අල් ජසීරා මාධ්‍යවේදීන් තිදෙනා වරදකරුවන් කරමින් ඊජිප්තු අධිකරණය විසින් ලබා දුන් වසර හතක සිර දඬුවමට විරෝධය පළ කරමින් බීබීසීය ඇතුළු වෙනත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ලන්ඩනයේ බීබීසී කාර්යාලය ඉදිරි පිටදී උද්ඝෝෂණයක නිරත විය.
හිටපු බීබීසී මාධ්‍යවේදියකු වන ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ග්රෙස්ට්, කැනේඩියානු සම්භවයක් සහිත ඊජිප්තු ජාතික මොහමඩ් ෆාමි සහ ඊජිප්තු ජාතික බහාර් මොහමඩ් යන මාධ්‍යවේදීන් තිදෙනා නිදහස් කරන මෙන් ඔවුන් එහිදී ඊජිප්තු රජයෙන් ඉල්ලා සිටියහ.
රාජ්‍යතාන්ත්‍රිකව
මේ අතර අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදි පීටර් ග්රෙස්ට් ඇතුළු අනෙකුත් මාධ්‍යවේදීන් තිදෙනා මුදවා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කරන බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පැවසුවාය.
අසත්‍ය පුවත් වාර්තා කිරීම සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයට සහාය දීමේ චෝදනා මත අල් ජසීරා මාධ්‍යවේදීන් තිදෙනා වරදකරුවන් වී තිබේ.
තමන්ට එරෙහි චෝදනා සියල්ල මාධ්‍යවේදීන් තිදෙනාම ප්‍රතික්ෂේප කරයි.
අධිකරණය ලබා දුන් දැඩි තීන්දුව නිසා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දැඩි කම්පනයට හා කැලඹීමට පත් වූ බව එරට විදේශ අමාත්‍යවරිය, ජුලි බිෂොප් පැවසුවාය.
නමුත් ඊජිප්තු නව ජනාධිපති අල් සිසී පවසන්නේ එරට අධිකරණය විසින් දෙන ලද විනිශ්චයන් සදහා ඔහු මැදිහත් නොවන බවයි.
0 comments:
Post a Comment