මිනිසා උපතින්ම දේශපාලන සත්ත්වයෙකැයි කීවේ ඇරිස්ටෝටල්ය. ඒ ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේදීය. මේ කතාව ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ උපන් සිදුහත් කුමාරයාටත් අදාළය. කුමාරයා ශාක්‍ය වංසයේ උපදින්නට පස්මහබැලුම් බැලුවේ ඒකය. බැරි වෙලාවත් සිදුහත් කුමාරයා චණ්ඩාල කුලයේ ඉපදුනානම්, ගෞතම බුදුන්ගේ ධර්මය මේ තරම් පිළිගැනෙන්නේ නැතිවන්නටත් ඉඩ තිබිණි.
කොසොල් රජතුමා ගෞතම බුදුන්ගේ උපදෙස් පිළි නොගන්නටත් ඉඩ තිබිණි.
සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වීමෙන් පසුවත් දිගටම දේශපාලනය කළේය. දස රාජ ධර්මය දේශනා කළේත්, ජාති-කුල භේද ප්‍රතික්ෂේප කළේත්, අහසින් ලක්දිවට වැඩමකොට මණිඅක්ඛිත නා රජ පවුලේ 'මැණික් පුටුවේ' ගැටුම විසඳන්නට උන්වහන්සේ කටයුතු කළේත් ඒකය.
මේ විසි එක්වැනි සියවසයි. මේ සියවසේ ලංකාවේ භික්ෂුන් වහන්සේද විවිධාකාරයෙන් දේශපාලනය කරති. රාජ-රාජ මහාමාත්‍යාදීන්ට අනුශාසනා කරති. ඒ අතරේ ජාතිවාදය අවුළුවති. 'දැන් ගහගන්නට හොඳම වේලාව' යැයි කියා ජනතාව කුලප්පු කරති. තම-තමන්ගේ ගුරු හාමුදුරුවරුන්ටත් පාරේ බැහැලා යන්නට නොහැකි ආකාරයට වචන හසුරුවති. තවත් භික්ෂුන් වහන්සේ අනුන්ගේ කොන්ත්‍රාත් හෝ පෞද්ගලික වාසි නිසා තමන් විසින්ම අත-පය කපා ගනිති. ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා ඇතැම් භික්ෂුන් වහන්සේ මේ අබුද්දස්ස කාලයේ හැසිරෙන්නේ එසේය.
"ඡන්දය දුන්නත් දේශපාලනය බෑ. අපේ නිකායේ භික්ෂුවකට දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුර ගලවා තියලා දේශපාලනයට යන්න පුළුවන්. එහෙම නැතිව දේශපාලනය කළොත් අවවාද දී නිකායෙන් නෙරපනවා."
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි හිමියන් කියන මේ කතාව කොයි-කවරදාටත් වඩා අද මේ රටට ගැළපෙන්නේය.
"සමහර හාමුදුරුවරුන් මහනායක හාමුදුරුවන්ටත් වලංගු නෑ. මහනායක හාමුදුරුවන්ගෙ තියෙන මහනායක තනතුරේ වටිනාකම කෝ...?"
එසේ විමසන්නේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනාහිමි කොස්ගොඩ සුභූති හිමියන්ය.
බුද්ධ දේශනාවට අනුව බුද්ධ පුත්‍රයන්ට ජාති, කුල භේද නැත. බුද්ධ පුත්‍රයන් සියලු දෙනාටම එකසේ සැලකිය යුතුය. ඇමැතිවරුන්ට එක් හැන්දකිනුත්, දුප්පත් ජනතාවට තවත් හැන්දකිනුත් බෙදීම බුද්ධ පුත්‍රයන්ට අකැපය. බුද්ධ දේශනාවේ කියැවෙන්නේ අවිහිංසාවාදී ගුණය පිළිබඳවය. අන්‍ය ආගම්වලට ගරු කිරීම, අන් මත ඉවසීම, සහෝදරත්වය යන මේවා ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ එන ඉගැන්වීම්ය.
එහෙත් අද ඇතැම් භික්ෂුන් වහන්සේ හැසිරෙන්නේ අවිගත් මාර සෙනෙවියන් පරිද්දෙනි. උන් වහන්සේ කාගේ හෝ අවශ්‍යතාවක් මත වැඩකරන දේශපාලන පුත්‍රයන් වුණාට, බුද්ධ පුත්‍රයන් නම් නොවන්නේම යැයි ඇතැමකුට තර්ක කළ හැකිය. අනෙක් අතට මහා නායක හාමුදුරුවන්ට තම තමන්ගේ නිකායවල ගෞරවය බේරා ගැනීමේ වගකීමක් ඇත. එහෙත් උන් වහන්සේද මේ ප්‍රශ්නවලදී ප්‍රමාණවත් අයුරින් මැදිහත් වන බවක් පෙනෙන්නේ නැත.
"දැන් ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෝ වම්හ. දැන් අපට රිසිසේ කටයුතු කළ හැකිය."
ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිටියදී සුභද්‍ර නම් භික්ෂුව පැවැසූ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනාවක්ද පැවැත්විණි. මේ ආකාරයට ධර්මය රැක ගැනීමට අවශ්‍ය නම් ඇතැම් ශ්‍රමණ වේශධාරින් පලවා හරින්නට නම් මේ සියවසේදී දිනපතා ධර්ම සංගායනා පැවැත්විය යුතුව තිබේ. මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශය සහ ඒ අමාත්‍යංශය භාර ඇමැතිවරයා වන අගමැතිවරයා තමන්ට මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා ගැනීමට අවශ්‍යවූ විට වහාම ධර්ම සංගායනාවක් කළ යුතු යැයි කියයි. භික්ෂුන් වහන්සේට විනය මාලාවක් පැනවිය යුතු යැයි කියයි. මෙතෙක් නම් ඒවා මේ මහ පොළොවේ සිද්ධ වුණේ නැත. සැප සම්පතින් පිරි ජීවිතයක් ගත කරන්නට, ලක්ෂ ගණනින් සල්ලි අත ගාන්නට සහ අනෙක් පන්සලට වඩා තමන්ගේ පන්සල වැඩි දියුණු කිරීම ගැන ඇරෙන්නට වෙනත් දෙයක් ගැන සිතන්නටවත් අකැමැති නායක හිමිවරු පිරිසක්ද දේශපාලකයන්ගේ වාසියටම මේ රටේ පහළ වී සිටිති.
අලුතින් විනය නීති, ධර්ම සංගායනා අවශ්‍ය නැත. කළ යුත්තේ සැබෑ බුද්ධ පුත්‍රයන් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ දහම අනුව කටයුතු කිරීමයි. එවිට දහමත් රැකෙන්නේය. දේශපාලනයත් රැකෙන්නේය. මේ කරුණු තේරුම් ගත් 'බුද්ධ පුත්‍රයන්' රටට අවශ්‍ය වී තිබේ.

0 comments:
Post a Comment