facebook like

අබ සරණයි කියන්නේ මොකක්ද ඇමැතිතුමා? --- මාධ්‍ය............. මම දන්නේ නෑ ---- ඇමැති කෙහෙළිය

අලුත්ගමදී බරපතළ ගැටුමක් ඇතිවිය හැකි බවට රජයේ බුද්ධි අංශ විසින් කලින් වාර්තා කර නොතිබූ බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය.
පොලිස්පතිවරයා එසේ පැවැසුවේ ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති සතියේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.


අලුත්ගම හා බේරුවල යන ප්‍රදේශවල පසුගිය දිනවලදී සිදුවූ සිද්ධීන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා කැබිනට් ප්‍රකාශක ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවට විශේෂයෙන් පැමිණ සිටි පොලිස්පතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රබල ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසුවේ කොළඹ සිට අලුත්ගම ආරක්ෂාව ගැන කතා කළ මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම්වලට වඩා අලුත්ගම ප්‍රදේශයේ භූමියේ සිටි මුස්ලිම් ජනතාව කිසිදු ගැටුමක් ඇති නොකරන බවට ලබා දුන් ප්‍රතිඥාව විශ්වාස කළ බවයි.


දේපොළ ගිනිතබා, කොල්ලකා ප්‍රහාරවලට සම්බන්ධ වූ කලහකාරීන් විසුරුවා හැරීමට පොලිසිය කිසිදු වෙඩි තැබීමක් නොකළ බවත්, එවැනි අය ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවත්, දැනට සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින 55 දෙනා අතර එවැනි අයත් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.


අලුත්ගමදී මෙන් මහජන ආරක්ෂාවට පොලිසිය සිටියදීත් සැඟවී සිට ගල් - මුල් ගසන, පෙට්රල් දමා දේපොළ ගිනිතියා විනාශ කරන කලහකාරීන් හයිටි, සුඩානය, ටිමෝරය, ලයිබීරියාව, කොංගෝව ඉන්දියාවේ හා පාකිස්තානයේ මෙන් ශ්‍රී ලංකාවේද සිටින බවත් අලුත්ගමදී වැනි සිදුවීම් ලොව ඕනෑම තැනක සිදුවිය හැකි බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මාධ්‍ය - පොහොය දිනයේ සිදුවූ සිද්ධියේදී හිමිනමක් පහර දීමකින් තුවාල ලැබුවාද?
පොලිස්පති - ඒ හිමියන්ගේ කටඋත්තරයේ තිබෙනවා පහර දුන්නා කියා.
මාධ්‍ය - ඒ හිමියන් පහර දීම නිසා තුවාල ලබා සිටියද?
පොලිස්පති - ඒ හිමියන් තමන්ට පහර දුන්නා කියාත්, තමන්ට රෝහලට යෑමට අවශ්‍ය බවත් කීව නිසා අප ඒ හිමියන්ව රෝහලට යැව්වා.

මාධ්‍ය - ඒ හිමියන් තුවාල ලබා ඇති බව පොලිසියට තහවුරු වුණාද?
පොලිස්පති - අපට ඒක කියන්න බැහැ. අප ‍ෙදාස්තරලා නොවේනේ. තුවාල ලැබුවාද කියා බලන්නේ ‍ෙදාස්තරලා. මා කියන්නේ ඒ හාමුදුරුවන්ගේ ප්‍රකාශය මතයි.
තුවාල ලැබුවේ යැයි කියන හාමුදුරුවන් දවස් දෙකකට පසුව රෝහලින් පිටවෙනකොට ඒ හිමියන්ව පිළිගන්න ප්‍රදේශයේ බෞද්ධ අය උත්සවයක් සූදානම් කර තිබුණා. මෙහිදී කිසිම සාමය කඩවන සිදුවීමක් නොවන බවට ප්‍රදේශයේ මුස්ලිම් නායකයන් හා බෞද්ධ නායකයන් අපට පොරොන්දු වුණා. නමුත් හාමුදුරුවන් පන්සලට යන පාරේ තිබූ පල්ලියක සිටි අයෙක් ලී කැබැල්ලකින් හාමුරුවන් සිටි පැත්තට දමා ගැසීම නිසා ගැටුම ආරම්භ වුණා. ඉන් පස්සේ විසිර ගිය කොටස් කලබල ඇති කළා.
මාධ්‍ය - හාමුදුරුවන් පන්සලට යනතුරු ඇයි පොලිස් ආරක්ෂාව නොදුන්නේ?
පොලිස්පති - ස්වාමීන් වහන්සේට ඒ අවස්ථාවේදී කිසිදෙයක් වුණේ නැහැ.

මාධ්‍ය - නමුත් රටට බරපතළ අවමානයක් වුණා.
පොලිස්පති - අප පොලිස් භටයන් ආරක්ෂාවට යොදා තිබුණා.
මාධ්‍ය - පල්ලියේ රැස්වී සිටි අයට විසිර යන ලෙස පොලිසිය නියෝග කළාද?
ඇමැති කෙහෙළිය - දෙපිරිස ගැටුම් ඇති කර නොගන්නා බවට පොරොන්දු වී තිබුණා.

මාධ්‍ය - බෞද්ධයන්ට ගැටුම්වලින් වැළකෙන ලෙස උපදෙස් දුන්නේ නැද්ද?
පොලිස්පති - පෙරහරවල් යන්න අප ඉඩදී තිබුණේ නැහැ. ඔවුන් විසිරී යමින් සිටියදී තමයි මේ සිදුවීම වුණේ. සිංහල අය දර්ගා නගරය හරහා ඔවුන්ගේ ගම්වලට යනකොට තමයි මේක වුණේ.
මාධ්‍ය - කිසිම අවස්ථාවක බෞද්ධ අයට වෙනත් මාර්ගයක යන්න හෝ ඔවුන්ට නවතින්න යැයි පොලිසිය නියෝග කළේ නැද්ද?
ඇමැති කෙහෙළිය - මුස්ලිම් පල්ලියේ අය ගැටුම් ඇති කර නොගන්නා බවට පොරොන්දු දුන්නා. එකක් අමතක කරන්න එපා එදා පොසොන් දවස බව. පොලිසියට ඒ අය නවත්වන්න ගත් වෙනත් නියෝග දෙන්න බැහැ. තොරණක් වුණත් දවස් 3, 4ක් තියෙනවා. දෙපාර්ශ්වයටම සාමයෙන් ඉන්න කිව්වා. නමුත් බෞද්ධයන්ට එහෙ මෙහෙ යන්න එපා කියන්න බැහැ පොසොන් නිසා.

මාධ්‍ය - සාමය කඩවිය හැකි නිසා බොදු බල සේනාවට ඒ ප්‍රදේශයේ රැස්වීමක් පවත්වන්න දෙන්න එපා කියා මුස්ලිම් නායකයන් පොලිසියෙන් ඉල්ලුවා නේද?
ඇමැති - වෙසක් හෝ පොසොන් කාලවල බෞද්ධයන්ට උත්සව නවත්වන්න නියෝග දාන්න බැහැ.
මාධ්‍ය - පොසොන් දවසක එහෙම වුණත් ඊට පසු දිනෙක එහෙම කරන්න තිබුණා නේද?
ඇමැති - මේ දෙක පටලවා ගන්න එපා. මේ රටේ සංස්කෘතිය. ඔබට මිනිස්සු පන්සලට එන එක නවත්තන්න බැහැ.

මාධ්‍ය - බොදු බල සේනාවට එවැනි රැස්වීමකට ඉඩ දීමෙන් සාමය කඩවේ යැයි පොලිසිය සිතුවෙ නැත්තේ ඇයි?
ඇමැති - එතැන රැස්වීම තිබ්බෙ බොදු බල සේනාව නොවේ. ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයයි. එය සාමකාමී එකක්. ඒකට වෙන අය සහභාගි වීම වෙන කාරණයක්. දෙපාර්ශ්වයම කතා කරල සාමය කඩ නොකරන බවට එකඟ වී තිබෙනවා.
මාධ්‍ය - 'අබසරණයි' කියන්නේ මොකක්ද ඇමැතිතුමා.
ඇමැති - මම දන්නේ නෑ අබසරණයි කියන්නේ මොකක්ද කියල.

මාධ්‍ය - මමත් බුද්ධාගමේ පාසලකට ගියේ. මම දන්නේ තුන් සරණක් ගැන පමණයි.
ඇමැති - දන්නවනම් තමා ප්‍රශ්නයක් වෙන්නේ. දන්නේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මාධ්‍ය - තුන් සරණය 'අබ දාල' රස කරන විදියක් ගැනද අබ සරණෙන් කියැවෙන්නේ?
ඇමැති - රස කිරීමක් නේ.
මාධ්‍ය - පොලිසිය විසින් මෙම උත්සවයට පෙර ලබා ගත් තොරතුරු නිවැරැදි නොවූ නිසා නේද මරණ වුණේ?
ඇමැති - එහෙම කියන්න බැහැ. එවැනි දේවල් සිදුවිය හැකියි. මම මෙම සිදුවීම් සාධාරණීය කරනවා නොවේ. මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි.

මාධ්‍ය - නමුත් මේක වළක්වා ගන්න පුළුවන්කම තිබුණා නේද?
ඇමැති - විය හැකිව තිබුණා.
මාධ්‍ය - බොදු බල සේනාව මෙයට සම්බන්ධ වූ නිසයි මෙය මේ තරම් බරපතළ වුණේ. ඒ අය අත්අඩංගුවට ගෙන නැහැ.
පොලිස්පති - අප සියලු දේ ගැන පරීක්ෂා කරනවා.
මාධ්‍ය - පහුගිය කාලය පුරාම බොදු බල සේනාව ජාතීන් අතර කුපිතවීම් ඇති කළා. කිසිදු විටෙක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැහැ.
පොලිස්පති - අප ඒ අය අධිකරණය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive