facebook like

'නිවට නියාලු, දෙබිඩි, සෙවලයෙක්..............මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මෛත්‍රිපාලට ප්‍රහාරයක්

තිබෙන අමාත්‍යංශයවත් හරිහැටි කරගන්න බැරිව සෞඛ්‍ය ඇමැතිවරයා ඊටත් වඩා ඉහළ තනතුරු අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

'නිවට නියාලු, දෙබිඩි, සෙවල ප්‍රතිපත්ති අත්හැර හරියට තීරණ ගන්න. තීරණ හරියට ගන්න බැරිනම් කරන්න ඕනෑ දේ එතුමාම තීරණය කරන්න ඕනෑ' බවද උන්වහන්සේ අවධාරණය කරති.


'සෞඛ්‍ය අමාත්‍යංශය අවුල් කෙළේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ හෙවත් සෞඛ්‍ය ඇමැතිවරයා බව වගකීමෙන් කියනවා' යැයිද උන්වහන්සේ කීහ.


තමන් වහන්සේ 1966 සිට සෞඛ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කර අත්දැකීම් සම්භාරයක් තිබෙන බවත් එදා සිට මේ දක්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මෙතරම් පිරිහුණු විනාශ වූ යුගයක් තවත් නැති බවත් සඳහන් කළ ආනන්ද හිමියෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ අදූරදර්ශී අවාසනාවන්ත කාලපරිච්ඡේදය මෙය බවද සඳහන් කළහ.
'ජනාධිපති රට සංවර්ධනය කරන්න හැදුවාට මෙවැනි අය තියාගෙන එහෙම කරන්න බැහැ. මෙවැනි දෙබිඩි මිනිස්සු ජනාධිපතිටත් කරදරයක්, හිරිහැරයක් වෙලා' යැයිද ආනන්ද හිමියෝ කීහ.


සෞඛ්‍ය අමාත්‍යංශයේ උද්ගත වී ඇති මේ තත්ත්වය පිළිබඳ තමන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කළ බව කී ආනන්ද නාහිමියන් 'මා ඇමැති කෙනෙක් දාලා තියෙන්නේ' එයා මොනවද මේ කරන්නේ? මම ඇඟිලි ගහන්නෙ ඇයි?' කියා ජනාධිපති මගෙන් විමසුවා යැයිද පැවැසූහ.
හෙදියන්ගේ සූතිකාගාර පුහුණුව පිළිබඳ ප්‍රශ්නය හය මාසයක් පුරා දැඩි අර්බුදයකට පත් වුණේ සෞඛ්‍ය ඇමැතිවරයා නිසා යැයි තමන් වහන්සේ බය නැතිව ප්‍රකාශ කරන බවද උන්වහන්සේ කීහ.


'නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නය සේවකයන් වහලයට නඟින තැනට පත්කෙළේ කවුද? සෞඛ්‍ය ඇමැතිවරයායි' යනුවෙන්ද උන්වහන්සේ පැවැසූහ.
රෝහල්වල වෛද්‍ය, හෙද හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් අතර බලවත් අවුලක් තිබෙන අතර සේවක රාජකාරි, රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හා පහසුකම් නොලැබීම යනාදී ගැටලු රැසක්ද පැවැතියද ඒවා සොයා බලා විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුත්තන් නැතැයිද කී උන්වහන්සේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු ප්‍රශ්න විස¼දාගන්නත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට කීමට සිදුවී ඇත්තේ යැයිද කීහ.


රෝහල් සේවය යාවත්කාලීන කිරීම සඳහා නව සෞඛ්‍ය ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය නිකුත් කළ 02-88/2014 දරන චක්‍රලේඛය ලබන ජූලි 11 වැනිදාට පෙර ක්‍රියාත්මක නොකළහොත් හෙද හෙදියන් සියලු දෙනාම රෝහල්වල පරිපාලන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයිද පැවැසූ ආනන්ද නාහිමියෝ එසේ පරිපාලනයට අවහිර කරන්නේ ජනාධිපතිවරයාට හෝ රජයට හෝ එරෙහිව නොව සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන ක්‍රියාපද්ධතියට එරෙහිව බවද අවධාරණය කළහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ එසේ ප්‍රකාශ කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (25දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive