'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු.'
මේ සටන් පාඨය ආරම්භ වුණේ ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය ඇති කරපු දවසට පහුවැනිදා ඉඳන්ය. එදා ඉඳන් අද දක්වා නොනැසී පවතින මේ සටන් පාඨය මැයි පළමු වැනිදාට කියන සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව් සටන් පාඨය වාගේම පරණ එකකි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන සටන් පාඨය කවුරු කවුරුත් එළියට ගන්නේ තමන් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට ගොඩ යන්න පුළුවන් ආයුධයක් විදියටය. කවුරු කොහොම මේ විධායක ජනාධිපති ධුරයට බැන්නත්, ඒක අහෝසි කරන්න ඕනෑ කියලා කිව්වත් ඇත්තටම ඒක අහෝසි කරන්න කවුරුවත් කැමැති නැත.
මේ විධායක ජනාධිපති ක්‍රමයට එදා වැඩියෙන්ම බැන්නේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා 1994දී බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දුවක් දීලාය. චන්ද්‍රිකා එදා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණට ලිඛිත පොරොන්දුවකුත් දුන්නාය. ඒ නිසා 94 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණ රේස් එකෙන් අයින් වුණේය. ඒත් ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ චන්ද්‍රිකාට තමන් දුන්න පොරොන්දු ඔක්කොම අමතක විය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව දීලා බලයට ආපු චන්ද්‍රිකා 1999දී දෙවැනි පාරටත් ජනාධිපතිවරණයට ඉල්ලුවාය. එයින් දින්නාය. ජනාධිපති වුණාය. හැබැයි ජනාධිපති ධුරය අහෝසි කරන එක හිතාමතාම අමතක කළාය.
චන්ද්‍රිකාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා හිතුණේ වාර 2ක් ජනාධිපතිකම කරලා ගෙදර යන්න කාලය එළඹුණු විටය. චන්ද්‍රිකා අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා විධායක අගමැති වෙලා පාර්ලිමේන්තු එන්න ට්‍රයි කළේ තමන්ට තුන්වැනි පාරටත් ජනාධිපති ධුරයට ඉල්ලන්න බැරි නිසා විනා ඇත්තටම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සද්චේතනාවෙන් නොවේ. එදා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනා ඇතුළත් අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාව වෙලාවේ රනිල් තමන්ගේ මන්ත්‍රිවරුන් දම්මලා එයට ගිනි තැබුවේ ඊළඟ පාර තමන්ට ජනාධිපති පුටුවට එන්න පුළුවන් කියලා තදින්ම විශ්වාස කරපු නිසාය. රනිල් හිතන් හිටියේ චන්ද්‍රිකා ගියාම ජනාධිපති ඔටුන්න තමන්ගේ ඔළුවට වැටෙයි කියලාය. හැබැයි රනිල්ගේ අවාසනාවට විධායක ජනාධිපති ඔටුන්න වැටුණේ රනිල්ගේ ඔළුවට නොව මහින්දගේ ඔළුවටය.
මහින්දගේ ඔළුවට දැන් විධායක ජනාධිපති ඔටුන්න දෙපාරක්ම වැටිලා තිබේ. දැන් මහින්ද බලන්නේ ඒ ඔටුන්න තුන්වැනි පාරටත් තමන්ගේ ඔළුවටම දා ගන්නය. මහින්දට චන්ද්‍රිකාට තිබුණා වාගේ ඒකට බාධාවක් නැත. මොකද මහින්දට තුනෙන් දෙක තිබෙන නිසා මහින්ද තමන්ට ඕනෑ විදියට ඔක්කොම ටික වෙනස් කරගෙන තිබේ. ඉතින් චන්ද්‍රිකාට වාගේ වාර දෙක ඉවර වෙනකොට මහින්දට බය වෙන්න දෙයක් නැත. දෙයියනේ කියලා තුන්වැනි පාරටත් ඉල්ලන්න පුළුවන්ය.
ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන කතාවක් මහින්ද කොහේවත් කියන්නේ නැත. මහින්ද තියා රනිල්වත් එහෙම කතාවක් කියන්නේ නැත. රනිල් කියන්නේ විධායක ජනාධිපති බලතලවලට සංශෝධන ගේනවා කියලා මිස විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා නොවේ. රනිල්ටත් ඕනෑ මේ විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යන්නය. මැරෙන්න දවසකට කලින් හරි ඒ මහානුබලසම්පන්න පුටුවේ වාඩි වෙන්නය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන සෝභිත හාමුදුරුවන් විසින් අරඹනු ලැබූ අවස්ථාවේ රනිල් ඒ සටන කඩාකප්පල් කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඔහුගේ කැමැත්ත නොවූ නිසාය. රනිල්ට ඕනෑ තමන්ගේ මාමා හැදූ විධායක ජනාධිපති ධුරය තවදුරටත් තියා ගන්නය.
ඉතින් එහෙම බලනකොට මහින්දට වාගේම රනිල්ටත් මේ මොහොතේ තියෙන්නේ පොදු අවශ්‍යතාවකි. ඒ විධායක ජනාධිපති ධුරය තවදුරටත් තියා ගැනීමය. මහින්දගේ අරමුණ තුන්වැනි පාරටත් ඒ පුටුවේ වාඩි වෙන එකය. රනිල්ගේ අරමුණ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි කියනවා වාගේ කවදා හරි ඒ පුටුවේ වාඩි වෙන එකය.
ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සටනකට මහින්දවත් රනිල්වත් කවදාවත් අත ගහන්නේ නැත. එහෙම සටනකට වැරැදිලා හරි චන්ද්‍රිකා අතගැහුවොත් අපට ඇයව විශ්වාස කරන්න බැරිය. 94දී දුන් පොරොන්දුව 2004 වෙනකම්ම ඉටුකරන්න බැරි වෙච්ච නායිකාවක 2014දී ඒ පොරොන්දුව ඉටු කරයි කියලා කොහෙත්ම විශ්වාස කරන්න බැරිය. ඒ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අපට මේ මොහොතේ මහින්දවත්, රනිල්වත්, චන්ද්‍රිකාවත් සත පහකටවත් විශ්වාස කරන්න බැරිය.
හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය මේ මොහොතේ නැවතත් කරළියට පැමිණ තිබේ. විපක්ෂයකට ඒ සටන් පාඨය මතක් වෙන්නේ පරාජය කරන්න අමාරු විධායක ජනාධිපතිවරයකු ඉන්නා විටය. ආණ්ඩු පක්ෂයකට එහෙම නැතිනම් බලයේ ඉන්න ජනාධිපති කෙනකුට ඒ සටන් පාඨය මතක් වෙන්නේ ගෙදර යන්න කාලය ඇවිල්ලා ගොක් කොළ හීනෙන් පේන විටය. විපක්ෂය පැත්තෙන් අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය කරළියට ඇවිල්ලා තියෙන්නේ මහින්දව පරද්දන එක අමාරුයි කියලා ඒ අය හිතන නිසාය. විපක්ෂයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය කරළියට එනකොට රනිල්ගෙන් ඒ කතාව එළියට නොඑන්නේ රනිල් ඇත්තටම විපක්ෂයේ නොවන නිසාය. තමන්ට ජනාධිපති වෙන්න බැරිනම් රනිල් කැමැති මහින්ද ජනාධිපති වෙනවා දකින්නය. මහින්දගෙන් පස්සේ කවදා හෝ ඒ ඔටුන්න තමන්ගේ ඔළුවට වැටෙයි කියලා රනිල් සිහින දකිමින් සිටියි.
මහින්ද, රනිල් හා චන්ද්‍රිකා විධායක ජනාධිපති ධුරය ගැන ඒ විදියට හිතද්දී විධායක ජනාධිපති ධුරය ගැන අමුතුම හීනය දකින්නේ කරුය. කරු මේ දවස්වල ප්ලෑන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවංක වුවමනාවක් තමන්ට තියෙනවා කියලා පෙන්නලා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ඉස්සරහට දාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කල එළි බහින්නය. කරු මේ දවස්වල ගහමින් ඉන්නේ ඒ ගේමය. හැබැයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණයේදී අපට මහින්දටත්, රනිල්ටත්, චන්ද්‍රිකාටත් වඩා විශ්වාස කරන්න බැරි චරිතය කරුය. මොකද කරුගේ ඉතිහාසයම බොරු පොරොන්දු හා පාවාදීම්වලින් වැහිලාය. යූ.ඇන්.පී. එකේ 17ක් අරන් මහින්ද ළඟට යෑම, එස්.බී.ව එළවන්න රනිල් සමඟ කුමන්ත්‍රණය කිරීම, රනිල්ව එළවන්න දෙපාරක් කුමන්ත්‍රණය කිරීම, ඉන්පසු තමන් සමඟ සිටි සියලු දෙනා පාවාදී රනිල්ගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමජිකත්වය ඉල්ලා ගැනීම, මහා සංඝරත්නයට බොරු පොරොන්දු දී රවටා නායකත්ව මණ්ඩලයේ සභාපතිකම බාර ගැනීම, රනිල් සමඟ එකතු වී සෝභිත හිමියන්ගේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට වළ කැපීම, රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට මේ දිනවල රනිල්ට වළ කපමින් සිටීම ආදී කුප්‍රකට කුමන්ත්‍රණ රැසකින් කරුගේ ඉතිහාසය සහ වර්තමානය සුපෝෂිතය.
ඉතින් එහෙම කෙනකු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දෙන පොරොන්දුවත් කොහෙත්ම විශ්වාස කරන්න බැරිය. එහෙම බලනකොට අද කරළියට ඇවිල්ලා තියෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන සටන් පාඨය හුදු සටන් පාඨයක් විතරය. ඒක කවදාවත් කෙරෙන දෙයක් නොවේ. එනිසා ඒ සටන් පාඨය පස්සේ දුවනවා කියන්නේ අර එළුවාගේ මොකද්ද එක හැලෙනකම් එළුවා පස්සේ ගියා වාගේ එකකි. ඒ නිසා මේ උදාවෙලා තියෙන්නේ අලුත් සටන් පාඨයක් නිර්මාණය කරගත යුතු කාලයකි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය තනිකරම බොරුවකි. මායාවකි. මිරිඟුවකි. මිරිඟු දිය සොයා ගොස් වෙහෙසට පත්වීම අපරාධයකි.
සඳුන් ජීවන්ත.

0 comments:
Post a Comment