බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමත් ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්දොවා සමූහ දූෂණය කිරීමටත් වැරදිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ 20 වසරකට සිරගත කිරීමේ තීන්දුවෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රථයකින් රැගෙන යමින් සිටියදී ඔහු මාධ්‍ය කැමරාවලින් වසන් කිරීම සදහා තම හිස් වැස්මෙන් අපරාධකරුගේ මුහුණ වැසූ ජේලර් නිලධාරියට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සී. පල්ලේගම සදහන් කර සිටියේ අපරාධකරුවෙකුගේ මුහුණ මාධ්‍ය කැමරාවලින් වසන් කිරීමට ජේලර්වරයෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි.
එසේම තම වරද පෙන්වාදීමේදී අදාළ ජේලර්වරයා විසින් එය නොපිළිගැනීම හේතුවෙන් මෙසේ ස්ථානමාරුවක් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

0 comments:
Post a Comment