පොලිසියට අල්ලාගෙන එන සැකකරුවන් කසිප්පු ගැසූ, රාළහාමිලා සහ සාජන් මහත්වරුන් විසින් රාත්‍රි කාලයේදී බයිට් එකට ගැනීම ඉතා පරණ කතන්දරයකි. මෙසේ බයිට් එකට ගන්නා සැකකරුවන් නිරුවත් කර ජලයෙන් නහවා වහලයේ එල්ලා පහරදීම හා සිගරට් කොටවලින් පිළිස්‌සීම ඉතා මෘග වූද සුලභ වූද අභ්‍යාසයකි. මෙයට වසර කිහිපයකට පෙර අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ලෙස කටයුතු කළ නිව්ටන් නමැති මෘගයකු තමන් ආලය කළ යුවතියට විහිළු කළ තරුණයන් දෙදෙනකු පොලිසියට කුදලාගෙන ගොස් සිගරට් කොටවලින් සිරුරු පුළුස්‌සමින් පහර දී රෑ දොළහ පැන්න පසු ඔවුන් මුහුදු වෙරළට ගෙන ගොස් වෙඩි තබා මැරවීය. පසුව හිරේ ගිය නිව්ටන් දිට්‌ටධම්මවේදනීය කර්මය පලදීම නිසා පාදයක් ද ඉවත් කරනු ලැබ අදටත් වැලිකඩ ය. පොලිසිය සැකකරුවකු අල්ලාගත් විට ඒකා අසරණයකු නම් දෙන වධ බන්ධනවල සීමාවක් නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මොනවා කීවද සැබෑ තත්ත්වය එය ය. පොලිසියේ සාහසික ක්‍රියා නිසා සාමාන්‍ය ජනයා තුළ පොලිසිය කෙරෙහි සුවිශාල වෛරයක් එකතු වී ඇත. 88-89 භීෂණ යුගයේදී පොලිසිය සහ යුද හමුදාව කෙරෙහි ජනතාව තුළ එක්‌රැස්‌වුණු වෛරය ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු උයන ලද කිරිබත් නිසා මඳ කලකට යටපත් වී ගිය නමුදු අද වන විට නැවත වතාවක් උත්සන්න වී තිබේ. යුද්ධයෙන් පසු නීතිය ලිහිල් නොවුණ ද සමාජය ලිහිල් විය. ඒ සමඟම, කසිප්පු ගැසූ දාමරිකයෝ පොලිසිය බයිට් එකට ගැනීමට පටන් ගත්හ. එවැනි බේබදු දාමරික කල්ලියක් විසින් කුරුණෑගලදී ට්‍රැµsක් රාළහාමිලා දෙදෙනකු පැහැරගෙන ගොස් නිරුවත් කර පහර දී එකකුට වෙඩි තබා මැරූ හැටි ඔබට මතකද? අනෙක් රාළහාමි පණ බේරා ගත්තේ ඇඟේ නූල් පොටක්‌වත් නැතිව පණ එපා කියා පැන දිවීමෙනි. පොලිස් විරෝධීන් තුළ මේ සිද්ධිය නිසා කිසියම් ත්‍රිල් එකක් ඇති වුවද ජාතියක් වශයෙන් අපි මේ ගැන කනගාටු විය යුත්තෙමු. පොලිසිය යනු මේ රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. එය බිඳවැටුණොත් එතැනට එන්නට සිදුවන්නේ යුද හමුදාවටයි.
කසිප්පුකාරයන් කිහිපදෙනකු විසින් මීගහවත්ත පොලිසියේ රාළහාමි කෙනකු යතුරුපැදියක හප්පා මැරීම සහ ගල්කිස්‌ස පොලිසියේ රාළහාමි කෙනකු පැහැරගැනීම ගැන ඊයේ (21 දා) "දිවයිනේ" පළවිය. මෙයින් පසු එළැඹෙන්නේ සිද්ධියට අදාළ සැකකරුවන් සියලුම දෙනා පාහේ පොලිසිය විසින් සම්බෝල කරනු ලබන අවස්‌ථාව ය. ඒ සම්බෝල සමඟ කෑමට රෝස්‌පාන් හෝ ඉඳියප්පන් පොලිස් කූඩුව තුළ නැත. ඒ වෙනුවට රෑ එළිවනතුරු එල්ලී සිටීමට පොලිසියේ බාල්කය පමණක් ඉතිරිව ඇත.
පොලිසිය මිනිසුන්ට කොතරම් පහර දුන්නත්, මිනිසුන් පෙරළා පොලිසියට පහර දෙන තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා භයානක ය. එවිට මුළු මහත් සිවිල් සමාජයේම අත්පා කැඩී ඔලු පැලී යයි. එවිට ගලා යන රුධිර ගංගාවන් විසින් ලෝකයට කියන්නේ අප තවමත් ම්ලේච්ඡ ජාතියක් බව ය. ලෝකය, වැඩියෙන්ම පිළිගැනීමට කැමැති කාරණයත් එය ය.

0 comments:
Post a Comment