facebook like

ඇමැති මර්වින්ගෙන් වීරමාතා සම්මානය ගත් ගයානිට තවත් බබෙක්

වසරින් වසර දරුවන් 8 දෙනෙක් මෙලොවට බිහිකර මර්වින් සිල්වා ඇමැතිවරයා අතින් 'වීර මාතා' සම්මානයෙන් පිදුම් ලද කිරිඳිවැල ගයානි නිරෝෂිණී මාතාව 9 වැනි දරුවා බිහිකිරීමේ සූදානමක සිටින බව වාර්තා වෙයි.


නිරෝෂිණීගේ ස්වාමි පුරුෂයා වන ප්‍රියන්ත වීරක්කොඩි මහතාගෙන් මේ පිළිබඳ විමසුමක් කළ විට ඔහු පැවැසුවේ තම බිරිය මේ වන විට මාස එකහමාරක ගැබිනියක් බවයි.
තිස්අටවැනි වියේ පසුවන ගයානිගේ වැඩිමල් පුතුගේ වයස අවුරුදු 9කි. බාලයා මාස 8ක පුතෙකි. ගැහැනු දරුවන් 3 දෙනෙක්ද වන මේ පවුලේ වැඩිමහල් දරුවෝ් තිදෙනා පාසල් යති.

සම්මාන ලැබූ මව සහ ඇගේ පවුල වෙනුවෙන් මේ වනවිට නිවෙසක්ද ඉදිවෙමින් තිබේ.මේ පවුල සඳහා මැලිබන් කිරිපිටි සමාගම විසින් නොමිලයේ දිනකට කිරිපිටි පැකට් එක බැගින් ප්‍රදානය කිරීමද මේ වන විට සිදුවෙමින් තිබේ. මර්වින් ඇමැතිවරයාගේ ඉල්ලීමකට අනුව මේ පරිත්‍යාගය සිදුවෙයි.


'හැකිතාක් දරුවන් වදපල්ලා' කියන මර්වින් සිල්වා ඇමැතිවරයාගේ ආන්දෝලනාත්මක කතාව පැවැසුවේ මේ 'වීර මාතා' සම්මානය ගයානි නිරෝෂණී මාතාවට පුදකරන අවස්ථාවේදීය. පසුගිය දිනක රූපවාහිනි ඉරිදා ආයුබෝවන් වැඩසටහනට කැඳවා තිබූ මේ දරු පවුල පිළිබඳ පුළුල් ප්‍රචාරයක්ද ලබාදී තිබිණි.


මේ වැඩසටහන ප්‍රචාරය වෙමින් තිබියදී රූපවාහිනි අධ්‍යක්ෂවරයා ඇමැතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම දරු පවුල සියසින් තමාට දැකගැනීමට අවශ්‍ය බව පවසා එම පවුලට අරලියගහ මන්දිරයට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර ඇත. එහෙත් දරුවන්ගේ පියා පවසන්නේ එම වටිනා අවස්ථාව මෙතෙක් තම පවුලට නොලැබුණ බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive