ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීමේ තිරය පිටු පස නායකයා සනත් ජයසූරියයි. ඔහු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් මේ වන විට ඉතාමත් තෘප්තිමත්ව සිටින පුද්ගලයාය. ඒ පසුගිය කාලයේදී ඔහුගේ තේරීම් කමිටුව විසින් කළ තේරීම් වල ප්‍රතිපලයක් හේතුවෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණ රාශියක් ලබා ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණියේ ඉදිරියට පැමිණි නිසාය. එහෙත් සනත් ජයසූරියගේ තේරීම් කමිටුවට තවත් ලොකු අභියෝගයක් තිබේ. ඒ 2015 ලෝක කුසලාන සහ ඉන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමට ශක්‌තිමත් ක්‍රීඩකයන් සොයා ගැනීමය. ඒ අභියෝගයන් ජය ගැනීමට සනත් ජයසූරියගේ සැලසුම් කුමක්‌දැයි දැන ගැනීමට 'දිවයින' ඔහු සමග මෙසේ කතිකාවතක නිරත විය.
ප්‍රශ්නය - ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට ඔබේ වගකීම සාධාරණව ඉටු කරල තියෙනවද?
පිළිතුර - අතිගරු ජනාධිපතිතුමා සහ ක්‍රීඩා ඇමැතිවරයා මට මේ වගකීම භාර දුන්නෙ ස්‌වාධීනව කටයුතු කරන්න කියල. ඒ වගේම කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි විදිහට මම ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට වැඩ කරල තියෙනවා. කාටවත් වෛරයකින් කිසිම තේරීමක් කරල නැහැ. අපි ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් හරි දේ කරන්න තමයි මෙතනට ඇවිල්ල ඉන්නෙ. හැබැයි අපේ අතිනුත් සුලු වැරදීම් වෙන්න පුලුවන්. නමුත් හැම තිස්‌සෙම අපි සියයට සියයක් හරිදේ කරන්න උත්සහ කරනවා.
ප්‍රශ්නය - ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උපනායකත්වය දෙන්න සුදුස්‌සෙක් නැහැ. එන එන උපනායකයා අසාර්ථකයි නේද?
පිළිතුර - මම හිතන්නෙ දැන් කණ්‌ඩායමේ උපනායකත්වය කියන එක ලෙඩක් වගේ. ඒක හරි අවාසනාවන්තයි. උපනායකත්වය කියන එක කාටවත් දෙන්න සුදුසු නැති අවස්‌ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. කණ්‌ඩායමේ උපනායකත්වය කියන්නෙ කිසිම පීඩනයක් නැති දෙයක්. උපනායකයාට තමන් දන්න දෙයක් නායකත්වයත් එක්‌ක කතා කරනව ඇරෙන්න එයා කණ්‌ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයෙක්. උපනායකයා කියල ඔලුවට දාගෙන පීඩනයක් ගත යුතු නැහැ. අපේ අවාසනාවට උපනායකත්වය දුන්න චන්දිමාල් සහ තිරිමාන්න දෙන්නම අසාර්ථක වුණා. අපිත් අතීතයේදී ඔය වගේ අවස්‌ථාවලට මුහුණ දීල තියෙනවා. මම විශ්වාස කරනව ඉදිරියේදී ඔවුන් ඔය තත්ත්වයෙන් ගොඩ එයි කියලා. ඒක තමයි සාමාන්‍ය දෙය. අපි බලන්නෙ අපේ රාජකාරියේදි වළකට වැටිල ඉන්න කට්‌ටියව ඒ වළෙන්ම ගොඩ දැමීමයි.
ප්‍රශ්නය - ක්‍රීඩකයන් කළමණාකරණ කර ගැනිමේ අභියෝගය කොහොමද හසුරුවන්නෙ?
පිළිතුර - දැන් බලන්න චන්දිමාල් නායකත්වය සහ උපනායකත්වය දරද්දි අසාර්ථක වුණා. ඒ දෙකම නැතිව එයාව අපි 'ඒ' කණ්‌ඩායම සමග එංගලන්තයට යෑව්වා. එතනදි එයා හොඳට සාර්ථක වුණා. කිසිම ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ විතරක් ක්‍රීඩා කරන්න ඕන කියල නීතියක් නැහැ. 'ඒ' කණ්‌ඩායමට හෝ වෙනත් කණ්‌ඩායම්වලට ක්‍රීඩා කරන්න ඕනම ක්‍රීඩකයකු සූදානමින් සිටිය යුතුයි. යම් කිසි ක්‍රීඩකයකු හිතනවනම් තමන් 'ඒ' කණ්‌ඩායමට ක්‍රීඩා කරන එක එයාගෙ නමට හරි නැහැ කියල ඒ අයට අයින් වෙලා යන්න පුලුවන්.
ප්‍රශ්නය - 2015 ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකාවට තව තියෙන්නෙ එක්‌දින තරග 15 ක් පමණයි. මේ තරග ප්‍රමාණය තුළදී ලෝක කුසලාන සඳහා ශක්‌තිමත් කණ්‌ඩායම තෝරා ගැනීමට ඔබේ තේරීම් කමිටුව සූදානම්ද?
පිළිතුර - අපි දැනටමත් ක්‍රීඩකයන් 15 ක් 20 ක් විතර ලෑස්‌ති කරල තියෙන්නෙ. අපි ඉස්‌සෙල්ලම බලන්න ඕන ඔස්‌ටේ්‍රලියාව වගේ රටවල තියෙන තණතීරුවලට හරියන වේග පන්දු යවන්නන් කවුද කියලා. එතනදි මොන වගේ පිතිකරුවන්ද අවශ්‍ය කියන එක මෙන්ම ගැලපෙන තුන් ඉරියව් ක්‍රීඩකයනුත් ගලපා ගැනීම තමයි දැන් කරන්න තියෙන්නෙ. ඒ සඳහා මේ තරග ප්‍රමාණය අපිට හොඳ අවස්‌ථාවක් ක්‍රීඩකයන් තෝරා ගැනීමට.
ප්‍රශ්නය - කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන කණ්‌ඩායමෙන් ගියාට පස්‌සෙ ඒ වෙනුවට ආදේශකයන් ඉන්නවද?
පිළිතුර - දැන් මහේල සමුගන්න කොට ඒ වෙනුවට එන්න තරුණ ක්‍රීඩකයන්ට අපි අවස්‌ථාව දීලා තියෙනවා. මහේල ටෙස්‌ට් වලින් සමුගන්න කොට අපි ක්‍රීඩකයන් කිහිප දෙනකුටම ටෙස්‌ට් තරග 10 කට හෝ 15 කට වැඩිය ක්‍රීඩා කරන්න අවස්‌ථාව දීල තියෙනවා. ඒ අයව එක පාරටම කණ්‌ඩායමට ගෙනල්ල නැහැ. ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගන්න තරුණ ක්‍රීඩකයන් බලාගන්න ඕන.
ප්‍රශ්නය - කිත්රුවන් විතානගේ ටෙස්‌ට් කණ්‌ඩායමට සුදුසුද කියන ප්‍රශ්නය පසුගිය කාලයෙ මතුවුණා?
පිළිතුර - කිත්රුවන් කියන ක්‍රීඩකයා ටෙස්‌ට් තරගයකදී ශතකයක් ලබල තියෙනවා බංග්ලාදේශයට එරෙහිව. ඔහු ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක්. ඒ නිසා තමයි ඔහුට ටෙස්‌ට් කණ්‌ඩායමේ ස්‌ථානය ලබාදුන්නෙ. මම දකින විදිහට කිත්රුවන් මෙන්ම අශාන් ප්‍රියංජන සහ දිනේෂ් චන්දිමාල් කියන ක්‍රීඩකයනුත් කණ්‌ඩායමේ ස්‌ථාවරයක් හදාගත හැකි ක්‍රීඩකයන්. අපි අමතක කරන්න හොඳ නැහැ දේශීය තරගවලදී වැඩිම ලකුණු ගහපු ජෙහාන් මුබාරක්. ඔහුට තවම අවුරුදු 30 යි. තිළිණ කණ්‌ඩම්බිත් ලකුණු අතර ඉන්නවා. මේ හැමෝම පන්නගෙන තමයි අර ක්‍රීඩකයන්ව ගෙනල්ල තියෙන්නෙ.
ප්‍රශ්නය - ජාතික කණ්‌ඩායමේ අනාගතය සඳහා හොඳ නවක ක්‍රීඩකයන් හඳුනාගෙන තියෙනවාද?
පිළිතුර - කුසල් මෙන්ඩිස් හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු මේ දිනවල එංගලන්තයෙ තරග කරනවා. ඔහු ලංකාවට ඇවිල්ල මෙහෙ දේශීය තරගවලට ක්‍රීඩා කරල ජාතික කණ්‌ඩායමට ඇතුළත් වෙන්න පුලුවන් දක්‌ෂ ක්‍රීඩකයෙක්. අනුක් ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු වගේ හොඳ යොවුන් ක්‍රීඩකයන් අවුරුදු 20 දී පුලුවන් තරම් ජාතික සංචිතවලට කැඳවල අපි අත්දැකීම් ලබා දීල තියෙනවා.
ප්‍රශ්නය - මීළඟ ලෝක කුසලාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවට කොතරම් දුරට අවස්‌ථාවක් තියෙනවද?
පිළිතුර - පසුගිය තරගාවලි ක්‍රීඩා කරපු ආකාරය අනුව මෙවර ලෝක කුසලාන දිනාගන්න අපිට හොඳ අවස්‌ථාවක් තියෙනවා. මේ ඉන්න ක්‍රීඩකයන් ටික තම තමන්ගෙ වගකීම් ටික හරියට ඉටුකළොත් අපිට ගොඩක් සාර්ථක වෙන්න ඕන.
* සාකච්ඡා කළේ - අසේල විතාන

0 comments:
Post a Comment