facebook like

මර්වින් එපා: මර්වින් ඕනෑ - ශ්‍රී ල.නි.ප. බලගන්වන රැස්වීමේ කචල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම සඳහා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවැති තුන්දින සාකච්ඡා වටය එහි අවසාන දිනය වූ පසුගියදා (18දා) දැඩි උණුසුම් හා ගැටුම්කාරී තත්ත්වයක් මැද අවසන් වූ බව වාර්තා වේ. මේ ගැටුම්කාරී තත්ත්වය පැනනැඟී තිබෙන්නේ කැලණිය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක කටයුතු ගැන පැවැති සාකච්ඡාවේදීය. මර්වින් සිල්වා ඇමැතිවරයාගේ කැලණිය ආධාරකරුවන් හා ඔහුට විරුද්ධ පිරිස අතර පැවැති මේ ගැටුම්කාරී තත්ත්වය නිසා එම ආසනයේ ශ්‍රී ලනිප සංවිධාන ශක්තිමත් කිරීමට අදාළ සාකච්ඡාව අතරමඟ නතර කොට වෙනත් දිනයකට කල් තැබීමට සිදුව තිබේ.


මෙහිදී මේ ඇවිළීගිය කැලණිය ශ්‍රී ලනිප දේශපාලන ගින්නෙන් පක්ෂයේ ඉහළ සිට ඇතැම් ජේ‍යෂ්ඨයන් මෙන්ම මර්වින් සිල්වා ඇමැතිවරයාද පාක්ෂිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක්ව තිබේ. කැලණිය දේශපාලන ගැටුමට මැදිවූ පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් ගල් ගැසී බලා සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැලණිය කණ්ඩායම දැනුම්වත් කිරීම සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියගේ සහභාගිත්වයෙන් ආරම්භ කර ඇත.


මහීපාල හේරත් මහතා මෙම රැස්වීමේ අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ප්‍රථම ඇමැතීම කළ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා කැලණිය මැතිවරණ කොට්ඨාසයට නව ශ්‍රී ලනිප සංවිධායකවරයකු පත්කරන ලෙස පවසා ඇත.


එවිට මර්වින් සිල්වා ඇමැතිවරයා සමඟ පැමිණ සිටි පිරිස කැලණියේ ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායකවරයා මර්වින් සිල්වා බවත්, තවත් සංවිධායකවරු තමන්ට අවශ්‍ය නැති බවත් කියමින් සභාපතිවරයාගේ ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.


ඉන් අනතුරුව සභාපති කණ්ඩායම සහ මර්වින් කණ්ඩායම එකිනෙකාට දූෂණ චෝදනා එල්ලකර ගනිමින් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්කරගෙන ඇත. කැලණි ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලනිප පක්ෂ නායකත්වයට දෝෂාරෝපණය කර ඇත.


නොසන්සුන් තත්ත්වය පාලනය කර ගැනීමට මහීපාල හේරත් සබරගමුව මහ ඇමැතිවරයා සහ එස්.බී. දිසානායක ඇමැතිවරයා ගත් දැඩි උත්සාහයත් ව්‍යාර්ථ වී තිබේ.
අනතුරුව එහි පැමිණි නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් කැලණි ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදෙන බව පවසා යම්තාක් දුරට දෙපිරිස නිහඬ කරවා දෙපිරිස වෙන් වෙන් වශයෙන් කැඳවීමටද තීරණයක් ගෙන කැලණි දේශපාලනයේ අනගතය ගැන සාකච්ඡා කිරීම වෙනත් දිනකට කල්දමා තිබේ.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive