එජාපයෙන් ඉවත් කළ දකුණු පළාත් හිටපු මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න සහ බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රි ශිරාල් ලක්තිලක යළි පක්‍ෂයට එන්නට සූදානම් නම් ඔවුන් භාරගන්නට පක්‍ෂය සූදානම් බව මහලේකම් තිස්ස අත්තනායක පැවැසූ පුවතක් 'මව්බිම' පුවත්පතේ පළවිය.
දැන් උෟව පළාත් සභා ඡන්දය පැවැත්වෙන බැවින් මේ දෙදෙනාගේ උදව්ව ලබා ගැනීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇති බව පෙනේ. තිස්සගෙන් පිටවන්නේ රනිල්ගේ අදහස්ය.
මෛත්‍රි සහ ශිරාල් මේ ඉල්ලීම අනුව එජාපයට යාවිදැයි සැක සහිතය. මන්ද ඔවුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව විශේෂයෙන්ම රනිල්ට එරෙහිව ඒ දිනවල කළ කතා ඉල්ලා අස්කර ගැනීමට මේ දෙදෙනා සූදානම්ද යන ප්‍රශ්නය නිසාය. දේශපාලනයේ සදාකාලික මිතුරනුත් නැත. හතුරනුත් නැත යැයි කියමනක් ඇති නිසා මේ දෙදෙනා යළි එජාපයට එක්වන්නටද බැරි නැත.
දැනට ඡන්ද 29කින් පරාජය වී සිටින රනිල් වික්‍රමසිංහ උෟව ඡන්දයෙන්ද අනාගන්නවාට සැක නැත. එවිට ඔහු ලෝකයේම ඡන්ද 30ක් පිට පිට පරාජය වූ දේශපාලන නායකයා ලෙස වාර්තාවක් පිහිටුවනු ඇත.
අප රටේ දේශපාලනයේ හැටි එහෙමය. අද පක්‍ෂයේ සිටින පුද්ගලයා හෙට ඉවත් වී වෙනත් පක්‍ෂයකින් තරග කරනු ඇත. විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ උදය කුමාර සන්ධානයෙන් උෟවට නාම යෝජනා අපේක්‍ෂා කළ අයෙකි. ඔහුගේ නම අන්තිම මොහොතේ කැපී යෑම නිසා දැන් ඔහු ස්වාධීනව තරග කරයි. විමල්ට නම් මේක ලොකු ජොලියට කරුණක් වන්නට බැරි නැත.
ඔහුද උෟවට තනිවම තරග කරන්නට ගොස් වලිගෙ පාගාගෙන යළි සන්ධානයටම පැමිණ සිටී. ඔහුගේ කෑල්ලක් බදුල්ල දිස්ත්‍රික්කයට වෙනමම තරග කරයි. ඡන්ද ප්‍රතිඵල අනුව ඒ කෑල්ලත් පැත්තකට විසිවන්නට බැරි නැත.
ඇතත් වශයෙන්ම මේ මිනිසුන්ට පිස්සුද? ජයග්‍රහණය පෙනි පෙනී වල්මත් වී කටයුතු කරන මේ අමන දේශපාලනඥයන්ට ඡන්දය දෙන ජනතාවට පිස්සු දැයි අසන්නට සිදුවී තිබේ. පිස්සු නැතිනම් පිස්සන්ට ඡන්දය දේවිද?
මෙයට පෙරද පක්‍ෂ මාරුකළ අය ජයග්‍රහණය කළ අවස්ථා සහ අන්ත පරාජයට පත්වූ අවස්ථා තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයේ සිටි එක්තරා මන්ත්‍රිවරයෙක් ඊළඟ පාරටද ඉදිරිපත්වන්නට තීරණය කළේය.
ඔහුගේ මිතුරෙක්ද නාම යෝජනා සඳහා ඉදිරිපත් විය. දෙදෙනාම කොළඹ ආවේ ඒකටය.
"ඔයා මොකක්ද නාම යෝජනා මණ්ඩලයට කියන්නේ" මන්ත්‍රිවරයා මිතුරාගෙන් විමසීය.
'මං මගේ සුදුසුකම් කියනවා එහෙම හොඳයි නේද?"
"ඔව් ඔව් අනම්මනම් කතා නොකර සුදුසුකම් කිව්වම වැඩේ කෙරේවි."
දෙදෙනාගෙන් මුලින්ම කතා කළේ මන්ත්‍රිගේ මිතුරාටය.
සුදුසුකම් පරීක්‍ෂා කළ නාම යෝජනා මණ්ඩලය අනතුරුව හිටපු මන්ත්‍රි ගැනද විමසුවේය.
'කතා කරන්න එපා. එයා හොඳටම පිරිහිලා. පගා ගහනවා. කාන්තාවන් දූෂණය කරනවා. තව කෝටියක් වැරැදි කරනවා.
'එහෙමද? ඒ සුදුසුකම් එයාට හොඳටම ඇති. සර්ව සාධාරණ අයට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ. ඔයා වගේ හොඳ අයට අපේ පක්‍ෂයේ ඉඩක් නෑ. අපි හිටපු මන්ත්‍රි තෝරා ගන්නම්. ඔයා යන්න.'
අනුන්නේ බෙල්ල කපන්නට ගිය ඔහු තමාගේ බෙල්ල කපාගෙන ගෙදර ගියේය.
දේශපාලනයේ හැටි එහෙමය. දූෂිතයාට ජනතාව කැමැති නම් පක්‍ෂය බම්බු ගහන්නටද?
මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් නාම යෝජනා කැඳෙව්වේය. ඒ සඳහා විශාල පිරිසක්ද ඉදිරිපත් වූහ.
එක පවුලක අයියා සහ නංගී මේ අතරින් කැපී පෙනිණි.
නාම යෝජනා මණ්ඩලයට අයියා කලින්ම ගියේය. ඔහු තම පවුලේ විස්තර සහ නැඟණිය පිළිබඳ කීය.
"එකම පවුලකින් දෙදෙනෙක්. මේක ගෙදරදීම බේරා ගන්න තිබුණා නේද?
"කොහේද ඒ යක්‍ෂණීටත් එන්නම ඕනෑ කියනවනේ. හැබැයි වැඩිය අධ්‍යාපන සුදුසුකම් එයාට තියෙනවා. එයා උපාධිධාරිනියක් අයියා කීය.
"උපාධිය පමණක් අපිට වැඩක් නෑ. පළාතේ ජනප්‍රිය වෙන්න ඕනෑ."
පසුව නැඟණියද කැඳවන ලදී.
ඇය මුල සිටම තම අයියාගේ වැරැදි කියන්නට පටන් ගත්තාය.
"අයියා බේබද්දෙක්. ගෙදර තියෙන වස්තුව පිට ගැහැනුන්ට දෙනවා. අනියම් බිරියෝ හතර දෙනෙක්ම ඉන්නවා."
"එයාට කසාදයක් බන්දල දෙන්න මවුපියන්ට වුවමනාවක් නැද්ද?"
"කොහේද එයා කසාදෙට කැමැති නෑ. පිට ගෑනු තියාගෙන ඉන්න තමයි එයා වැඩිය කැමැති."
"ඔයා තවම බැඳල නැද්ද?"
"මම බැඳල දික්කසාද වුණා"
"මරු පවුලක් තමයි ඕගොල්ලන්ගෙ පවුල."
"හැබැයි වැඩි සුදුසුකම් තියෙන්නේ අයියාට. ඔයා විරුද්ධ නිසා අපි දෙන්නටම නාම යෝජනා දෙන්නේ නෑ."
පවුල් අවුල් වන්නේ මෙවැනි සිද්ධිවලිනි.
කළුතර දිස්ත්‍රික්කයට නාම යෝජනා කැඳවන ලද අවස්ථාවේදී එක්තරා අපේක්‍ෂකයෙක් සිය අනියම් බිරියද සමඟ කොළඹ ආවේය.
ඇය එළියෙන් තබා ඔහු නාම යෝජනා මණ්ඩලය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය. අනතුරුව නාම යෝජනා මණ්ඩලයේ සභාපති එළියට ආවේය. ඔහු අර කාන්තාව දුටුවේය.
"ඔයත් නාම යෝජනා දෙන්නද"
"නෑ නෑ මං අර අපේක්‍ෂකයත් එක්ක ආවේ මං එයාගේ නිල නොලත් වයිෆ්....."
"නෑ නෑ ඔයාත් එන්න" කියා ඔහු ඇයද ඇතුළට කැඳෙව්වාය.
හැබැයි අපිටත් සලකන්න ඕනෑ.
"මෙන්න ඉන්නවා නියම සුදුස්සිය කියා ඔහු නාම යෝජනා මණ්ඩලයට ඇය හඳුන්වා දුන්නේය. ඇයට නාම යෝජනා ලැබිණි. ඒ සම්බන්ධයන් එතැනින් අවසන් විය. දේශපාලනයේ හැටි ඔහොම තමයි.

0 comments:
Post a Comment