ගතවූ මාස පහ තුළ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 900ක් වාර්තා වී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ විවිධ පුද්ගලයන් සහ පින්තූර භාවිත කරමින් සකසන ලද ව්‍යාජ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි සම්බන්ධවයි. එය සමස්ත පැමිණිලිවලින් 80%ක් පමණ වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.
ඊට අමතරව රහස් අංකය ශක්තිමත් නොවීම නිසා පැන නැඟෙන ගැටලු සම්බන්ධ පැමිණිලි, අනවසරයෙන් අනුන්ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළුවීම සම්බන්ධ පැමිණිලි, රහස් අංකය යහළුවන් සමීපතමයන් අතර හුවමාරු කරගැනීමෙන් පසුව ඇතිවූ ගැටලු සම්බන්ධ පැමිණිලිද ලැබී තිබේ.
මේ පිළිබඳ 'මව්බිම'ට අදහස් දැක්වූ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේයෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කෙළේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂාකාරී ලෙස පරිහරණය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳ කල්පනාකාරීව ක්‍රියා කළ යුතු බවත් නිතරම තම ගිණුමේ තමාට විශ්වාස යහළුවන් පමණක් එකතු කරගන්නා ලෙසත් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන්නන්ගෙන් හෙතෙම ඉල්ලා සිටී. පින්තූර හුවමාරු කිරීමේදී එය බැලිය යුත්තේ කවුද යන්න තීරණය කර පින්තූර හුවමාරු කළ යුතු බවත් විශේෂයෙන් පෞද්ගලික තොරතුරු, නොදන්නා අයට දැනගැනීමට ඉඩ ලබා නොදීමටත් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
භාෂාව තෝරාගැනීමේදී එය සිංහල බසට පරිවර්තනය කර ගැනීමට පියවර ගැනීමෙන් මේ තත්ත්වයන් අවම කරගත හැකි බව සඳහන් කළ චන්ද්‍රගුප්ත මහතා පාස්වර්ඩ් යෙදීමේදී එය ඉතා ශක්තිමත් එකක් විය යුතු බවත් ඒ සඳහා උපක්‍රමශීලීව කටයුතු කරන්නැයිද වැඩිදුරටත් සඳහන් කෙළේය.

0 comments:
Post a Comment