කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ තමන් බුද්ධි අංශ තොරතුරු හෙළි නොකළ බවත් බුද්ධි අංශ සිදු කරන්නේ ඔවුන්ට අදාළ නොවන රාජකාරිය බවත්යි.
‘රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයක් නැති රටක්, කෝලහාල නැති රටක් පාලනය කරන්න දන්නේ නැහැ. ඔහු යුද්ධයක් ඉවර කළා තමයි. නමුත් යුද්ධය නිමාකර ගතවූ අවුරුදු පහ දෙස බැලූවොත් මොනවද පෙනෙන්නට තියෙන්නේ. අද ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් වුණත් කාන්තාවන් වෙන යුද්ධයක් කරනවා ජීවන යුද්ධය වෙනුවෙන්. හොරකම, මැරකම, ජඩකම සියල්ල රජකරනවා.
තුන්වෙනි වතාවටත් ජනාධිපතිවීමේ සිහිනය දකින මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවීමට පුළුවන් වෙන්නේ නැවත වතාවක් මේ රටේ ජාතිවාදී කෝලහාල ඇති කරලා සිංහල බෞද්ධ ජනතාවගේ ගැලවුම්කාරයා හැටියට නැවතත් පෙනී සිටීමට උදවු කළොත් විතරයි කියලා ඔහු සිතනවා.ඒකට තමයි ඔවුන් ක‍්‍රියාත්මක වෙන්නේ.
බුද්ධි අංශය පාවා දුන්නා කියලා මට චෝදනා කරනවා. මම එකක් කියන්න ඕනෑ. මේ මම කියපු එක නමක්වත් රහසක් නෙවෙයි. නිල රාජකාරි දුරකථන නාමාවලියෙත් මේ නම් තුනම තියෙනවා. ඒක කිසිම රහසක් නෙවෙයි’
0 comments:
Post a Comment