facebook like

පිස්තෝල ජාතකය - Another Jathaka Story

maathalan
පිස්තෝලයක් ඉස්සෙල්ලාම ගෙනත් දුන්නේ, ඉන්දියාවේ ගිහින් ආපු රන්ජන් අයියාය. රන්ජන් අයියා කියන්නේ, ළොකු අම්මාගේ තුන් වෙනි පුතාය. පොර ඉන්දියාවේ ගිහින් තියෙන්නේ, ටුවර් එකකටය. ඒ උනාට, පොර එයා පෝර්ට් එකට ඇරලවලා එන්න, වාහන තුනක් විතර ගියා කියා මට මතකය. වැට අද්දරට වී ප්ලේන් එකට නගිනවාත් බලාගෙන උන්නේය. සුමානෙකට දෙකකට පස්සේ පොර ප්ලාස්ටික් මල්ලක මොන මොනවාදෝ උස්සගෙන අවා යාන්තම් මතකය. මට
ගෙනත් තිබුනේ පිස්තෝලයක්ය. ඒකත් අර නගරාධිපති තුමාගේ එක වගේ, සෙල්ලම් පිස්තෝලයක්ය.

වෙඩි බෙහෙත් රෝල් කීපයක්ද ගෙනත් තිබුනා මතකය. ඒ කාළේ ඒ ජාතියේ පිස්තෝලයක් තිබුනේ මට විතරය. ඒ නිසා හොරා පොලිස් සෙල්ලම වෙලාවට, මම චාල්ස් බ්‍රොන්සන් වගේ වීරයෙක් උනේය. අනික් උන් ගාව තිබුනේ බට පතුරු පිස්තෝලය. හැබයි ඒ බට පතුරු පිස්තෝලේ කිරල බුලට්, මගේ ඒවාට වඩා බොහෝම සද්දය. කිරල ගෙඩි නැති කාලේ, පත්තර කොල තෙමාගෙන ගෙඩියක් වගේ ඔතාගෙන බුලට් එක හදා ගත්තේය.

ඒ උනට 77 ඕපන් ඉකොනොමි මුත්තා ආවයින් පස්සේ, හන්දියේ ආසිරි කඩේටත් මේ පිස්තෝල ආවේය. ඒත් ඉතින් ඒවා එනකොට, අපි වෙඩි තියා ගත්තේ සෙල්ලමට නෙමෙයිය. ඒ කාලේ අපි කලේ කොක්කු වෙඩි තියන එකය. ඒ නිසා බටේ කොයි වෙලාවෙත් සුද්ද කර ගෙනම උන්නේය. මුත්තා සෙල්ලම් පිස්තෝල ගෙනාවාට, ඇත්ත එව්වා ගෙනාවේ නැතිය. උතුරුකරේ පිරභාහරන්ලාට ඉන්දියාවෙන් ඔරිජිනල් පිස්තෝල ආවට, විජේවීරලාගේ සැට් එකට එහෙම පිස්තෝල දෙන්න කවුරුත් උන්නේ නැතිය.

ඒ නිසා, එයාලා දේශීය නිස්පාදනයක් හදා ගත්තේය. ඒකට කිව්වේ, ගල් කටස් කියලාය. හැබයි කරුමේ කියන්නේ, ඒකෙන් ජේ ආර්ට වෙඩි තිබ්බාම, වැදුනේ ගමේ ඉන්න ගිරාම සේවක රාලහාමිටය. පොලෝසියේ ඕ අයි සී මහත්තයාට වෙඩි තිබ්බම වැදුනේ, කසිප්පු ටිකක් විකුනාගෙන කීයක් හරි හොයා ගත්ත එකාටය. හැබයි ආන්ඩුවේ උන් ගාව තිබුනේ ඔරිජිනල් පිස්තෝල නිසා, අර ගලකටස් කර්මාන්තේට කෙල වෙලාම ගියේය.

මේ පිස්තෝල කතාව මතක් උනේ, හම්බන්තොට නගරාධිපති තුමා කාගේදෝ ඉන අතගා, සෙල්ලම් පිස්තෝලයක් උස්සගෙන, අලි එලවන්න ආපු නිව්ස් එක නිසාය. අපි දන්න විදියට නම්, අලි එලවන්න පිස්තෝල වලින් නම් බැරිය. අලින්ට දාන්නේ අලි වෙඩිය. එහෙම අලි වෙඩි දාන්නේ සද්දන්ත අලීන්ටය. මේ වගේ අහිංසක අලි එලවන්න, සෙල්ලම් පිස්තෝල උස්සගෙන එන්න ඕන නැතිය. පොඩි කුරුඳු පොල්ලක් දෙකක් උස්සගෙන ආවානම් හොඳටෝම ඇතිය.

කොහොමින් කොහොම හරි, එජාපේ උන්ගේ උදව්වට මොකක් හරි උස්සගෙන ආපු එකා, අද ජාතික වීරයෙක් වෙලා අහවරය. සෙල්ලම් පිස්තෝල ඒ තරම් පවර් ෆුල්ය. දැන් හම්බන්තොට පැත්තේ පොඩි උන් ඔක්කෝම පිස්තෝල හංගලාය. මොකෝ, මේ අලි පාටියේ උන්, ආයෙත් මත්තල යනවා කියලා තියෙන හින්දාය. ඒ අස්සේ එරාජ් ද කයි බෝයි කියන්නේ ඌ මැයි දිනේට පිස්තෝල කල්ලියක් එක්ක පෙලපාලියේ එනවා කියාය.

ඒ ගැන නම් කියන්න තියෙන්නේ, ඒක එච්චර හොඳ සෙල්ලමක් නම් නෙමේ කියාය. ඒ මොකෝ ඔය සිරි ලන්කා පක්සේ නිර්මාත්තුරු බන්ඩාරණයක මහත්තයා දිවිය ළෝකේ රාජ්ජ භාෂාව, සිංහළ කොරන්න ගියේ, පිස්තෝලයක් හින්දා නිසාය. ඒ කාලේ මට හෙන ප්‍රශ්ණයක් වෙලා තිබුනේ, හාන්දුරු කෙනෙක් ගවට පිස්තෝලයක් ගියේ කොහොමදැයි කියලාය. මොකෝ සිව් පසෙටවත්, අටපිරිකරටවත් පිස්තෝල දන් දෙන බවක් අපි අහලා නැති නිසාය.

ඒ අවු අස්සේ ගොසිප් සයිට් වල තියෙන්නේ, නානසාර හාන්දුරුවොන්ට පිස්තෝලයක් දන් දුන්නා කියාය. එහෙම එයාට විතරක් දීම අසාධාරණය. එහෙම දෙනවානම්, වටරැක හාන්දුරුවන්ටත් දෙන්න ඕනාය. ආතල් එක බේරෙන්නේ එහම දුන්නා නම් විතරය. මොකෝ වටරැක අතේ පිස්තෝලයක් තිබුනත්, නානසාර හාන්දුරුවන්ගේ සිරි මුඛේ විවුර්ත කරපු ගමන්, වැටරැක හාන්දුර්වන්ගේ ඉතරක් නොව, අයි ජී පී ගේ හිටන් පිස්තෝලේ බිම වැටෙන නිසාය.

ඇත්තටම නානසාර හාන්දුරුවන්ට පිස්තෝල දෙන්න ඕනා නැතිය. උන් වහන්සේගේ සිරි මුඛේ විවුර්ත කරපු ගමන්, හරියට අර කිලිනොච්චියට කෙලලා ඇරපු, මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකක් වගේය. බුද්ධ සාසනේ තම්බින්ගෙන් බේර ගන්න, ඒක තිබුනාම හොඳටෝම ඇතිය. ඒක ඇහුන ගමන් හොර තම්බිලා පැත්ත පලාතේ ඉන්නේ නැතිය. සෙල්ලමටවත් උන්නාන්සේ පිස්තෝලේ අරගෙන හිගින්, වලියක් ගියෝතින්, අත පය කරකවන කරකැවිල්ලට ඕක මොකාට පත්තු වෙයිද කියලා කියන්න අමාරුය.

එව්වා මෙව්වා කෙසේ වෙතත්, මේ නිව්ස් දෙක දැක්ක ගමන් මට මතක් උනේ, අර එකෝමත් එක කාලේක, එකෝමත් එක රජ්ජුරුවන් වහන්සේ කෙනෙක්, ආදරේට එකෝමත් එක වඳුරෙක් හදාපු කතාවය. ඒක එහෙම මතක් උනේ මොන කරුමයකටද කියලා, මට නියමාකරයෙන් එක්ස්ප්ලේන් කොරන්න බැරි එක, මගේ කරුමයක්ද, වෙන කාගේ හරි කරුමයක්ද කියලාත් හරියට කියන්න බැරිය. මොකෝ ඒ එකෝමත් එක වඳුරා, ඒ එකෝමත් එක රාජුරුවන් වහන්සේගේ සිරි දේහයේ වහපු එකෝමත් එක මැස්සෙකුට රජතුමාගේ කඩුවෙන් කෙලලා ඇරිය නිසාය.

ඒ කඩු පාරෙන් මැස්සා මලාද, රාජ්ජුරුවන් වහන්සේ මලාද, එහෙම නැත්නම් දෙන්නාම මලාද කියා අහ ගන්න අපේ ආච්චි අම්මා අද නැතිය. ඔහෙලා දන්නවා නම්, කතාවේ ඉතිරි ටික කියා දුන්නොත්, බොහෝ පින් අයිති වෙනවාය. මට ඒ පින් ටික නානසාර හාන්දුරුවන්ටයි, වටරැක හාන්දුරුවන්ටයි අනුමෝදන් කරලා ඉතුරු උනොත්, ඔහේලාගේ ආච්චිලාටත් අනුමෝදන් කරන්න පුළුවන් වෙනවාය.

maathalan.blogspot

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive