සතියක් ගෙවුණි. රට කැළඹුණි. ගිණි ඇවිලුණි. ලේ වැගිරිණි. මුස්‌ලිම් - සිංහල කෝලාහලයක් ගැටුqණි. අලුත්ගම, දර්ගා නගරය, වැලිපැන්න යන නම් කරළියට නැගුණි. මේ සමගින්ම බොදුබල සේනාව ගැනද කථා බහ ඇතිවුණි. මේ නිසාම අපට ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැදැකීමට සිදුවුණි. නිමිත්තෙන් ඔබ්බට ගොස් කථාව මෙසේ ඇරඹුණි.
ප්‍රශ්නය/ ඔබ වහන්සේ සසුනට දායාද වෙන්නේ කොහොමද?
පිළිතුර/ මම පැවිදිවෙන්නේ අවුරුදු 14න් වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ. පසුව කෝට්‌ටේ පාර්ශ්වයට එකතුවෙලා කෝට්‌ටේ සංඝ සභාවේ භික්‍ෂුවක් බවට පත්වෙනවා. විෙද්‍යාaදය අවසන් කරලා. ප්‍රාචීන පණ්‌ඩිත උපාධිය සමත් කරලා, පශ්චාත් අධ්‍යාපන කටයුතු සිද්ධ කරලා, කලපලුවාව භික්‍ෂු පුහුණු මධ්‍යස්‌ථානයේ පරිවෙනාධිපති හැටියට කටයුතු කරනවා. උපගුරුවරයෙක් හැටියටත් කලක් සේවය කරනවා. ඒ සියල්ල පැත්තකට දාලා 2003 දී පූර්ණ කාලීනව මේ ජාතික ව්‍යාපාරයට එකතුව වුණා. දැන් මට අවුරුදු 39ක්. යමක් කමක් තේරෙන කාලෙ ඉඳලම මුළු ජීවිතයම කැපකළේ මේ ජාතික ව්‍යාපාරයට.
ප්‍රශ්නය/ ඔබ වහන්සේ පැවිද්ද තෝරාගන්නේ කුමන අරමුණකින්ද?
පිළිතුර/ අපි අවුරුදු හතේ අටේ ඉඳලම පන්සලත් එක්‌ක හැදුණු අය. අපේ ගමේ නායක හාමුදුරුවෝ, දොඩංගොඩ අස්‌සජී හාමුදුරුවෝ හැම මාසෙම අන්තිම ඉරිදට ශීල ව්‍යාපාරයක් කරනවා. නිවන ගැන හැඟීමක් නැතත් ශාසනය ගැන ආශාවක් හිතේ තිබුණා. අපේ තාත්තා තමයි ශීල භාවනා සමිතියේ සභාපති. අපි පවුල පිටින්ම එදා සිල්ගත්තා. අනුරාධපුර මහමෙවුනාවට ඇවිත් අපි සිල්ගන්නවා. අවුරුදු 14 කියන වයසින් පැවිදි වෙන්නේ නිවන ගැන දැනගෙන නෙමෙයි. නමුත් මේ පැවිද්ද හැමෝටම ලබන්න බෑ. පැවිද්ද හැමෝටම පිහිටන්නේ නැහැ. අපිට පෙර පිං ඇති. සංසාරයේ පූර්ව අභ්‍යාසයක් අවශ්‍යයි මේ පැවිද්දට.
ප්‍රශ්නය/ එහෙව් පැවිද්දේ ස්‌වභාවය ගැන බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්‍ෂුවගේ හැසිරීම, නොපැහැදුන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණන්ගේ වැඩි දියුණුව පිණිසත් විය යුතුයි කියලා. මෙතැන නොපැහැදුණන් කියන්නේ මිත්‍යාදෘෂ්ඨික පිරිස්. අන්‍යාගමික පිරිස්. ඔබ වහන්සේගේ රිද්මයත්, බුදුරජාණන්වහන්සේගේ ඒ බුද්ධපුත්‍රයාගේ හැසිරීමත් අතර වෙනසක් තිබෙනවා නේද? ඔබ වහන්සේ හිතනවද ඔය හැසිරීමට නොපැහැදුණන් පහදන්න පුළුවන් කියලා?
පිළිතුර/ යමෙක් හිතනවා නම් භික්‍ෂුව කියන්නේ වියදණ්‌ඩක් පමණ ඉදිරිය පෙනෙන ලෙස බිම බලාගෙන, බෙල්ලට පොරවෙන් කෙටුවත් ඉවසගෙන සිටිය යුතු කෙනෙක් කියලා ඒක මුලාවක් මහත්තයෝ. එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ඨිs ඒ කියන්නේ ආගම් 62ක් තිබුණු ඉන්දියාවේ මේ දේවල් අභිබවා බුද්ධ ධර්මය නැගී සිටින විට මොන තරම් අභියෝග එන්න ඇතිද කියලා හිතන්න. ඒ හැම අභියෝගයක්‌ම බුදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා ජයගත්තේ හිස පහත් කරගෙන ඉඳලද? නැහැ. වාද කළ යුතු තැන වාද කළා. දමනය කළ යුතු තැන දමනය කළා. බුදුහාමුදුරුවො දෙපස සැරියුත්, මුගලන් රහත් දෙනමක් හිටියා. සැරියුත් ශ්‍රාවක පරම්පරාවක් වගේම මුගලන් ශ්‍රාවක පරම්පරාවත් අදටත් වැඩ ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ මොන තරම් අභියෝග ඉදිරියට ගියාද. අපිත් ඒ මුගලන් පරම්පරාවේ හාමුදුරුවරු මහත්තයෝ. සිංහල අපි ඉතිහාසෙ ඉඳලම මාඝ, චෝල, පාණ්‌ඩ්‍ය වගේ ආක්‍රමණවලට එරෙහිව යුද වැදුණු ජාතියක්. අවුරුදු 500ක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතින් එක්‌ක යුද වැදුණු ජාතියක්. එහෙම කරලයි අවුරුදු 2300ක් මේ ආගම රැක ගත්තේ. බුදුදහම බිහිවුණු ඉන්දියාවටවත් ඒ දේ කරගන්න බැරිවුණා. අපේ මිනිස්‌සු මේ වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වැදිලා මේ බිමේම ඉපිද ඉපිද මැරි මැරී කලින් කලට මේ ආගම ඔසවා තබනවා. සුරක්‍ෂිත කරනවා. මේ සිද්ධවෙන්නෙත් ඒකයි. එදා ආක්‍රමණිකයාට ඉඩ දීලා හිස පහත්කරගෙන හිටියානම් කෝ අපිට අද බුද්ධාගමක්. කෝ අපිට සිංහල ජාතියක්. කෝ අපිට රටක්. වැදගත් වෙන්නේ ඇයි ඝන්ඨාරේ මේ විදිහට ගහන්නේ කියන එක නෙමෙයි. ඝන්ඨාරේ හයියෙන් ගහන්න හේතුවයි. ඒකෙන් දෙන පණිවුඩයයි.
ප්‍රශ්නය/ හැමවිටම අපි මාධ්‍යවලින් දකින්නේ බොහොම සැර ඝාන්ඨාර නාදයක්? වෙනත් නිවුණු ස්‌වරයක් ඇත්තේම නැද්ද කියලත් හිතෙන තරම් අපේ හාමුදුරුවනේ.
පිළිතුර/ මහත්තයො මටත් හොඳට කවි බණ කියන්න පුළුවන්. හොඳට බුදු ගුණ දේශනා කරන්න පුළුවන්. ඒ දවස්‌වල මම තරම් හොඳට බෝධි පූජා තබන හාමුදුරු කෙනෙක් ඒ පළාතේ හිටියේ නැහැ. මට හොඳට භාවනාව දෙන්නත් පුළුවන්. මිනිස්‌සු නිවන්න පුළුවන් කටහඬකුත් මට තියෙනවා. මටත් තිබුණා මහත්තයො ලස්‌සන පන්සලක් හදාගෙන, දේශපාලකයන්ට ආවඩාගෙන, නිදහසේ සුවපහසුවෙන් ජීවත්වෙන්න. නමුත් අපි මේ හැමදේම ජාතික, ආගමික ව්‍යාපාරයට කැපකළා. ඒක දුෂ්කර බව දන්නවා. ඒකට මල් මාලා එන්නෙ නෑ කියලා දන්නවා. ඒකට ජීවිත අවදානමක් තිබෙනවා කියලා දන්නවා. අද මම තරම් බැනුම් අහන, තව කෙනෙක් නැතිව ඇති. අපේ ජාතිය, ආගම වෙනුවෙන්ම පෙනී ඉඳලා අපේ ජාතියෙන්ම මොන තරම් බැනුම් අහන්න වෙනවද? අපි කව්රු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ. කෙනෙකුට උසුලන්න බැරිතරම් නින්දා විඳින්නේ ඇයි? මොනව හම්බ කරන්නද? මට රැකගන්න දරුපවුලක් ඉන්නවද? නැහැ මහත්තයෝ. මට රකින්න තියෙන්නේ ජාතියයි, ආගමයි විතරයි. මං ඒ වෙනුවෙන් මගේ අවංක හැඟීම් එළියට දානකොට මගේ ස්‌වරය එහෙම වෙන්න පුළුවන්. මොනව කරන්නද මහත්තයෝ ඔය හැම කෙනෙක් වගේම මමත් මේ උපතින් ගෙනාපු ස්‌වභාවයක්.
ප්‍රශ්නය/ ඒ ස්‌වභාවය අතරේ ඔබ වහන්සේලා නීතිය අතටගෙන ක්‍රියාකරනවා කියන චෝදනාව තරමක් බරපතලයි?
පිළිතුර - මේ රටේ ක්‍රිස්‌තියානි මූලධර්මවාදී නිකායන් 400ක් ක්‍රියාත්මක වෙනවා. මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් රාශියක් බරපතළ විදිහට ක්‍රියාත්මක වෙනවා. රටේ වීසා නීති කවුලු අතරින් රිංගලා මේ අය රොතු බුරුතු පිටින් ලංකාවට එනවා. අපි මේ ගැන බලධාරීන් දැනුවත් කළා. නිකම් නෙමෙයි. සාක්‍ෂි, සාධක සහිතව. අන්‍යාගමීකරණ විරෝධී පනත ගේන්න කියලා ගිවිස ගත්තා. කෝ මොකුත් වුනාද? කිසිම දෙයක් වුණේ නැහැ. ඒත් මේ ජාතියට වන අසාධාරණය, ආගමට වන හානිය අපට තව තවත් බලාගෙන ඉන්න පුළුවන්ද? එහෙම වුණහම අපිට ඒ ඒ වගකිවයුතු තැන්වලට දැනෙන්න ඝන්ඨාරෙ ටිකක් හයියෙන් ගහන්න වෙනවා. ඒතැනදි කිසිම නීතියක් කැඩිලා නැහැ. නීතිය අතටගැනීමක් වෙලා නැහැ. කොටින්ම අතට ගන්න තරම් නීතියක් මේ රටේ නැහැ. එහෙම තිබුණානම් මේවා මෙහෙම වෙන්නේ නැහැ.
ප්‍රශ්නය/ නමුත් පහුගිය සතියේ නොවෙන්න ඕනා දේවල් සියල්ලම වගේ වුණා. ඔබ හන්සේලා දන්නවා, විරුද්ධවාදීන් අපිව මානව හිමිකම් දැලක පටලවන්න වලිකන මොහොතකයි අපි මේ ඉන්නේ කියලා. අලුත්ගම දර්ගා නගරයේ ඇතිවී තිබූ සහ ඇතිවෙන්නට තිබූ තත්ත්වයත් ඔබ වහන්සේ හොඳින්ම දැන සිටියා. එසේ තිබියදී ඔබ වහන්සේලා එදා අලුත්ගමට ගියේ අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලකින් ඇනගන්නද? නැතිනම් අඬන්න ඉන්න ඇහැකට ඇඟිsල්ලෙන් අනින්නද?
පිළිතුර/ මෙය තරමක් දීර්ඝ පිළිතුරක් දිය යුතු ප්‍රශ්නයක්. මේ දක්‌වා සැබෑ කථාව එළියට නොගිය සිදුවීමක්. මම ආරාධනා කරනවා රට ගැන හිතන, රටට ආදරය කරන පත්තරයක් විදිහට zදිවයිනZවත් මේ ඇත්ත ලියන්න කියලා.
පොසොන් පොහොය දවසේ දර්ගා නගරය අසළ කාර්දියවත්ත ප්‍රදේශයේ පන්සලක අහිංසක ස්‌වාමීන්වහන්සේ නමක් තවත් පන්සලක බණකට වඩිනවා. ඒ යන පාර හරස්‌කරගෙන මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක් ඉන්නවා. හාමුදුරුවෝ වාහනේ ඇතුළෙ ඉඳගෙන මේ අයට කියනවා පාරේ ඉඩදෙන්න මට බණට වඩින්න අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ මේ තරුණයෝ කියන්නේ zමේවා අපේ ගම්. අපිට හෝන් ගහන්න එන්න එපා, කියලා. කොහොමහරි පාරෙ ඉඩපාදගෙන මේ අය ඉදිරියට යනකොට යතුරුපැදියකින් ලුහුබැඳආපු මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක් වාහනය හරස්‌කරලා රියදුරුව ඇදල අරගෙන ගහනවා. එතකොට හාමුදුරුවෝ 'ඇයි මේ පොසොන් පෝය දවසේ ගහගන්නේ' කියලා මේ ගැටුමට මැදිහත් වෙනවා. එතැනදි අර තරුණයෝ හාමුදුරුවන්ටත් පහරදෙනවා. හාමුදුරුවො පොලිසියට යනවා. පොලිසිය මොකක්‌ද දෙන උත්තරේ. 'අනේ හාමුදුරුවනේ ඒ අයට සමාව දෙන්න' කියලා. මේකද නීතිය ක්‍රියාත්මක කරන තැනකින් දෙන පිළිතුර. ඔයිට කලින් අලුත්ගම ප්‍රදේශයේ සිංහල දරුවෙක්‌ට මුස්‌ලිම් ජාතිකයෙක් ලිංගික හිරිහැරයක් කරපු වෙලාවේ ඒ දරුවගේ අම්මට රුපියල් ලක්‍ෂයක අල්ලසක් දීලා සිද්ධිය යටගහන්න හැදුවෙත් පොලිසියයි. පොලිසියෙ හැසිරීම ගැන හාමුදුරුවො විමසමින් ඉන්න අතරෙ බණ සංවිධානය කරපු තැනට සිද්ධිය ආරංචිවෙනවා.
හොඳට මතක තියාගන්න මහත්තයො, අපේ රටේ බහුතරයක් බෞද්ධයො බෞද්ධ දර්ශණය කියන දේ දැනුම වශයෙන් නොදන්නවා වුණත් බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න තරම් හැඟීමක් තියෙන පිරිසක්. බුද්ධාගම අවුරුදු 2300 ක් මේ රටේ රැකෙන්න ඒ හැඟීමත් හේතුවුනා කියන එක අමතක කරන්න එපා. මේ බෞද්ධ රටේ බුද්ධ පුත්‍රයකුට අත තියනවා කියන්නේ ඉතාම සංවේදී කාරණාවක්. එදා ඒ සිද්ධිය සැලවීමත් සමගින් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. කඩ කිහිපයකට පහරදෙනවා. පොලිසියටවත්, දේශපාලන බලඅධිකාරියටවත් මේක පාලනය කරගන්න බැරිව ඉන්දැද්දි අපේ ජාතික සංවිධායක හාමුදුරුවො තමයි ගිහින් ආවේගශීලී තරුණ කොටස්‌වල ආවේගය නිමා දමලා මේක පාලනය කරන්නේ. කිසිවක් නොදැන අපිව විවේචනය කරන උදවිය ඒවා ගැන කියන්නේ නැහැ?
මේ සිද්ධිය එතැනින් අහවර වුණත් දෙපිරිසම ගැටුමකට සූදානම් වෙනවා කියලා ප්‍රදේශයේ මහා සංඝරත්නයට දිගින් දිගටම ආරංචි ලැබෙනවා. ඒ හාමුදුරුවරු අපට ආරාධනා කරනවා ඇවිත් මේ තත්ත්වය සංසිඳවන්න කියලා. මෙවැනි අවස්‌ථාවලට මැදිහත්වෙලා අපට තිබෙන අත්දැකීම්වලින් උපකාරයක් කරන්න කියලා. අපි ගිහින් එදා පැය ගණනක් මේ ගැන සාකච්ජා කරනවා. අවසානයේ අපි බොදු සමුළුවක් පවත්වන්න තීරණය කරනවා. එහි ප්‍රධාන දේශනය කරන්නේ මම. එදා මම කරපු දේශනය ගැන අද බොහොම විවේචන තියෙනවා. මම ආරාධනා කරනවා ඒ විවේචනය කරපු අයට තැනින් තැනින් කොටස් අරගෙන විකාශය කරන දේවල් නොගෙන මම එදා කරපු සම්පුර්ණ දේශනය අහන්න කියලා. එදා මම වැඩිමනත් විවේචනය කළේ පොලිසියයි, දේශපාලනයයි. මම කිව්වා අපේ මිනිස්‌සු මුස්‌ලිම් කඩ වර්ජනය කළොත් ඒ අයගේ පැවැත්මට මොකද වෙන්නේ කියලා. නැතිව කඩ කඩන්න කියලා අපේ මිනිස්‌සුන්ට කීවේ නැහැ. මහත්තයො මුස්‌ලිම් පල්ලි ඇතුලෙ හංගගෙන කරන දේශන වගේ නෙමෙයි අපේ දේශන. අපේ වැඩ එළිපිට. අපිට දේශපාලකයෝ වගේ පිටින් එකයි, ඇතුළෙ එකයි කියලා න්‍යාය පත්‍ර දෙකක් නැහැ. කියන්න අවශ්‍ය දේ සෘජුවම කියනවා. ඒකයි අපේ කථාව මේ තරම් ආවේගශීලී. මිනිස්‌සුන්ට පිටකරගන්න බැරිව කැකෑරෙමින් තිබුණු ආවේගය මම මගේ කරගෙන වචනවලින් මුදාහැරියා. මිනිස්‌සු සැහැල්ලු වුණා. අවසානයේ අපි අවධාරණයෙන් කිව්වා අපේ සිංහල උදවිය කිසිම විටෙක ගැටුමකට යන්න එපා කියලා. සමුළුව අපි අවසන් කළේ ගාථා කියලා. සුළු වේලාවක් භාවානාත් කළා. කිසිදු කලබලයක් නැතිව අපේ පිරිස යන්න පිටත්වුනා. මේ සමුළුවට සහභාගීවෙලා ආපසු යමින් සිටි පිරිසකට දර්ගා නගරයේ පල්ලියක් ඇතුළෙන් ගල් ප්‍රහාරයක් එල්ල වුනා. අපි නිවලා යවපු මිනිස්‌සුන්ව ඇවිලුවේ එහෙමයි. පිට පිටම ප්‍රහාර දෙකක් එල්ලවෙනකොට රටක බහුතර ජනකොටස එය ඉවසනවද? මේ සිද්ධියෙදි සිංහලයව ප්‍රකෝපකරගන්නේ කව්ද?
ප්‍රශ්නය/ නමුත් එදා ඔබ වහන්සේ කරපු දේශනය ගැටුමකට උත්තේජනය ලබාදුන්නා කියන විවේචනය බැහැර කරන්නේ කොහොමද?
පිළිතුර/ මහත්තයො අපි බොදු සමුළුවක් තියපු පළමු තැන ඔතැන නෙමෙයි. අපි මහනුවර, මහියංගනේ, කෑගල්ල, බදුල්ල, පන්නල, මහරගම.... මේ හැම තැනකම අපි බොදු සමුළු තිබ්බා. මම ඔයිටත් වැඩි සැර කථා පැවැත්වුවා. දහස් ගණන් මිනිස්‌සු රැස්‌වුණා. කෝ එක ගල් කැටයක් අපෙන් කාටවත් එල්ලවුණාද? අපි හලාල් ප්‍රශ්නනෙදි කාටවත් ගැහුවද? බුදුරජාණන් වහන්සේ මිනී මස් කනවා. ත්‍රිවිධ රත්නය කියන්නේ මැණික්‌ගල් 3 ක්. මැණික්‌ගල් වලට වඳින්නේ මෝඩයොයි කියලා මේ රටේ 70%ක් පමණ වන බෞද්ධයන්ට මුස්‌ලිම් අන්තවා"න් අපහාස කරද්දී. අවුරුද්දක් තිස්‌සේ අන්තර්ජාලයේ මේවා ප්‍රචාරය වෙද්දී, ගම්වල සී.ඩී බෙදද්දී, පල්ලිවල දේශන පවත්වද්දී අපි ගිහින් කොහේවත් ගහලා තියෙනවාද? වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඒ ගැන හිතන්න. ඒ ඇති.
ප්‍රශ්නය/අපිට මේ මානව හිමිකම් චෝදනා එල්ලවෙනකොට අපේ පැත්ත ගත්තේ බහුතරයක් මුස්‌ලිම් රටවල්. මේ දේවල් නිසා අපට මුස්‌ලිම් රටවල සහයෝගයත් අහිමිවෙලා අපි තවත් හුදෙකලාවෙයි කියලා දේශපාලන විචාරකයෝ කියනවා.
පිළිතුර/ රටේ වැරදි විදේශ ප්‍රතිපත්තිය මහත්තයෝ. මම ජනාධිපති නම් මම අනිවාර්යෙන් එකතුවෙන්නේ බටහිර බලවේගයත් එක්‌ක. මොකද මුස්‌ලිම් අන්තවාදය යටතේ තව අවුරුදු 15කින් විතර අපට ඇතිවිය හැකි අවදානම අපි පැහැදිලිව දකින නිසයි එහෙම කියන්නේ.
ප්‍රශ්නය/ ඒ කියන්නේ ඔබ වහන්සේලා නෝර්වේ වැඩිය කාරණාව සම්බන්ධයෙන් එල්ලවන විවේචනවල යම් නිවැරදි බවක් තිබෙනවා කියන එකද?
පිළිතුර/ අපි එහේ ගියේ නෝර්වේ එක්‌ක එකතුවෙන්න නෙමෙයි. අපි ගියේ එහේ ඉන්න එල්.ටී.ටී.ඊ හිතවාදීන් නොවන දෙමළ ප්‍රජාව මුණගැහිලා අද මේ රටේ දමිල ජනතාව මූලධර්මවාදී නිකායන්වල ගොදුරු බවට පත්වීම වැළැක්‌වීම සඳහා වන වැඩපිළිවෙලක් සකසන්නයි අපි ගියේ. එමගින් මූලධර්මවාදයට වැට බඳින්නත්, ආගමික සහජීවනයක් ඇතිකරන්නත් තමයි අපට අවශ්‍ය වුනේ. අවාසනාවකට වගේ ඒ එකඟත්වය ක්‍රියාත්මක වුණේ නැහැ.
ප්‍රශ්නය/ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවල නායකත්වය සම්බන්ධයෙන් සහ මුස්‌ලිම් ප්‍රජාවේ නායකත්වය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය?
පිළිතුර/ මේ කිසිම දේශපාලන පක්‍ෂයක් මේ රටට ආදරය නැහැ. ඒ හැම කෙනෙක්‌ටම අවශ්‍ය බලය. මුස්‌ලිම් ජනතාවට නිසි නායකත්වයක් නැහැ. ඒ නිසයි එක එක නිකායන්a, අන්තවාදීන් මේ විදිහට නටන්නේ. අද මේ ප්‍රශ්නය දිහා ඉතාම මධ්‍යස්‌ථව බලමින් අපේ කාර්යය සාධාරණීකරනය කරන මුස්‌ලිම් ප්‍රජාවක් සිටිනවා. නමුත් ඔවුන් ඉදිරියට ඇවිත් කථාකරන්න බයයි. හැබැයි අපිට තොරතුරු ලැබෙනවා. නමුත් නීතියක් පොදුව ක්‍රියාත්මක කරගන්න බැරි රටක පරිපාලනය අපි ලබාදෙන ඒ තොරතුරුවලින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අවසානයේ ප්‍රශ්න ඇතිවුණහම ඒකත් අපේ පිටේ දානවා. ඒත් මහත්තයෝ අපි කවදහරි දවසක මේ රටේ සියලු බෞද්ධයන් ඒකරාශීකරගෙන ඒ බලවේගය දිනවනවා.
ප්‍රශ්නය/ ඔබ සංවිධානයේ නායකත්වය ගැන යමක් කියනවානම්
පිළිතුර/ අප නායකත්වයේ තබාගෙන සිටින්නේ බුදුරජාණන් වහන්සේවයි. ඒ තමයි අපේ එකම නායකත්වය
ඡයාරූපය - කමල් බෝගොඩ
අදහස් විමසුම ඉන්ද්‍රජිත් සුබසිංහ

0 comments:
Post a Comment