ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගොස් සිය නුවර නිවෙසේ සිටියදී තමාව හමු වෙන්න ආ සමීප අයට නිතරම කියපු කතාවක් තිබිණි. ඒ කතාව නම් දකුණු පළාත් සභාව එක්ක පැටලෙන්න ගිහින් තමා ලොකු ගොන්කමක් කර ගත් බවය. දකුණ කියන්නේ සාමාන්‍යයෙන් එජාපයට වාසිදායක භූමියක් නොවේ. එසේ තිබියදී දකුණ සමඟ පැටලෙන්න ගොස් දකුණ ගල උඩ සටන බවට පත් කර ගැනීම විජේතුංග චන්ද්‍රිකාව බලයට ගේන්න පාර කපල දුන්නා හා සමානය. හැබැයි විජේතුංගට ඒ වේලාවේ ඒක වැටහුණේ නැත. යුද්ධයේදී පවා කියන්නේ තමාට වාසිදායක භූමියට සතුරාව ගෙන්වා ගන්නවා මිස තමන්ට අවාසිදායක භූමියක් තෝරා ගෙන සතුරාට පහරදීම මෝඩකමක් බවය.
මහින්ද රාජපක්ෂ දැන් මේ මෝඩකම කරන්න සූදානම් වේ. ඔහු උතුරේ පළාත් සභාවත් එක්ක පැටලෙන්න අවි මුවහත් කරමින් සිටී. උතුරේ ආණ්ඩුකාරයා වෙනස් කරන ලෙස මහ ඇමැති විග්නේශ්වරන් කළ ඉල්ලීම ඉවත දමා විග්නේශ්වරන්වත් සටනට තල්ලු කර දමා ඇත. විග්නේශ්වරන් කියන්නේ තමන් මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙන බවය. 83 කළු ජූලියට පසු ජේ.ආර්. රට බෙදන කතා තහනම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ වේලාවේ එවකට විපක්ෂයේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. එකල විපක්ෂනායක ධුරය දරපු අමිර්තලිංගම් විපක්ෂනායක ධුරයත් බල්ලට දමල ඉවත් විය. එල්.ටී.ටී.ඊ. ය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලි බලවත් වී මහා විනාශයකට පාර කැපුණේ එතැනින්ය.
මහජනතාවගේ ජන වරමකින් මහ ඇමැතිවරයකුට බලයක් ලැබුණු පසු ආණ්ඩුකාරවරයෙක් ඒ බලය හෑල්ලු කරන විට මහ ඇමැතිවරයාට පමණක් නොව ඒ මහ ඇමැතිවරයාගේ පක්ෂයටත් දැනෙන වේදනාව කකියන කෝපය ගැන හොඳම අත්දැකීම තියෙන්නේ මහින්දටය. 1993 දකුණු පළාත් සභා ඡන්දයේදී පළාත් සභාව පිහිටුවන්න අවශ්‍ය ආසන සංඛ්‍යාව පොදු පෙරමුණට හිමි වුණ විට විජේතුංග ආණ්ඩුවේ බලපෑම මත දකුණේ ආණ්ඩුකාරයා පොදු පෙරමුණට පළාත් සභාව පිහිටුවන්න ඉඩ නොදී දමපු සෙල්ලම සල්ලන් කළේ එවකට විපක්ෂයේ මන්ත්‍රි මහින්ද රාජපක්ෂය. පහත දැක්වෙන්නේ කුරහන් සාටකය පොතෙහි ඒ කතාව සඳහන් වන ආකාරයය.
"දකුණු පළාතේ සුප්‍රසිද්ධ දේශපාලනඥයෝ පස්දෙනෙක් මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාවේ එක්තරා වික්‍රමාන්විත කාල පරිච්ඡේදයක් මෙසේ විස්තර කරති.
මේ වික්‍රමාන්විත ක්‍රියාව විස්තර කරන්නේ දකුණු පළාතේ හිටපු මහ ඇමැතිවරයකු වූ අමරසිරි ෙදාඩංගොඩත්, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුමත්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීරත්, දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී. රංජිත් සහ පළාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටියත්ය.
ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ පාද යාත්‍රාව ගිහින් පෙරළන්න බැහැයි කිව්ව ප්‍රේමදාසගේ ආණ්ඩුව හොල්ලලා තිබුණ කාලෙ. පාද යාත්‍රාවෙන් පස්සේ ප්‍රේමදාස දකුණු පළාත් සභාව විසුරුවලා ඡන්දෙ තිබ්බා. දකුණු පළාත් සභාවට තිබ්බ ඒ ඡන්දෙන් යූ.එන්.පී. එකට ආසන විසිහයක් ලැබුණා. පොදුජන එක්සත් පෙරමුණට ලැබුණෙ ආසන විසිහතයි. අපි එකක් වැඩියි. හැබැයි ඒ අපේ ආසන විසිහත හැදුණෙ ලලිත් ඇතුලත්මුදලිගෙ පක්ෂයට ලැබුණ ආසන තුනකුත් එක්ක.
ඒත් විපක්ෂයට ලැබුණ මේ බහුතර බලය ආණ්ඩුව පිළිගන්න පාටක් තිබුණෙ නෑ. ඔවුන් අපි දකුණු පළාත් සභාව පිහිටුවනවාට එරෙහිව උසාවි ගියා. ඒත් උසාවියෙන් අපිට, ඒ කියන්නෙ පොදුජන එක්සත් පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවන්න බාධාවක් නැති බව කියලා තීන්දුව දුන්නා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දකුණු පළාත් සභාව තමන් වෙත තබා ගැනීමට කළ ලොකු කුමන්ත්‍රණයක් වැළැක්වීමට මහින්ද දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කළ හැටි ෙදාඩංගොඩට සදා මතක තිබෙන කරුණකි.
"නඩු තීන්දුව දුන්නට පස්සෙ පුදුම වැඩක් වුණේ. දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා අතුරුදහන්. දැන් අපිට දිවුරුම් දෙන්න ආණ්ඩුකාරවරයෙක් නෑ. ඡන්දෙන් දිනලා නඩු තීන්දුවෙන් දිනුවත් අපිට දිවුරුම් දෙන්න ආණ්ඩුකාරවරයෙක් නෑ. පස්සෙ අපි හැමතැනම හොයලා බලනකොට අපිට ආරංචියක් ආවා ආණ්ඩුකාරතුමා මාතලේ එයාගේ වත්තක හැංගිලා ඉන්නවා කියලා. මම තවත් කීපදෙනෙක් එක්ක මාතලේ වත්තට හොයාගෙන ගිහින් ආණ්ඩුකාරවරයාව මුණගැහුණා. එයාටත් පුදුමයි අපි එයාව හොයා ගත්තු එක.
අපි ඒ ආණ්ඩුකාර බාකීර් මාකර්ට කිව්වා දැන් ඉතින් දිවුරුම් දෙමු කියලා. ඒත් එතුමා කිව්වා අද නිවාඩු දවසක් හින්දා මෙතැන දිවුරුම් දෙන්න බෑ ලබන සඳුදාට මම අනිවාර්යයෙන් ආණ්ඩුකාර බංගලාවට එනවා, එතැනදි දිවුරුම් දෙමු කියලා. අපි එදා ආණ්ඩුකාරතුමාගෙ කීම අහලා ගෙදර ආවා."
ඡන්දය දිනා, නඩු මඟට බැස නඩුද දිනා, ආණ්ඩුකාරවරයා දිවුරුම් දීමට ඉඩ නොදී හැංගුණ කාලයක පසුදා දිවුරුම් දීමට ඉඩ දේද යන්න කා තුළත් සැක ඇති කළේය. විය යුතු පරිද්දෙන්ම ඊට පෙරදා සිටම ගාලු කොටුව අවට දැඩි පොලිස් රැකවල් යොදන ලකුණු පෙනිණ.
"ආණ්ඩුකාරයා නම් ගාල්ලේ කොටුවට එනවා. ඒත් පහුවදා දිවුරුම් දෙන්න එයා ගාවට යන්න දෙන්නෙ නැති බවයි පෙනුණේ."
දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයකු වූද, හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී. රංජිත් ජීවතුන් අතර සිටි කාලයේ එතැන් සිට කතාව විස්තර කළේ මෙසේය.
"එදා අපිට තේරුණා ගාලු කොටුවට ගිහින් දිවුරුම් දෙනවා තියා පහුවදාට ගාලු කොටුවට කිට්ටු වෙන්නවත් උන් ඉඩ දෙන්නෙ නැති බව. ඒගොල්ලො හැදුවෙ පොරොන්දු වූ නිසා ගාලු කොටුවට ආණ්ඩුකාරතුමාව ගෙන්නලා ඒත් කොටුවට කිසි කෙනකුට දිවුරුම් දෙන්න ඇතුළු වෙන්න ඉඩ නොදී ඉන්නයි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් දිවුරුම් ගන්න ආණ්ඩුකාරතුමා දින දීලා සූදානමින් බලා හිටියත් දිවුරුම් දෙන්න කෙනෙක් නොපැමිණි නිසා ආණ්ඩුව පිහිටුවන එක කල් දාන්න. ඒ අතරෙ මොනවා හරි කුමන්ත්‍රණයක් කරලා එක්කෙනෙක් එහා පැත්තට බාගෙන එක ඡන්දයක් තියෙන පොදු පෙරමුණේ බලය බිඳ දාන්න. මම එදා රෑම මහින්ද මහත්තයට දුරකතනයෙන් කතා කළා. මහින්ද මහත්තයා හමුදාවෙනුයි, පොලිසියෙනුයි ගාලු කොටුවට කාටවත් ඇතුළු වෙන්න ඉඩ දෙන්නෙ නෑ, මහින්ද මහත්තයා හෙට කොහොම හරි අපිත් එක්ක දිවුරුම් දෙන්න යන්න එන්න ඕනෑ කියලා."
ඊළඟට සිදුවූ දෙයට මහින්ද රාජපක්ෂ සම්බන්ධ වූ ආකාරය අමරසිරි ෙදාඩංගොඩ විස්තර කළේය.
"මුළු දකුණු පළාතම ගාල්ලට ආවා වගේ උදේ ඉඳන් ගාල්ල පිරෙන්න සෙනඟ. ගාලු කොටුවට කාටවත් ඇතුළු වෙන්න බැරි විදියට පොලිසිය පාර හරස් කරලා තිබුණා. රිචඩ් පතිරණත්, මහින්ද විජේසේකරත්, මංගල සමරවීරත් එදා එතෙන්ට ඇවිත් හිටියා.
මම ගාල්ලෙ මිනුවන්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානෙට අපේ පළාත් සභාවෙ සියලුම මන්ත්‍රිවරුන්ට එන්න කියලා සියලු දෙනාම එකම බස් එකක පටවාගෙන දිවුරුම් දෙන තැනට යන්නයි සූදානම් වෙලා හිටියෙ. මහින්ද රාජපක්ෂ වෙලාවට ආවා. ඇවිත් අපි ආපු බස් එක ඉස්සරහින් එයාගෙ ජීප් එක තියාගෙන ගාලු කොටුවට ගියා.
ගාල්ල කොටුව ඉස්සරහා ලොකු බැරියර් එකක් දාලා වාහන මොනවටවත් යන්න බැරි වෙන්න. පොලිසිය මැස්සකුටවත් ගාලු කොටුවට ඇතුළු වෙන්න නොදී හරව හරවා යවනවා.
අපි බස් එකේ ඉන්නැද්දී මහින්ද ජීප් එකෙන් බැස්සා. පොලිස් නිලධාරීන් සහ හමුදා සොල්දාදුවො මහින්දලා ගාලු කොටුවට ඇතුළුවීම වැළැක්වීමට සූදානමින් බලා සිටියා."
ඊළඟට සිදුවූ දේ හොඳින් දැක තිබුණේ පළාත් සභා මන්ත්‍රි ඩැනී හිත්තැටියයි.
ජීප් එකෙන් බැහැපු මහින්දව එස්.එස්.පී. ලෝරන්ස් නතර කළා.
"කාටවත් ගාලු කොටුවට ඇතුළු වෙන්න දෙන්න බෑ."
එස්.එස්.පී. තමන්ට ලැබිලා තියෙන විධානය කිව්වා.
"මම නීතිඥයෙක්. මේ ගාලු කොටුව ඇතුළෙ තියෙන උසාවියට යන්න ඕනෑ."
මහින්ද කෑ ගහලා කිව්වා.
"මම කිව්වනෙ වතාවක්. කාටවත් ගාලු කොටුවට ඇතුළු වෙන්න දෙන්න බෑ."
එස්.එස්.පී. බොහොම තදින් කිව්වා. ඒ කියපු විදියටත් වටපිට ස්වභාවය අනුවත් පෙනුණෙ ගාලු කොටුවට නම් යන්න බෑ කියලා. කොටුවට ඇතුළු වෙන තැනම බැරියර් එකක් දාලා පාර වහලා.
මහින්ද කරපු දේ එකපාරටම එස්.එස්.පී. ව තල්ලු කරලා බැරියර් එක අල්ලලා තල්ලු කළා.
ඊළඟට මහින්ද රාජපක්ෂ බැරියර් බිම පෙරළලා මහ හයියෙන් බස් එකේ හිටපු මන්ත්‍රිවරුන්ට කෑ ගැහුවා.
"බැහැලා වරෙව් මාත් එක්ක..."
ඉතිරි ජවනිකාව විස්තර කළේ ෙදාඩංගොඩය.
"එස්.එස්.පී. ට කරන්නේ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා. එස්.එස්.පී. මහින්දගේ ලෝගුවෙන් අල්ලා ගන්න හදනකොටම මහින්ද ආයෙත් එයාව ගසා දාලා අපිවත් ඇදගෙන කොටුව ඇතුළට දුවගෙන ගියා.
"කොටුව ෙදාරකඩ ඉඳන් මීටර් හාරසීයක් තරම් දුරක් තියෙන ආණ්ඩුකාරතුමාගේ කාර්යාලයට පුදුම වේගයෙන් අපේ මන්ත්‍රිවරු දිව්වා."
ෙදාඩංගොඩගෙන් පසු සිද්ධිය විස්තර කරන්නට ඩලස් අලහප්පෙරුම භාර ගත්තේය.
"ආණ්ඩුකාරතුමාගේ කාර්යාලයට යනකොට එතැන ෙදාරවල් වහලා. මහින්ද රාජපක්ෂ මහා හයියෙන් ෙදාරට පයින් ගැහුවා.
පයින් පාරවල් දෙක තුනක් ගහනකොට ෙදාරේ අගුල කැඩිලා ෙදාර ඇරුණා. කාමරය ඇතුළේ ආණ්ඩුකාරතුමාත්, ලේකම්තුමියත් බයෙන් බිරාන්ත වෙලා බලා ඉන්නවා.
මහින්ද මහ හයියෙන් කෑගහලා කිව්වා අපි ආවෙ දිවුරුම් දෙන්න. අපේ මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ගන්න ඕනෑ කියලා. එතකොට ආණ්ඩුකාරතුමා කියනවා අපිට මෙතැන දිවුරුම් දෙන්න බෑ, අපි පහළ මාලයේ තියෙන ශාලාවට ගිහින් දිවුරුම් දෙමු කියලා. එතකොට මහින්ද කියනවා ඒ මේ ශාලාවලට යන්න බෑ, මෙතැනම දිවුරුම් දෙන්න ඕනෑ කියලා. ආණ්ඩුකාර බාකීර් මාකර්ට කරකියා ගන්න දෙයක් නෑ. එවේලේම දිවුරුම් දෙන පත්‍රිකා ගෙනාවා.
පළමුවැනි පත්‍රිකාව අතට ගත්තු මහින්ද මහ හයියෙන් ආණ්ඩුකාරතුමා ඉදිරියේ ඒක කියෙව්වා.
අමරසිරි ෙදාඩංගොඩ වන මම අද දින ප්රජාතන්ත්රවාදී..." එහෙම කියවලා බාකීර් මාකර්ට ලියවිල්ල දුන්නා.
ආණ්ඩුකාරතුමාට ගැලවෙන්න විදියක් තිබුණෙම නෑ. එතුමා අමරසිරි ෙදාඩංගොඩ මහ ඇමැති හැටියට දිවුරුම් දුන් බවට අස්සන් කළා.
ඩලස් අලහප්පෙරුම කතාව සමාප්ත කළේය.
ඔය විදියට තමයි එදා අපිට දකුණු පළාත් සභාවෙ බලය දිනාගන්න ලැබුණෙ. එදා මහින්ද රාජපක්ෂ ප්‍රේමදාස ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා ඔප්පු කළේ මේ වගේ කැපකිරීම් කරලයි.
අමරසිරි ෙදාඩංගොඩ අමාත්‍යවරයා කීවේය."
මේ කතාව කියවන විට මහජන බලය රකින්න ආණ්ඩුකාරවරයෙක් එක්ක හැප්පුණ මහින්ද අද ආණ්ඩුකාරවරයෙක් ආරක්ෂා කිරීමට යෑම පුදුම හිතෙන දෙයකි. විජේතුංග එදා වරද්දා ගත්තෙත් මහජන බලයට පයින් ගහල ආණ්ඩුකාරයා ලවා දකුණ සියතට ගන්න ගිහිල්ලාය. ඒ දකුණය. මේ උතුරය. උතුර දකුණ වගේ නොවේ. උතුරේ වෙන දේ මුළු ලෝකයම ඇහි පිල්ලක් නොගහා බලා සිටී. කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ආණ්ඩුව සහ විග්නේශ්වරන්ව පන්නල විග්නේශ්වරන්ව එළියට ගන්නටය. එතැන් සිට ගාන්ධි ව්‍යාපාරය වගේ උතුරේ හර්තාල් කරන්නටය. උතුරේ හර්තාල් කරන කොට ආණ්ඩුව හමුදාව යොදවයි. එවිට ගැටුම්ය. මේ ගැටුම්වලදී දමිළ වැසියන් මියගියොත් දමිළ ජනතාව ආරක්ෂා කර ගන්න කියා ජාත්‍යන්තරයට මැදිහත් වෙන්න හේතුවක් නිර්මාණය වේ. විජේතුංග දකුණේ සෙල්ලම් කළේ වතුර එක්කය. මහින්ද උතුරේ සෙල්ලම් කරන්න යන්නේ ගින්දර එක්කය. පයින් පාරවල් දෙක තුනක් ගහනකොට ෙදාරේ අගුළ කැඩිලා ෙදාර ඇරුණා. කාමරය ඇතුළේ ආණ්ඩුකාරතුමාත්, ලේකම්තුමියත් බයෙන් බිරාන්ත වෙලා බලා ඉන්නවා.

ඩලස් අලහප්පෙරුම කතාව සමාප්ත කළේය. ඔය විදියට තමයි එදා අපිට දකුණු පළාත් සභාවෙ බලය දිනාගන්න ලැබුණෙ. එදා මහින්ද රාජපක්ෂ ප්‍රේමදාස ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා ඔප්පු කළේ මේ වගේ කැපකිරීම් කරලයි.
අමරසිරි ෙදාඩංගොඩ අමාත්‍යවරයා කීවේය."
මේ කතාව කියවන විට මහජන බලය රකින්න ආණ්ඩුකාරවරයෙක් එක්ක හැප්පුණ මහින්ද අද ආණ්ඩුකාරවරයෙක් ආරක්ෂා කිරීමට යෑම පුදුම හිතෙන දෙයකි. විජේතුංග එදා වරද්දා ගත්තෙත් මහජන බලයට පයින් ගහල ආණ්ඩුකාරයා ලවා දකුණ සියතට ගන්න ගිහිල්ලාය. ඒ දකුණය. මේ උතුරය. උතුර දකුණ වගේ නොවේ. උතුරේ වෙන දේ මුළු ලෝකයම ඇහි පිල්ලමක් නොගහා බලා සිටී. කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ආණ්ඩුව සහ විග්නේශ්වරන්ව හප්පල විග්නේශ්වරන්ව එළියට ගන්නටය. එතැන් සිට ගාන්ධි ව්‍යාපාරය වගේ උතුරේ හර්තාල් කරන්නටය. උතුරේ හර්තාල් කරන කොට ආණ්ඩුව හමුදාව යොදවයි. එවිට ගැටුම්ය. මේ ගැටුම්වලදී දමිළ වැසියන් මියගියොත් දමිළ ජනතාව ආරක්ෂා කර ගන්න කියා ජාත්‍යන්තරයට මැදිහත් වෙන්න හේතුවක් නිර්මාණය වේ. විජේතුංග දකුණේ සෙල්ලම් කළේ වතුර එක්කය. මහින්ද උතුරේ සෙල්ලම් කරන්න යන්නේ ගින්දර එක්කය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:
Post a Comment