facebook like

අක්‌කට අසනීප බව කියා පාසලෙන් රැගෙන ගොස්‌ බිරිඳගේ බාල වයස්‌ නංගීට අතවර කළ මස්‌සිනා

පාසලේ ඉගෙන ගනිමින් සිටි දැරියක්‌ සොයා හදිසියේ පාසලට පැමිණ ඇති ඇයගේ මස්‌සිනා අක්‌කාට අමාරුයි කියා ඇයව පාසලෙන් කැඳවාගෙන ගොස්‌ අපහරණය කර දූෂණය කරන ලදැයි අධි චෝදනා ලබා සිටි චූදිත මස්‌සිනා එම චෝදනා දෙකටම වරදකරු කළ හලාවත මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලකරත්න මහතා බරවැඩ සහිත වසර 27 ක සිරදඬුවමක්‌ පසුගිය දා නියම කළේය.

සුප්පන් චන්ද්‍ර මෝහන් නොහොත් සුප්පන් සන්දීර් මෝහන් චූදිත විය. හෙතෙම සිද්ධිය වන විට මුන්දලම අක්‌කරවේලිය ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.

2003 ජුලි 11 දින හෝ ඊට ආසන්න දිනයක මුන්දලම අක්‌කරවේලියදී වයස අවුරුදු 16 ට අඩු දැරියක අපහරණය කිරීම, එම දින වැල්ලම්පිටියදී ඇයව දූෂණය කිරීම යනුවෙන් චූදිතට විරුද්ධව අධි චෝදනා ඉදිරිපත් කර තිබිණි.

වින්දිත තැනැත්තිය ඒ වනවිට හය වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

කුඩා කාලයේම පියා ඇයව අතහැර දමා ගොස්‌ තිබුණෙන් මවගේ අක්‌කාගේ නිවසෙහි ජීවත්ව තිබේ. මවගේ අක්‌කා වන ඇයගේ ලොකු අම්මාගේ දරුවන් වූ අක්‌කලා දෙදෙනෙක්‌ ද මල්ලි කෙනෙක්‌ද අක්‌කලාගේ විවාහක සැමියන් දෙදෙනාද එහි පදිංචිව සිට ඇත.

සිද්ධියවූ දින වින්දිත තැනැත්තිය පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී පොඩි අක්‌කාගේ සැමියා වන චූදිත පාසලට පැමිණ අක්‌කාට අමාරුයි යමුයි කියා ඇත. ඔහු පාසලේ ගුරුවරයකුටත් විදුහල්පතිටත් ඒ ගැන කියා දැරියව පාසලෙන් රැගෙන ගොස්‌ මෙම අපරාධය සිදු කරන ලද බව වින්දිත තැනැත්තියගේ සාක්‍ෂියේ සඳහන් වෙයි. ඇය මහාධිකරණයේ සාක්‍ෂි දෙන විට ගැබිනියක්‌ව සිට ඇත.

පැමිණිල්ලෙන් ඉදිරිපත් කෙරුණ සාක්‍ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව කියා සිටි මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලකරත්න මහතා පළමුවැනි අධි චෝදනාවට බර වැඩ සහිත අවුරුදු හතක සිරදඬුවමක්‌ සහ රුපියල් 10,000 ක දඩයක්‌ නියම කළේය. දඩය නොගෙවන්නේ නම් අවුරුද්දක සැහැල්ලු සිරදඬුවමක්‌ නියම කළේය.

දෙවැනි අධි චෝදනාවට බර වැඩ සහිත අවුරුදු 20 සිරදඬුවමක්‌ද රුපියලක්‌ 20,000 ක දඩයක්‌ සහ වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂ හතක වන්දි මුදලක්‌ ගෙවීමට නියම කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් අවුරුද්දක ලිහිල් සිරදඬුවමක්‌ ද වන්දි මුදල නොගෙවන්නේ නම් අවුරුදු දෙකක ලිහිල් සිරදඬුවමක්‌ ද නියම කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive