ස්වාමීනි මා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් මට විවිධ වධ හිංසා කරනවා. අධිකරණයට ගෙන ඒමට පෙර දිනයේත් රාත්‍රි කාලයේ ඔවුන් මගේ හිසකෙස් අපිළිවෙළකට කපා මට හිංසා කළා ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි මා රඳවලා තියෙන්නේ වැසිකිළියක් අසල සිරකුටියකයි. එහි අපද්‍රව්‍ය මගේ කෑමවලට පවා මිශ්‍ර වෙනවා. මට සිදුවෙන හිංසා සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස මම ඉතා
ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
කෝටි 300ට අධික මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ බන්ධනාගාරයේ 'ඒ - 3' අංශයේ රඳවා සිටින සක්විති රණසිංහ නමැත්තා නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඒ බව දන්වා සිටියේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් සිල්වා මහතා මඟින් අධිකරණයට කරුණු දක්වමිනි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් සිල්වා මහතා තම කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාව බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතත් ඒ පිළිබඳ නොසලකා හරිමින් ඔහු වෙනත් සිරකුටියක රඳවා ඇති බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට බන්ධනාගාරය තුළදී එවැනි අමානුෂික සිදුවීම් වෙනවාද නැද්ද යන්න පිළිබඳ සොයා බලා බන්ධනාගාර අධිකාරිවරයා මඟින් වාර්තාවක් කැඳවීමටද නියම කෙරිණි.
සැකකරුට බන්ධනාගාරය තුළදී හිංසා සිදුවන බවට ඔහුගේ නීතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වන අවස්ථාවේ විත්ති කූඩුවේ සිටි සක්විති රණසිංහ නමැත්තා හඬන අයුරුද දක්නට ලැබිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුට සම්බන්ධ සියලු නඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවන බවත් ඊට අදාළ පැමිණිලි එම දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී ගොනු කිරීමට නියමිත බවත්ය.

0 comments:
Post a Comment