facebook like

චන්ද්‍රිකාගේ නිවෙස වීඩියෝ කළේ කවුද?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිදහස් මාවතේ පිහිටි නිල නිවෙස ඡායාරූප ගත කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 27 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (23දා) නියෝග කෙළේය.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ උප පොලිස් පරීක්‍ෂක නිමල් පියතිස්ස මහතා විසින් පෙරේදා (22දා) රාත්‍රි 7.30ට පමණ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත බාරදී තිබූ අතර, එම පොලිසියේ නිලධාරීන් අදාළ සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ෆ්‍රැන්සිස් ඇන්ටනී, මාලිගම් මිත්‍රම්, ගනේෂන් ඉලේරාජ් නමැති සැකකරුවන් තිදෙනා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් ජගත් මෙන්ඩිස් (28187) කරුණු ඉදිරිපත් කරමින්, ඉකුත් 22 දින හිටපු ජනාධිපතිනියගේ නිල නිවෙසේ ආරක්‍ෂක අංශයේ රාජකාරියේ නියුතුව සිටි උප පොලිස් පරීක්‍ෂක නිමල් පියතිස්ස විසින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට 119 දරන අංකයට ලැබුණු පණිවුඩය පරිදි කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් අසංක (61932) විසින් හිටපු ජනාධිපතිනියගේ නිල නිවෙසට ගොස් විමර්ශන සිදු කර තිබෙන බව දන්වා සිටියේය.

ඒ අනුව ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනා කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන පරීක්‍ෂණ ආරම්භ කළ බවත් අදාළ නිල නිවෙස ඡායාරූප ගත කළ ජංගම දුරකතනය පරීක්‍ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පටි හමුවී ඇතැයිද සැරයන් මෙන්ඩිස් මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බවට සැකකරුවන් තිදෙනා හිටපු ජනාධිපතිනියගේ නිල නිවෙස කුමන හේතුවක් නිසා ඡායාරූප ගත කළාද සෙවීමට පුළුල් පරීක්‍ෂණයක් පවත්වන හෙයින්, සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන අංශය, ජාතික බුද්ධි සේවා අංශය විසින් වෙන වෙනම පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කෙළේය.

කුරුඳුවත්ත පොලිසියේ සැරයන් ජගත් මෙන්ඩිස් (28187), පොලිස් කොස්තාපල් මදනායක (87172) යන නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ දිනවල විදේශගතව සිටී.

mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive