මෙය මෙරට රහස් ඔත්තු සේවාවෙහි නිරතව සිටි දක්‍ෂතම නිලධාරියකු වූ X නමැති තැනැත්තා පිළිබඳ කතාවයි. සිංහලයකු නොවූ නමුදු මේ නිලධාරියා සිංහලයන් ලක්‍ෂ ගණනකගේ ජීවිත බේරූ කෙනෙකි. ඔහු සිය ජීවිතය පරදුවට තබා රටේ ඒකීයත්වය උදෙසා මහත් මෙහෙවරක් කළේය. ඒ අතර 2002 දී බලයට පත්වූ යූ.එන්.පී. ආණ්‌ඩුව මහනුවර පොලිස් සුනඛ අංශයේ ලොක්‌කකුගේ (ඔහු සුනඛයකු නොව මිනිහෙකි) ලණුවක් ගිල දමා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි බුද්ධි අංශයට අයත් නිවසක් වටලයි. (එම ලොක්‌කා සුනඛයකු වූයේ නම් කවදාවත් එවැනි නීච වැඩක් කිරීමට එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටි ගොන් රැළ පොළඹවන්නේ නැත) එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව එම නිවස 'රේඩ්' කිරීමට පොලිසිය සහ හමුදාව යවයි. ඒ පසු පසින් රූපවාහිනි කැමරාකාරයෝද ඇදී යති. එම නිවස බුද්ධි අංශයේ නිවස්‌නයක් බව හෙළි වන විට බුද්ධි අංශයේ නම් 'ලිස්‌ට්' එක ප්‍රභාකරන් අතට ගොස් ඉවරය. මේ රට කැබලි කිරීමට ලොකුම බාධාවක් ලෙස එවකට පැවැති බුද්ධි අංශය විනාශ කිරීම සඳහා විදේශ බලවේගයක කොන්ත්‍රාත්තුවක් ගත් යූ.එන්.පී. කට්‌ටියක් නුවර පොලිසියේ සුනඛ ලොක්‌කා ලවා පෙර කී රේඩ් එක සංවිධානය කළ බවට අදටත් කතාවක් පවතී. බුද්ධි අංශයේ නම් ලිස්‌ට් එක අතට ගත් ප්‍රභාකරන් එම ලිස්‌ට් එකේ සිටි නිලධාරීන් විස්‌සකට වැඩි ප්‍රමාණයක් ඉවක් බවක් නැතිව මරවන ලද බව කියමින් මේ කතුවැකියේ පළමුවන ඡේදය නිමා කරනු ලැබේ.
දෙවන ඡේදයෙන් අප කියන්නේ X නමැති ඔත්තු සේවා නිලධාරියා ගැනය. මෙකී X ගැන වාර්තාවක් තිබේ. මහ බැංකු බෝම්බයේ නඩු විභාගය සඳහා රස පරීක්‍ෂක කන්තෝරුවට ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ අවශ්‍ය වූ විට කොටියකු ලෙස වෙස් වළාගෙන කිළිනොච්චියට ගොස් එම ඇඟිලි සලකුණ රැගෙන කොළඹ එන්නේ X නමැති නිලධාරියාය. ප්‍රභාකරන්ගේ අතින් තෑගි කරන ලද පාර්සලයක් කිළිනොච්චියේ සිටින මුහුදු කොටියකුගේ ගෙදර තිබෙන බව X දැන ගන්නේය. මෙහි ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබිණ. මුහුදු කොටියාද මුහුදු පත්ලටම ගමන් කර තිබූ අතර කිළිනොච්චි ගිය X මුහුදු කොටියාගේ පියා රවටා පාර්සලය ගෙන සියලු කොටි කටවල් පසුකර කොළඹ ආවේය. කොළඹ උසාවියේ විනිසුරුතුමා ප්‍රභාකරන්ට අවුරුදු දෙසිය ගණනක සිරදඬුවමක් ලබාදීම සඳහා මේ ඇඟිලි සලකුණ සාක්‍ෂිය පදනම් කර ගත්තේය. මිලේනියම් සිටි සිද්ධියෙන් X ගේ නම හෙළිවූ බැවින් ප්‍රභාකරන්ගේ මිනීමරුවෝ සියයක් පමණ ඔහු පස්‌සේ පන්නන්නට පටන් ගත්හ. එවිට තැන් තැන්වල සැඟවී සිටි ඔහු අන්තිමේදී සිය දරු පවුලත් සමග හමුදා කඳවුරක් තුළට පැනගෙන පිටතට පැමිණීමට නොහැකිව අපා ජීවිතයක් ගත කළේය. "දිවයින" සමග නිරන්තර සම්බන්ධකම් පැවැත්වූ මේ නිර්භීත මිනිසා විටින් විට අප සමග දුරකථනයෙන් කතා කරමින් තමන් විඳින දුක සාකච්ඡා කළේය. අන්තිමේදී ඔහු රටින් පැන ගියේය එහෙමත් නැත්නම් කොටි ඔහු සහ දරු පවුල පැහැරගෙන ගොස් සංහාරය කළහ. ඔහුට මෙවැනි ඛේදජනක ඉරණමක් අත්වූයේ ඇයි? එයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ 2002 දී බලයට පත්වූ යූඑන්පී ආණ්‌ඩුවය. යූඑන්පීය තුළ ඉතා යහපත් ඉතා අවංක මිනිසුන් සිටියත් එය එක දිගටම පරදින්නේ මෙවැනි නීච ක්‍රියාවලින් හටගත් ශාපයක් නිසාදැයි අපට සමහරවිට සිතේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සිටින කුරුඳු පොලුකාරයෙක් බුද්ධි අංශයේ නිලධාරීන් සමූහයකගේ නම් හෙළි කරන්නට යන බව හෝ හෙළි කරමින් සිටින බව හෝ පසුගිය දෙදින අපි මාධ්‍ය මගින් දැන ගතිමු. මේ භයානක ක්‍රියාව කරන නීචයා ගැන වහාම හෙළි කළ යුතුය. එය මේ රටේ ප්‍රගතිශීලී සහ ජාතික බලවේගවල යුතුකමකි. මෙවැනි ද්‍රෝහීන් පාර්ලිමේන්තුවට පත්කර එවීම ජනතාවගේ වරදය. එහෙත් තමන් වරදක් කරන බව ජනතාව දැන ගන්නා විට බොහෝ කල් පහුවෙලාය. එවිට ඡන්ද කතිරය ආපසු ඇදගත නොහැකිය.
divaina -

0 comments:
Post a Comment