යුද ජයග‍්‍රහණයෙන් පසුව උතුරට දේශපාලන නායකත්වයක් දීමට සුදුසු කිසිවකු ආණ්ඩුව තම ජාතික ලැස්තුවට ඇතුළත්කර නැතැයිද ඉන් පෙනී යන්නේ යුද ජයග‍්‍රහණයෙන් පසුව ආණ්ඩුව රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ගමන සූක්‍ෂ්ම න්‍යාය පත‍්‍රයක් අනුව ස්ථානගත නොකිරීම යැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
පසුගියදා රත්නපුර නගර ශාලාවේදී පැවැති ‘විය යුත්තේ කුමක්ද?’ යන සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද අවධාරණය කළේය.
‘‘මෑත ඉතිහාසය තුළ මේ රට අසීරු අභියෝග ජය ගත්තෙ එහි තිබෙන අවදානම හා අනතුර දකින, ඊට එරෙහිව සටන් වදින මහා ජන බලවේගයක් මේ මහ පොළොව මත නිර්මාණය වූ නිසයි. එහෙම නොවුණා නම් මේ රට අද දෙපළු වූ රටක්. එසේම මේ රට විදේශ බලවේගයන්ගේ පදයට නැටවෙන ඔවුන්ගේ තිප්පොළක් බවට පත් වී අවසානයි. ඒ තත්ත්වයෙන් මේ රට මිදුණේ දේශමාමක බලවේග සාම්ප‍්‍රදායික රජුන් තනන්නන් නොමැතිව එදා ඓතිහාසික ජනවරමක් නිර්මාණය කළ නිසයි. 2005 ජනවරම වැඩි ඡන්ද 180,000කින් ලැබූ ජන වරමක් වුවත් එම ජනවරමින් වැඩි ඡුන්ද ලක්‍ෂ 10 – 15 ලබා ගත් ජනවරමකින් කිරීමට නොහැකි වූ දේ කළා.
‘සාම රෙද්දෙන් රටේ බෙල්ල කැපීම’
2005 ජනාධිපතිවරණයට එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදය හෝ සහයෝගය ඇතිව නොවේ. අපේක්‍ෂත්වය දුන්නෙත් ‘එපා වාහෙට හොදි බෙදෙනවා’ වගේ. අපේක්‍ෂාව වූයේ ඉල්ලන්න දීලා පරදවන එක. තොන්ඩමන්ලා, හකීම්ලා වැනි සාම්ප‍්‍රදායික රජුන් තනන්නන් එදා ජාත්‍යන්තර උවමනාව අනුව රනිල් වික‍්‍රමසිංහ දිනවන්න කටයුතු කළා. මේ සියල්ල මැද්දේ මේ රටේ දේශමාමක බලවේග 2005 ඓතිහාසික ජයග‍්‍රහණය සනිටුහන් කළා. 2005 ජනවරමෙන් අපේක්‍ෂා කළේ කුමක්ද? පාවාදීමේ ඊනියා සාම ක‍්‍රියාදාමය නතර කොට රට තුළ සැබෑ සාමය ස්ථාපිත කිරීම, ‘සාම රෙද්දෙන් රටේ බෙල්ල කැපීම’ නතර කිරීම, නැවත මේ රටේ ඒකීයභාවයට පණ දීම, එක ජාතික කොඩියක් යටතේ ජීවත් වන රටක් හැදීම යන ඉලක්ක සපුරා ගැනීමයි. මෑත ඉතිහාසයේ ජනවරමකින් අපේක්‍ෂා කළ පරමාර්ථයක් මුදුන්පත් වූවා නම්, එසේ මුදුන්පත් වූ ප‍්‍රමුඛතම ජනවරම තමයි 2005 ජනාධිපතිවරණ ජනවරම. අවුරුදු 04කින් කොටි ත‍්‍රස්තවාදය අවසන් කළේ ඒ ජනවරමින්.
ඒ අනුව පැහැදිලියි, 2005 ජනවරම මෑත ඉතිහාසයේ වෙනස් ජනවරමක් බව. 2005 ජනවරම ලැබුණේ සියයට දශම ගණනකින්. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා ලෙස 49%කුත් දශම ගණනක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තා. නමුත් වැදගත් වන්නේ දශම ගණනක ප‍්‍රතිශතයකින්ද දිනුවේ. විශාල ප‍්‍රතිශතයකින්ද දිනුවේ, කියන එක නොවෙයි. ඒ ජනවරමින් අපේක්‍ෂා කළ පරමාර්ථය ඉටු වූවාද, නැද්ද, යන්නයි.
මහා සමාජ සංවාදයක් ඇතුළෙයි 2005 ජනාධිපතිවරණ වැඩපිළිවෙළ හැදුණේ. මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබුණේ ඒ සමාජ සංවාදයේ තමන්ට අදාළ ස්ථානයේ හිට ගැනීම පමණයි. එතුමා හරි තැන හිටගත්තා. එමතින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. 2005 ජනාධිපතිවරණයට කලින් සමය කියන්නේ මහා සමාජ කතිකාවතක් තුළින් මතු වූ නිවැරදි ස්ථාවරය මත ජනාධිපතිතුමන් හිට ගැනීමක්. 1956 බණ්ඩාරනායක අගමැතිතුමා කළෙත් ඒක. ඔහු බටහිර සිට ආවා. ටයි කෝට් ගැලෙව්වා. ජාතික ඇඳුමට බැස්සා. ඒ වන විට ජාතික බලවේග විසින් ගොඩනගා තිබූ නිවැරදි සමාජ මතවාදය හා හිටගත්තා. 1956 පෙරළියෙන් මේ සමාජයට විවිධ ජයග‍්‍රහණ ගෙනාවා. ඒ අනුව 1956දී හා 2005දී සමාජය තුළ ගොඩනැගුණු ගැඹුරු සමාජ කථිකාවන් මගින් බිහි වන ජාතිකවාදී බලවේගයන් සමග සිටගත් නායකයන් ජයග‍්‍රහණය කළා වගේම රටට ජයග‍්‍රහණත් ලබා දුන්නා. නමුත් 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනි මහා සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැහැ. යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයෙන් මුළුමහත් රටම ප‍්‍රමෝදයට පත්වී සිටි නිසා එවැනි කතිකාවතක් නිර්මාණය වීමට වටපිටාවක් ද තිබුණේ නැහැ. එම ප‍්‍රමෝදය විසින් 2010 ජනාධිපතිවරණයෙන් වැඩි ඡුන්ද 18 ලක්‍ෂයක ජයක් ලැබුණා.
නමුත් යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය විසින් අත්‍යවශ්‍ය සමාජ සාකච්ඡවකට තිබුණු ඉඩකඩ අහුරා තිබුණා. ඒ නිසා පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැ`ගන්න ඕන ගමනක්, සීමිත සංවාදයක් තුළ ගොඩනැගුණා. ඒ අනුව 2010 ජනවරම පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගුණු තර්කානුකූල ප‍්‍රතිඵලයක් නොවෙයි. ‘දිනාගත් සාමය ඇතුළේ මව්බිම ගොඩනැ`ගිය යුත්තේ කෙසේද? ‘ප‍්‍රමුඛතා ලැයිස්තුව කුමක්ද? උපක‍්‍රම මොනවාද?’ යන මහා කතිකාව තුළ පෝෂණය වුණු ජනවරමක් නොවෙයි එදා 2010 ජනවරම. මම මේ කරුණු පෙන්වා දෙන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, තේරුම් ගත යුතු කරුණක් විදියට. කෙසේ නමුත් එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍යය යළි ගොඩනැංවීමේ න්‍යායපත‍්‍රය අසම්පූර්ණ න්‍යාය පත‍්‍රයක් බවට පත් වුණා.
‘උදේම ජෝඩු දාලා ආවේ කවුද?’
2005 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ලැබුණාට පසුව පසුදා උදෑසන 08:00ට පමණ මම, ජවිපෙ දැන් ඉන්න නායකයා සමග අරලියගහ මන්දිරයට ගියා. විශාල පිරිසක් එතැන හිටියා. අපි ජනාධිපතිතුමන් සමග කතාබහක යෙදී සිටින විට දෙන්නෙක් කඩාගෙන, පිඹගෙන ආවා. එක්කෙනෙක් පී. බී. ජයසුන්දර මහත්තයා. අනෙක් කෙනා පලිහක්කාර මහත්තයා. ඔහු පසු කලෙක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. මේ දෙන්නාම 2005 ජනාධිපතිවරණ කාලයේ දකින්න ලැබුණේ නැහැ. අරලියගහ මැදුරේ පඳුරක් අයිනකවත් හිටියේ නැහැ. නමුත් මෙන්න, ජනාධිපතිවරණය දිනුවාට පස්සේ උදේම ජෝඩු දාලා මේ අය අරලියගහ මන්දිරයට එනවා. මේ දෙන්නා හදා ගෙන ඇවිත් තිබුණා, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නිවේදනයක්. මේ නිවේදනය තමයි, ජනාධිපති ලෙස තේරී පත් වුණු මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජාත්‍යන්තර ප‍්‍රජාවට නිකුත් කරන නිවේදනය. අපටත් ඒ දවස්වල ඉඳලාම මේ අයගේ ක‍්‍රියා කලාපය ගැන ඉවක් තියෙනවානේ. ඉතිං අපි අරන් බැලූවා ඒ නිවේදනය. ඒකෙ තියෙනවා, ‘නෝර්වේ රජය සමග ඇතිකර ගන්නා ලද සාම ක‍්‍රියාදාමය, නොනවත්වා ඉදිරියට ගෙන යාමට මාගේ රජය කැප වනු ඇත, සාකච්ඡුා මාර්ගයෙන්, සාමකාමී ප‍්‍රවේගයකින් මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම මාගේ රජයේ එකම අභිප‍්‍රාය වනු ඇත’ රනිල් වික‍්‍රමසිංහ දිනපුවාම ගහන්න ඕනෙ නිවේදනය තමයි මේ දෙන්නා ‘ඩ‍්‍රාෆ්ට්’ කරගෙන ඇවිල්ලා තිබුණේ.
දිනපු ගමන් බාල්දි පෙරළන්න බැහැනේ. අපිත් බලාගෙන හිටියා මොකද වෙන්නේ, කියලා. ජනාධිපතිතුමා මේක අතට අරගෙන බැලූවා. මම අර කලින් කියපු වාක්‍ය දෙක ඉවත් කරන්න කියලා එතුමා මේ දෙන්නාට කිව්වා. කියලා ඉවර වෙලා, අපි දෙන්නා දිහාට හැරිලා සිනා වෙවී කීවා, ‘මේ වාක්‍ය දෙක මම ඉවත් කළේ ජවිපෙ කීව නිසා නොවෙයි හොඳේ’ කියලා. ඒ දවස්වල කතාවක් තිබුණානේ, ජනාධිපතිතුමා මොක කළත් ජවිපෙන් අහලා කරන්නේ කියලා. ජනාධිපතිතුමා මේක නොදැක්කා නම්, අපි ඒක පෙන්වා දෙන්න ඉඩ තිබුණා. නමුත් කවර ලෙසකින් හෝ මේ නිවේදනය තිබුණු ආකාරයටම ගියා නම් මොකද වෙන්නේ? ජවිපෙ සහ ජනාධිපතිතුමා සමග පැවැති සම්බන්ධය ඊට පසුවදාම බිඳ වැටෙනවා. මම අහන්නේ, මේ දෙන්නා මේ ලියුම් කඩදාසිය අරගෙන ආවේ නොදැනද? මේ නිවේදනය ලියන්න කියලා මේ දෙන්නට කියුවේ කවුද? මම බැසිල් රාජපජෂ මහත්තයාගෙන් ඇහුවා, ඔහු කියලත් නැහැ. ජනාධිපතිවරණ මෙහෙයුමේ හිටපු කිසිවකු කියලා තිබුණේ නැහැ, මෙවැනි දෙයක් ලියන්න කියලා. දෙන්නා, ලියාගෙන, හදාගෙන අත්සන් කරන්න විතරක් ආවා. මට එදා තේරුණා ‘අයියලා දෙන්නා කාටද සේවය කරන්නෙ’ කියලා.
ලෝකයේ තියෙන ‘පතෝලම භාෂාව’
මේ වෙලාවේ පලිහක්කාර මහත්තයා ගැන කියන්න තවත් කාරණයක් තියෙනවා. එයා පී. බී. තරම්ම රාජ්‍ය සේවයේ අපකිර්තිමත් චරිතයක් නොවෙයි. යම් තරමකට ගරු කටයුතු සේවයක් කරපු කෙනෙක්. එතුමා දැන් මිය ගිහිල්ලා. එතුමා ගැන අපට අහිතක් නැහැ. නමුත් මේ සිදු වූ දේ කිව යුතුව තිබෙනවා. එතුමා එක් දිනක් ජනාධිපති මන්දිරයට ආවා. ඔහු ගෙනවිත් තිබුණා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සහ රජය අතර අත්සන් කිරීමට අදාළ නිවේදනයක්. බැසිල් රාජපක්‍ෂ මහත්තයා මාවත් සම්බන්ධකර ගෙන ඒක බැලූවා, දැන් ඔය විපක්‍ෂය කියන වාක්‍ය ටික ඒ නිවේදනයේ තිබුණා. විපක්‍ෂය හිතන්නෙ පලිහක්කාර මහත්තයා හදා ගෙන ආපු එක තමයි රජය අත්සන් කළේ කියලයි. නැහැ, ඒක වෙනස් කළා. ‘එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කිරීමට ශ‍්‍රී ලංකාව එක`ග වනු ඇත’ කියලා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පලිහක්කාර මහත්තයා ලියා ගෙන ආවා නම්, අපි ඒක වෙනස් කළා, ‘එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව රටේ පවත්නා නීතිය අනුව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා රජය කැපවේ’ කියලා. ඒ කියන්නේ කවුරු හරි පොලීසියට මේ ගැන පැමිණිල්ලක් දැම්මොත් ඒක විමසා බලලා උසාවිය තීන්දුවක් දෙනවා. ඒක කොහොමත් රටේ නීතිය අනුව ක‍්‍රියාත්මක වන දෙයනේ.
ඉහත නිවේදනය වෙනස් කළ බව නොදැන තමයි මේ විපක්‍ෂය, ආණ්ඩුව එක්සත් ජාතීන් සමග පරීක්‍ෂණයකට එක`ග වුණා, කියලා කියන්නේ. රාජ්‍යතාන්ත‍්‍රික භාෂාව කියලා කියන්නේ ලෝකයේ තියෙන ‘පතෝලම භාෂාව.’ කිසිම අදහසක් නිශ්චිත නොවන, ඒ පැත්තට හිත සතුටු වන විදියට එහෙට අර්ථ කථනය කරගත හැකි, මෙහෙට හිත සතුටු වන විදියට අපට අර්ථකථනය කරගත හැකි, භාෂාවක් තමයි රාජ්‍යතාන්ත‍්‍රික භාෂාව. ඒ භාෂාවෙන් නිශ්චිතව කියලා තිබුණු ඒවා, අපි ‘එලොවටත් නැති, මෙලොවටත් නැති ඒවා’ බවට පත් කළා. බැසිල් රාජපක්‍ෂ මහතා ඒක අමාරුවෙන් කළා. 2010 ජනවරම ලැබෙන කොට මෙහෙම අයත් ආණ්ඩුව ඇතුළට රිංගලානේ. ඉතිං 2010 ජනවරමෙන් පස්සේ රට ගොඩනැංවීමේ න්‍යායපත‍්‍රය ඇතුළේ පී. බී. ජයසුන්දරලාගේ අදහස්, අපේ අදහස් වගේම, වෙනත් අදහසුත් ඇතුළත් වෙලා තියෙනවානේ. ඒක වළක්වන්නත් බැහැ එදා යුද ජයග‍්‍රහණයෙන් පසුව කාගෙත් ඇස් නිලංකාර වෙලානේ තිබුණේ. ඒ නිසා 2010 ජනවරමට පසුව සැබෑ ලෙසම ක‍්‍රියාත්මක විය යුතුව තිබුණු රට ගොඩනැංවීමේ නිවැරදි න්‍යාය පත‍්‍රය සැකසුණේ නැහැ.
ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ ‘මරු බඞ්ඩක්’
යුද්ධයෙන් පසුව ගෙවුණු අවුරුදු 05 තුළ දෙමළ ජාතික සන්ධානයට උතුරේ ජන සමාජය කෙරෙහි එල්ල කිරීමට හැකි දේශපාලන බලපෑම අපි තවමත් දුර්වල කරලා නැහැ. ඒකට සුවිශේෂ වැඩ සැලැස්මක් ආණ්ඩුවෙන් ආවෙත් නැහැ. බලන්නකෝ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුව. යාපනයෙන්, මුලතිව්වලින් කිසිවකු හෝ කොටි විරෝධී දෙමළ ප‍්‍රභූ පවුලක තරුණ පුතකු හෝ අපි ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවාද? එහෙම අය දාලා ඒ අය ජාතික ලැයිස්තුවේ තියාගෙන ඔවුන්ගේ නායකත්වයෙන් හදන පාර, වැව, ජල යෝජනා ක‍්‍රමය ඇතුළු යටිතල පහසුකම් ගැන සංවාදය උතුරේ ජනතාව වෙත ගෙන ගියාද? නැහැ. තවමත් අර ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා විතරයි. ඇයි එතනින් එහාට නොගියේ? ජාතික ලැයිස්තුවේ දැන් ඉන්න අය හැම දෙනාම නරකයි කියා මට කියන්නේ නැහැ. නමුත් අර ජාතික ලැයිස්තුවේ ඉන්න රාජිව් විජේසිංහ කියනවා, ‘යුද අපරාධ පරීක්‍ෂණයට ඉඩ දෙන්න ඕනෙ’ කියලා. මංගල සමරවීර ‘යුද අපරාධ පරීක්‍ෂණයට ඉඩ නොදීම’ පිළිබඳ විවාදයේදී කතා කරන්නේ පත් කළ මන්ත‍්‍රී රාජිව් විජේසිංහගේ ලිපියක් උපුටා දක්වමින්. ඒ ලිපියෙන් රාජිව් විජේසිංහ කියනවා ‘ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවේ මේ, මේ විදියට පොරොන්දු වී ඇත. ඒවා ඉටු කළ යුතුව ඇත. ඒවා ඉටු නොකර සිටීමෙන් රට අවුලෙන් අවුලට වැටේ’ කියලා. මංගලට ඕනෙ එක රාජිව් කියපුවාම පසුව ‘මෙන්න රාජිව් මෙසේ කියා ඇත’ කියලා මංගලලා උපුටා දක්වනවා. ඔන්න ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ එක ‘බඞ්ඩක්’. අස්වර් මන්ත‍්‍රීතුමා නම් ඔහුට ලබාදුන් මන්ත‍්‍රී ධුරයට සාධාරණය ඉටු කරනවා. කමලා රණතුංග මැතිනිය, මාලිනී ෆොන්සේකා මැතිනිය වැනි අයත් ජාතික ලැයිස්තුවේ සිටිනවා. ඒ වගේම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය ජී. ඇල්. පීරිස් වැනි දේශපාලනඥයන්ද ඒ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ සිටිනවා.
කෙසේ වුවත් යුද්ධයෙන් දිනූ රටේ, උතුරේ පොළොවට දේශපාලන නායකත්වයක් දීමට සුදුසු කිසිවකු ආණ්ඩුව මේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර නැහැ. මේ කාරණයෙන් පෙනෙන්නේ නැද්ද, ‘රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ගමන, සූක්‍ෂ්ම න්‍යාය පත‍්‍රයක් ඇතිව යළි ස්ථානගත කළේ නැහැ’ කියා. මම මේ සරල උදාහරණයකින් ඒක පෙන්වා දුන්නේ. අවසානයේ ‘උතුරට කාපට් පාර ගියා, ඒ පාරෙ සම්බන්ධන්ලා ගියා. ඡුන්ද ටී. එන්. ඒ. එකට ගියා.’ ඇයි එහෙම වුණේ? ආණ්ඩුවට උතුරට නව දේශපාලන නායකත්වයක් හැදීමේ සැලැස්මක් නොමැති වූ නිසයි. එක පාරට උතුරට නව නායකයන් හදන්න බැහැනේ. ඒකට කාලයක් යනවානේ. ඒ නිසයි, උතුරට එවැනි නව නායකත්වයක් හදා ගැනීමේදී ජාතික ලැයිස්තුව යොදා ගත යුතුව තිබුණේ. පාර හැදෙන කොට උතුරේ ජනතාවට මතය යා යුතුයි, මේ නව නායකයන්ගේ ඉල්ලීම අනුවයි අපේ පාර හැදෙන්නේ කියලා. ඒ නව නායකත්වය නොමැතිව පාර හැදුවා. අවසානයේදී ටී. එන්. ඒ. එක කීවා, ‘සිංහල ආණ්ඩුව අපට කරපු විපතට අනුව මේවා හදලා දිය යුතුයි’ කියලා. එහෙම කියලා ඒකත් හරියට ඒ ගොල්ලන්ගේ බෙදුම්වාදී සටනින් ලැබුණු දෙයක් විදියට උතුරේ ජනතාවට පෙන්වා දුන්නා. ‘උතුරු වසන්තය’ ගියාම, යටිතල පහසුකම් හැදුනාම ‘දේශපාලන වසන්තයක්’ වුණේ නැහැ. ‘නැෙ`ගනහිර උදානය’ ගියාම, යටිතල පහසුකම් හැදුනාම ඒක ‘දේශපාලන උදානයක්’ වුණේ නැහැ. නැෙ`ගනහිර නම් නැත්තෙම නැහැ. හැබැයි එතැනත් හොඳටම ඒක සිදු වුණේ නැහැ. ඒ අනුව පැහැදිලි වෙන්නේ ආණ්ඩුව ආ ගමනේ මෙවැනි දුබලතා පිළිබඳව පුළුල් කතිකාවක් ඇති නොවුණු බවයි. ඒ නිසයි අපි කියන්නේ කඩිනමින් දැන්වත් ඒ දුබලතා නිවැරදි කර ගැනීමේ ගමනක් ඇරඹිය යුතුයි, කියලා.
‘චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ආර්ථිකය සෘණ කළා, පී. බී. ජයසුන්දර භාණ්ඩාගාරය හිස් කළා. ඒ හින්දා මේකෙ ඉන්නෙ බැහැ’ කියලා එස්. බී. දිසානායකලා පරිවාසය ගැහුවාට පසුව ආණ්ඩුවෙන් යන්න ගියා. අද එස්. බී. ඇමතිතුමා ‘පුංචි බණ්ඩා’ වෙනුවෙන් ‘කඬේ ගියාට’, ඒ දවස්වල ‘පුංචි බණ්ඩාගේ’ බෙල්ලෙන් අල්ලලා ගහන්න ගියා ‘ආර්ථිකය සෘණ කළා’ කියලා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ආර්ථිකය සෘණ කරපු නිසා, රනිල්ගෙන් පී. බී. ට ලැබුණා පර්ක් ආයතනයේ සභාපතිකම.
‘මිලින්ද මොරගොඩ’ කියන්නෙ කවුද?
පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්, මිලින්ද මොරගොඩගෙ අමාත්‍යාංශයේ උපදේශක වුණා. මිලින්ද මොරගොඩ කවුද? හොඳ සී. අයි. ඒ. නියෝජිතයෙක්. අපට ‘හොඳ’ නොවෙයි සී. අයි. ඒ. එකට හොඳ නියෝජිතයෙක්. මම පසුගිය දවසක ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ඇහුවා, ‘ඇයි ඔබතුමා අර සේනාවක කෙහෙල්මලකට වැලිගම ගියේ. ඒකනේ අර නරක නාමයක් ඔබතුමාගේ ඇෙග් ගෑවුණේ’ කියලා. ආරක්‍ෂක ලේකම්තුමා දුන්නු පිළිතුර තමයි ‘මට මිලින්දනෙ යන්න කියලා කියුවේ.’ මිලින්ද මොරගොඩ තමයි ආරක්‍ෂක ලේකම්තුමාව හමු වෙන්න ‘උලමා සභාව’ එක්කරගෙන එන්නේ. ඒ මිලින්ද මොරගොඩම තමයි, අර සේනාවේ අර උත්සවයට යන්න කියලා කියන්නෙත්. මම ඇහුවා, ඊට පස්සේ, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ‘මිලින්ද මොරගොඩ කියන්නේ කවුද කියලා ඔබතුමා දන්නේ නැද්ද?’ කියලා. ඒක අතුරු කතාවක්. හැබැයි මේ සියලූ කාරණා තුළින් මම පෙන්වා දුන්නේ විවිධ සතුරු කල්ලි ආණ්ඩුව තුළට රිංගලා සිටින බවයි. ඔවුන් තමයි ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය වෙනසකට යාමට ඉඩ දෙන්නෙ නැත්තේ’’
මෙම සම්මන්ත‍්‍රණය ජානිපෙ රත්නපුර දිස්ත‍්‍රික් නායක, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර මහතාගේ මුලසුනින් පැවැත්වුණු අතර එයට සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාත් උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය දම්පහළ සීලානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන නමින්ද අනුරප‍්‍රිය, අකිල එල්ලාවල, වරුණ ලියනගේ, අනුර අලගියවන්න යන මහත්වරුද රත්නපුර දිස්ත‍්‍රික් එජනිස පළාත් පාලන මන්ත‍්‍රීවරු රැසක්ද සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

0 comments:
Post a Comment