සෙවණගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාට සහ එම පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර යන නිලධාරීන් දෙදෙනාට දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධව, තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජනිස) රණසිංහ ජයසුන්දරගේසෝමසිරි නමැති අයට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් අවසානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට විවෘත
අධිකරණයේදී සිංහල ක්‍රමයට වැඳ සමාව ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා ඊයේ 29 නියෝග කළේය. 2012 වසරේ අප්‍රේල් මස 29 දින සෙවණගල පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇති අතර ඊයේ 29 දින නඩුව විභාගයට ගෙන අවසානයේදී තරයේ අවවාද කරමින් ඉහත තීන්දුව විත්තිකරුට එරෙහිව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙන ලදී.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඩිලාන් ගමගේ මහතා පෙනී සිටි අතර පොලිස් සැරයන් 23738 එදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් 29133 සුගත් පැමිණිල්ල මෙහෙය වන ලදී.

0 comments:
Post a Comment