facebook like

'අමාත්‍යංශයට ඇතුල් වුනේ බොදු බල සේනා කියා හඳුනා ගන්න බෑ'

 කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ.

එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම වී ඇත්තේ.

මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive