දරු සෙනේ මව් හද තුළම මිස වෙන හදවත් තුළ රඳන්නේ නැති තරම්ය. දරුවා දස මසක් කුස තුළ හොවා පාරමී පුරන මව්වරුන්ගේ ලෙය කිරට හැරෙන මහා ප්‍රාතිහාර්යය සිද්ධවන්නේ දරු සෙනෙහසේ අපූර්වත්වය නිසාය. උණහපුළුවාට උගේ දරුවා වටිනා බව කියන්නේ දරු සෙනෙහසට සමකළ හැකි කිසිවක් මේ විශ්වයේ නැති බැවිනි. මේ සා තරම් සංවේදී දරු සෙනෙහස වෙනුවෙන් මවක් ගිය සතියේ සිය ජීවිතය පූජා කළාය. ඒ ළිඳට වැටුණු තම දරුවා බේරා ගැනීමට ගොස්ය. මේ අනුවේදනීය කතාව අපට අසන්නට ලැබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විලෙනි.
ප්‍රිියංගිකා මනෝරි (32) හම්බේගමුව රතඹලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව්දරු මවකි. උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රේරන කලාප මායිමේ ඇති මෙම හුදෙකලා ගම්මානයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 150ක් පමණ වේ. 1971 වසරේදී උඩවලව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමේදී එම භූමියේ පදිංචිව සිටි ඔවුන් ඉන් ඉවත් කර නැවත පදිංචි කරවන ලද්දේ මේ ගම්මානයේය.
අපේ මේ කතාවේ කතා නායිකාව වූ ප්‍රියංගිකා මනෝරි විවාහ වී සිටියේ එම ගම්මානයේම අසල්වැසි තරුණයකු වූ සිසිර කුමාර (39) සමගය. ඥාතීත්වය අනුව සිසිර ප්‍රියංගිකාගේ ඇවැස්ස මස්සිනා විය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට මෙම ඥාති සම්බන්ධය යම් බාධාවක් වුවත් එය අතරමග නවතා දමන්නට තරම් හේතුවක් ඔවුනට නොවූයේය. ඒ ඔවුනොවුන් කෙරෙහි තිබූ අවබෝධය අසීමිත ආදරය කැපකිරීම හා ගෞරවය බව ගම්වැසියෝ කියති. ගොවියෙකු වූ ප්‍රියංගිකාගේ සැමියා බොහෝ විට අනුන්ගේ කුලියක් කර තම පවුල නඩත්තු කළද පවුලේ අගහිඟකම් පිරී ඉතිරී දෝරේ ගලා ගියද දෙන්නා දෙමහල්ලන් අතරේ ගැටුමක් ආරවුලක් කිසිදිනක ඇති නොවුණේ මේ පෙරකී කාරණා නිසා බව රතඹලාගම ගම්වැසියෝ සාක්ෂි දරති.
ප්‍රියංගිකා හා සිසිර පදිංචිව සිටි කටුමැටි ගසා යන්තම් සෙවිලිකර ගත් කුඩා නිවස ඇත්තේ ප්‍රියංගිකාගේ පාර්ශ්වයෙන් ලැබුණ පුංචි ඉඩම් කොටසකය. එතැන සිට ප්‍රියංගිකාගේ මව වූ ටී.ඩී. මාලනී (48) ගේ නිවස තිබුණේ පේන දුරෙනි. මේ නිසා පොඩි පොඩි අවශ්‍යතාවන්ට පවා ප්‍රියංගිකා පමණක් නොව ඇගේ දරුවෝ සිව් දෙනාද මාලනීගේ නිවසට නිතර නිතර යාමට ඊමට පුරුදුව සිටියෝය.
ප්‍රියංගිකාගේ හා සිසිරගේ වැඩිමහල් දරුවා සුනිමල් රත්නායකය. පහළොස් හැවිරිදි සුනිමල් උපතින්ම මන්ද මානසික දරුවෙකි. හෙතෙම වරින් වර අපස්මාරය රෝගයෙන්ද පීඩා වින්දේය. ඒ හේතුව නිසා ප්‍රියංගිකාට තම වැඩිමහල් දරුවාගේ අවශ්‍යතා සොයා බලමින් ඔහු රැකබලාගැනීමට නිවසටම වී හිඳින්නට සිදුව තිබුණි. පවුලේ අගහිඟකම් වැඩි වෙත්ම ප්‍රියංගිකාටත් කාගේ හෝ කුලියක් මලියක් කර තම ආදරණීය සැමියාට පවුලට වාරුවක් වන්නට වුවමනාව තදින් තිබුණද වැඩිමහල් දරුවාගේ රෝගී තත්ත්වය ඊට බාධාවක් විය. තමන් රැකියාවකට ගියහොත්, තම වැඩිමහල් දරුවා අසරණ වෙතැයි ඇය නිරතුරුව සිතුවාය.
“අක්කා ලොකු පුතාට ගොඩක් ආදරය කළා. ඒ වගේම පුතාගේ අසනීප තත්ත්වය ගැනත් හිතෙන් ගොඩක් දුක් වින්දා. ඉතිං පවුලේ මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් ලොකු පුතාව බලාගෙන අක්කට ගෙදරට වෙලාම ඉන්න වුණා.” ප්‍රියංගිකා මනෝරිගේ ඥාති සහෝදරයෙකු වන රංජිත් බණ්ඩාර පවසයි.
ඔවුන්ගේ දෙවැනි දරුවා වන්නේ නාමල්ය. දහතුන් හැවිරිදි නාමල් මෙන්ම ඔවුන්ගේ පවුලේ මද්දුමී වන කවීෂා කාවින්දිත්, බාලම දැරිය වන පූර්නිමා රත්නායකත් තවමත් පාසල් වයසේය. පිළිවෙලින් ඔවුන් හත, පහ සහ තුන ශ්‍රේණිවල ඉගෙනුම ලබති. හබ්බේගමුව රතඹලාගම විද්‍යාලය ඔවුන්ගේ පාසලය.
මේ අවාසනාවන්ත සිද්ධිය වන්නේ ඉකුත් 14 දා පස්වරුවේය. එදින දවල් කෑමෙන් පසුව ප්‍රියංගිකා තම වැඩිමහල් දරුවාගේ පෙරැත්තයට රූපවාහිනිය නැරඹීමට මවගේ නිවසට ගොස් ඇත්තේ පස්වරු 2.30ට පමණය. ‘එදා රූපවාහිනියේ චිත්‍රපටයක් තිබුණා. දුවයි, දරුවෝ හතර දෙනයි දවල් ටී.වී. බලන්න ඇවිත් හවස් වෙලා. මටත් කියලා ගෙදර යනවා කියලා පිටත් වුණා. මගේ ගෙදර ඉඳලා දුවගේ ගෙදරට දුර මීටර් 100ක් විතර ඇති. ඒ යන එන පාර ළඟ වගා ළිඳක් තිබුණා. දුව ටී.වී. බලන්න එන විට කළයකුත් අරගෙන ඇවිත් ළිඳ ළඟ තියලා ගෙදර ඇවිත් තිබුණේ. ටී.වී. බලලා ඉවර වෙලා යන ගමන් කළයට වතුර එකකුත් පුරවගෙන ගෙදර යන්නයි. මේ වෙනකොට මමත් ළිඳ ළඟ ඉඳලා කළයට වතුර පුරවගෙන ගෙදරට එමිනුයි හිටියේ දුව අපේ ගෙදර ඉඳලා දරුවොත් එක්ක එයාලගෙ ගෙදර යනවා කියලා මටත් කියමිනුයි ගියේ. ඉස්සරහින්ම ගියේ ලොකු පුතා පස්සේ තමයි අනෙක් අය ගියේ. මේ ළිඳ ළඟින් තමයි දුවලගේ ගෙදරට යන පාරත් වැටිලා තිබුණේ. ඉතිං ලොකු පුතා ඔය ළිඳ ළඟින් යනකොට මුලක කකුල පැටලිලා තියෙනවා. ඒ එක්කම දරුවගේ අතපය දරදඬු වෙලා. දත් පූට්ටුවෙලා සිහිය නැතිව පාර අයිනේ තිබුණ මේ ළිඳට වැටිලා තියෙනවා. දුව “අම්මේ...” කියලා කෑගහල තිබුණත් මට ඇහුණේ නැහැ. පස්සේ දුව ඒ එක්කම වගේ සුනිමල් පුතාව බේරාගන්න ළිඳට පැනලා තියෙනවා. එතකොටම කවිෂා දුව අපේ ගෙදරට දුවගෙන ඇවිත් කිව්වා “අයියා ළිඳට වැටුණා. අම්මා අයියව බේරාගන්න ළිඳට පැන්නා” කියලා. මේ වෙලාවේ මගේ පොඩි පුතා ලක්ෂිතත් එයාගේ යාළුවෙකුත් ගෙදර හිටියා. පොඩි පුතා එයාගේ යාළුවා එක්ක ළිඳ පැත්තට දුවලා ගිහිල්ලා ළිඳට බැහැලා මගේ දුවත් එයාගේ ලොකු පුතාත් ඉතා අමාරුවෙන් ළිඳෙන් ගොඩට ගත්තා. දෙන්නම මඩේ එරිලයි ඉඳලා තියෙන්නේ ඒ වෙනකොටත් දෙන්නටම සිහිය තිබුණා. සුනිමල් පුතා ඉක්මණින් හම්බේගමුව ඉස්පිරිතාලයට අරගෙන යන්න පුළුවන් වුණත් දුව ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරිවුණා. ඒ ප්‍රමාදය නිසා දුව ඉස්පිරිතාලයට අරගෙන යනකොටත් මිය ගිහිල්ලා තිබුණා.”
තම ආදරණීය දරුවා මරණයෙන් බේරාගන්නට ළිඳට පැන මියගිය ප්‍රියංගිකා මනෝරිගේ මව වන ටී.ඩී. මාලනී මහත්මිය තම වැඩිමහල් දියණියගේ වියෝව දරාගත නොහැකිව හැඬුම්බරව පවසන්නීය.
“මේ ළිඳ අපි කලින් පාවිච්චියට ගත්තේ වගාවට අවශ්‍ය වතුර ගන්නයි. ඒත් දැන් අපි බොන්න වතුර ගන්නේත් මේ ළිඳෙනුයි. ළිඳ ටිකක් ගැඹුරුයි. ඊට වඩා ළිං ඉවුරේ පස් සේදී ගිහිල්ලා කඩා වැටිලා නිසා ළිඳ ඇතුලේ ගොඩක් මඩ තිබුණා. මමත් මගේ යාළුවත් අක්කත්, දරුවත් බේරාගන්න ළිඳට බැස්සේ ගොඩක් අමාරුවෙක් හිත හදාගෙන. ළිඳට බහින්නත් ඒ තරම් අපිට බයක් තිබුණා. අක්කා මේ ළිඳේ තියන භයානක කම දැන දැනත් ලොකු පුතා බේරාගන්න දෙපාරක් නොහිතා ළිඳට පැන්නා කිව්වම අපට හිතාගන්නත් බැරිවුණා.” ප්‍රියංගිකා සහ ඇගේ දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වූ ප්‍රියංගිකාගේ බාල සොහොයුරා වන ලක්ෂිත සඳරුවන් පවසයි.
තම ලෙයින් උපන් කිරිකැටි දරුවන් කසළ බඳුන්වල දමා යන මව්වරුන් සිටින අවධියක, දරුවන් මරා වැසිකිළි වළවල් නැතිනම් කාණු තුළ දමා යන මවුවරුන් සිටින කාලයක, දරුවන් ගංගාවකට විසිකර මරා දමන්නට තරම් සැහැසි වන මව්වරු සිටින යුගයක තම ආබාධිත දරුවාගේ ජීවිතය රැකගැනීමට තම ජීවිතය පරදුවට තැබූ මේ අම්මා කොහොම අම්මා කෙනෙක් දැයි අපට සිතුණි. තමන්ට තවත් දරුවන් තිදෙනකු සිටියදී ඔවුන් ගැනවත් නොසිතා තම ආබාධිත දරුවා බේරාගැනීමට ඇඟ කිලිපොලා යන තරම් භයානක මේ වගා ළිඳට පනින්න තීරණය කරන්න තරම් ඇය තුළ මේ දරුවා කෙරෙහි මොනතරම් ආදරයක්, සෙනෙහසක්, ලෙන්ගතුකමක් තියෙන්නට ඇද්දැයි අපට සිතුණි. සම විද මස් තුළත්, මස් විද ඇට තුළත්, ඇට විද ඇට මිදුලු තුළත් එවන් ආදරයක් දරු සෙනෙහසක් ඇය තුළ නොවෙන්නට මේ සා නම් කැපකිරීමක් කරයිද? ඒ සැබෑ අම්මලා කාගේත් හැටිය.
තම ආදරණීය ආබාධිත වැඩිමහල් දරුවාගේ ජීවිතය රැකදී ප්‍රියංගිකා මනෝරි නම් ඒ ආදරණීය මව ලෝකය අතහැර ගොස් අවසන්ය. ළිඳට වැටී ජීවිතය බේරාගත් සුනිමල් රත්නායක නම් පහළොස් හැවිරිදි ආබාධිත දරුවා මේ වන විට රත්නපුර මහ රෝහලේ සුවය ලබමින් සිටී. ඔහුගේ තත්ත්වයද යහපත් යැයි වෛද්‍යවරුද පවසා ඇත.
ප්‍රිය බිරිඳගේ හදිසි වියෝවෙන් තැවෙන සිසිර කුමාරට දැන් අලුත් අභියෝගයකට මුහුණදීමට සිදුව තිබේ. ඒ කුලී වැඩ කරමින් තම ආබාධිත දරුවා ඇතුළුව දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමය. තම ජීවන මගේ අත්වැල බිඳී ගිය පසු සැමියෙකුට එය පහසු කටයුත්තක් නොවේ. අප දුටු ඔහුගේ දෑස් අග කැකෑරෙමින් තිබූ තෙරපෙමින් තිබූ කඳුළු බිඳු ඊට සාක්ෂියකි.
සංජීව බණ්ඩාර

0 comments:
Post a Comment