ශ්‍රී ලංකාවේ කුස්‌සි සහ කක්‌කුස්‌සිවල සිදුවන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මහත් ආශාවෙන් පසුවන (බව පෙනෙන්නට තිබෙන) ඇමරිකාව, බේරුවල සහ අලුත්ගම සිටින ගොන් තකතීරුවන් විසින් පටන් ගනු ලැබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිසා සොටු වගුරුවමින් හඬා වැළපෙන බව පෙනෙන්නට තිබේ. ලංකාවේ තත්ත්වය හෙළාදකිමින්, ජුනි 16 සහ 17 යන දෙදින කොළඹ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය, srilanka.usembassy.gor/pr නමැති සිය නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශ දෙකක් නිකුත් කර ඇත. රජය විසින් රටේ සාමය සුරක්‍ෂිත කර ජනතාව, ආගමික ආයතන සහ දේපළ ආරක්‍ෂා කළ යුතු බව එකී පළමු නිවේදනය මගින් කියනු ලැබ ඇත. දෙවන නියෝගයේ එසේ කරන ලෙස බල කර ඇත. මෙය නියෝගයකි. නිවේදනය යටින් පින්තූරයක් ද පළකර තිබේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, බොදුබල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ එම සංවිධානයට අයත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පිරිසක් එම පින්තූරයේ සිටිති. "...........ප්‍රහාරයේ මෙහෙයුම්කරුවෝ" යනුවෙන් පින්තූරය අගට සටහනක් එකතු කර තිබේ. මේ පින්තූරය, ඇමරිකන් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට එවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ සිටින පාඨකයෙකි. පාඨකයා මොකා වුවද පින්තූරය පළකිරීමෙන් ඇමරිකන් තානාපති කාර්යාලය කර ඇත්තේ නීච ක්‍රියාවකි. රටේ ආරක්‍ෂක ලේකම් බොදුබල සේනාව සමඟ එකතු වී අපගේ මුස්‌ලිම් ව්‍යාපාරික සහෝදරයකුට අයත් රෙදිපිළි ආයතනයට පහරදුන් බව එයින් කියෑවෙයි. මේ පින්තූරය ඊයේ (22 දා) උදේ 10 ටත් එම වෙබ් අඩවියේ තිබිණ. පින්තූරය, වෙබ් අඩවියට එවා ඇත්තේ දින 4 කට පෙර බවට සටහනක් යොදා තිබිණ. මේ අතර අපගේ සහෝදර ඉස්‌ලාම් භක්‌තිකයකුට අයත් පානදුරේ සාප්පුවක ගින්නක් සෙනසුරාදා ඇති විය. මේ පින්තූරය දකින ඉස්‌ලාම් සහෝදර සහෝදරියන් සිතීමට ඉඩ ඇත්තේ ආණ්‌ඩුව භික්‍ෂූන් වහන්සේලා සමඟ එකතු වී අපගේ මුස්‌ලිම් ව්‍යාපාරික සහෝදරයන්ට පහර දෙන බව ය. ඇමරිකන් තානාපති කාර්යාලය අපට අමුතුම ගේමක් දෙන්නට යන බව ඉතා පැහැදිලි ය. ප්‍රභාකරන් හරහා දීමට බැරි වූ එකී ගේම මෙවර දෙන්නට යන්නේ වසර දහස් ගණනක් තිස්‌සේ අප සමඟ එක රටේ එකට දුක සැප බෙදාගෙන සිටි අපගේ මුස්‌ලිම් සහෝදරයන් අප සමඟ භේද කිරිමෙනි. ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු යුද්ධයෙන් සිංහලයන් හැරුණු විට වැඩිම හානියට පත්වූවෝ අපගේ මුස්‌ලිම් සහෝදරවරු ය. ඒ තිස් අවුරුද්දටම ඇමරිකාව කළේ ශෝක ප්‍රකාශ සහ නිවේදන නිකුත් කිරීම පමණි. ඇමරිකාව යනු ඉතාම යහපත් සහ ප්‍රගතිශීලී ජනතාවක් සිටින රටකි. එහෙත් කරුමය නම් හැම ඇමරිකන් ආණ්‌ඩුවක්‌ම බලයට පත්වන්නේ "වටේටම කෙළින්නම්" යන අදහස සහිතව වීම ය. "මාධ්‍ය නිදහසට" ගරු කරමින් ආරක්‍ෂක ලේකම් සහ බොදුබල සේනාව එක හැලියේ දමා වෙබ් සයිට්‌වල පළකර පෙන්වීමෙන් ඇමරිකන් තානාපති කාර්යාලය අදහස් කරන්නේ කුමක්‌ද? ඇමරිකන් ජනාධිපති බරක් හුසේන් ඔබාමා සහ අල්කයිඩා සංවිධානයේ නූතන නායක "අල් සවගිරි" එකට කරට අත දමාගෙන සිටින පින්තූරයක් මොකෙක් හෝ නරුමයකු විසින් එවනු ලැබුවහොත් ඇමරිකන් තානාපති කාර්යාලය එය තම වෙබ් අඩවියෙහි පළ කරන්නේද? කටකතාව යනු ඉතා භයානක ආයුධයකි. වෙබ් සයිට් එකක දමන පින්තූරයකින් රටක් ගිනි තැබිය හැකි ය. ඇමරිකන් තානාපති කාර්යාලයේ අරමුණ ඒකද?
divaina -
divaina -
0 comments:
Post a Comment