facebook like

අබ සරණ’ යනු කුමක්ද? – ඤාණසාර හිමිගේ විග‍්‍රහය (හඩපටය)

පොසොන් පොහෝ දින "භික්ෂූන් වහන්සේ නමකට පහර දීමෙන්" අනතුරුව ඇවිලෙන්නට ගිය වාර්ගික ගැටුමක් වැළැක්වීම පසුගිය 15 වැනි දින අලුත්ගමදී රැස්වීමක් පැවැත්වීමේ අරමුණ වූ බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
ශ්‍රී ලංකාවේ හට ගන්නා ඕනෑම ගැටුමකදී තම සංවිධානයට චෝදනා කිරීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවද එහිමියෝ  සංදේශයට පැවසූහ.අලුත්ගම රැස්වීමේදී තමන් ජාතිවාදියකු බව පිළිගැනීම සහ 'අබ සරණ' වැනි යෙදුම් ප්‍රකෝපකාරී ප්‍රකාශ නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඥානසාර හිමියෝ, රටේ සැබෑ ප්‍රශ්න පෙන්වා දුන් විට ජාතිවාදීන් ලෙස චෝදනා කරන්නේ නම් එසේ චෝදනා කළාට කම් නැතැයි යන්න පමණක් තමන් සඳහන් කළ බවයි.
අලුත්ගම රැස්වීමේදී පොලිසිය සහ බලධාරීන් විවේචනය කරමින් තමන් කළ උද්වේගකර ප්‍රකාශය මගින් "විසෙන් විස නසනවා සේ" ජනතාවගේ ආවේගය "උපායශීලීව" සමනය කළ බවද එහිමියෝ පවසති."මිනිස්සු අත්පුඩි ගහමින් විසිල් ගසමින් මිනුස්සුන්ගේ ආවේගය පාලනය කළා," යනුවෙන්ද එහිමියෝ සංදේශයට කියා සිටියහ.
'සුද්ද සිංහල'
වසර දෙකකට ආසන්න කාලයක් රට පුරා පැතිර යමින් පවතින අන්තවාදයක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද උන් වහන්සේ තවදුරටත් පැවසූහ.

බොදු බල සේනා සංවිධානය ජාතිවාදය උසි ගන්වන බවට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ඇතුළු සියලු දෙනා චෝදනා කරන්නේ කරුණු නොදැන බවද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

'විසෙන් විස නසනවා සේ ජනතාවගේ ආවේගය උපායශීලීව සමනය කළා'
පරුෂ වචන භාවිත කරමින්, තර්ජනය කරමින් බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හැසිරෙන ආකාරය මුළු රටම දැක තිබෙන බව පෙන්වා දුන් විට බොදු බල සේනාවේ ලේකම් හිමියන් පවසන්නේ "අපි කතා කරන්නේ සුද්ද සිංහල" බවයි.

බොදු බල සේනා සංවිධානයේ ෆේස්බුක් අඩවිය තහනම් කරනු ලැබ තිබෙන්නේ ජාතිවාදයට අනුබල දීමේ චෝදනාව මත නේදැයි කළ විමසුමට එහිමියන් පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.

තමන් වහන්සේ සහ සිය සංවිධානය බුදුන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන්නේ දැයි විමසූ විට එහිමියන් කියා සිටියේ: "අමතක කරන්න එපා බෞද්ධ දර්ශනය වෙනයි. සිංහල බුද්ධාගම වෙනයි," යනුවෙනි.









0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive