබාන් අරගලයෙහි සංග්‍රාම භූමියක්‌ බවට ශ්‍රී ලංකාව ද පත්වනු ඇත. කුපිත මුස්‌ලිම් අන්තවාදීන් විසින් පොතුවිල් මුහුදු මහා විහාරය, දිගාමඩුල්ල, දීඝවාපිය වටකර පහර දෙනු ඇත. සදා කාලයටම ඒවා මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු කර ගනු ඇත. බොහෝ විට නැගෙනහිර පළාත් බලය නිර්මාණය කොට ශරියා නීතිය එහි ක්‍රියාත්මක කරනු ඇත. මුස්‌ලිම් පාතාලය වර්ධනය වීමට ඉඩ හැර මිනී මැරීම් සිදුකරනු ඇත. උපක්‍රමශීලීව සිංහල ජනයාට අයත් ව්‍යාපාරික ස්‌ථාන හා ඉඩම් මිලදී ගනු ඇත. නීතිය හා අධ්‍යාපනය යන ක්‌ෂේත්‍රයන්හි බලය ක්‍රමිකව සියතට පත්කර ගනු ඇත. මැතිවරණ කොට්‌ඨාසවල ජන සංයුතිය වෙනස්‌ කොට කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගනු ඇත. භාෂාව භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ සුළු ජන වර්ග එක පාර්ශ්වයකට එක්‌වනු ඇත. ඉදිරි වසර 35 තුළ පාර්ලිමේන්තු නියෝජන සංයුතිය මේ අනුව සියයට පනස්‌ එක දක්‌වා සුළු ජන නියෝජනය වැඩි කර ගනු ඇත. අනතුරුව උපක්‍රමිකව ශ්‍රී ලංකාවේ සිංහල ආධිපත්‍යය ක්‍ෂණිකව බිඳ හෙළනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් හැටපන් දහස්‌ හයසිය තිස්‌ දෙක වටා කවයක්‌ ඇඳි විට බහුතරය වන්නේ සිංහලයන්ය. ඒ කවය ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් බහුතරය දෙමළ වනු ඇත. එම කවයම ශ්‍රී ලංකාවත් මැදපෙරදිගත් තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් අති බහුතරය මුස්‌ලිම් වනු ඇත. බහුතරය දෙමළ වනු ඇත. අති සුළුතරය සිංහල වනු ඇත. මේ තත්ත්වය ජාත්‍යන්තර හබන් කුකුළන් විසින් භාවිතයට ගනු ඇත.

මහාචාර්ය ඉඳුරාගාරේ
ධම්මරතන හිමි,
 කැලණිය විශ්වවිද්‍යාලය.

ප්‍රශ්න එන විට අපි තවත් ශක්‌තිමත් - මැතිව්ස්‌

දැඩි අභියෝගයන් මධ්‍යයේ එංගලන්ත සංචාරයේදී විස්‌සයි විස්‌ස, එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගාවලිය සාර්ථක ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට අදාළ ජයග්‍රහණ සඳහා විශාල ශක්‌තියක්‌ වූයේ තම කණ්‌ඩායමට පැමිණි අභියෝග බව ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. ඓතිහාසික ටෙස්‌ට්‌ තරගාවලි ජය සහ තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව ඊයේ (26 දා) දිවයිනයට පැමිණි මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී දේශීය මාධ්‍ය හමුවේදී ජයග්‍රාහී රහස හෙළි කරමින් මාධ්‍ය හමුවට එක්‌වූ මැතිව්ස්‌, "අවසන් මොහොතේ හරි කඩුල්ල දවා ගන්න පුළුවන් වීම ලොකු දෙයක්‌" යනුවෙන් පැවසීය.

එංගලන්තයේ අවසන් කඩුල්ල දවාගන්න කළ හැකි සෑම උපක්‍රමයක්‌ කළත් අවසන් මොහොතේ හරි කඩුල්ල දවා ගැනීමට හැකිවීම ලොකු දෙයක්‌ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඊයේ (26 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පසුගිය කාලයේදී කණ්‌ඩායමක්‌ විදිහට නොයෙකුත් ප්‍රශ්න පැමිණියද ක්‍රීඩාංගණයට ගිය විට සියලු ප්‍රශ්න අමතකර කර දමා ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් කරන බවද මැතිව්ස්‌ පවසයි. ඕනෑම කණ්‌ඩායමකට ප්‍රශ්න ඒම සාමාන්‍ය දෙයක්‌ බව පැවසූ මැතිව්ස්‌ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ එංගලන්තයේදී තමා ඇතුළු කණ්‌ඩායමට ආ අභියෝග ජයගත් ආකාරයයි. "එක එක රටවල ක්‍රීඩා කරද්දී විවිධ ප්‍රශ්න එනවා. එංගලන්තයේදිත් අපිට හුඟක්‌ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න ජය ගන්න අපි කණ්‌ඩායමක්‌ විදිහට හොඳින් ශක්‌තිමත් වුණා. ප්‍රශ්න එන්න එන්න අපිs තවත් දිරිමත් වුණා මිසක්‌ එයින් මානසිකව පොඩ්ඩක්‌වත් වැටුණෙ නැහැ. අපි එක පවුලක්‌ වගේ තමයි ක්‍රීඩා කරන්නෙ."

තම කණ්‌ඩායම කිසිවිටෙකත් ආවේගශීලි කණ්‌ඩායමක්‌ නොවන බවත් එහෙත් කවුරු හරි දෙයක්‌ කළොත් ඒ දෙයට නොපැකිළිව ප්‍රතිප්‍රහාර දෙන බවත් මැතිව්ස්‌ පවසා සිටියේ ජෝ රූට්‌ සමග ඇති කරගත් වාචික ප්‍රහාරයන් පිළිබඳව මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමිනි.

"අපි බොහොම තැන්පත් කණ්‌ඩායමක්‌. කිසිවිටෙකත් ක්‍රීඩාංගණයේදී කලහකාරි ලෙස හැසිරෙන්නෙ නැහැ. ඒත් කවුරු හරි අපිට දෙයක්‌ දුන්නොත් ඒ දේට පැකිළීමකින් තොරව ප්‍රතිඋත්තරය දෙනවා. එංගලන්තය සමග තරග කරද්දි ජෝ රූට්‌ අපිට නිතරම එක එක දේවල් කිව්වා. ඒ දේවල් වලට අපිත් ප්‍රතිප්‍රහාරය දුන්නා."

එංගලන්තයේ ශීතල සහ ආසියාවෙන් එපිට තරග කරද්දී ඇතිවන මානසික සහ කායික ප්‍රශ්නයට ශ්‍රී ලංකාව හුරුවූ අයුරු පැවසූ මැතිව්ස්‌,

"අපි හුඟක්‌ ආසියාවේ ක්‍රීඩා කරල තමයි එංගලන්තයට ගියේ. එහෙදි අපිට තණතීරුවලට හුරු වෙන එක ලෙහෙසි වුණේ නැහැ. ඒ බව දැනගෙන අපි ලංකාවෙදි උදේ පාන්දර පුහුණුවීම් කරල ලැහැස්‌ති පිට තමයි එංගලන්තයට ගියේ. අපේ පුහුණුකරුවන් වගේම තේරීම් කමිටුවත් මේ ජයග්‍රහණය විශාල දායකත්වය ලබාදුන්නා." යනුවෙන් මැතිව්ස්‌ වැඩිදුරටත් පැවසීය.

පැවැති මාධ්‍ය හමුව සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස නායක ලසිත් මාලිංග පවසා සිටියේ ටෙස්‌ට්‌ තරග කිරීමට නොහැකි වීම ගැන කිසි විටකත් කණගාටු නොවන බවත් ඒ සඳහා හොඳ ක්‍රීඩකයන් සිටින බවත්ය.

"මම ටෙස්‌ට්‌ තරග 30 ක්‌ ක්‍රීඩා කරල තියෙනවා. මම හිතන්නෙ මට වැඩිය හොඳ නවකයන් දැන් ක්‍රීඩා කරනවා. ඒ නිසා ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවක්‌ නැහැ." යනුවෙනි.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු සිය පුහුණුකරුවන් සියලු දෙනාම මේ ජයග්‍රහණයට දායක වූ බවත් මැතිව්ස්‌ගේ නායකත්වය ඉතා වටිනා බවත් පැවසීය. "මැතිව්ස්‌ වගේ නායකයකු යටතේ පුහුණුකරන්න ලැබීම ඇත්තටම මට මෙන්ම අනිත් පුහුණුකරුවන්ටත් ලොකු වාසනාවක්‌. අපි පුහුණුකරුවන් සියලු දෙනා එක්‌ව තමයි මේ කටයුතු කරන්නෙ. අපේ වගකීම ක්‍රීඩකයන්ට තියෙන පීඩනය අපි අරගෙන ඒ අයට නිදහසේ ක්‍රීඩා කිරීමට දීමයි." යනුවෙන් පැවසීය.

අසේල විතාන



සමාජ වෙබ් අඩවිවලින් ආගමික සංහිදියාව නැති කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාතිවාදි හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රියාවන්වල නියැලෙන පුද්ගලයින්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා විසින් ආරක්ෂක නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය කාලය තුළ ඇති වු ආගම්වාදි ගැටුම් මැඩපැවැත්වීමෙන් අනතුරුව ඇතැම් සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කරවීම සඳහා ඇතැම් පුද්ගලයින් උත්සහ දරමින් සිටියි.

මෙවැනි ක්‍රියා වළක්වා ගැනීම සඳහා රජය ඇතුළු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කටයුතු කරමින් සිටියදි සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කිරිමට උත්සහ දැරීම ඉතා කණගාටුවට කරුණකි.

මේ හේතුවෙන් සමාජයේ මතවාද මෙන්ම විසංවාදද ඇති වු අතර එම ක්‍රියාවන් පාලනය කිරීමට හැකියාවක් ලැබී ‍නොමැති බව සමාජයේ වැඩිදෙනා අතර කතාබහට ලක්විය.

වසර 26කට පෙර මා දුටු අවතාරය යළිත් මුණ ගැසෙයි

ඒ එක් දහස් නවසිය අසූ අට වසරය. තරුණ විය පසු කළ බොහොමයකට තවමත් හොඳින් මතක ඇති පරිදි එය අප රට තුළ භීෂණය රජවී තිබූ ‘නාඳුනන තුවක්කුකරුවා’ගේ යුගයේ ඇරඹුමය. නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පාහේ ගිලිහී තිබූ ඒ යුගයේ දිවා රාත්‍රී භේදයකින් තොරව එහා මෙහා හුවමාරු වෙමින් තිබූ නාඳුනන තුවක්කු කටවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ ජනතාවට සුලබ අත්දැකීම් විය.

එමෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ හිංසකයන් සේම අහිංසකයෝ දස දහස් ගණනින් මරු වැළඳ ගත්හ. වෙඩි තබා මරා දැමූවන්ගේ සිරුරු මහපාරවල් අද්දර පිළිස්සෙමින් තිබූ අතර ඒවායින් නැගුණු දුගඳින් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරීයන්නට විය.
එම බිහිසුණු කාලය වන විට මම තාරුණ්‍යයේ අවසන් භාගය පසුකරමින් සිටියෙමි. ඒ කාලයේ මගේ පූර්ණකාලීන වෘත්තීය පත්‍ර කලා දිවියට සය වසරක් සපිරී තිබිණ. ඒ වන විට විවාහ වී වසර දෙකක සිඟිත්තකුගේ පියකු වුවද එකල බොහෝ තරුණ පත්තරකාරයන් තුළ තිබූ හිතුවක්කාර දඩබ්බර ගතිය මා කෙරෙහි ද නොඅඩුවම පිහිටා තිබිණ. නුවර යාමට ගෙදරින් පිටවන මට අතරමගදී හමුවන මිතුරකු කුමක් හෝ හේතුවක් දක්වා මාතර යාමට කතා කළහොත් මගේ නුවර ගමන මාතරින් කෙළවර වීම දක්වාම ඒ හිතුවක්කාරකම බරපතළ විය.
හොල්මන් කතාවක් කීමට ගොස් මා පිළිබඳ චූර්ණිකාවක් පෙරටු
කරළීමට මට සිත්වූයේ එමගින් ද මා පවසන මේ කතාවට යම් පිටිවහලක් ලැබිය හැකි බැවිනි.
මා ඉහත සඳහන් කළ දිනයේ කන්තෝරුවේ වැඩ අහවර වී රාත්‍රී අටහමාරට, නවයට පමණ දුම්රියෙන් ගණේමුල්ලට පැමිණි මම කෙලින්ම ගෙදර නොගොස් මිතුරු පිරිසක් සමග ‘පාටියකට’ එක්වීමි. මෙහිදී මා ‘පාටිය’ ලෙසින් හැඳින්වූයේ නූතනයේ සමාජ සම්මත සාදයක් නොවේ. එය කිසිදු විශේෂිත හේතුවක්, අරමුණක් හෝ ඉලක්කයක් නොමැතිව සගයන් හත් අට දෙනකුගේ ‘නන්නත්තාර’ එක්වීමකි. නූතන ව්‍යවහාරයට අනුව ‘සෙට්වීම’ යනුවෙන් හැඳින්වෙනුයේ ද මෙම නොවිධිමත් පාටි විශේෂයටමය.
දිනපතාම නොවුණත් සතියකට, දින දහයකට වරක් මෙවැනි පාටියකට සෙට් වී බිරිඳගේ බැණුම් වරුසාවකට මැදිවී යක්කු ගස් නගින වෙලාවේ ගෙදරට සේන්දුවීම එවක මගේ සාමාන්‍ය පුරුද්දක්ව තිබිණ.
ගණේමුල්ල නගරයේ සිට අප නිවසට ඇත්තේ කිලෝමීටරයක පමණ දුරකි. මේ කියන දිනයේ මා පාටියෙන් ඉවත්වූ වේලාව නම් මට හරියටම මතක නැත. ඒ බොහෝ විට මැදියම් රාත්‍රියට ආසන්න වේලාවක් විය හැකිව තිබිණ. සාමාන්‍යයෙන් සැන්දෑ ඇඳිරිය වැටුණු පසු එළිපහලියට ඒම කෙසේ වෙතත් නිවසේ පහන් දැල්වීමට පවා බොහෝ දෙනකු පසුබට වූ ඒ යුගයේ මෙලෙස රෑ මැදියම් රාත්‍රියේ තට්ට තනියම (ඇතැම්විට සිග් සැග් ක්‍රමයට දෙපා හසුරුවමින්) ගෙදර ඒමට මා පෙළඹවූ ප්‍රධාන හේතුවක් ද තිබිණ. එනම් එවකට මා සතුව ඉහවහා යමින් තිබූ මෝඩකමය.
ගණේමුල්ල නගරයත් අප නිවසත් අතර ජාඇල මාර්ගයේ එක්තරා තැනක මුහුණට මුහුණ ලා පිහිටි සිල්ලර කඩ දෙකක් ඇත. ඒ කඩ දෙක අද්දරින් දකුණට හැරෙන කුඩා පාරක් ද තිබේ. එය හැඳින්වෙනුයේ ‘මහවත්ත පාර’ ලෙසිනි. එම පාර ඇරඹුමේම ඇත්තේ ලොකු පල්ලමකි. එනිසා ප්‍රධාන පාරේ ගමන් කරන්නකු හට ඒ පාරේ වැඩිදුරක් නොපෙනෙයි.
එම රාත්‍රියේ මා ඒ සිල්ලර කඩ දෙක සමීපයට එත්ම ඒ මහවත්ත පාර ආරම්භයේම පාර හරහා ඇද තිබූ සුදු රැලි පාලමක් හෙවත් පාලම් කොඩියක් දක්නට ලැබිණ. එය ඉතා හොඳින් දර්ශනය වූයේ ඒ පාරට හැරෙන හන්දියේ පහන් කණුවක දැල්වෙමින් තිබූ සුදු පැහැති දීප්තිමත් ආලෝකයක් විහිදුවන මර්කරි විදුලි බුබුල නිසාය. එමෙන්ම එම පහන් කණුව යට කිසියම් පුද්ගලයකු හිඳින බවක් ද මට දුරදීම පෙනිණ. සුදු අත් සහිත මේස් බැනියමක් සහ කැසපට ගැසූ සරමක් ඇඳ සිටි, වඩා උස් නොවූ එහෙත් තරමක තරබාරු සිරුරකින් යුතු ඔහු මට අමුත්තෙක් නොවීය. ඒ ඊට පෙර නොයෙක් අවස්ථාවලදී ඒ ඉසව්වේදීම ඔහු මගේ නෙත ගැටී තිබූ බැවිනි. අපේ ගමේ අයකු නොවූ ඔහු මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හිඳින්නකු බව ඒ සම්බන්ධ මගේ වැටහීම විය. එහෙත්, ඔහු හැරුණු කොට ඒ අවට කිසිවකුත් දක්නට නොවූහ. අන් කිසිවක් තබා වසා දමා තිබූ සිල්ලර කඩ දෙක ද තද නින්දක පසුවන්නාක් මෙන් මට දැනිණ. සාමාන්‍යයෙන් ඊට පෙර නොයෙක් වර මා ඒ පුද්ගලයා දැක තිබුණද යන්තම් කට කොනකින් සිනාසීමකට වඩා සබැඳියාවක් ඔහු හා මා අතර නොවිණි. එහෙත් ඒ මොහොතේ ඔහු දුටු සැනින් මට වැටහී ගියේ ඒ මළගෙදරට පැමිණෙන්නෙකුගේ අපේක්ෂාවෙන් ඔහු මේ මැදියම් රැයේ ඒ පහන් කණුව යට කල් මරන බවකි.
“කවුද අන්ත්‍රාවෙලා තියෙන්නේ?” ගමේ අවමඟුලක් සිදුව තිබියදී ඒ ගැන නොවිමසා බුම්බා ගෙන යාමෙන් මගේ මනුස්සකම සම්බන්ධ ගැටලුවක් පැන නැගිය හැකි බැවින් මම ඔහුගෙන් ඇසීමි. එවිට ඔහු ද මහවත්ත පාර දෙසට තම මුහුණ හරවමින් යමක් කීය. එහෙත් මට එය හරිහැටි වැටහුණේ නැත. නමුදු ඒ මොහොතේ මා තුළ වූ නිදිමත සහ ‘අනික් මත’ අනුව ඔහු හා පැන පැන කතාවට යාම ද නුසුදුසු බව තේරුම් ගත් මම හෙමිහිට එතැනින් මාරු වීමි.
මා නින්දට වැටී ඒ අත හැරී මේ අත හැරෙන්නටත් පෙර පසුදාට පහන්වී ඇති බවක් වැටහිණ. එබැවින් ඇඟේ පතේ අමාරුව මනැසේ හෝන්දු මාන්දු බව යන මේ සියල්ල අමතක කොට කන්තෝරු එනු පිණිස මම ලහි ලහියේ සැරසුණෙමි. ඒ එදිනට කළ යුතු වැඩ කන්දරාවක් ගොඩගැසී තිබූ බැවිනි. දඩිබිඩියේ ලැහැස්ති වූ මම කන්තෝරුවට එනු පිණිස ගණේමුල්ල ජාඇල බස් මාර්ගයට එන විට පෙරවරු හතහමාර පමණ වන්නට ඇත. පාර අයිනේ තිබූ එඩ්මන් සේනාසිංහ හෙවත් ඇක්මන් වෙදමහත්තයාගේ නිවසේ ඉදිරිපස තාප්පයේ අලවා තිබූ මරණ දැන්වීමක් මගේ නෙත ගැටුණේ අහම්බෙන් මෙනි. එය දුටු සැනින් මගේ මුළු සිරුරම සිසිල් දරදඬු බවකට පත්වී උගුරකට ද වියැළී යන්නාක් මෙන් දැනුණි. ඒ සමග ඔක්කාර ගතියකින් සහ ක්ලාන්ත ගතියකින් මම වෙලී ගියෙමි. මා හිඳිනුයේ කොහේද යන්නත් මට එක්වරම අමතක විය. ඊට හේතුව එම මරණ දැන්වීමේ ඡායාරූපය ඊට පැය කිහිපයකට පෙර මා පහන් කණුව අද්දර දී දුටු මිනිසාගේ වීමය. එමෙන්ම එම මරණ දැන්වීමේ ‘විපත’ වශයෙන් සටහන්වී තිබුණේ මා ඔහු දුටු දිනට පෙර දින වීම මගේ ඉහ මොළ රත්කරවන්නට විය. ඒ අනුව ඔහු මා හමුවේ දර්ශනය වී ඇත්තේ සිය මරණයෙන් පසුව දේහය නිවසේ තබා ඇති මොහොතකය. ඒ කෙසේ හෝ මිනිසුන් මුහුණ දෙන මෙබඳු ගුප්ත සන්සිද්ධීන් හි යථාර්ථය පිළිබඳව එවකට හයක් හතරක් නොදැන සිටි මට ඉන්පසුව ලබාගත් දැනුම්, අත්දැකීම් ඇසුරෙන් ඒ සම්බන්ධ මතු දැක්වෙන අනුමානයන්ට එළැඹිය හැකිවිය.
1. මා රාත්‍රියේ පහන් කණුව යටදී දැක ඇත්තේ එම මළ ගෙදරට පැමිණි වෙනත් තැනැත්තකු විය හැක. ඇතැම් විට ඒ මියගිය තැනැත්තාගේ එක් කුසේ උපන්, සමහරවිට නිවුන් සොයුරකු ද විය හැක. එහෙත්, ඒ මොහොතේ නිදි මතින් සහ බමන මතින් සිටි මට පහන් කණුව යටදී ඔහුගේ මුහුණ හරිහැටි පරීක්ෂා කිරීමට නොහැකි විය. ඔහු මියගිය පුද්ගලයා ලෙස මා සාවද්‍ය පූර්ව නිගමනයකට පිවිසියේ ඔහුගේ සිරුරේ ප්‍රමාණය සහ ඇඳුම යන බාහිර සාධක පදනම් කරමිනි.
2. එමෙන්ම මෙහි දෙවැනි කරුණ වන්නේ ඒ මොහොතේ මා ඒ තැනැත්තා අන් අයකු ලෙස හඳුනාගෙන තිබියදීත් පසුදා මරණ දැන්වීමේ ඇති ඡායාරූපය දුටු සැනින් ඒ සම්බන්ධ ව්‍යාජ මතකයක්  සිත තුළ ආරෝපණය වීමට ඇති හැකියාව ය. ඒ මතකය සිත තුළට පිවිසියේ මා කලක සිටම දන්නා හඳුනන සුදු අත් සහිත මේස් බැනියම් අඳින තැනැත්තා මෙම මරණ දැන්වීමේ ඇති ඡායාරූපයේ ඇති පුද්ගලයාත් එකම අයකු බැවිනි. මෙම ඡායාරූපය දැකීමත් සමග ඔහු පිළිබඳ මගේ මතකයේ පූර්වාපර සන්ධි ගැළපුණේ පෙරදා රාත්‍රියේ මා දුටු රුව ඔහුගේමය යන්න ව්‍යාජ මතක සටහනක් ලෙස සිත තුළට පිවිසුවමිනි. පෙරදා රාත්‍රියේ මා නිදිමතින් සහ බමනමතින් යුතුව දුටු පුද්ගලයා ඊට ඉඳුරාම වෙනස් පෙනුමකින් යුතු පුද්ගලයකු වීමට පුළුවන. එහෙත්, සැබැවින්ම ඔහු කවුරුන්ද කෙබඳු අයකු ද යන්න මට තවමත් නිශ්චය කරගත නොහැක. ඒ නිදිමත සහ මත්පැන් භාවිතයත් සමග අපගේ මොළයේ මතක ගබඩාව සඳහා දත්තයන් ලබාගැනීම අඩාල හෝ මුළුමනින්ම අකර්මන්‍ය වන බැවිනි. එදා මගේ සිහි විකල් කරවීමට සමත් වූ අවතාරය පිළිබඳ කිසිදු බියක් දැන් මා තුළ නොමැත්තේ එනිසාය. අවුරුදු 26 කට පසු ඒ හොල්මන මට මුණ ගැසෙන්නේ ඔය ආකාරයෙනි.

( තිලක් සේනාසිංහ)

මහනුවර කාර් රේස්: මහජන අදහස් (video)

මහනුවර නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන සැණකෙළිය සම්බන්ධයෙන් මහජනතාව අතර විවිධ මත පවතී.

 සංදේශය වෙනුවෙන් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න, මහනුවර නගරවාසීන් අතරට ගොස් කරන ලද විමසුමකදී ලද අදහස් තුළිනුයි ඒ බව අනාවරණය වන්නේ.

"කාර් රේස් ඇත්ත වශයෙන්ම මේ වගේ තැනකට උචිත නැහැ. එකක් තමයි මේක පූජනීය නගරයක්. අනෙක් කරුණ තමයි භූගෝලීය වශයෙන් බැලුවොත් කඳු පල්ලම් තියන ඉතා පුංචි නගරයක්, ලෝක උරුම ගොඩනැගිලි තියනවා. ඒ නිසා මේ පටු මාර්ග වල අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කිරීම සුදුසු නැහැ" ශ්‍රී දළදා මාලිගාව අබියස දී හමු වූ ඒ.සි.නෙත්තිකුමාර සංදේශයට ප්‍රකාශ කළේය.

තම විරෝධය පළ කළ ස්ටැන්ලි පෙරේරා කියා සිටියේ ධනවත් රටවල් වලට ඔබින කාර් රේස් මහනුවරට අවශ්‍ය නොවන බවයි.

මාළිගාව ළඟ සෙල්ලම් එපා
"ශ්‍රී දළදා මාලිගාව අබියස සෙල්ලම් කරන්න ඕන නැහැ. අපේ ශ්‍රී දන්ත ධාතුත් වහන්සේ ඔක්කොටම වැඩිය උතුම්. ඒ නිසා කාර් රේස් වලට මම කැමති නැහැ"ලලිතා බණ්ඩාර පවසන්නීය.

ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නට හමු වූ පූජ්‍ය මහින්ද හිමියන් කියා සිටියේ ජාතිය, ආගම වෙනුවෙන් කතා කළ, වැඩ කළ සියලු දෙනා නිශ්ශබ්ද කරන බලවේගයක් මේ පිටුපස ඇති බවට තමන් විශ්වාස කරන අතර රාජ්‍ය පාලකයන් මහා නායක හිමිවරුන්ගේ අවවාද වලට ඇහුම්කන් දිය යුතුව ඇති බවයි.

"පාරක යන්නත් නැහැ, වෙළදාමක් කරන්නත්නැහැ, මගීන්ට යන්න වෙලා තියෙන්නේ මහ පාරෙන් ඉවත් වෙලා" මෝටර් රථ ධාවන තරඟ වලට අප්‍රසාදය පළ කිරීමට හේතු පැහැදිලි කරන පදික වේදිකා වෙළෙන්දකු වන දිනුක ප්‍රනාන්දු තම අදහස් පළ කළේය.

එහෙත් මෝටර් රථ ධාවන තරඟ නුවර පැවැත්වීම ගැන සතුටු වෙන බවයි චානක කුලතුංග පවසන්නේ. ඔහු කියා සිටියේ මහනුවර මෝටර් රථ ධාවන තරඟ පැවැත්වුවොත් එවැනි තරඟ නැරඹීමට කොළඹට යාමට සිදු නොවන නිසා තමන් එම වැඩ පිළිවෙලට සතුටු බවයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive