විචිත‍්‍ර පරිත‍්‍රාණ ධර්මදේශකයෙකු ලෙස මෙන්ම කවියෙකු, සාහිත්‍යධරයෙකු, ජනමාධ්‍යවේදියෙකු මෙන්ම පුරාවිද්‍යාව පිළිබදව හසළ දැනුමැත්තෙකු ලෙස ප‍්‍රකටව සිටි අඹේපුස්සේ සුමංගල හිමියෝ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 24 වැනිදා අපවත් වූහ. අපවත් වන විට 56 හැවිරිදි වියෙහි පසු වූ උන්වහන්සේ ප‍්‍රදේශයේ සිංහල ජනතාව සමග මෙන්ම මුස්ලිම් ජනතාව සමගද සමීප සම්බන්ධතාවයක් ගෙනගිය හිමිනමකි.
කුරුණෑගල, රම්බඩගල්ල ශ‍්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටියදී අපවත් වී වදාළ අඹේපුස්සේ සුමංගල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර , එහිමියන්ගේ චිතකයට ගිනි දැල් වූ අවස්ථාවේදී එය වාවගත නොහැකි එහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, දායකයින් සහ ඥාතීන්ද සමග එක්ව අබ්දුල් ෆාසිස් ඇතුළු මුස්ලිම් ජාතිකයින් බොහෝ දෙනෙකුද හඩාවැටුණහ. ‘මුසල්මානුවන්ට අබ සරණයි’ යැයි වදාරන රටක, ගිනිගෙන දැවෙන තම චිතකය ඉදිරිපිටට වී හඩන්නට තරමට අඹේපුස්සේ සුමංගල ලොකු හාමුදුරුවෝ විසින් අබ්දුල් ෆාසිස්ලා සමග පවත්වා ඇත්තේ අතිශය සංවේදී බැදීමක් බව ඔවුන්ගේ කදුළු මොනවට කියා පෑවේ මෙලෙසිනි .
උන්වහන්සේ ප‍්‍රදේශයේ සිංහල ජනතාව සමග මෙන්ම මුස්ලිම් ජනතාව සමගද සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය, දුකෙහි මෙන්ම සැපෙහිදීත් මෙම ජනවර්ග දෙකටම අයත් ජනතාව සමග රැදී සිටි යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍රව සිටියේය.
0 comments:
Post a Comment