ජාතික සංවර්ධන බැංකුවේ (එන්ඩීබී) පවත්වාගෙන ගිය සිය බැංකු ගිණුම්වල පරිගණක දත්ත පරීක්ෂා කිරීමට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදී තිබූ අවසරය ලබන 6 දා තෙක් අත්හිටුවමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්. සී. වී. එස්. මොරායස් මහතා ඊයේ (23 දා) අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවේය.
ජාතික සංවර්ධන බැංකුව වෙනුවෙන්
ඉදිරිපත් වූ ඉල්ලීමක් කෙරෙහි සැලකිලිමත් වෙමින් එලෙස නියෝගයක් පනවනු ලැබූ විනිසුරුවරයා සිද්ධියට අදාළ වැඩිදුර විභාගය සඳහා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් අල්ලස් කොමිසමටත් ලබන 6 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
ජාතික සංවර්ධන බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ගොනු කොට ඇති වත්කම් බැරකම් නඩුවට අදාළව ජාතික සංවර්ධන බැංකුවේ ඇය පවත්වාගෙන ගිය බැංකු ගිණුම් තුනක පරිගණක විස්තර ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත්කර ඇති බවත් එසේ වුවත් එම ඇතැම් විස්තර ලබාදීමට නොහැකි නිසා එම නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටින බවත් කියා සිටියේය.
බැංකුව විසින් දක්වා සිටින පරිගණක විස්තර ලබාදීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබූ විනිසුරුවරයා ඉල්ලීම ලබන 6 දා යළි කැඳවන ලෙසත් එදිනට බණ්ඩාරනායක මහත්මියට හා අල්ලස් කොමිසමට පෙනී සිටින ලෙසත් දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.
ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් තුනක විස්තර සිය වත්කම් බැරකම් ප්රකාශනයට ඇතුළත් කිරීම පැහැර හරින ලදැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවට අදාළව වැඩිදුර විභාගය සඳහා එම බැංකු ගිණුම්වල පරිගණක විස්තර ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා බැංකුවට නියෝග කර තිබිණි.

0 comments:
Post a Comment