ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ක්‍රිකට් ගැන බොහෝසේ කතා කරනු පෙනේ. ජයග්‍රහණයට විවිධ හේතු ද විග්‍රහ කෙරේ. සමහරුන්ට දොස් තැබීම මෙන්ම සමහරු වර්ණනා කිරීම්ද මේ අතර ඇත. මෙම ජයග්‍රහණයට බලපෑ ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ මේ එකක්‌වත් නොව මෑත භාගයේ දී අපේ ක්‍රිකට් ඉතිහාසයට එක්‌වූ නව සම්ප්‍රදායකි. මා එය හඳුන්වන්නේ "නිහතමානී නායකත්වය" කියාය. එය තනි වචනයකින් විස්‌තර කළ නොහැක. බල ලෝභය, තන්හාවට, ඉරිසියාව,
ආත්මාර්ථය අතහැර පොදු අරමුණක් වෙනුවෙන් අවංකව කැපවීම මෙහි අරුතයි. පොදු අරමුණ ඉදිරියේ තම අභිමානය, අහංකාරය අතහැර දැමීම එහි දෙවන අරුතයි. එය තව දුරටත් මෙසේ විස්‌තර කරමි.
ලසිත් මාලිංග මේ ජයග්‍රහණය ගැන මෙසේ කියා තිබුණි. "අපේ කණ්‌ඩායමේ මට වඩා ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නායකයන් කීප දෙනෙක්‌ම සිටිනවා. ඔවුන් හැම දෙනෙකුගේම උපදෙස් මං ගන්නවා. ඔවුන් හැම කෙනෙක්‌ම මට අවංකව උදව් කළා. කැප වුණා. ඒ නිසා තමයි අපි දිණුවේ". මෙය ඉතා වටිනා දෙයකි. මේ මෑත ඉතිහාසයේ අපේ ක්‍රීඩාවට එක්‌වූ තව විශිෂ්ට සම්ප්‍රදායකි. මෙම සම්ප්‍රදාය තුළ ඕනෑම දෙයක් ජයගත හැක. ඈත ඉතිහාසයේ මේ සම්ප්‍රදාය අප දැක නැත. නායකයා ඉවත් වුණොත් ඉවත් වුණාමය. අයින් කරනතුරු ඉවත් වෙන්නේද නැත. නමුත් මෑතක සිට දක්‍ෂ නායකයන් නායකත්වයෙන් ඉවත්වී තමන්ට වඩා කනිෂ්ඨ නායකයකු යටතේ දිගටම ක්‍රීඩා කරනු දැකිය හැක. එසේ ක්‍රීඩා කරන්නේ අනෙකාගේ ගෙල කැපීමටවත් කකුලෙන් ඇදීමටවත් නොව අවංකව කැපවී පොදු අරමුණ ජයගන්නට බව පසුගිය තරගාවලි රැසකදීම අපි දුටුවෙමු. මෙය කවුරුත් ආදර්ශයට ගත යුතු අගනා සම්ප්‍රදායක් ලෙස මම හඳුන්වමි.
මෙය අප රටේ දේශපාලනය තුළ නම් ඇත්තේම නැත. අප රට ඉදිරියට නොයන්නේ මෙම සම්ප්‍රදාය දේශපාලනය තුළ නොමැතිවීම නිසා යයි මම සිතමි. අද දේශපාලන පක්‍ෂ තුළ ඇති කුලල්කා ගැනීම්වලට හේතුව ඉහත කී සම්ප්‍රදාය ඔවුන් තුළ නොමැති වීමය. දේශපාලන පක්‍ෂවල හා රාජ්‍ය නායකත්වය තුළත් ඇත්තේ මීට හාත්පස ක්‍රමයකි. මැරෙන තුරුම නායකත්වය අතහරින්නට මේ අය සූදානම් නැත. අතහැරියත් අනෙකාට උදව් කිරීමටද සූදානම් නැත. නායකයා මෙන්ම ඊට පහලින් සිටින්නෝද නායකයා හෘදයාබාධයකින් හෝ මිය යන්නේ නම් මරු යයි සිතමින් සිටිති. නායකයාද ඇවිදගන්නට කථා කරගන්නට බැරිව ගියත් රෝද පුටුවෙන් ගියත් නායකත්වය අතහරින්නේ නැත.
නමුත් මෑතකදී මෙම සම්ප්‍රදායේ නායකත්ව හුවමාරුවක් ජනතා විමුක්‌ති පෙරමුණ තුළ අපි දුටුවෙමු. මේ ලංකා ඉතිහාසය තුළ පමණක් නොව ලෝක ඉතිහාසය තුළවත් දැක නැති ඉතා විශිෂ්ට දෙයක් ලෙස මම දකිමි.
සෝමවංශ අමරසිංහ මහතා සිය නායකත්වය තරුණයකුට පවරා ඔහු යටතේ දිගටම පක්‍ෂයේ හා විදේශ ලේකම් ධුරයේ රැඳීමට තරම් ඔහු නිහතමානී වී ඇත. එමෙන්ම සිය උපරිම සහයද නව නායකයාට ලබා දෙන අයුරුද අපි දිටිමු. මෙය මුළු රට වශයෙන් ජාතික වශයෙන් සිදුවන්නේ නම් කෙතරම් වටීද?
චාල්ස් දයානන්ද

0 comments:
Post a Comment