ලබන 27 හා 28 දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත රාත්‍රී මෝටර් රථ ධාවන සැණකෙලිය නැවැත්වීමට කටයුතු කරන ලෙස මහනායක හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්, අමරපුර සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහනාහිමියන්, රාමාඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් හා මල්වතු පාර්ශවයේ අනු නායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ අත්සනින් යුත් ලිපියකින් මෙම ඉල්ලීම කර තිබේ.
උන්වහන්සේ අවධාරණය කරන්නේ, යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස නම් කරනු ලැබ ඇති අති පූජනීය ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව මෙන් ම මල්වතු අස්ගිරි මහාවිහාර හා සතර මහා දේවාල ද ස්ථාපිතව ඇති මහනුවර පූජා නගරයේ මෙවන් සැණකෙළියක් පැවැත්වීම පූජනීයත්වයට හා අභිමානයට හානියක් බව ය.

0 comments:
Post a Comment